he

Tuesday, November 22, 2011

තරුණි නෑ මැඩම්

 රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ. 
  
   මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .

  මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.

  
ආ මට කියන්න අමතක උනා මෙ ඇන්ටි බලන්නෙ තරුණි පත්තරෙ විතරමයි. හෙතුව කියන්නෙ ගෑනු ළමයෙකුට හොඳ පත්තරයක් කියලා තියෙන්නෙ මෙක විතරයි කියලා . අනිත් ඒවයෙ තියෙන්නෙ කුණු හරුප කියලා තමයි එයා කියන්නෙ. ගෑනු ළමයෙක් කියුවම මතක් උනෙ මෙ ඇන්ටිත් මීට අවුරුදු තිහ හතලියකට කලින් නම් ගෑනු ළමයෙක් තමයි. ඒ පුරුද්දට තමයි තාම ඒ පත්තරෙ විතරක් බලන්නෙ.

 කොහොම හරි මේ ඇන්ටිට දැන් විදුලිය විසන්දි කරපු නිසා කරන්න කිසි දෙයක් නැතිව එහාට මෙහාට වෙවී ඈනුම් කඩ කඩ තමයි උන්නෙ. ඔන්න එතකොටම අපෙ කන්තොරුවෙ පියොන් මහත්තයා ආවා . 

 ඇත්තටම පියොන් කෙනක් කියන්නෙ කන්තොරුවකට නැතිවම බැරි කෙනෙක්. මැනෙජින් ඩිරෙක්ටර් නැතත් කාර්‍යාලය පවත්වාගෙන යාහැකිවුවත් ඔය පියොන් මහත්තයා නැති දවසට තමයි කට්ටියට රඟෙ තේරෙන්නෙ.

  කොහොම හරි ඇන්ටි පියොන් මහත්තයා ලඟට ගිහිල්ල අතට සල්ලිත් දීලා කියුවා "මට හන්දියට ගිහිල්ල තරුණි පත්තරෙ අරන් එන්න" කියලා. මිනිහත් ආයෙ කියන පරක්කුවට ගියා. තත්පරෙ විනාඩි බවට පත්වෙලා විනාඩි පැයත් උනා පියොන් මහත්තයා නෑ. ඇන්ටිට මලේ මල. දැන් විදුලිය සපයන වෙලාවත් ඇවිල්ලා .. … …

 ඔන්න පියොන් මහත්තයා හති දාගෙන දුවගෙන එනවා. "මැඩම්... මැඩම් .. මම මුලු ටහ්.. ටහ්.. ටවුමෙම බැලුවා ... ත..ත.. තහ් තරුණි නෑ ඒ හන්දා තහ්.. ත.. තරුණයා ගෙනාවා " කියලා තරුණයා පත්තරෙ ඇන්ටි අතේ තිබ්බා

25 comments:

  1. හප්පටසිරි ඇන්ටි ඒක බල බල ඉන්න ඇති...හික් හික්

    ReplyDelete
  2. ප්‍රශ්නයක් වෙන්න නැතුව ඇති. ඇන්ටිත් කැමැත්තෙන්ම බලන්න ඇති නේද?

    ReplyDelete
  3. තරුණි නැතුව වෙලාවට තරුණයා ගෙනාවෙ.හදිස්සියෙ සීදේවී,නාරිලතා වගේ ඒව ගේන්නෙ නැතුව:D

    ReplyDelete
  4. අපේ ඔය ගිම්හාණීලා වගේ කට්ටියනේ තරුණී කියවන්නේ. ( හොරෙන් තරුණයත් බලනවා ඇති.)

    ReplyDelete
  5. හැකැස්...
    ඒත් කමක් නෑ..දැන් ඒ පත්තරේ දෙගොල්ලොම ඉලක්ක කරලා තමයි ලියන්නේ....

    ReplyDelete
  6. @ ලොකු ජෝන්
    …ඉතින් මොකද අනේ තරුනයා බැලුවත් වෙන්නේ . පිරිමි අයත් තරුනි පත්තරේ කියවන්නේ . අපේ කාර්යාලයෙත් මම තරුනි පත්තරේ ගෙනාවම වැඩියෙන් බලන්නෙ කොල්ලොනේ ...ඒ පියන්න්නම් හොඳට මොලේ ඇති කෙනෙක් වෙන්න ඕන .

    …@වෙද ගෙදර මහ වෙදනා
    …තරුනයා නොකියවා කොහොමද ?ඔබතුමා එක්ක හරි හරියට මද සරුබාවය ගැන ප්‍රශ්න ඇහුවෙ ඒව බලල තමා ...

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්..... නෑ ඒ ඇන්ටි බලන්නෙ තරුණි විතරමයි

    @ වෙද ගෙදර මහ වෙදනා හොරෙන් බැලුවද දන්නෙ නෑ

    @ පැණි දොඩම් මට ඔනෙ උනෙ පියන් ගැන කියන්න හික්ස්

    ReplyDelete
  8. @ රාජ් ඒ පත්තර හන්දා තමයි තරුනි විතරක් උන්දෑ බලලා තියෙන්නෙ
    …@ ගලයා එක ඇත්ත දැන්නම් නාකි 70 - 80 කට්ටියවත් ඉලක්ක කරලා තමයි ගහන්නෙ
    …@ ගිම්හනි අන්න බලන්න තරුණි බලන එක්කෙනෙක්. ඔයා තරුණි විතරක්ම නෙමෙයිනෙ ගන්නෙ ?

    ReplyDelete
  9. මම ආස ඔය පත්තර වල තියෙන නිදි යහනේ නෑ සහනේ විශේසංගයට

    ReplyDelete
  10. @ මාතලන් මමත් නොකිව්වට බලන්න තියෙන්නෙ ඔච්චර තමා

    ReplyDelete
  11. @ රාජ් ...
    රාජ් දන්නේ නැති උනාට ඔය ගොඩාක් ඔෆිස් වල ඉන්න ඇන්ටිලා වැඩකරන පැය අටෙන් පැය හතක් විතර කරන්නේ ඔන්ලෛන්
    ( සීදේවී,නාරිලතා ) වගේ ඒව
    බල බල ඉන්න එක තමා. මම හිතන්නේ මේ ඇන්ටිත් ඒවා බලල ඉස්ට්‍රෙස් එක අඩුකරගන්න වෙන්න ඇති තරුණි බලන්න අත්තේ .

    ReplyDelete
  12. මාතලන්: හික්ස්...++++++
    නොකිව්වට මොකො මාත් ඒකට තමා......
    තරුණයා දුන්නොත් නොබල ඉඳී කස්ටිය :)

    ReplyDelete
  13. @Anno මම හිතන්නෙ Anno ගෙ කන්තොරුව කන්තොරුවක් වෙන්න බෑ මොකද කන්තොරුවල ඔවා කරන්න බෑ අඩු තරමින් මූනු පොතට වත් යන්න බෑ ගිණි තාප්ප ප්‍රොක්සි වගෙ දාලා බ්ලොක් කරලා තියෙන්නෙ රිංගලා යන උන් ඉන්නවා මෙ අපි වගෙ හික් හික්ස් එහෙම අයට නම් ඉතින් අර මාතලන් කියුවා වගෙ නිදි යහනේ නෑ සහනේ බලනවා හැර වෙන විකල්පයක් නෑ

    @ Sabith බලන් ගියාම ඔක්කොම බලනවනෙ

    ReplyDelete
  14. හෙක් හෙක් පස්ට කතාව ඊට පස්සේ මැඩම් හැමදාකම ඒ පත්තරේ ගෙනල්ලා කියෙවුවා කියලා ආරංචියි ..

    හැබැයි මම නම් ඔය ලයිට් යනවට මාර ආසයි මොකද කීවොත් එල අයිස් පාරක් ගැහුවැකි ..

    ReplyDelete
  15. හික් හික් මරු කතාව.. :)))

    ReplyDelete
  16. @ හිස් අහස එකත් හොඳට ගැලපෙනවා හපො මමනම් කැමති නෑ මොකද මම කලුවරෙ නිදාගන්නෙ නෑ

    ……@ වර්ණා මරු තමයි ඇන්ටිගෙන් ත‍ර්ජනත් ආවා අද

    ReplyDelete
  17. දැන්නම් තරුණයා පත්තරේ කොහොමද දන්නේ නැහැ
    ඒත් දැනට අවුරුදු 10කට, 15කට කලින් වගේනම් අර ඇන්ටිට එලෝ පොල් පේන්නත් ඉඩ තිබ්බා බැලුවට පස්සෙ.
    එහෙනම් එය හැමදාම ඒක බලන්නත් ඉඩ තිබ්බා.
    පස්සෙ පස්සෙ තරුණයා පත්තරේ ටික ටික හොඳ වෙන්න පටන් ගත්ත වගේ මතකයි තමා.

    ReplyDelete
  18. මම ඕ. ලෙවල් කරන කාලෙ පිටකෝට්ටෙ හංදියෙ අම්බලම ඉස්සරහ තියන පත්තර කඩෙං සොඳුර පත්තරයක් ගන්න ගියා උදේම . . . කඩේ පුරෝල සෙනග ඉන්න වෙලාවක් ඒක . . . පත්තර තට්‍ටුවෙ හිටපු අංකල්ගෙ කනට කරල ඉල්ලුවා සොඳුර පත්තරේ . . . මේ යකා කඩේ දෙක වෙන්න සද්දෙං කැශියර් එකේ හිටි ඇන්ටිට කිවුවෙ නැද්ද . . .

    "මේ දරුවට සොඳුරක් දෙන්න" කියල . . . .

    විලි ලැජ්ජා බරේ බැරුව ගියා කඩේ හිටපු සෙනග මයෙ දිහෑ බලද්දි . . .

    @මාතලන්:
    සිරි යහනේ නෑ සහනේ නේද . ???
    එතකොට මාතලං කැමති නැද්ද තරුනයා පත්තරේ 33 වාට්‍ටුවෙන් කතා ටිකට ??.

    ReplyDelete
    Replies
    1. ඔනයා මල්ලි ඔය කියන්නෙ.. අර අම්බලම ඉස්සරහ තියෙන _ _ _ගුල ගැන වෙන්න ඇති

      Delete
  19. අනේ අහිංසක පියන් :)
    පවු.
    එළ කතාව.

    ReplyDelete
  20. ආහ්... තරුණයා පත්තරේ සෝක්නේ. ඇන්ටි ඊට පස්සෙන්දම නිවාඩු දාන්න ඈති මං හිතන්නේ... පත්තරේ ඉවර වෙන්නම කියවන්න ඕනේ නිසා...

    ReplyDelete
  21. ඇන්ටි තරුණයා කියවන්න ඇති තරුණිට වඩා ආසාවෙන්...

    ReplyDelete
  22. අප්පට සිරි...ඇන්ටිට හිතෙන්න ඇති මෙච්චර දවසක් මං බැලුවෙ මොන ජරාවද, මේකෙනෙ නියම ජරාව කියලා..... ඇන්ටි ඊට පස්සෙ තරුණි පැත්තකින් තියලා පියන්ට බැණ බැණ හැමදාම තරුණයා පත්තරේ ගෙන්න ගත්ත.........................ලු....

    ReplyDelete
  23. තරුණි මොකෝ තරුණයා මොකෝ ......

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..