හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි. ඒ වෙලාව කන ක්‍රීඩාවක් නිසාය. එහෙම කොහොම කීවත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් නම් නිදිමරාගෙන තරඟයක් බලන්නේ ඒ අවස්තාවෙ වින්දනය ඒ අවස්තාවෙ විඳින්න උවමනා නිසා.
සරල උදාහරනයකින් කියනවනම් මෙ වනවිට පවත්වපු ශ්‍රීලංකව සහභාගීවුන තරඟ දෙකම ගතහොත්,
පලමු තරඟය ශ්‍රීලංකාව පරාජය වුනා.
දෙවන තරඟය ශ්‍රීලංකාව ජය ගත්තා.
ඔය නිකම්ම නිකන් වැකි දෙකක් උනාට තරඟය ඒ අවස්තාවෙ බලපු අයට අමතක නොවන අත්දැකීම් දෙකක්. තරඟය නොබලපු අයටනම් නිකම්ම නිකන් වැකි දෙකක්.
සමහරු ඇත්තටම ක්‍රිකට් වලට ආසයි. ඒ කියන්නෙ තදබල ක්‍රිකට් ලෝලීන්. ක්‍රිකට් මැච් අතහරින්නෙ නෑ. තව සමහරු ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ලෝලීන් කියලා පෙන්නන්න හදනවා.
මම මේ කියන්න යන අත්දැකීම අපේ මාමා කෙනෙකුට වුන සිදුවීමක්.මේ සිදුවීම පහුගිය 2011 ලෝක කුසලානය දවස්වලදි සිදුවූවක්.






