සාමා අමර හෝඩියෙ පොත මට පෙන්වා
දුන්නා රස කැවිලි නිතරම මම දන්නා.
ශිල්පයට වඩා මට විස්මිත දැනුමක් දුන්නා.
පියාණෙනි සමරමු ඔබ බැතිපෙම්මා..
දියණීය මමයි හැදුවේ ඔබ මලක් වැනි..
පෙන්වූ පිය සෙනෙහෙ කිසිදා ලබනු නොහී..
අද දින මා දමා සුරලොව රුසිරු පෙනී..
මදකට ඇවිත් යනු මැන මා පියාණෙනී..
මල්ලියි මමයි නංගියි අද එක තැනක නැත.
ගෙදර කුස්සියේ රස බත ඉදෙනු නැත..
සඳයි හිරුයි මට පේන්න ලොවෙත් නැත..
ඝනඳුර අඳුර ශෝකෙන් මා වෙලා ඇත..
ලෝකය සුන්දරයි ඔබ නිතරම කීවා..
මිනිසුන් සුන්දරයි ඔබ නිතරම කීවා..
වතුපිටි ඉඩකඩම් දුගියන් හට බෙදුවා.
ගුණයේ සුවඳ තුන් ලෝකෙට බෙදුවා..
වැඩිහිටි දිනේ සමරන්නට සැරසෙන්නේ..
මාහට ඔබව නිතරම සිහිපත් වන්නේ...
දෙමාපියන් මග දමා යන දරුවන්නේ..
ඔබලත් දිනක මහලුව වයසට යන්නේ..
(ප.ලි...සියළුම වැඩිහිටියන් ආදරයෙන් සිහිපත් කරමි.)
ලස්සනට ලියල තියනව
ReplyDelete@නදී
ReplyDeleteගොඩාක් ස්තුතියි ගොඩ උනාට. අද දිනයේ මගේ
මියගිය පියාව මට වෙනදටත් වඩා සිහිපත් උනා...
සුන්දරයි... ලස්සනයි..
ReplyDelete@Gordonia ceylanica
ReplyDeleteඔව් සුන්දර කවි ඇතුලෙ ගින්දර වගෙ දුක තියනවා.
ලස්සනයි......
ReplyDeleteසියළුම වැඩිහිටියන්ට උපහාර වෙවා..!
කවිකාර ගිම්හාණී ඔබට හතර පදය හොදින් හුරු බව හැගේ. ඔබ සුදුසු ඔතැනටයි. දිගටම ලියන්න. ජය!
ReplyDeleteමට මගේ නුදුරු දිනක සමුගත් පියා සිහි වුනා.
@රහස් පරික්ෂකයා
ReplyDeleteඔව් එසේම වේවා!!!
@වෙද ගෙදර මහවෙදනා
ReplyDeleteපාසැල් කාලෙ කලා කටයුතු වල යෙදුනත්, පසුව මේ සියල්ලෙන් ඈත් උනා. දැන් නැවතත් හිතෙනව කවියක් දෙකක් ලියන්න කියලා.
ඔබේ දිරිදීම මට හරි වටිනවා. ඉඩ ලබෙනවිට ලියනවා.
නැවතත් ස්තුතියි ඔබට.
නිතියෙන් සිහිකොට දෙගුරුන් හැමදාම
ReplyDeleteබැතියෙන් වදිමි මව්පියගුන මෙමා අද
එලියට නොපෙන්වා සිහිකරවාගෙන බෝම
අම්මා තත්තා වැඩිහිටි ගුන සුවඳ
ඇත්තටම හොඳට ලියලා තියෙනවා.සියලු දේ අනිත්‍යයි මරණය නියතයිනේ ගිම්හානි .........
ReplyDeleteකවිය ලස්සනයි
ReplyDeleteතේරුමත් එහෙම වෙන්නැති මයෙ හිතේ
මං උඹත් එක්ක තරහ නෑ අප්පච්චියේ
පේනවනෙ මිනිස්සු උඹට ආදරෙයි
ඉතිං උඹ දුක් වෙන එකක් නෑ
මයෙ ආදරේ නැතුවට
මිය ගිය මගෙ අම්මයි අප්පච්චියි දෙන්නවම මතක් උනා....
ReplyDeleteගිම්හානිගේ පද ටිකේ සියළුම වැඩිහිටියන්ට උපහාරක් වේවා !
@ලොකු ජෝන්, ඇනෝ, ලයන්..
ReplyDeleteබොහොම ස්තුතියි..
@දිල්,
අම්ම තාත්ත නැති යුවතියක් නිසා ඔබට මේ අගය හොඳින්ම දන්නවා ඇති..මියගිය ඔබේ දෙමාපියන්ටත් උපහාරයක් වේවා!!
https://www.facebook.com/photo.php?fbid=1383355108594&set=o.310395954670&type=3&theater
ReplyDeleteහිත ටිකක් සසළ කරමින් මගේ පියාගේ උණුසම ආයෙත් දැනෙන්නට වුනා ඔබේ කව කියවත්දී , ලස්සන සහ සිතට ගත යුතු අදහසක් ,
ReplyDelete@ඇනෝ,
ReplyDeleteබොහොම ස්තුතියි කවි ටිකට..
@මහේශ් මහතා,
ඔව් හිතට හරි දුකක් දැනෙනවා මියගිය අපේ දෙමාපියන් මතක් වෙනකොට.. ස්තුතියි ගොඩ වැදුනට...
සොදුරුයි ගෙවූ කාලය ඔබලා සමග
ReplyDeleteසිහිවෙන විට නැගෙයි කදුලක් නෙතු අගට
ජිවත් වුනත් නෑ සතුටක් දුර රටක
ලගදීම එනව ඔබ දෙපලව බලන්නට
මගේ දෙමවුපියන්ට හා සියලුම වැඩිහිටියන්න නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි !
@මංසලකුණු
ReplyDeleteපනමෙන් ඔබේ මව් පිය සැම රැකගන්න..
වදනක් පැවසුවට මාගෙන් තුති මෙන්න...
හ්ම්... නියමයි අක්කේ...
ReplyDelete@ ප්‍රසන්න
ReplyDeleteස්තුතියි මල්ලී .