he

Monday, November 11, 2013

කුණු ගොඩ

සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග්‍ රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු "විශේෂ නිවේදනය!" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා


  අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම හමුවෙලත් නැතිව ඇති. බලන්න මේ ගැටලුවට ඔබ ඔබ මුහුන දුන්නානම් ඔබ කරන්නෙ කුමක්ද කියා.

…ලොකු ජෝන් ගෙ මහගෙදර ඒ කියන්නෙ අපි පුංචි කාලෙ හැදුන වැඩුන, සෙල්ලම් කරපු, මගේ අතීත කතා ගනනාවකට සම්බන්ද වුනු මහගෙදර. අද මම එහෙ නැතත් අම්මයි තාත්තයි ඉන්නෙ එහේ. තව මගේ මල්ලිගේ ජීවිතෙ ගතවෙන්නෙත් එහෙම තමා. අම්මයි තාත්තයි මුනුපුරු මිනිපිරියන් එක්ක දවස ගතකරන්නේ මේ මහගෙදර තමා.

…මහගෙදර කියුවම කාගේත් හිතෙ මැවෙන අක්කර ගානක පොල්ගස් දෙල්ගස් කොස්ගස් පිරුනු වත්තක් නම් නෙමෙයි අපට තිබුනේ. පර්චස් 20කට සීමාවුන ටිකක් හිමින් හූවක් කීවත් අල්ලපු ගෙදරට ඇහෙන සාමාන්‍ය නිවසක් තමයි අපේ මහගෙදර.

Sunday, November 10, 2013

විශේෂ නිවේදනයයි !

කාලයක් ගතවුනා පෙට්ටගම මකුලු දැලුත් බැඳිලා. සැරින් සැරේ එක එක්කෙනා මතක් කරකර පෙන්නනවා. දැක්කම මටත් දුකයි. අස්පස් කරන්න කියලා බලනකොට වෙන වැඩකට යොමුවෙන්න වෙනවා.

 හරියටම මාස දෙකකට කිට්ටු වෙන්න ආවා. දූවිලි ගසලා මකුලි දැල් කඩලා ගන්න තරම් අවශ්‍යතාවයක් නොතිබුනේ නිතර ගොඩවදින අය මේ පැත්තෙ ඇවිත් ගිය හන්දයි ඒ ආව ගිය හැමොටම හොයල බලපු හැමෝටම මගේ ප්‍රණාමය පලකරන්නේ සතුටින්.

Friday, August 2, 2013

සිනහවට කල හැකි දෙ බොහෝය

 
පින්තූරය ගත්තෙ  www.olaalaa.com

මම බොහෝ දිනවල මාර්ග අංක 141 වැල්ලවත්ත නාරහෙන්පිට බස් සේවාවෙන් ප්‍රයෝජන ගන්නෙක්මි. එදත් සුපුරුදු පරිදි වැල්ලවත්තෙන් බසයට ගොඩවූයේ පාමංකඩින් බසින අදහසිනි. බස් ගාස්තුව රුපියල් 9ක් වුවත් කිසිම දිනක ඉතිරි රුපියල ලැබුන බවක් මතකයේ නැත. නාරහෙන්පිටට රුපියල් 12ක් වුවත් රුපියල් 20ක් දුන්නොත් ඉතුරු ලැබෙන්නේ රුපියල් හතකි.

රුපියල ගැන කතාකිරීම අද මගේ කතාවේ මාතෘකාවයැයි ඔබ වරදවා වටහාගනීයැයි සිතුන නිසා මා කියන්නේ එය එසේ නොවන බවයි.

කොන්දොස්තර මහතුන්ගේ ආමන්ත්‍රන හා ඔවුන්ගේ මුහුනුවල රලු ස්වභාවය රාජකාරී වෙලාවන්හි ගමන්බිමන් යන ඔබට අමුතුවෙන් හඳුවාදිය යුතු නැතැයි සිතමි. 

Tuesday, July 30, 2013

ගුරු දෙගුරු රැස්වීමක්

ලිපියක් ලියන්න නොසිතූ මොහොතක පොඩි කෙල්ලගේ මුවින් පිටවූ වදන් කීපයක් නිසා ඇතිවූ සිතුවිල්ලක් අද සටහන ලෙස ඉදිරිපත්කරන්නට සිතුනි. 

පහුගිය ජනවාරියේ මගේ පොඩි එකී ඉස්කෝල ගියාකියලා මේ පෙට්ටගම කියවන අය නොදන්නවා කියලා මම හිතන්නෙ නෑ. ඒ ගැන මම ලියපු සටහන මෙතනින් ගිහින් බලන්න ඉතින් පලවෙනි පාසැල් වාරේ නිවාඩුව පහුගිය සිංහල අවුරුදු සමයේ සතුටින් ගතකල මේ කෙල්ල දෙවන පාසැල් නිවාඩුව නැත්නම් අගෝස්තු පාසැල් සමයට සූදානම් වෙනවා.

පහුගිය සතියෙ දවසක චූටි එකීගේ ගුරු දෙගුරු පොතේ ගුරුතුමිය විසින් සටහනක් දාලා තිබුනා අගෝස්තු 1වනදා ගුරු දෙගුරු රැස්වීමට පැමිනෙන්න කියලා. 
පහුගිය මාස කීපයෙත් වරින් වර ගුරු දෙගුරු රැස්වීම් කීපයක් තිබුනා. ඒ සියල්ලටම ගියේ මම. ඔය රැස්වීම් වලට හුඟක් වෙලාවට යන්නෙ අම්මලා. මමත් ඉතින් වැඩි කැමැත්තකින් යන්නේ ඒකනේ අම්මලා අතරේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් තාත්තලා ඉන්නකොට කැපීපේනවනේ. 

ඒත් පහුගිය ගුරු දෙගුරු පොත දුන් හැටියෙ මගේ පොඩි එකී කියුවනේ මෙන්න මෙහෙම කතාවක්,

Tuesday, July 23, 2013

වසර 18 කට පෙර අද වගේ දිනක

නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම කියපු රෙදි කඩේ තරම් එදා කාන්තාවො අතර ජනප්‍රිය තැනක් වෙන තිබුනයි කියුවොත් මම ඒක පිලිගන්න ටිකක් මැලි කරනවා. ඉතින් මගේ ගෑනු ළමයත් නිතරම ඔතනට යනවා. එයාගේ රැකියාව කරන ස්ථානයත් තිබුනෙ ඔය කිට්ටුව නිසා එතන දෙවල් යාවත්කාලීන වන වේගය වැඩියි.


… ගෙදරට හොරෙන් ලව් කරන කාලේ ගෑනු ළමයව වේලපහින් ගෙදර යවන්න ඕන. නැත්නම් වීසා කැන්සල් වෙනවා. ඒ නිසා වැඩ ඇරුනට පස්සේ අතන මෙතන තැග් ගැහෙන්නෙ නැතිව වේලාසන ගෙදරට යවන්න මම උත්සාහා කරනවා. එයත් එහෙමයි. ඔන්න එක දවසක් හවස රැකියාව නිමකරලා එන අතරෙදි අර කලින් කියපු යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කලා.

Friday, July 12, 2013

භයානක ලෙඩක් !

සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට  ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ. 
ඔන්න යන්තම් ඒකත් ඉවර උනා.හරියටම මාසයකට කිට්ටුවෙන්න මොනවත් ලියන්න ලැබුනෙවත් හරියාකාරව බ්ලොග් පොස්ට් එකක් කියවන්නවත් ලැබුනෙ නෑ.

ඉතින් ඒ විරාමයට තිත තියලා අද මට ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න සමාජයේ හුඟ දෙනෙකුට තියන ලෙඩක් ගැන කියන්න. ලෙඩ ගැන කියන්න මම වෛද්‍ය වරයෙක් නෙමෙයි. ඒ උනාට මේ ලෙඩේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න උවමනාම නෑ. 

මේන්න මේ පුංචි කතාව කියවලම ලෙඩේ ගැන අවබෝදයක් ගන්න. සමහරවිට මේ ලෙඩේ ඔයගොල්ලො දන්න කියන අයටත් තියෙන්න පුලුවන්.

…ඔන්න එක විශ්‍රාමික ස්වාමි පුරුශයෙකුට තමන්ගේ බිරිඳගේ ශ්‍රවන තත්වය හරියාකාරව පවතිනවද කියලා දැනගන්න උවමනා උනාලු.…මේක තමන්ගේ බිරිඳගෙන් එක එල්ලේ අහන එකත් හොඳමදි හන්දා, තමන්ම වෛද්‍යවරයෙකු ළඟට ගිහින්, තමන්ගෙ බිරිඳගේ ශ්‍රවන තත්වය බලාගන්න ස්ව‍යං පරීක්ශනයක් එහෙම තියනවද කියලා අහලා. වෛද්‍යවරයත් ටිකක් කල්පනා කරලා ස්වාමි පුරුශයට self-test එකක් නැත්නම් ස්වයං පරීක්ශන ක්‍රමයක් කියලා දීලා. 

Friday, June 14, 2013

නිදිමරා මැච් බැලීම.

ශූරයන්ගේ කුසලානය උදෙසා පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරඟය නරබා අවසානවෙනවාත් සමගම මතකයට නැගුන සිදුවීමක් පෙට්ටගමේ තැන්පත් කරන්න සිතුනි.

හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි. ඒ වෙලාව කන ක්‍රීඩාවක් නිසාය. එහෙම කොහොම කීවත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් නම් නිදිමරාගෙන තරඟයක් බලන්නේ ඒ අවස්තාවෙ වින්දනය ඒ අවස්තාවෙ විඳින්න උවමනා නිසා.
…සරල උදාහරනයකින් කියනවනම් මෙ වනවිට පවත්වපු ශ්‍රීලංකව සහභාගීවුන තරඟ දෙකම ගතහොත්,

පලමු තරඟය ශ්‍රීලංකාව පරාජය වුනා.
දෙවන තරඟය ශ්‍රීලංකාව ජය ගත්තා.

ඔය නිකම්ම නිකන් වැකි දෙකක් උනාට තරඟය ඒ අවස්තාවෙ බලපු අයට අමතක නොවන අත්දැකීම් දෙකක්. තරඟය නොබලපු අයටනම් නිකම්ම නිකන් වැකි දෙකක්.


සමහරු ඇත්තටම ක්‍රිකට් වලට ආසයි. ඒ කියන්නෙ තදබල  ක්‍රිකට් ලෝලීන්. ක්‍රිකට් මැච් අතහරින්නෙ නෑ. තව සමහරු ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ලෝලීන් කියලා පෙන්නන්න හදනවා.

මම මේ කියන්න යන අත්දැකීම අපේ මාමා කෙනෙකුට වුන සිදුවීමක්.මේ සිදුවීම පහුගිය 2011 ලෝක කුසලානය දවස්වලදි සිදුවූවක්.