he

Saturday, September 1, 2012

115. ආතම්මගේ පෙට්ටගම ලියන මම

ආතම්මගේ පෙට්ටගම නිල වශයෙන් පටන් අරගෙන 2012 සැප්තැම්බර් 1වනදට හරියටම අවුරුද්ද්ක්. මේ ගෙවුන අවුරුද්ද තුල පෙට්ටගමේ හාර අවුස්සපු දෙවල් නම් එච්චරටම නෑ. ඒත් ලැබුන ප්‍රතිචාරනම් සෑහෙන්න. මේ අවුරුද්ද තුල මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.

මේ දිනවල තිබුන වැඩ රාජකාරිත් එක්ක එහෙන් මෙහෙන් නෙමේයි යන එන ගමන් බ්ලොග් කියවුවා මිසක එක තැනක අසුන් ගෙන කියවන්නට ඉඩක් ලැබුනේ නෑ ඒනිසාවෙන් හරියාකාර ලිපියක් ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබුනෙ නෑ.


අවුරුදු 17ක් ලියන එක නවත්තලා උන්න මම සිංහලෙන් කියවන්න අය ඉන්න තැනක් දැකලා සතුටින් ලියන්න පටන් ගත්තා. ඒ හරියටම පහුගිය අවුරුද්දේ 2011 සැප්තැම්බරයේදි ."නිර්මාණය හා අනන්‍යතාවය" කියලා ලිපියක් මගින් අනවර්ත නාමයකින් ලිපි ලිවීමට හේතුව පැහැදිලි කලේ මගේ අනන්‍යතාවය හෙලි කරන්නට නොහැකි නිසා නෙමෙයි. 

කෙසේවෙතත් මා ආතම්මගෙ පෙට්ටගම නමින් ලියන බ්ලොග කියවන බහුතරයක් මාගේ සැබෑ අනන්‍යතාවය දන්නෙ නෑ. ඒත් මම කලින් සඳහන් කල ලිපියේ කියුවාසේ අනන්‍ය තාවය වැදගත් යැයි මම හිතන්නෙත් නෑ. ඒත් මා කවුදැයි කියා හදුන්වාදීම මගේ යුතුකමක් සේ සිතමි.
 | 


දැන් ආතම්මගේ පෙට්ටගම www.pettagama.net කියන ලින්කුවෙනුත් පරිශීලනය කල හැකියි. 

  ඉතින් "ආතම්මගේ පෙට්ටගම" ඔය ගොල්ලන්ට පෙනුන හැටි දැනගන්න මට අවසරද ?

81 comments:

  1. ළගදි තමා මම මේ පැත්තෙ කරක් ගහන්න පටන් ගත්තෙ ඒ නිසා බ්ලොගියෙ විකාශනය ගැන මට ලොකු අවබෝධයක් නෑ.... පළමු බ්ලේග්වසරියට මගෙන් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  2. මම බ්ලොග පටන් ගත්තේ 2011. සැප්: 17, ඒ කාලෙ ඉදන්ම කියෙව්වා මගෙ හිතේ.

    හිනාවෙන්න නියම තැනක්.

    ජය සහෝ !

    ReplyDelete
  3. මගෙන් උණුසුම් සුභ පැතුම්..... මම ටික කාලෙක ඉඳන් මේක බලනවා. ඇත්තටම කෙටි. ලස්සන, කියවන්න ආස හිතෙන පෝස්ට් ගොඩක් තියන තැනක් කියලා තමයි මට මුලින්ම දැනු‍නේ. ඒ වගේම හොඳ විවිධත්වයකුත් තිබුනා... ඉදිරියටත් ඒ විදියටම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් ලියුවම කියවන්න ලේසියිනේ ස්තුතියි මින්

      Delete
  4. ජයෙන් ජය !! මමත් කියවන්න ආසා කරන බ්ලොග් සටහනක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිතුරු

      Delete
  5. ජය වේවා.. නිතරම කමෙන්ට් නොකලත් තීර්ථ යාත්‍රිකයත් නිතරම යන එන තැනක් තමයි මෙතන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම යන්න එන්න .

      Delete
  6. මමත් ඉතින් ජනවාරි මාසේ ඉදන් මෙහේ ගාටනවනේ... අපි එන්නේ ජොලි කතාවක් කියවලා යන්න.

    දිගටම ලියන්න මෙහෙම කියනවලු,

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේය මහරජ. මම නොදන්නවැ යැ

      Delete
  7. ඔන්න් ජෝන් අයියේ මාගේ සුබ පැතුම්. මමත් බ්ලොග් ලියන්න ආභාෂය ගත් බ්ලොග් 5න් එකක් තමා පෙට්ටගම. දීර්ග ගමනකට සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයෝ!

      Delete
  8. මමත් අයියාට සුභ පතනවා. පෙට්ටගමට සුභම සුභ උපන්දිනයක්.... ඉදිරියටත් මේ වගේ දේවල් ලියලා අපිව තවත් සතුටු කරන්න.. කලබලෙන් ආපු සමහර වෙලාවට කමෙන්ට්ස් දාන්න අතපසු වුනත් මමත් නිතරම පෙට්ටගමේ දේවල් බලනවා.....

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කලබලය සහ ලොග් වීමට ඇති අපහසුතාවය නිසා කමෙන්ට් නොකරන බ්ලොග් එමටයි ඒත් "අලුත් ලිපි වැටුනු බ්ලොග්" අනිවාර්යයන්ම කියවනවා. ස්තුතියි සහෝ කමෙන්ටුවට.

      Delete
  9. ආව් මේ දාල තියෙන්නෙ මූණත් තහඩුව. සිය පවුල නේද මේ :ඪ් .
    …මම ජෝනව දකින්නෙ බ්ලොග් අවකාශෙ ඉන්න ඉතාම නිර්මාණශීලි කෙනෙක් විදියට .
    එදිනෙදා වෙන සුළු සිදුවීම් ඔබ බොහොම ලස්සනට ගලපලා , ඉතාමත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරනවා .

    …බ්ලොග් ලෝකයේ තවත් බොහෝ දුර යෑමට ඔබට ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. හප්පේ මම බැලුවා කමෙන්ටුව මෙච්චර පරක්කු උනේ ඇයි කියලා. "පෙට්ටගම" පටන් ගත්ත දවස් වල දීපු සහයෝගය නැත්නම් අද පෙට්ටගමක් තියනවද දන්නෙත් නෑ බ්ලොග් පොස්ට් එකකින් ස්තුතියි කරන්න ඕනකෙනෙකුට මෙහෙම ස්තුතිකරන එක හරිද මන්දා

      Delete
    2. නෑ නෑ සිය පවුලක් නෙමෙයි මේ මගෙ පවුල. කොහොමද හතර දෙනාම සූරයෝ.

      Delete
  10. නියමයි....මම කියවන්න පටං ගෙන මාස 3ක් විතර ඇති...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම එන්න

      Delete
  11. කොමෙන්ට් නොකලට ගොඩ කාලෙක ඉඳං කියෙව්වා.සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විමුක්ති දිගටම කියවන්න කමෙන්ට් නොකලට කොහොමත් අමනාප නෑ කියවනවනම් ඇති

      Delete
  12. නියමයි ගොඩ කාලෙක ඉඳං කියෙව්වා.සුබ පැතුම්
    තවත් බොහෝ දුර යෑමට ඔබට ශක්තිය ලැබේවා

    ReplyDelete
  13. ජයවේවා ලොකු ජෝනා! උණුසුම් සුභ පැතුම්!

    මගෙ හිතේ ඇඳිලා තිබ්බෙ පයිරට් කෙනෙක් වගෙ ඓ පැච් එකක් දාපු හයේ හතරේ දඩාර් පොරක් බං, මේ මං වගෙ අහිංසක දරු පවුල් කාරයෙක් නෙවෙයි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හික් හික් නම ලොකු උනාට මම පොඩි මිනිහෙක්. පොඩියට ඉන්නකොට තමයි ලොකු තැන් හරියට පේන්නේ. ස්තුතියි Dude!

      Delete
  14. ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියෙ.

    දිගටම ලියන්න, අපි එනව බලන්න.

    ReplyDelete
    Replies
    1. බලන්න කට්ටිය එනකන් ලියනවා. ස්තුතියි DDT

      Delete
  15. උණූසුම් සුභ පැතුමි අපි ඉන්නවා ඔබ සමඟ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජිංජි බිරිස් !

      Delete
  16. අවුරුද්දට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  17. සුභ පැතුම් ලොකු අයියේ.. මමත් මේකේ ගොඩක් ලිපි කියවලා තියෙනවනේ.. දිගටම ලියන් යමු අයියේ..

    ආයෙමත් අවුරුද්දට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනෙෂ් ඔය ගොල්ලො හැමදාම මට ශක්තියක්

      Delete
  18. මමත් මෙහෙ අපු දවසේ ඉඳන්ම කියවනවා.... කියන්නතරම් වරදක් නෑ....
    අපේ පැත්තෙත් ඇවිත් අඩු පාඩු කියාවි කියල ඔය ලොකු අයියලාගෙන් බලාපොරොත්තු වෙනවා..
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව හා කාලය ලැබේව...!!
    අයියාට ජය...!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදා මල්ලි. වැදගත්ම දේ කාලය ලැබේවා කියුව එක. කොහොමටත් මම ඒ පැත්තෙ යනවා එනවා. profile එකෙන් නො එන දවස්වලට කොමෙන්ට් කරන්න විදියක් නැ

      Delete
  19. එහෙනම් පෙට්ටගම අරින්න පටන් අරන් අවුරුද්දක්. හොඳයි හින්දයි පහුගිය අව්රුද්දට සුබ පතන ගමන්, තවත් බොහෝ දුර යන්න ශක්තිය දෛරිය ලැබේවා!!!

    මේක මම කැමති තාලේ බ්ලොග් එකක්.

    ReplyDelete
  20. සුභ පැතුම් ... දිගටම ලියන්න...

    ReplyDelete
  21. මමත් මේක කියවන්ඩ ගත්තේ මගකදිනේ.එළ මචං දිගටම ලියපන්.සුභ පැතුම් මචං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනුක! මගදි ඉඳන් හරි කියවන එක ගැන සතුටුයි

      Delete
  22. මම නම් මේක පටන් ගත්ත කාලේ ඉඳන්ම කියවනවා.. එච්චර කමෙන්ට්ස් දාලා නම් නැතුව ඇති..එහෙනම් ජය වේවා..
    වාසනාවන්ත බ්ලොග් උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. කමෙන්ට් නැතිඋනාට කියවන එක සතුටක්

      Delete
  23. ආවඩා ආයු බොහෝ වේවා ඔබේ බ්ලොග්කරණයටත් :)

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ යන එන ඔබට ස්තුතියි

      Delete
  24. සුභ පැතුම් ඔන්න මගෙනුත්. හ්ම්.... අන්තිමට එහෙනම් මූණත් දැම්මා නේද? හොඳයි හොඳයි

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් මූන හංගගෙන හිටියෙ බොහොම අමාරුවෙන් . ස්තුතියි Ishara

      Delete
  25. එකකට එකක් වෙස් ජීවන අත්දැකීම්, සමාජීය ගැටලු කතාබහ කිරිම, හරියටම පුවත්පත් තීරු ලිපි වගේ. ඒකාකාරී නොවී රස විදින්න කියවන්න පුළුවන්. පොස්ට් එකක් අවසානයේ හරවත් අදහසක් හිතට දාගන්න පුළුවන්. ‍විනෝදයක් ලබන්න කියල හිතුවත් , බ්ලොග් අවකාශය විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් තැනක්. ඒ නිසා මම ඔබේ ලිපි කියවන්න පටන් අරන් කෙටි කලක් වුවත් ඒ කෙටි කාලයේ ලියූ හැම එකක්ම කියෙව්වා.

    මම ලියූ ගීයක් බස් රේඩියෝ වැඩසටහනින් රික්වෙසට් කලෙත් ඔබ. ඒ වන තුරු නොදැන සිටි බොහොමයක් කරුණු ඔබෙන් දැනගත්තා.

    ගෙවුන වසරටත් ඉදිරියටත් හොඳට ලියන්න හෘදයාංගම සුබ පැතුම් කවදත් ලෙංගතු කමින් එකතු කරනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කමෙන්ටුවට. දන්න දෙවල් නිර්ලෝබිව බෙදා හදා ගන්න ලෙංගතු මිතුරු මිතුරියන් රැසක් හමුවුන තැනක් මේක.

      Delete
  26. man me blog 1 mula idanma balanawa eth me mage 1wini comment1...lassanata ketiyen ...kiyawanna asa hitana vidiyata liyanawa...obata mageth subapethum......digatamaliyanna

    ReplyDelete
  27. දිගටම ලියන්න.ඔබට ජයම වේවා සහෝ! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු මේ කොමෙන්ටුව තිබුනෙ SPAM එකේ

      Delete
  28. සුබ පැතුම් ! මට තියෙන එකම ප්‍රශ්නේ මේක බර වැඩි නිසා ලෝඩ් වෙන්න ගන්න වෙලාව !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සම්පූර්න ඇත්ත. මේ දවස්වල බර අඩු කරගන්න උත්සහා කරනවා

      Delete
  29. බ්ලොගය නම් ඇත්තටම හොඳයි. වැඩේ කියන්නේ මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. ඒක අව්ලක් නෑ ඒක අතකට තියන දේවල් කියවනකොට. ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලේඩේනම් හමුවුනා දැන් තියෙන්නේ බෙහෙත් දෙන එක. අද හෙට සනීපයි

      Delete
  30. උණුසම් සුභ පැතුම් රස්තියාදුකාරයාගෙනුත්!! මෙවන් අපූරු නිර්මාණයන් තව දුරටත් කිරීමට ශක්තිය ර්‍මෛයය ලැබේවා !
    ජය!!!

    ReplyDelete
  31. ඉස්සරහටත් බ්ලොග් ලොකය සොඳුරු තැනක් කරන්නට හැකිවෙන්න කියලා සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. සොඳුරු තැනක් ලස්සන වචනයක්

      Delete
  32. සුභ පැතුම් ලොකු ජෝන් අයියේ. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියල මම ඉත
    සිතින් ප්‍රර්ථනා කරනවා හොඳේ.

    ReplyDelete
  33. පෙට්ටගමෙන් කියෙව්වේ හැමදාමත් වෙනස් ආකාරයක ලිපි. අද උනත් එහෙමනේ.
    පෙට්ටගමෙන් ඔබව හැමදාමත් දැක්කේ ලොකුජෝන් ලෙසයි. ඉදිරියේදිත් එලෙසින්ම දකින්න කැමතියි.
    චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියන්ත. හපෝ හැමදාම ලියන්නෙ ලොකු ජෝන්ම තමයි

      Delete
  34. සුභ පැතුම් ලොකු ජෝන්...!!!

    ReplyDelete
  35. බ්ලොගේට සුභපැතුම්. ඒත් අනන්‍යතාවය හෙලිකිරීම.....
    මම මගේ අනන්‍යතාවයෙන් බ්ලොග් ලියන්න පටන්ගත්ත එක ගැන අද කණගාටු වෙනව. ඒ නිසා ලියන්න පුළුවන් බොහෝ දේ ස්වයං වාරණය කරගෙනයි මම ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ස්ව‍යං වාරණයත් එක අතකින් හොඳයි (හැබැයි පොලිටිකල් යනවනම් අනන්‍යතාවය තියාගෙන වෙන නමකින් යන එක තමා හොඳ ) ස්තුතියි රාජ්

      Delete
  36. අවුරුද්දට සුබ පැතුම්!!!
    අදනේ ඇත්ත ජෝන් දැක්කේ....:D

    ReplyDelete
    Replies
    1. කොහොම හරි දැක්කනේ ස්තුතියි සුබ පැතුමට

      Delete
  37. සුභ පැතුම් ලොකු ජෝන්.... තව දිගු කාලයක් ලස්සනට බ්ලොග් එක කරගන්න හැකියාව ලැබෙන්නය කියලා පතනවා...!!

    ReplyDelete
  38. අනේ අදනෙ මේක දැක්කෙ. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. :)))

    ReplyDelete
  39. හදූනා ගැනීම සතුටක්~ සුභ පැතුම් ජෝන්!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..