he

Monday, November 21, 2011

මොන්ගොලියන් BBQ

 මේකතාව මට ඇහුන කතාවක්. මගෙ එකක් වගෙ කියුවට, මම ලුනු ඇඹුල් එහෙම දාලා ගත්තා. ඒ කෑමකට උනත් අඩු වැඩිවෙන්න ලුනු ඇඹුල් දැම්මම තමයි රසය වැඩි වෙන්නෙ. බොරුනම් "මාරයාගෙ හෝරාව" ලියන මාරයාගෙන් අහලා බලන්න. 
  මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.  

 න්න මේ කතාවට සම්බන්ද කතා නායිකාවො ආවෙ දැන් තමයි. හඳ එළිය වැටෙන හන්දා දවල් දාපු අව්කන්නඩිත් දාගෙනයි උන්නෙ. තුන්කාලෙ කලිසම් ඇඳගෙන බුරිය පෙන්න ඉතුරුකරලා උඩ වහගන්න උවමනා තැන් විතරක් වහගෙන නලව නලව තමයි බුෆෙ එකට ඇවිත් තියෙන්නෙ .
  දැන් බුෆෙ එක පටන් ගත්තා විතරය් . මෙ තුන්දෙනා වට පිට හොඳට බලලා තමන් දිහා කවුදැයි බලන් ඉන්නෙ කියලා. මොකද ගෑනු ළමයි කැමතිනෙ තමන් දිහා හොරෙන් හරි කවුරු හරි බලනවට. තුන්දෙනාම ගියා අර මස් මේස පැත්තට. අතෙ තියන පිගන් වලට ගමකට මදි නොවෙන්න මස් බෙදා ගෙන තව සලාද කොලයි ඔය තියන සෙරම එළවලු වර්ගයි බෙදාගෙන තුන් දෙනාම තරගෙට වගේ ආවා තම තමන්ගෙ අසුන්වලට . මෙ සිද්දිය බලන් උන්නලු වෙටර් කෙනෙක් . උන්නැහෙ හිමිහිට ළඟට ගිහින් ඔය ටික BBQ කරගන්න කියලා එක්කෙනෙකුට ලංවෙලා කියලා. තියන උද්දච්ච කමට කනකට අරන් නෑනෙ. වෙටර්ටත් පොඩි සද්දයක් දාලා. පොරත් ඉතින් මොනව කරන්නද කියලා පැත්තකට ගිහින් හිමිහිට බලන් ඉන්නවලු වෙන්නෙ මොකකද කියලා. 

 තුන් දෙනාම පොඩ්ඩ පොඩ්ඩ අමු මස් කනවා . අනෙ මොනවා උනත් මෙ මනුස්සයට දුක හිතිලා F&B Manager ට කියලා.  තම සෙවා දායකයව බෙරාගැනීම යුතුකම නිසා F&B Manageරුත් ඉක්මනට ඒ පැත්තට ගිහින් . අනෙ ඒ වෙනකොටත් අර තුන් දෙනා අමු මස් භාගයකට වඩා අමාරුවෙන් බඩට දාගෙන. මැනෙජරුත් හිමිහිට ලංවෙලා කන හැටි කියලා දීලා BBQ දාන තැනත් පෙන්නලා දීලා. ලැජ්ජාවෙන් නැගිට්ට තුන්දෙනා BBQ දාන තැන කෙසේ වෙතත් හෝටලේ පිටවීමෙ දොරටුව පැත්තට දුවගෙන යනවා මට කතාව කියපු කෙනා දැකලා තියනවා.

පසු සටහන : අපෙ මිනිස්සු නොදන්න දේ පොඩි මිනිහෙකුගෙන් ඉගෙනගන්න අකමැතියි. දන්නවා වගෙ ඉඳලා නිකන් අමාරුවෙ වැටෙනවා. සමහර පොඩි මිනිස්සුන්ගෙන් අපිට ඉගෙන ගන්න සෑහෙන්න දෙවල් තියන විත්තිය අපි දැනගන්න ඕනෙ.

29 comments:

  1. ඇති වටපිට හිටපු එවුන්, හරක් කියල උන් තුන් දෙනාව මරා ගෙන කෑවෙ නැතුව

    ReplyDelete
  2. හික්ස්!පඩත්තරකමට හොඳ පාඩම!

    ReplyDelete
  3. බුෆේ වලට පොශ් නංගිල මල්ලිල ඇවිල්ල ඇනගන්නව බලං ඉන්න ආසයි . . . .

    ReplyDelete
  4. ඕක මමත් ඇස් දෙකෙන්ම දැකලා තියෙන්වා. සම හරක් බෙදා ගෙන ගිහිල්ලා කන්න බැරි නිසා ඉතුරු කරනවා. ඒ නිසා දැන් BBQ දාන තැනම තමයි මස් තියන්නේ. අපේ එකෙක් දවසක් මාළුවෙක් දාගෙන ඇවිල්ල හෙන ගේමක් ඉල්ලුවා ඌ උයලා නෑ කියලා. ඌට ගානක් නෑ. හොඳට ගහල හිටිය නිසා..

    ReplyDelete
  5. මිනිස්සු නිහතමානී නොවුනම ඔහොම දේවල් වෙනව.අනිත් එක භේදයකින් තොරව ගරු කල යුතු දේට සහ ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕන.
    හැම මිනිහෙක්ගෙන්ම ගන්න පුළුවන් වැදගත් දෙයක් අංශු මාත්‍රයකින් හරි තියෙන්න පුළුවන්.
    අපිට ඉතින් එලියට ආ දවසේ ඉඳන් බෙරිහන් දෙන්නේ වැඩිහිටියන්ට ගරු කරපිය කියලනෙ.ඒකවත් කරන්නේ නෑනේ අඩුතරමේ.

    එත් හැම කෙනාම ගරු කිරීමට භාජනය වෙන්න ඕන තැන් තියනවා නේද?
    චූටි ළමයෙක්ට හරි ගරු කරන්න දෙයක් සිද්ද වෙන්න පුළුවන්.(බුදුන් රාහුල තෙරව ඇගයුවා,ආදර්ශයට ගන්න කිව්වා)
    පාරේ ඉන්න කැහැටු බලු නයිදෙගෙ හැසිරීමෙන් හරි දෙයක් තියෙන්න පුළුවන් මේ පිත්තල ජීවිතේට.
    පොල් කඩන මිනිහට දොස්තර කම කරන්න බෑනේ.නමුත් විලි ලැජ්ජාවේ සන්තෝසය කුණු බක්කියට දාල ගිරිය කඩාගෙන ගම පුරා ගිහින් ඒ වැඩේ කරන්න දොස්තරට බෑනේ.
    ඉංජිනේරු ලොක්කලත් ටයරේ මාරු කරන මජන් මාමට තවුසන්ඩ් දෙන්න ගියොත් ඒක පජාත කමක් වෙනවනේ.
    පොෂ් කම ඉහට උඩින් ගත්තම,සල්ලි ටිකක් ලැබුනම කොන්දොස්තරටයි තාත්තටයි දෙන්නටම කඩු කෑලි බස්සන යුගයක් මේක.
    එදා වේල අමාරුවෙන් ගොඩ දාපු අය කාලෙකට පස්සේ ලයිෆ් එක ගොඩ දාගෙන පොෂ් උනාම කලින් ලයිෆ් එක අමතක වෙනවනම් එයාල නිගා කරන්නේ මව් කිරිවලට.

    ReplyDelete
  6. අනේ අනිච්චං කියන්නෙ මේවට වෙන්න ඇති....

    ReplyDelete
  7. හොහ් හොහ්...... රෙදිත් බාගෙට නං කෑවෙත් අමු මස් නං සුවර් එකටම ගහේ මුල හරියෙ තුන්දෙනෙක් වෙන්ඩැ හැහ්..... !

    ReplyDelete
  8. ෆට්ටයි. මෙන්න ඔබාගෙ කටට මගෙන් මසුරන් තුනක්.

    ReplyDelete
  9. මොන්ගෝලියන් BBQ කන්න ආපු මොංගල් තුන් දෙනෙක්..

    ReplyDelete
  10. පන්ඩිත කමට හොඳ වැඩේ....!

    ReplyDelete
  11. mamath giya mongolian BBQ ekakata, api select karala dena eewa une bbq karala denawa...ela habaye...

    ReplyDelete
  12. පොෂ් කියන වචනයේම හීනමානයක් ගැබ්වෙලා තියෙනවා කියල මට හිතෙනවා.
    අපිට ලෝකෙට ගැලපෙන විදිහට ජීවත් වෙන්න පුලුවන්නම් ඒ මදෑ....
    අර මාරදුතිකාවෝ තුන්දෙනා ගැනනම් කියන්න දෙයක් නැහැ, සත්තු තුන් දෙනෙක් වෙන්න ඇති.

    ReplyDelete
  13. @ Observer තිබුන මස් එක්ක මෙ මස් පේන්න නැතිව ඇති

    …@ Sabith ඒ උනාට පවුනෙ

    …@ ඕනයා මමත් ආසම ඒ වගෙ ඒවා හොරෙන් බලාගෙන ඉන්න

    ReplyDelete
  14. @ මාතලන් අමු මාලුවා කෑමනම් මට මැවි මැවි පෙනව

    …@ HK_මාස්ටර් //එදා වේල අමාරුවෙන් ගොඩ දාපු අය කාලෙකට පස්සේ ලයිෆ් එක ගොඩ දාගෙන පොෂ් උනාම කලින් ලයිෆ් එක අමතක වෙනවනම් එයාල නිගා කරන්නේ මව් කිරිවලට. // අන්න හොඳ කතාවක් ඇහුවා

    ……@ දිල් මට ලියන්න අමතක වුනු කෑල්ලක්

    ReplyDelete
  15. @ නවම් ඔය තෙරිලා තියෙන්නෙ

    @ පැණි දොඩම් එක් කෙනාට එක ගානෙද ?

    @ Dinesh මටත් හිතුනා

    ReplyDelete
  16. @ ගෝල්ඩ් ෆිෂ් පණ්ඩිතයාට ඒදන්ඩෙ විතරක් නෙමෙයි BBQ කන්ඩත් බෑ

    @ ඔබ නොදු‍ටු ලොවක්..... මෙ කාලත් නෑ බඩගින්නෙ ඉන්නෙ

    @ ලොකු පුතා මම ඒ තුන්දෙනාව මෙ කතාවට ගත්තට අපි අවට මෙ වගෙ අය ඕන තරම් ඉන්නවා

    ReplyDelete
  17. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තු මිනිහට උනෙත් ඔය ටිකනෙ....මෙයාලත් වලිගෙ බේරගන්න වෙන්න ඇති අන්තිමේදි නොහිටම දුවන්න ඇත්තෙ....

    ReplyDelete
  18. හොඳ ම වැඩේ පොශ් රෙදි වලින් විළි වහගෙන කියලා හිතාගෙන උද්දච්ච කමින් නිරුවත ප්‍රදර්ශනය කරන හොට් & සෙක්සි නංගිලාට.....
    තමංගේ සංස්කෘතිය අමතක කරලා උවමනාවට වඩා යුරෝපියන් සොස්කෘතිය වැළඳ ගන්න යන කාට කාටත් මෙව්වා හොඳ පාඩම්!
    අනිවාරයෙන්ම මනුස්සයෙක් නම් නිහතමානි වෙන්ට ඕන....

    ReplyDelete
  19. මොන්ගෝලියන් බාබකියු!
    දෙතුන් දවසක් කාලා තියෙනවා. පට්ට!

    මොංගෝලියන් සොල්දාදුවෝ ඕවා මුලින්ම හැදුවේ පලිහ උඩ දාලා යටින් ගින්දර දාලාලු.

    ReplyDelete
  20. @ Miyuru වලිගෙ කෙසේ වෙතත් හොඳ හොටලෙකින් කෑවා කියන කියමනනම් ඉශ්ට උනා

    @ ගලයා ඔය පොෂ් කියන ගොඩක් රෙදි හරි තුනියි. එතකොට තමයි අර කියුව නිරුවත පෙන්නෙ

    @ කතන්දර Kathandara නැද්ද මොන්ගොලියන් සොල්දාදුවො ගැන කතන්දරයක් එහෙම

    ReplyDelete
  21. ඔය ඔක්කෝම වැරදියි. මොන්ගෝලියන් බාබේකිව් කියන්නේ බැටලුවා මරලා උගේ හම ඇතුලට කලු ගල්. මස් සහ ලේ දමා බින්දුවක්වත් පිට නොවෙන්න මහලා බාබේකිව් කරනවා. ඊට පස්සේ අර බැටලු හම කපලා ඇතුලේ තියෙන මස් ජූස් එකත් එක්ක බත් එක්ක කනවා. මාර රසයි. ලුනු විතරයි ඇඩ් කරන්නේ.

    ReplyDelete
  22. @ මාතලන් ඒ කතාව හොයලා බලන්න ඔනෙ කතාවක් .මගෙ මිත්‍රයෙක් ඉන්නවා ඩුබායිවල හොටලයක වැඩකරන්නෙ මම මිනිහගෙන් ඇහුවම මට 1 රෙසිපි එකක් එවුවා ඔන්න ඔනෙ නම් බලලා හදාගන්න Mongolian Beef la House of Hong

    ReplyDelete
  23. අපෝ ඊයා..මොන ජරා වැඩක් ද...
    මට නම් එපා....

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. අනේ අප්පේ පව නෙවෙන්නක්, හික් හික්. හික්මීමක් නැතුව ගියාම ඔහොම තමයි ඔන්.

    ReplyDelete
  26. ඉස්සරත් මේ වගේ අනික් මිනිස්සු කියන ඒවා අහන්නේ නැති ගෑණු කෙනෙක් හිටියලු "පොන්ත නෝනා" කියලා. එයා නිසාලු කියමනක් ආවේ "පොන්ත නෝනගේ වැඩ පොන්ත නෝනට ඕන විදිහට" කියලා :))

    ReplyDelete
  27. නියම වැඩේ. නවම් කිව්වා වගේ ගහේ මුල හරියේ කට්ටියක් මොකක් හරි මානයකින් පැනලා ආවද දන්නෙ නෑ නෙ. :D
    ඒ වගේ හසිත මල්ලියෙ, "කොන්ත නෝනා" නෙවේද? අර සේකරයන්ගේ කවියකත් තියෙන්නෙ "දොන්ත දොමිකිට කොන්ත නෝනා- නින්ද නැති මට හීන පේනා" කියලා.
    අත්තම්මගේ පෙට්ටගම මෙච්චර දවසක් මගේ ඇස නොගැටුණු එක නොවැ පුදුමේ?

    ReplyDelete
  28. @ලකී වික්‍රමසිංහ
    එහෙම වෙන්න ඇති. මටත් හරියටම මතක නැහැ. පරණ මිහිර පත්තරේකින් තමා කතාව කියෙව්වේ. ස්තුතියි නිවැරදි කිරීමට

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..