
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය
පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය
අල්ලපු ගෙදර කොල්ලගේ ආදරය
හැමදා තිබෙදැය් කියලා මට සැකය
අත ඇති මුදල බිඳ බිඳ අඩුවන සතිය
බල තව තියනවද අද ඒ ආදරය
කළකිරීම මැද්දෙන් අද නැත සතුට
නොහැක කිසිවෙකුට එය යලි පුරවන්ට
නුබ නැති ලොවක සැපසම්පත් මට කුමට
ලියුවා මගෙ මුලු දෙපල මඩමකට
අල්ලපු ගෙදර කොල්ලගේ ආදරය
ReplyDeleteහැමදා තිබෙදැයි කියලා මට සැකය
අය්යෝ මට එපා ඒ ජූතක බමුණා..
ReplyDeleteබේරේ වැවට පැනලා මා මිය යනවා...
දිවි නහ ගන්න බව පවසාලා
ReplyDeleteබේරෙ වැවෙ දැන් ලස්සන සිහිවීලා
මෙන්න මෙයා පීනන්නට හදලා
පිට දමලා අර අසරන මහල්ලා
හිකිස්....
ReplyDeleteබේරේ වැවේ සෝබන මට කියනු එපා.
ReplyDeleteගහ දන්නා මට කොලනම් කඩනු එපා..
අත ඇති මුදල බිඳ බිඳ අඩුවන සතිය ..
ReplyDeleteඅපරාදෙනේ...
පොත පත නොකිව් අරුමය දැන් වැටහේද
ReplyDeleteදික්තල කාලගෝල ල තව අඩු නැතිද
දේපල ලිවූ මඩමේ තව ඉඩ මදිද
වයසට කැපෙන අය ඇත්තේ එහි නොවෙද
හෙහ් හෙහ් ...... මරු ...........:D
ReplyDelete