he

Friday, September 30, 2011

නිවන් ලැබීමට ...

මෙ ලිපිය මම ලියුවෙ මීට මාසෙකට දෙකකට විතර උඩදි.ඒ උනාට පල කරන අදහස තිබුනෙ වැට උඩ.මේ ලිපියට පාදක උනෙ ඇසල පෝය දවසෙ මම කුරුණෑගල ඉඳලා කළුතරට එන අතරවාරයෙ "අසපු" ගනනාවක් පසුකලා සද්ධාවන්තයන්ගෙන් පිරි පොලිම් ගනනාවක් දකින්න ලැබුනා.  සියයට අනූවක්ම හිටියෙ කාන්තා පාර්ශවය. ඉතිරි සියයට 10ත් මයෙ හිතෙ ගෑනුන්ගෙ වදේට ඒ අයට තනිරකින්න ආපු අය. එක අතක මල් වට්ටිය අනික් අතේ අදාල අසපුවේ ඕනර් හාමුදුරුවන්ගෙ ධර්ම ප්‍රචාරක පොතක්. 
 පොතක් කියුවට ඒ පොත කියවන්නම නෙමෙයි කියලා මට හිතුනෙ තවමත් අසපුවට ඇතුල් වෙන්න පොරකන පෝලිම්වල දිගනිසා බේරෙන දාඩියට පවන් ගහන්න ඒ පොත් උපයෝගී කර ගත්නිසා.  නොමිලේ පොත් බෙදා දීමෙන් අදාල හාමුදුරුවන්ට නිවන් දකින්නට පිං නම් ලබෙන්න ඇති.
තොල් උඩ දඩියට දියවෙලා බේරෙන ලිප්ස්ටික් ලෙන්සුවෙන් මාත්තුකරමින් කට්ටිය නිවන් දොරටුව ළග පොරකනවා දැක්කම මට වෙලාවකට බුදුහාමුදුරුවෝ ගැන දුකක හිතුනා

තාත්තා පෙම්බර තාත්තා


සාමා අමර හෝඩියෙ පොත මට පෙන්වා
දුන්නා රස කැවිලි නිතරම මම දන්නා.
ශිල්පයට වඩා මට විස්මිත දැනුමක් දුන්නා.
පියාණෙනි සමරමු ඔබ බැතිපෙම්මා..

දියණීය මමයි හැදුවේ ඔබ මලක් වැනි..
පෙන්වූ පිය සෙනෙහෙ කිසිදා ලබනු නොහී..
අද දින මා දමා සුරලොව රුසිරු පෙනී..
මදකට ඇවිත් යනු මැන මා පියාණෙනී..



මල්ලියි මමයි නංගියි අද එක තැනක නැත.
ගෙදර කුස්සියේ රස බත ඉදෙනු නැත..
සඳයි හිරුයි මට පේන්න ලොවෙත් නැත..
ඝනඳුර අඳුර ශෝකෙන් මා වෙලා ඇත..

ලෝකය සුන්දරයි ඔබ නිතරම කීවා..
මිනිසුන් සුන්දරයි ඔබ නිතරම කීවා..
වතුපිටි ඉඩකඩම් දුගියන් හට බෙදුවා.
ගුණයේ සුවඳ තුන් ලෝකෙට බෙදුවා..



වැඩිහිටි දිනේ සමරන්නට සැරසෙන්නේ..
මාහට ඔබව නිතරම සිහිපත් වන්නේ...
දෙමාපියන් මග දමා යන දරුවන්නේ..
ඔබලත් දිනක මහලුව වයසට යන්නේ..

(ප.ලි...සියළුම වැඩිහිටියන් ආදරයෙන් සිහිපත් කරමි.)

Thursday, September 29, 2011

...විමසුම...



විමසුවෙමි මගෙ සිතින්..
ඇසුවෙමි තරවටුකර..
තාමත් ආදරේදැයි ඔහු හට..
සිත නිරුත්තර..


මෙන්න උත්තර...
මියගිය ආදරය තාමත් ඇත
හද කොණ..
දොරගුළු දමා මටද හැරගන්නට
බැරිවෙන්නම..

Wednesday, September 28, 2011

මට වැරදුන තැන


වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
…මානම් උට නැත සෙනේ....

…මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....

දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ

Sunday, September 25, 2011

වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting

 යගොල්ලන්ට මතක ඇතිනෙ ව්‍යපාරික ප්‍රජාව ආර්ථික අවපාතයකට ලක්වෙච්ච යුගයක් තිබුනා. ඒ කියන්නෙ 2008-2009 වකවානුවේ. ඔන්න ඔයකාලෙ Cost Cutting  කියලා වියදම් අවම කරගැනීමට් හුගක් ව්‍යාපාරිකයො එක එක උප්පරවැට්ටි දැම්මා. වායු සමීකරණ නිවාදැම්මා, විදුලි පංකා නිවාදැම්මා. වාහනවල ඉන්දන දීමනා කපා හැරිය,යම් යම් දීමනා කපා දැම්මා , ප්‍රින්ට් අවුට් ගන්න එක අඩුකලා, දුරකතන බිල්පත් වලට ගෙවීම් අඩුකලා, බෝනස් නැතිකලා  හරි එව්වා කමක් නෑ කියමුකෝ ඔයගොල්ලො අහලා තියනවද "වැසිකිලි ජල කප්පාදුව" ගැන. ඔන්න එහෙනම් අහගන්න නැත්නම් කියවන්න

විරූපී මනමාලයාගේ පිලිතුර..

ගිම්හානිගේ මගේ අළුත් මනමාලයා.... . ට පිළිතුරක්,


උරුමෙන් උරුමයට මට ආ බූදලය
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා  මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය   

පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ  කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත  කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය

Saturday, September 24, 2011

මගේ අළුත් මනමාලයා.... .

කළුවන් කලු රුවයි.. එල්ලෙන බඩගෙඩියයි..
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
පපුවත් හරි ලොකුයි මටනම් හරි ලැජ්ජයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..

දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.

විරූපී මනමාලයාගේ පිලිතුර..