he

Tuesday, October 16, 2012

127. එදා සහ අද

අද මම කුණු ගොඩක් අවුස්සන්න හදන්නේ. මේක අවුරුදු ගානක් පරන කුණු ගොඩක්. කුනුගොඩක් කියුවට මේවට කුනු කියන්න මම කැමති නෑ. නමුත් මේවට කුනු නොකියත් බෑ මොකද මේවා අපි හැමෝම හැමදාම යට ගහන කුනු. මේ 80 දශකයේ අග නැත්නම් 90 දශකයේ මුල කාටුන් වගයක්.



 මේ කාටුන් ශිල්පියා විනී හෙට්ටිගොඩ. මම මෙතන විනී හෙට්ටිගොඩගේ වර්තමාන දෙශපාලනය ගැන කතාකරන්නෙ නෑ. ඒකාලේ මගේ ප්‍රියතම කාටුන් ශිල්පියා ඔහු. ඔහුට ආවෙනික අක්ශර පන්තියක් පවත්වාගෙන යෑම ඔහු මගෙ ප්‍රියතම චිත්‍ර ශිල්පියා වීමට හේතුවක්. ඔහුගේ අක්ශර අනුකරණය කරමින් යෑම එකල රැල්ලක් වූ අතර ඒ රැල්ලේ ඉහලින්ම කරනම් ගැසීමට මා සමත්විය. අද මෙන් පරිඝනක භාවිතයක් එකල නොවූ අතර කටු පෑනෙන් හා පැන්සලෙන් බොහෝ සෙල්ලම් දැමීමට මා සමත් වුයේ විනී හෙට්ටිගොඩ අක්ශර රැල්ලට මා අනුගත වූ නිසාවෙනි. ... 

ඔහුගෙ සැබෑවේ සිතුවම මා මතකයේ බැඳි චිත්‍ර ප්‍රදර්ශනයකි. එම චිත්‍ර ප්‍රදර්ශනයට අමතරව ඔහුගේ "වට මේසය" හා "හෝල්ට්" කාටූන ඉරිදා පුවත්පතට ඇඳි සිතුවම් එදත් අදත් මා සිහිකරන සිතුවම්ය. පහත කාටුන් චිත්‍ර දෙක කියවන්න. මේවා 1994 අගෝස්තු මාසේදි විනී හෙට්ටිගොඩ මහතා එලි දක්වපු "හෝල්ට්" නම් සිතුවම් පොතෙන් උපුටා ගන්නා ලද්ද්කි.
විශ්ව විද්‍යාල අර්බුදය
මේ කාටුනය එවකට විශ්ව විද්‍යාල අර්බුදය කාටුන් ශිල්පියෙකු වශයෙන් ඔහු දුටුව හැටි පෙන්වන්නක් මොකද හිතෙන්නේ එදා සහ අද අතරෙ වෙනස ගැන.  





රූපවාහිනියෙ 9වැනි සංවත්සරය

… මේ කාටූනය මගෙ හිතෙ තදින් කාවැදුන කාටූනයක්.මෙය ජාතික රූපවාහිනියෙ 9වැනි සංවත්සරය වෙනුවෙන් අදින ලද්දක්. ඒ 1990දි 

 "ඔහොම ගිහිල්ල අන්තිමෙ ප්‍රවෘත්තිත් මගදි නවත්තලා වෙළද දැන්වීමක් දමන්න බැරි නෑ

කොහොමද ප්‍රවෘත්ති මාකට් වුනු හැටි. 

අද සුදු වෑන් ගැන මාධ්‍ය නිදහස ගැන කතා කරන උදවිය මේ කාලයේ පැවති මාධ්‍ය නිදහස ගැන නොදන්නවනම් දන්න කෙනෙකුගෙන් අහගන්නම වටිනවා 


කාටුන් කලාවෙන් රූපවාහිනියට සංක්‍රමනය වෙන්න විනීහෙට්ටිගොඩ මහතා දැරූ තැත සාර්ථකද කියලා මේ හෝල්ට් වීඩියෝව බලලා ඔබම සිතන්න.

55 comments:

  1. video 1 nam patta.

    Post 1th ehema thama

    ReplyDelete
  2. විනී කාටුන් ළොවේ පොරක්.. අදත් එහෙමමයි... ජනතාවගේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. හැමදාම විකල්ප කියන තැන ඉන්න ඕන මනුස්සයෙක් නැත්නම් වැරදි පෙන්නෙ නෑ

      Delete
  3. මමත් කැමති කාටූනයක් ඒකාලේ

    ReplyDelete
    Replies
    1. හමෝටම මතක හිටින එකක්

      Delete
  4. විනී හෙට්ටිගොඩගෙ කාටුන්වලට මම ඒ දවස්වල මාර ආසයි. මතක හැටියට ඉරිදා ලක්බිම පත්තරේ ඒ දවස්වල ඔහුගෙ කාටුන් කීපයක් තිබුණ. පස්සෙ කාලෙ එයාගෙ දේශපාලනේ නිසා ටිකක් අවුල් ගතියක් තිබුණ කියල මට හිතුන.

    ReplyDelete
    Replies
    1. හැමදාම විකල්ප කියන තැන ඉන්න ඕන මනුස්සයෙක් විනී. ඔය කියුව අවුල් ගතිය උනේ ආන්ඩුවේ මාධ්‍යයට එක්වෙනකොට. වැරදි පේන්නනම් එලියට වෙලා ඉන්න ඕන

      Delete
  5. විනී කියන්නේ කොහොමත් හොද මනුස්සයෙක්. මම කවදත් ගරු කරන පුද්ගලයෙක්. පෞද්ගලික ජීවිත අපිට වැඩක් නැහැ. හැබැයි මේ දක්ෂකමට ඒ ජීවිතය බාධාවක්.
    විනී මුලින්ම හිටියේ ඉරිදා දිවයිනේ. ඊට පස්සෙ ලක්දිව, හිරු, ලක්බිම එතනින් නන්නත්තාර වුනා. ඔහුගේ දක්ෂකම් එලි දැක්කෙ දිවයින සහ ලක්දිවෙන්.

    ReplyDelete
    Replies
    1. දිවයිනේ උන්න කාලේ ශ්‍රීමත් ලොක්කට "මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය" කියන කවි පෙල කියලා වැඩ තහනම් කලා

      Delete
  6. කාටුන් කියවල බැලුවමනම් හොඳයි. ඇත්තටමනම් මම දැකල නැහැ

    ReplyDelete
    Replies
    1. කාටුන් රසවිදින්න ඕන

      Delete
  7. ඉස්සර හෝල්ට් එක කනාවට අහුවුන වෙලාවට බලනවා වගෙ මතකයි...
    මොනවා උනත් මරු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මමනම් අත හරිනෙම නැති කාටුන් එකක්

      Delete
  8. මහින්ද අබේසුන්දර රෙදි අපුල්ලන වෙලාවට නේද ඉස්සර හෝල්ට් විකාශය වුනේ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි විනීත් රෙදි හෝදන්නෙ වගේ ආවා හොඳ වෙලාවට එතනින් ගියා

      Delete
  9. විනී කියන්නේ පැත්තකට බර පොරක් නේද.. හැබයි දක්ෂයි.... මං ආසම කාටූන් කාරයා තමයි දර්ශන කරුණාතිලක.. අනිකා අවන්ත..

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙක් එක පැත්තකට බරයි

      Delete
  10. ඔය කා‍ටුන් ශෛලිය අපිත් අනුකරනය කරන්න උත්සාහ කලා ඉස්කොලෙ යන කාලෙ. දැන් එතුමා ගැන ආරන්චියක් තියෙනවද..?

    ReplyDelete
    Replies
    1. විනී තාම කාටුන් අදිනවා

      Delete
  11. මාධ්‍ය සහ ඒකේ භාවිතය ගැන දැන්නං කළකිරිලා ඉන්නේ.හැමෝම තම තමංගේ ඕනෙ එපාකං වෙනුවෙන් මාධ්‍යය පාවිච්චි කරනවා.එච්චරයි.කාටුන් උනත් එච්චරම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන දේම මම ඉදිරිපත්කල කාටුන්වල 1992දි තිබුනා නේද ?

      Delete
  12. මගේ නම් කැමිලස්. ඒ දවස් වල ගජමෑන් හොය හොය කියෙව්වේ අම්මට හොරෙන් අම්මා ගෙදරට ගේන්න දෙන්නේ නෑ ඒ පත්තරේ කුනු හරුප පත්තරයක් කිය කිය! එක පාරක් කියෝපු කෙනෙක්ට තේරෙනවා ඒ ප්‍රකාශය සාධාරණයි කියලා.. මොනා උනත් ආතල් පත්තරේ ඒක! :)

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කෙසේ වෙතත් විනී හෙට්ටිගොඩ ලංකාවෙ දේශපාලන කා‍ටුන් කලාවෙ සන්ධිස්ථානයක් ලකුණු කරපු කා‍ටුන් ශිල්පියෙක්. ඒ ශෛලිය කාගෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. විනී එක කාලයක් ඉන්දියාවේ බැරෝඩා විශ්ව විද්‍යාලයෙත් ඉගෙන ගත්තා මම හිතන්නෙ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. @ Sabith මටත් ඒකාලේ ගජමෑන් නම් තහනම් කරලා තිබුනේ ඒ උනාට ළඟ ගෙදරකට ගිහින් හොරෙන් බලනවා. මම ඔය වගේ චිත්‍රමිත්‍ර සිත්තර මධුර වගේ පත්තර බැලුවා

      …@ Dude ඔවු විනී කියන්නේ ට්‍රේඩ් එක ඉගෙන ගත්තු ට්‍රේඩ්මාක් පොරක් (මට)

      Delete
  13. කාටුන් දෙක නියමයි. වීඩියෝ එකත් ඒ වගේ තමයි. විනී හෙට්ටිගොඩ අවුරුදු ගානක් ඉදිරිය දැකල තියනවනේ.
    මං දැන් උනත් අනිවාර්යයෙන්ම පත්තරේ ගත්තම කාටුන් බලනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කලාව කියන්නේ අනාගතේ පේන තැනක්

      Delete
  14. මට ඉස්සර ඉදන්ම තිබ්බ අවුල විනියගේ කාටුන් වල දෙබස් කොතනින් පටන් අරන්ද කියවන්න ඕනේ කියන එක :)

    කොහෙන් පටන් ගත්තත් ඒත් සිරා නෙවැ..

    ReplyDelete
    Replies
    1. ඒත් කොහොම කියෙව්වත් අන්තිමට කියවන්න ඕන (Common Man) කියන දේ

      Delete
  15. කාටුන් නම් හොඳයි ලොල් සහගතයි.ඔය හෝල්ට් කියන ප්‍රෝග්‍රෑම් එක මාත් රුපවාහිනියේ දැකලා තියෙනවා.ඔහුට හොඳ උපහාසාත්මක දර්ශනයක් තියේනවා.

    ReplyDelete
    Replies
    1. tv වැඩසටහනනම් ජරාවක් මට

      Delete
  16. මම වැඩිය කාටුන් බලල නැහැ අප්පා..

    ReplyDelete
  17. මම කාටූන්වලට ඉතාමත් කැමතියි විනී අද ඉරිදා ලංකා පත්තරේට විතරයි අදින්නේ.ඔහුගේ කාටූන් කලාව හරිම ප්‍රබලයි අනුර හ්‍රිනාත් සහ විනී අන්ත දෙකක ඉඳන් කාටූන් අදින දෙන්නෙක් දෙන්නගේම දේශපාලන දර්ශනය පැහැදිලියි.ඒත් මම ඔය කාටූන් ටෙලියනම් එපාවුනා. ඒක මහ ජරාවක්. මොකටද කලේ කියල හිතුණා.

    මේ කාටූන් පොත ඔබ ළග තියෙනවගක් දැනගෙන හිටියෙ නෑ. මම ටික කාලෙක ඉදන් මේ පොතේ පිටපතක් හෙව්වා. මේ පොතේ තනි කාටූන් අතර එක තනි කාටූනයක් තිබුනා "මැගේ නම ලංකාය" කියලා. මට ඒ කාටූනයේ පිටපතක් හොයාගන්න දැඩි වෙහෙසක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය මතයෙම තමයි ඉන්නේ

      …"හෝල්ට්!" පොතේ නම් එහෙම තනි චිත්‍ර තියෙන්නේ ප්‍රෙමදාස මහත්තය හා දෝශාභියෝගය වෙනුවෙන් දාපුවා මටත් ඔය "මැගේ නම ලංකාය" ගැන යම් මතකයක් තියනවා. හැබැයි ඒක මේ පොතෙ නෑ මහගෙදර ගියවෙලාවක අවුස්සලා බලන්න ඕන තව පෙට්ටගමක් තියනවා. සමහරවිට ඒකේ ඇති අනිත් කාටුන් පොතක.

      Delete
  18. විනී හෙට්ටිගොඩ ඉස්සර අපේ වීරයෙක්. ඉස්සර තමයි ඉතිං.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. වීරයො හැමදාම වීරයො තමයි මට

      Delete
  19. අර ප්‍රවෘත්ති ගැන කියපු අනාවැකිය නම් මාරයි ඈ.. මම කොහෙදි හරි අහලා තියනවා හොඳ කලාකරුවෙකුට අනාගතය පේනවා කියලා.. මේ ඒක ඔප්පු වෙච්ච තැනක්..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව අහල තියනවා වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයකදී :)

      Delete
  20. වීනි ලංකාවේ කාටුන් දැවැන්තයෙක්. පසුව ඔහු තම කාටූන් පරිගණකය භාවිතයෙන් පවා නිර්මාණය කලා. විනීගේ මුනුපොතේ පිටුවකුත් තියෙනවා. රටේ තදියං කාගෙදි හොද නිර්මාන කරපු මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් එතනත් හොඳ කාටු තියනවා හැබැයි අලුත් ඒවා.

      Delete
  21. ඉස්සර හිටි විනීටයි එයාගේ කෘතිවලටයි මම ගරු කරනවා. අද නම් ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වෙනස්වෙලා තියෙන්නේ විනි ?

      Delete
  22. හෝල්ට් එක නම් බලල තියනවා. එක නම් හොඳයි. මම කල්පනා කලේ ඒ දවස් වල ප්‍රවුර්ති නවත්තල ඇඩ් එකක් දානවා කියන එක විහිළුවක් වගේ උන එක ගැන. දැන් ඉතින් වෙළඳ දැන්වීම් නවත්තලානේ ප්‍රවුර්ති යන්නේ.

    ReplyDelete
  23. හෝල්ට් මම හිච්චා කාලේ ඕක ගියා ... හික්ස්

    ReplyDelete
    Replies
    1. ඒත් විනී යන යන තැන හෝල්ට් කලා දැණ් මම හිතන්නෙ බස් එකේ යන්නෙ නෑ

      Delete
  24. හෝල්ට් නම් බලලා තියෙනවා.. පත්තරයක් ගත්තම නම් මුලින්ම බලන්නෙ කාටූන් ටික.. ඒත් කාටුන් ගැන ලොකු උනන්දුවක් තිබිල නෑ..

    ReplyDelete
    Replies
    1. කාටුන් වලින් ලොකු කතාවක් කියනවා

      Delete
  25. මන්නන් අදටත් පත්තරයක් ගත්තාම කාටුන් විතරයි බලන්නේ... :D

    ReplyDelete
    Replies
    1. කාටුන් බැලුවන නිවුස් ගොඩක් දැනගන්න පුලුවන්

      Delete
  26. මටත් මතකයි මේ වීඩියෝ ගියා කාලෙකට කලින්..

    ReplyDelete
    Replies
    1. මටනම් වීඩියෝ එක "චා"

      Delete
  27. ඇයි කවුරුවත් කාටුන්වල අන්තර්ගතය කතා නොකරන්නේ ?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..