he

Tuesday, November 29, 2011

පුඩිම වහලෙ උඩ .

 හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.
මගෙ බොහෝ කතාවල වගේ මෙ කතාවත් 80 දශකයෙ අග වසර මෙක කියවන හුඟ දෙනා ඒ කාලයෙ ඉපදිලාත් නැතිව ඇති. නැත්නම් නොදරුවො. ඒ හන්දා වර්තමානයත් එක්ක සසඳන්නෙ නැතිව කියවන්න 

   ඒ කාලෙ අපෙ ගෙදර ලිප් දෙකේ ගෑස් ලිපක් තිබුනා ඒක අපෙ ගෙදර තිබුන සුඛෝපබෝගීම ගෘහ උපකරනයක් . ඒක මැද්දෙ පොඩි පහෙ ග්‍රිල් එකකුත් තිබුනා. ඔය ලිප පාවිච්චි කරන්නෙ අපෙ අම්මා විතරමයි. අම්මා ගෙදර ඉන්න දවස්වලට අපි ඔය ලිප ලඟටවත් යන්නෙ නෑ. හැබැයි අම්මා වැඩට ගියාම මායි මල්ලිලා දෙන්නයි අර කියුව ග්‍රිල් එකට කොස් ඇට දාලා කොස් ඇට ග්‍රිල් කරලා කනවා. 
    හරි කියමු බලන්න කොස් ඇට ග්‍රිල් කරලා කාලා තියන අය ඉන්නවද කියලා ?

තව ඔය කාලෙ කරපු හුඟක් දේවල් තියනවා "පාලම යට" කතාවෙදි ඒ වගෙ එක හපන් කමක් කීවා මතක ඇතිනෙ. නැත්නම් "පාලම යට" උඩ කොටලා බලන්න 

  ඔය කාලෙම අපෙ ගෙදරට ගෙනාවා තවත් සුබෝපබෝගී ගනයට වැටෙන භාන්ඩයක් , ප්‍රෙෂර් කුකර් එකක්. ගෙනල්ලා මාස 6ක් විතර යනකන් කිසි කෙනෙක් අතවත් තිබුවෙ නෑ . ලොකුම හේතුව කවුරුවත්ම දන්නෙ නෑ ඕක පාවිච්චි කරන පිළිවල. මටයි මල්ලිලාටය් හරි කුතුහලෙ මෙක කඩලා බලන්නමයි හිත. හැමදාම සති අන්තයෙ අම්මට කරදර කරනවා මොනවා හරි රස කෑමක් හදලා දෙන්න කියලා.

මට කියන්න අමතක උනා අපිට තව පොඩ් නංගියෙකුත් උන්නා. එයැයි නම් කුස්සිය පැත්ත පලාතෙ එන්නෙ නෑ . ඒ කාලෙ එයාට අවුරුදු 3-4 විතර ඇති. අනික අපෙ කුස්සිය කලු සිමින්ති දාලා තිබුනෙ තෙතමනය හැමතිස්සෙම තිබුන හන්දා නංගී කුස්සියට අඩිය තිබ්බෙ නෑ. ඔන්න ආයෙත් කතාවෙන් පිට පැන්නා. ආයෙත් කතාවට .. 

  ඔන්න එක දවසක් අම්ම යාලුවෙකුගෙන් අහන් ඇවිත් ප්‍රෙෂර් කුකර් එකෙන් පුඩිං හදන හැටි. 
  
අපි තුන්දෙනා පැත්තකට වෙලා බලන් ඉන්නවා අම්මා අවශ්‍ය කලමනා එහෙම දාලා පුඩිම හදනවා . කොහොමහරි ප්‍රෙෂර් කුකර් එකට වතුර එහෙම දාලා රත් කරලා තිබ්බා . සූස් සූස් ගාලා දෙපාරක් තුන් පාරක් සද්දෙ එහෙම දැම්මා . කවදා කාපු ටිංකිරිද අපිත් ඔහෙ බලන් උන්නා. දැන් හදලා ඉවරයි .. කොහෙද ප්‍රෙෂර් කුකර් එක ගලවන්න බෑ තද වෙලා .. අම්මාටත් අහගන්න අමතකවෙලා ප්‍රෙෂර් කුකර් එක ගලවන විදිහ .. අම්මා ගියා ඉස්සරහට තාත්තවත් දන්නවද කියලා බලන්න . 

   ඔන්න දැන් තමයි මගෙ වාරෙ මම ලොක්කා වගෙ ගිහිල්ලා දන්න වැඩ සේරම දාලා පියන ගලවන්න උත්සහ කරනවා ............. එකපාරටම ... ඩෝං ගාල සද්දෙයක් ආපි  


  අම්මා කුස්සියට දුවගෙන එනකොට ඔය ඇඳලා තියන පින්තූරෙ විදිහට තමයි මම ඉඳලා තියෙන්නෙ . කෝ පුඩිම .... ඒක වහලෙ සිවිලිම හිල් කරගෙන වහලෙ උඩට ගිහින්

32 comments:

  1. හප්පේ මදැයි ඔයින් බේරුනා හුමාලේ වැදුනනං පිච්චෙනවා....

    ReplyDelete
  2. අර කිව්වා වාගේ හුමාලයට පුච්චා ගත්තෙ නැතුවා මදැයි !

    ReplyDelete
  3. හිනා උනා ඇතිවෙන්න... මදැයි පුඩිං කෑවා... පුඩිං උඩිං ගිහිල්ලනෙ...
    හිනා උනාට පුතෝ කරපු වැඩේ නං අති භයංකාරයි....

    ReplyDelete
  4. හුමාලය යන්න කලින් පියන අරින්න ගිහින් පිච්චුන අය මම දන්නවා . අප්පේ ඈතිනෙ අනතුරක් නොවී බේරුනා .. ජෝන ඉතින් කලොත් කරන්නෙ ඔහොම වෑඩනෙ . අපි නොදන්න ජෝන් .

    ReplyDelete
  5. හික්... හික්... නියම වැඩේ. මම නම් අදත් දන්නේ නැහැ ඔය මඟුල වැඩ කරන හැටි. හාමිනේඔ ඕක දාපුවෙලේ ඉඳලා මට වැඩේ ඉවර වෙනකම් බයයි. මම දන්නවනේ රික්තක පීඩනයේ තරම්. ඇති ඔයින් ගියා.

    ReplyDelete
  6. අම්මේ බේරුනා ඇති.. කොස් අට පුච්චලා මම කාල තියෙනවා

    ReplyDelete
  7. ප්‍රෙෂර් කුකර්වලින් අප්‍රමාණ අනතුරු වෙලා තියෙනවා.බේරුන එක නම් පිනක් පල දීමක්!

    ReplyDelete
  8. තව පොඩ්ඩෙන් ඉටිං පුඩින් තමා . . .
    ගුටි කීයක් කෑවද අයියයි මල්ලියි?

    ReplyDelete
  9. @ඔබ නොදු‍ටු ලොවක්..... පිච්චුනෙ නැත්තෙමත් නෑ බයටම ඒක තෙරුනෙ නෑ

    @Weni වැඩක් නෑ ටිකක් පිච්චුනා

    @Miyuru ඒක තෙරෙන්නෙ දැන් තමයි

    ReplyDelete
  10. @Gimhani මගෙ වැඩ ගැන ඉතින් ආයෙ දෙකක් නෑ හිතන්නෙ පස්සෙ ඉස්සරවෙලා කරලා බලනවා

    …@වෙද ගෙදර මහ වෙදනා මම SCIENCE ෆේල් ඒ හන්දා තමයි ඔය එක්ස්පෙරිම්න්ට් එක කලෙ හික්ස්

    …@වර්ණා කොස් ඇට ග්‍රිල් කරලා කාලා නෑනෙ (බලාගෙන කන්නෙ මෙහාටත් සුවඳ එන්න පුලුවන් හික්ස් )

    ReplyDelete
  11. @ තීර්ථ යාත්‍රිකයා ඒ කාලෙ ප්‍රෙෂර් කුකර් අඩු නිසා සෙරම පින් මගෙ පිටින් තමයි ගියේ.

    @ දුකා කියලා වැඩක් නෑ ගුටිනම් කෑවෙ නෑ අම්බානක බැන්නා ඒත් බැනපුව ඇහුනෙ නෑ පිපිරිච්ච සද්දෙට. ඒ හන්දා අම්මා මොනවා කියුවද කියලා දන්නෙ නෑ. අතපය වනනවා විතරය් මතක

    ReplyDelete
  12. නියමයි... මාත් පුඩින් කන්ට ආසයි... :)

    ReplyDelete
  13. පුඩිං කෙසේ වෙතත් ගුටි නම් කන්න ඇති මං හිතන්නේ... :)

    ReplyDelete
  14. තව පොඩ්ඩෙන් මළා ජෝන්!!!

    ReplyDelete
  15. හම්මෝ....

    ReplyDelete
  16. ඉතින් වහලේ උඩට ගිහින් කෑවේ නැද්ද පුඩිම???
    අයියෝ සල්ලි කිව්වලු!

    ReplyDelete
  17. වෙලාවට මුන බෙරිලා තියෙන්නේ නැත්තං පුඩිම මුනත් අරං වහලේට යන්නේ....

    ReplyDelete
  18. @Gordonia ceylanica මම හඩ්දපු විදිහට උත්සහ කරලා බලන්න

    @Dinesh අපෝ නෑ

    @පැණි දොඩම් අන්න වචනෙ

    ReplyDelete
  19. @prasanna86k හ්ම්ම්

    @ලහිරු ඒක තමයි මටත් දුක

    @Raj හික්ස්

    ReplyDelete
  20. මමත් ඔය ප්‍රෙෂර් කුකර් චාටරේනං කාල තියනව එපා වෙන්න . . . .

    කොස් ඇට දර ලිපේ පුච්චල නං කාල තියනව . . . ග්‍රිල් කරල ටැස්කරන්න අදහසක්වත් පහල උනේ නෑ . . . .

    ReplyDelete
  21. ප්‍රෙෂර් කුකර් එකේ පියන වැදිලා ඔයාගේ දත්ඇන්ද ගැලවිලා නොගිය එක ලොකු දෙයක් :)
    මමත් ඔය භාණ්ඩේ වැඩ කරන හැටි දැනගත්තේ මෙහේ ආවට පස්සෙ
    මම වැඩ කරන පර්යේෂණාගාරේ කරන විශේෂ පරීක්ෂණයකට ප්‍රෙෂර් කුකර් එක ඕනේ වෙනවා
    හැබැයි අපි ගාවනම් තියෙන්නේ ගොඩක් ආරක්‍ෂිත විදිහට හදපු එකක්...

    කොස් ඇට ලිපේ දාල කනඑක ඉස්සර අපේ බොහෝම ආස වැඩක්

    ReplyDelete
  22. පට්ට වැඩෙ......... ආයි පුඩින් හදන්නේ නැතුව ඇති

    ReplyDelete
  23. කට්ටියට ස්පයිඩර් මෑන්ව ගේන්න වුනාද පුඩිම බිමට බාගන්න :))

    ReplyDelete
  24. පට්ට කොස්ඇට දරලිපට දාලා පාඩුවෙ ඉන්නවා දෙකක් විර ඩෝං ඩෝං ගාලා පුපුරද්දි අම්මගෙන් ගුටිත් එක්ක කොස් ඇට බාගෙන කනවා....
    ගැස් ලිප්නං දැකලාවත් නෑ හරියට ඒකාලෙ..

    ReplyDelete
  25. සිරා කතාව..
    කොස් ඇට ඉස්සර අපි ලිපට දාලා ආයෙත් ගන්නකොට අත් පුච්චගන්නවා.. ඒක පෙරේත කම..

    ReplyDelete
  26. pudim valata maath aasayi hadhanna dhanne na

    ReplyDelete
  27. මට නම් ඕන පුඩිමක් කේස් නෑ......
    (හඳල දෙනවනම් කත හැකි)

    ReplyDelete
  28. යකෝ කල්පනාවෙන් වැඩ කොරන්න එපායෑ, වැරදිලා හුමාලේ පාර එහෙම වැදුනා නං එහෙම ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, ගහ ලොවෙත් නෑ ..............

    ReplyDelete
  29. මරු වැඩේ.... අපෙ ගෙදරත් ඔහොම දෙයක් උනා ඔය ප්‍රෙෂර් කුකර් එකේ ඉස්සෙල්ලම වටලප්පම් හදලා.. අම්ම වටලප්පම තැම්බිලද බලන්න අරින්න ගිහින් වටලප්පම ප්‍රෙෂර් කුකර් එක අස්සෙ හැලිලා.. හපොයි අන්තිමට බිත්තර වෙනම හකුරු වෙනම .. නියමයි.... කවදා කාපු ටිංකිරිද?????

    ReplyDelete
  30. mataht oyawage siddi hari hariyata wenawa.

    paw deviyane ape ayya,.

    ReplyDelete
  31. හෙ හෙ හෙ හෙ හෙ
    ඔයින් ගියා මැදෑ හුමාලයක් එහෙම වැදුනනම් එහෙම

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..