අද ලොකු දුවගෙ පාසලේ ශ්‍රමදායකත්වයෙන් පාසල පවිත්‍ර කරනවා. පහුගිය නිවාඩු කාලෙම වැටුනු කොලරොඩු, වැදුනු දූවිලි, බැඳුනු මකුලුදැල්, වැවුනු වල් පැල , එළි පෙහෙලි කරලා පාසැල ළමුන්ට ප්‍රියමනාප පරිසරයක් කරන එක තමයි අරමුන. දෙමා පියො සෑහෙන දෙනෙක් ඇවිත් උන්නා ශ්රමදානෙට.
නගර සභාවෙන් නොදිරන ද්‍රව්‍ය වෙනමයි දිරන ද්‍රව්‍ය වෙනමයි එකතු කරනවා. දිරන ද්‍රව්‍ය වලින් කොම්පොස්ට් පොහොර හදලා වෙනම විකුනනවා. නොදිරන ද්‍රව්‍ය වෙනම එකතු කරන කෙනෙක් ඉන්නවා. එයා ඒවාට මොනවා කරනවද කියන්න නම් මම හරියට දන්නෙ නෑ . කාලයක් මට මතකයි ඔය ප්ලස්ටික් බොතල් බෑග් වලින් පෙට්‍රල් හදන කතාවක් තිබුනා. කොහොමහරි ඒ ගැන හරියට නොදන්න හන්දා මම ඒ ගැන කතා කරන්නෙ නෑ.
පොලිතින් මලු ප්ලාස්ටික් වගෙ නොදිරන දෙවල් උදෙන්ම එකතුකරලා නගර සභාවෙ ප්ලස්ටික් අපද්‍රව්‍ය එකතුකරන කෙනාට එන්න කියලා හාර දුන්නා.
උදෙන්ම වැඩෙ පටන් ගත්තා. එක්කෙනෙක් වල් උදුරන අතර තවෙකෙක් පුටු මේසවල මකුනුදැල් කඩනවා. පාසැලෙ කෙලවරක ලොකු කොම්පොස්ට් වලක් තියනවා. මටත් ඉතින් ශ්‍රම දායකත්වය දෙන්න ඔනෙනෙ මාත් ඉතින් වීල් බැරෝ එකක් හොයාගෙන වල් පැල කොලරොඩු එකතු කරගෙන වීල් බැරෝවෙ පුරෝගෙන ඒකත් තල්ලු කරගෙන පාසලෙ එහා කෙලවරටයි මෙහා කෙලවරටය් දෙතුන් වතාවක් ගියා. තවත් වතාවක් කුනු ගොඩක් පටෝගෙන යනකොට මම දැක්කා කට්ටිය තේ බොනකොට කන්න ගෙනාපු බනිස් දාල තිබුන ලොකු පොලිතීන් බෑග් එක බිම දාලා තියනවා. මොනවා උනත් ඉතින් කුනු ගොඩක් හන්දා මමත් ඒක අහුලලා වීල් බැරෝ එකේ උඩින් දා ගත්තා.
මෙන්න කුනු ගොඩ(කොම්පොස්ට් වල) ළඟට යනකොට එතන උන්න හයි හීල්ස් දාපු සාරි පටලවගත්තු ගුරු මහත්මීන් දෙදෙනෙක් මට බනිනවා "ඔය ප්ලස්ටික් කෑලි , කොල දාන්න එපා කියලා කියුව නෙද? ඔය ගොල්ලන්ට සිංහල තෙරෙන්නෙ නැද්ද " කියලා මල කෙලියයි දැන් මෙක මගෙ අතෙ තියෙන්නෙ කොහෙට කියලා දාන්නද ආපහු තිබ්බ තැනින් අතරින්නයැයි. මට ඒ වෙලෙ මතක් උනා අර බස් එකෙ "ගවුම අල්මාරියට අහුවුන කතාව " මෙ කතාව ඔය ගොල්ලො සමහරවිට අහලා ඇති ඒ උනාට කමක් නෑ ආයෙත් "ආතම්මගෙ පෙට්ටගමෙ"දිත් කියවන්න.
ඔන්න දවසක් අවුරුදු පනහක විතර අංකල් කෙනෙක් සෙනග යහමින් හිටගෙන ඉන්න බස් එකක ඉදගෙන යනවලු. අපි මෙ අංකල්ට පීටර් කියමු. ඔන්න පීටර් අංකල් ගාවම , බස් එක පැද්දෙන තාලෙට පැද්දි පැද්දි යන අංකල්ගෙ වයසටම ගැලපෙන ඇන්ටි කෙනෙක් යනවලු.
මේ ඇන්ටිගෙ ගවුම එයාගෙ පස්සෙ දාරෙට ඇතුලට ගිහිල්ලා. ඕකට අපි කියන්නෙ අල්මාරියට අහුවෙලා කියලනෙ. දැන් මෙ පීටර් අංකල්ට බලන් ඉන්නම බෑලු. අංකල්ගෙ මූන ඉස්සරහම දැන් ඇන්ටි පැද්දි පැද්දි ඉන්නවලු. බැරිම තැන අංකල් ඇන්ටිගෙ ගවුම හැදුවලු. ඇන්ටි හැරිලා බැලුවලු . යටහත් පහත් හිනාවකින් ඇන්ටිට සලකන්න පීටර් අංකල් පසුබට වෙලා නැ. මලපැන්න ඇන්ටි බැනගෙන බැනගෙන ගිහිල්ලා "අතගානවා මදිවට තව හිනහත් වෙනවා" කියලා "හරි හරි ඕකට ඔච්චර කෙන්ති ගන්න ඕනෙද එහෙනම් තිබුන විදියටම තියන්නම් " කියලා දාරෙට අත තියලා ගවුම තිබුන විදියටම ඇතුලට දාලා.
පීටර් අංකල්ට මතක මල් මල් කුඩයක් ඔලුවට එනවා විතරලු.
ප.ලි. මෙ කතාව මතක් වුන නිසා අර පොලිතීන් බෑග් එක ගුලිකරලා සාක්කුවෙ දමාගෙන ගෙදර ගෙනාවා
පොලිතින් කොලේ ගෙනාවේ නැත්තම් ඉතින් පීටර් අයියා වර්ෂන් 2 එක බලාගන්න තිබ්බා :D
ReplyDeleteඇත්තටම එහෙම වෙයි කියලා පොඩි බයක් ආවෙ නැත්තෙමත් නෑ
ReplyDeleteහෆොයි...ටීචර් ලා බලන් ඉන්නේ කාගෙහරි ඇදයක් හොයන්න ම නේ! ඇති ඔයින් ගියා...ළමයෙක් එහෙමනම් දණ ගස්සලා!
ReplyDeleteහික් හික් ඔය කියුවෙ දැක්කා වගෙ
Deleteඔය පීටර් අයියා වගේමයි ගෙදර එක්කෙනා නැති වෙලාවේ කිරි දොවන්න ගිය සේදිරිස් මාමටත් උනේ....
ReplyDeleteගෙදර එක්කෙනා කිරි දොවන්න කියලා සේදිරිස්ට කියලා හදිස්සි ගමනක් ගිහිල්ලා ..වැඩේ හුරු නැති සේදිරිස් ගොනාව ගහේ බැදලා කිරි දොවන්න අරං...කකුලෙන් ගහන්න ආව නිසා පස්සේ කකුල් දෙක ගස් දෙකක බැදලා..ඊට පස්සේ නැට්ටෙන් ගහන නිසා පුටුවක් ගෙනැල්ලා හරකගේ පස්ස පැත්තෙන් තියලා නැට්ට උස්සලා ගහේ අත්තේ ගැටගහන්න යනකොටම සරම කඩං වැටිලා...එතකොටම ගෙදර එක්කෙනා ඇවිල්ලා..හරකගේ කකුල් දෙක දෙපැත්තට ගැටගහලා...නැට්ටත් උස්සගෙන සරමත් ගලවගෙන සේදිරිස් ඉන්නවාලු පුටුව උඩ...
මට නිකන් මැවිලා පෙනවා හික් හික්
Deleteදෙවි හාමුදුරුවනේ ඒ මොන නව නිංගිරාවක්ද
Deleteවිනාසයි ! සරමෙන්ම බෙල්ලෙ වැල දාගත්ත නම් ගොඩ
Deleteකතාවත් මරු, ඔබ නොදුටු ලොවක් ගෙ කොමෙන්ට් එකත් මරු.
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්,
පොල් ගෙඩියෙ අරක්කු කතාවට කොමෙන්ට් එකක් දාන්න ෆුල් ට්‍රයි එකක් දුන්න හරි ගියෙ නෑ, බ්‍රව්සරේ වෙනස් කළා ආයෙ ගිහින් බලන්නං.
දැන් @ දාන්නෙ නැතිව කෙලින්ම කොමෙන්ටුවටම reply දාන්න පුලුවන්නෙ මාමෙ
Deleteමොකද මෙ දවස්වල සද්දක් ?
ඕනමැන්ටල්ගෙන් තාක්ෂණික සහය ගත්තා කිව්වා නේ... එහෙනං හරිම තමා.... සබ්බුව දෙනවයි කියල මටත් කියලා තිබුනෙ
Deleteඔබා මාමේ ඔය කිව්වා වගේ රිප්ලයි පාරක් දාන්න බලන්න ....
Deleteපෝ ටීචර්ලට අහුවුනා නම් කියලා වැඩක් නැහැ. අපේ වික්‍රමාරච්චි වෙද රාලහාමි කියන්නේ ටීචර් කෙනෙක් බැදපු මිනිහෙක් කියන්නේ පොල්ලෙලි වලේ ඉන්න ගෙම්බා වගේ කියලා.
ReplyDelete@ඔබ නොදුටු ලොවක්.
නියම කථාව.
අපෝ අපේ ගෙදර ටීචර්ල දෙන්නයි. එත් ඉතින් මේ කියන ටීචර්ලට වඩා වෙනස් වගේ.
Deleteටීචර්ලා වැඩියමත් පාට් දාන්නෙ ඒගොලාන්ගෙ භූමියෙදිනෙ. කසද බැඳගත්තා කියන්නෙ ගෙදරත් ඒ ගොල්ලන්ගෙ භූමියමයි. අහෝ දුකකි ඉරකි තිතකි.
ReplyDelete.
Deleteලොකු ජෝන් අන්න ඔයාගෙ යාළුවා කිව්වා ඔයාගේ ඔපීසියේ ඔයාගෙ මේසෙත් සුද්ද කරන්න දවසක ශ්‍රමදානයක් දාන්න වෙනවලු . ඒක ඇත්තක්ද?
ම්හ් කොච්චර දෙයක්ද කාටහරි එහෙම හිතෙන එක .
Deleteෆුල් අතල් කතාවක්නේ!:DD
ReplyDeleteඕනෑම ආතල් කතාවක කතානායකයා නියම විඳවිල්ලක් විඳවලා තියනවා
Deleteහහ්හා.. ඕකෙ ඇම්ඩගෙ වර්ශන් එක අහල තිබ්බා.
ReplyDeleteමමත් අහලා තියනවා . පීටර් අංකල්ව ලංකරගත්තෙ ඇම්ඩා කොමන් නිසා
Deleteඅපොයි ලොකු ජෝන් ඔය වගේ සිද්දි ඕනැ තරම් වෙනවා. පව් නේද කියලා උදව් කරන්ඩ ගිහිං අහගත්තුවාත් ඕනැ තරම් සිද්ද වෙනවා. වඳින්ඩ ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා කියන්නෙත් ඕකමනේ.... මොනා උනත් ඕවලින් සැලෙන්ඩ එපා.. දිගටම වැඩේ කරගෙන යන්ඩ... හරි දේ කරලා බැණුම් ඇහැව්වත් මොකෝ
ReplyDeleteකොහොමත් හරි දේ කරනවා කියන්නෙ බැනුම් අහන එක තමා
Delete(මේ පෙට්ටගමෙ 1000වැනි කොමෙන්ටුව)
ඔයාටත් වෙන්නේ හොඳ වැඩ තමා..අංකල්ට පාඩුවේ ඉන්න බැරිව කරන්න යන වැඩ..
ReplyDeleteහරි ඔයා අංකල්නම් මොකද කරන්නෙ ?
Deleteඔය ගෑනු ජාතිය සම්බන්ධ වැඩ වලදී හොඳම දේ තමා උදව් ඉල්ලනකන් ඉන්න එක..කවදාවත් පැනලා දෙන්න හොද නෑ! නිකන් ඉල්ලන් මාමයිට් ගාගන්න තමා වෙන්නේ!මොකද කරන දේක හොඳක් දකිනවා කියලයැ!
ReplyDeleteසියයට දෙසීයක් ඇත්ත
Deleteඇඬෙනවා තනි ඇහැට...හික් දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ
ReplyDeleteඇඬෙනවා නේන්නම්
Deleteහොද වෙලාවට බෑග් එක ගෙදර අරගෙන ආවේ...
ReplyDeleteඅරගෙන ආවට වඩා හොඳයි එතන දාලා ආවනම්
Deleteඇත්තට..... ම ෆුල් ආතල්.... බැග් එක තියලා ආව නම් මරු වැඩක් බලා ගන්න තිබුනා
ReplyDeleteබෑග් එක ගෙදර ගෙනාවම ගෙදර උන්දෑ දෝස්මුරෙ තියන්න ගත්තා අහක යන කුනු ගෙදර ගෙනාවා කියලා එතකොට හිතුනා ඉස්කෝලෙ තියලා ආවනම් ඉවරයි කියලා
Deleteහොද වෙලාවට අන්තිමට වුනු දේ දැම්මේ. නැත්තම් මම බැලුවා කෝ අර මුලින් කියාගෙන ආපු කතාවට මොකෝ වුනේ කියලා :ඩි
ReplyDeleteමෙන්න මෙ කොමෙන්ට් එක වැටෙයි කියලා තමයි මම ඒ ප.ලි. පේලිය එකතු කලෙ
ReplyDeleteකොහොමද මගෙ දුරදිග පෙනීම ?
සිංහල තේරන බව ටීචර්ට කියල දෙන්නත් එක්ක සිංහලෙන් කියල දෙන්නනෙ තිබුනෙ ඇත්තට මොකද උනේ කියල...
ReplyDeleteවැඩක් නෑ ඒගොල්ලොන්ට තෙරෙන්නෙ නෑ
Deleteඅරින්න ගිය අල්මරිය ඉහේ කඩන් වැටිලා වගේ !
ReplyDelete