he

Monday, November 28, 2011

සමුගැනීම ....

ඉස්සර වාගෙ මගතොට දුටුවට
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට 

නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ

පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි 

සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට 

දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට 
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට 
පෙර පින් මදවී ලංවී ඉන්නට 
කාලය ඇවිදින් සමුගෙන යන්නට

මාගෙන් වෙන්වී යන්නට බලකර 

දෙගුරුන් ඔබහට දෙසනා විට දොස 
තෙත්වුන හද තුල මහමෙර සිරකර 
සමුගෙන යමු අප නාදුනනා ලෙස
… … 


 

මේ කව් කීපය ආදරයෙන් පරාජයවූ මගෙ මිතුරෙකු වෙනුවෙන් ලියවූවක්. අද ඔහු ගැන කිසිදු හොඩුවාවක් නැති අතර ඇයනම් දරු මල්ලන් සමග සතුටින් පවුල් ජීවිත ගතකරනවා. ළඟදී දිනයක අහම්බෙන් මුනගැසුනු ඇයව දුටු මට එදා ඇය වෙනුවෙන් ඔහුට ලියා දුන් මෙ කව් පද කීපය මට මතකයට නැගුනා..... (කාලය මීට වසර 15කට පෙර)

10 comments:

  1. පරාජය උන මිතුරෙකුගේ අද්දැකීමක්ද නැත්තම් පරාජය උන ලොකු ජෝන්ගේ අද්දැකීමක්ද ? සාධාරණ සැකයක් එනවා ඉතින්...මොනවා උනත් පද ටික නම් හරිම අපූරුයි... අපි හුඟාක් වෙලාවට තියන බලාපොරොත්තු කීයෙන් කීයද ඉෂ්ඨ වෙන්නේ...

    ReplyDelete
  2. හපෝ නෑ මම නම් ප්‍රතම ප්‍රෙමයෙ සිහිනය බොඳ නොවිච්ච එකෙක් ඒ හන්දා මෙක මගෙ අත්දැකීමක් හෙම නෙමෙයි . ඕන් කියුවා

    ReplyDelete
  3. ඒ කාලෙ ලොකු ජෝන් යාළුවන්ට ලව් ලෙටරුත් ලියල දුන්නද.... ඇයි ඉතින් පෙළක් ඈයො ඔය හොඳ ආලවට්ටං දාල ලියන්න පුළුවන් කට්ටියට කියල ඕව ලියව ගන්නවනෙ....

    ReplyDelete
  4. මං කවි කියවන්න නං සෑහෙන්න හොරයි, මේක නං කියෙව්ව

    ReplyDelete
  5. @ Miyuru හපෝ අනන්තවත් ලියලා ඇති මෙ කමෙන්ටුව දැක්කම මට තව කතන්දර ගොඩාරියක් මතක් උනා ඒවත් ඔය ඉඩ ලැබුන ගමන් පෙට්ටගමට පුරවන්න ඔනෙ

    @ Observer කොහොමහරි කියෙව්වනෙ ඒකට ස්තුතියි මොකද මම ලියන එවා කවුරුහරි කියවන එකත් ලොකු දෙයක්

    ReplyDelete
  6. හ්ම්ම් හරිම දුක හිතෙන කතාවක්. :((

    ReplyDelete
  7. හිතට දුකක් දැනුනා.. කවිය ඒ තරම් අපූරුවට ලියලා තිබුනා..

    ReplyDelete
  8. @ වර්ණා ඇත්තටම දුකයි ඒ දවස්වල ඒත් දැන් ...

    @ Dinesh ස්තුතිය් ඇගයීමට

    @ ඔබ නොදු‍ටු ලොවක්..... වෙන්න තිබුනා ඔය සිද්දියෙ කොල්ලා උන්නෙ මොරටුවෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..