පානදුරයෙ සිට කොළඹට පාසැල් යන කුඩා සිසුන් එකල විරලය. 5 ශ්‍රෙණිය සමත්ව කොළඹ පාසැලකට යනවා විනා පානදුර වැනි කොළඹින් සැතපුම් 17ක දුරක සිට සිසුන් ඇතුලත්කර ගැනීම, ඇතුලත් කර ගැනීමෙ ක්‍රමවෙදයට කොහෙත්ම ළං කල නොහැකි සුදුසු කමකි. අපෙ අම්මාගෙ මහගෙදර පුංචි බොරැල්ලෙ පිහිටා තිබීම නිසා ඉහත සුදුසුකම සපුරා ගැනීමට අපට හැකිවිය. උදෑසන 7.15ට අවදිඋනත් 7.30ට පෙර පාසැලට යාමට හැකියාවක් එහි වෙසෙනවිට අප සතුවිය.
නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. මෙය අප මහගෙදරට පමනක් පොදු වූවක් නොව අප මහගෙදර අවට සෑම නිවසකම පොදු සත්‍යයකි. පාසැලට ඇතුලත් කරගත්තාට පසු නැවත අපෙ සුපුරුදු නිවසේ සිට පාසැල් යාමට සිදුවේ. පානදුරයෙ සිට පාසැල් යාමට අප තෝරාගත්තෙ පාසැල් බස් රථයයි.
දැන් කාලෙ දක්නට නොලැබෙන බාගේ ලේලන්ඩ් වර්ගයේ CTB බස් එකක් එකල පාසැල් සේවයට පානදුරේ සිට නාලන්දාව දක්වා යොදවා තිබුනි. බසයේ හරි මැදින් කුඩා ප්‍රමානයේ දොරක් ඇති අතර බසයට නැගීම සහ බැසීම සිදුකරන්නෙ එම එකම දොරෙනි. ඉහත පින්තූරයෙ තිබෙන්නෙ එවැනි බස් රථයකි. පිටුපස ඇති හදිසි දොරටුව විවෘත කරගන්නා ලොකු අයියලා පාසැලට යනතෙක් ගීත ගායනා කරයි
පැළඳ කටුගස්තාන
මගම ඩක්කුව ගේන
අපේ කොන්දොස්තර මැතිදා වීරයා .....
හූ හූ
අපේ කොන්දොස්තර මැතිදා ගොරකයා...
ලෝක පූජිත වූයේ
කොන්දෝ පරම්පරාවෙ
ලෝක පූජිත වූයේ
කොන්දෝ පරම්පරාවෙ
කොන්දෝ පරම්පරාවෙ
ලෝක පූජිත වූයේ
කොන්දෝ පරම්පරාවෙ
සිංහ සෙයියාවෙන් මැශින් එකෙන් ටිකට් කඩන්නෙ
ඉතිරි සල්ලි නොදෙන්නේ
ඔය බස් එකේ යන හැමෝම ජාතික ගීයකියන්නාසේ කියන ගීතයක්.
ඒ කාලෙ අපෙ බස් එකේ රියදුරු වැඩේයි කොන්දොස්තර වැඩේයි කලේ ජයසිරි අය්යා සහ සැම්සන් අයියා. සැම්පා කියලා අපි ආදරේට කියන්නේ. පස්සේ කාලෙක පොර ටික්කෙක් හැටියට උසස්වීමක් ලබලා විශ්‍රාම ගියා. ජයසිරි අය්යා නම් අපේ පාසැල් බස් රියම ඉස්සරහින් ආව බස් එකක වද්දවලා රස්සාවෙන් දොට්ට දැම්මා. දැන් ජයසිරි අයියා මාර්ග අංක 183 නුගෙගොඩ පානදුර බස් එකක් පදවනවා. හවසට බාර් එක ළඟ වැටෙන්න ගහලා ඉන්නවා නම් නිතරම දකින්න ලැබෙනවා.
අපේ පාසැල් බස් රථයෙන් ගුරුවරියන් තිදෙනෙකුම පාසලට ගියේය. ඒ තිදෙනා සිටියත් නැතත් බස් එකෙ අයියලා කිසිදවසක කුණුහරුප ගීත ගායනා කලේ නැත.ඒ කාලේ හැටියට අයියලා කල ලොකුම නොහොඹිනා කටයුත්තනම් "පොදු පාසැල් පුරහල" නම් බාලිකා පාසැල් බස් රථයට උසුලු විසුලු කිරීමය.
උසස් පෙල සිසුන් පමනක් පාපුවරුවේ එල්ලී යයි. ජේශ්ඨයා සැමවිටම පහලම පඩියෙ යයි.සමහර විටක පොලිස් නිළධාරින් දෙහිවල වැල්ලවත්ත අතර මගදී වේවැල් වලින් පාපුවරුවෙ යනවුන්ට පහර දෙයි. එවිට දින කීපයකට පාපුවරුව නිදහස් වෙයි.
මතු සම්බන්දයි ....(මට නිදි මතයි තව ලියන්න ඇතත් දැන් ලිවීමට නොහැක )
මතු සම්බන්ද ලිපියට මෙතනින් යන්න (යාවත්කාලීන දිනය 14-06-2012)
පින්තූරය උපුටා ගැනීම "SLTB buses - ශ්‍රී ලංගම බස්"
නිදි මත ඔය මොකකට හරි දාලා ලියහන් යකෝ...
ReplyDeleteනිදිමත කොහාටවත් දාලා බෑ බං ඌ හොඳම යාලුවා.
Deleteලියනවා ලියනවා හෙට
මේ මොන නිදිමතයෙක්ද ? ඔෆිස් එකෙත් නිදාගන්නව කියන විදියට මුළු රෑම ඇහැරලා බ්ලොග් ලියන්න බැරියෑ :D
Deleteකෑල්ලක් වත් නැති අපෙ ඔෆිස් එකේ නිදාගන්නවා හැර වෙන කුමක් කරම්ද
Deleteටිකක් දිගට ලිව්වනං මොකද.. ආසාවෙන් කියෙව්වා
ReplyDeleteඅදට සමාවෙන්න ඕනේ හෙට පොස්ට් එකත් බලලම ඉන්න
Deleteමොන නිදි මතයෙක්ද මේ !!
ReplyDeleteනින්ද කියන්නෙ කොච්චර සම්පතක්ද. හික් හික් තරහ නැතුව හෙටත් එන්න හොඳේ
Deleteලංගම පාසල් බස්.... නියම මාතෘකාව
ReplyDeleteඅපෙත් සුන්දර මතක ගොඩක් ඒකේ රැඳිලා තියෙනව. ඒක නිසාමයි තාමත් ලංගම බස් එකක් එනවා නම් ඒ බස් එකේ යන්න හිත කියන්නේ
අන්න මම වගෙම හිතනවා ඒ කියන්නෙ ඒ ඇම්ම තියන තව අය ඉන්නවා
Delete//නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. //
ReplyDeleteහපොයි 53 ක් ?? ඕවා චෙක් වෙන්නෙ නැද්ද?
දැන් මම හිතන්නෙ චෙක් වෙනවා එකම පලාතෙ දෙතැනක ලියාපදිංචි වෙන්න බෑ. ඒකනෙ මෙ දවස්වල ළමයි ඉස්කෝලෙ දාගන්න දුක් විඳින්නෙ. අපෙ ගෙදරට ඉස්කෝල නෑ
Deleteචැහ් .... මෙහෙම මගින් නවත්ත නවත්ත කතන්දර කියනවද අෆ්ෆා. ඕක දිගටම ලියන්න තිබුණෙ.
ReplyDeleteහපෝ නෑ හෙටත් එන්නකො මෙ කතාව විතරයි ඔහොම ලියන්නෙ
Deleteඊලග එක 100 නේද?
ReplyDeleteජය වේවා සහෝ!
ස්ස් ඕවා සද්ද කරලා කරන වැඩ නෙමෙයි
Deleteමොකක්ද.? මචං කොච්චර ආසාවෙන්ද කියවගෙන ආවෙ.....!!! :)
ReplyDeleteඅදට සමාවෙලා හෙටත් එන්න
Deleteඅර සිංදුව නම් පට්ට...අපිටත් නිදිමතයි මදැ කෙටුවා
ReplyDeleteඕකේ තව ටිකක් තියනව ඒටික මතක නෑ
Deleteඑක්දාස් අටසිය ගනංවල මාත් ගියේ ඔය ඉස්කෝලෙටමනෙ ලොකු ජෝන්. ඉතිරි ටික ඉක්මනට කොටලා දාපියෝ..
ReplyDeletehenryblogwalker the Dude
මරුනෙ එහෙනම් මේ සමහර කතාවල කතානායකයො අදුනනවත් ඇති
Deleteඇහැරුනාම ඉතුරු ටික දාන්නකො එහෙනම්
ReplyDeleteඇහැරුනාම ආයෙම නිදියන්නමයි හිත හෙටත් එන්න හෙට දානවා
DeleteNidimatha amThaka karala ikmanata liyamukooo
ReplyDeleteඅමතක කරන්නෙ කොහොමෙයි බැ බැ එකනම් කොහොමත් බෑ හැබැයි හෙට ඉතිරි ටික ලියනවා හෙට ම ඇවිත් බලන්න
Deleteඅයියෝ කතා රසය ? මගදී නතර කොරලා නේ ...
ReplyDeleteනෑ නෑ හෙට ඇවිත් බලන්නකෝ
Deleteඔය මාටියා ගහන කතාව කියද්දි මැතින්දා මොනවත් කියන්නෙ නැද්ද?
ReplyDeleteසින්දුවට කියුවට සැම්පා කවදාවත් මාටියා ගහන කෙනෙක් නෙමෙයි. ඒකනෙ උසස්වීමක් ලැබුනෙ ටික්කෙක් විදියට
Deleteඕකනේ බැරි ඉතින් කටපුරා හදාගන කියවගන එනකොට මතුසම්බන්දයි :/
ReplyDeleteහෙටම ඇවිත් බලන්නකො
Deleteවිනාඩි පහලොවට ඇද ගන්න පුලුවන්දැ..ගෙවල් ලඟ උනත්..
ReplyDeleteඅපෝ කතාව පටන්ගන්න කලින් ඉවරනේ අප්පා..
වැටෙන් පනින්නෙ ඉස්කෝලෙට තව මොන කතාද. හෙට හෙට
Deleteමොකද්ද බං... මදැයි ලොකු ජෝන් වුනු හැටි බලන්න ආවා...!
ReplyDeleteතරහ නැතුව හෙටත් එන්න
Deleteබොලේ මෙහෙමත් නවත්තන සිරිතක් තියෙනවයි ලොකු අයියේ? එහෙනම් ඒක 100න්ම කියමුකෝ නේ... :)
ReplyDeleteස්ස්ස්
Deleteමටත් නිදිමතයි කමෙන්ට් දාන්නේ ඉතිරය බලලාය.
ReplyDeleteමරු කතාව හා නැවතීම...
ReplyDeleteපානදුරේ ඉඳලා ඉස්කොලෙ ගියෙන් පාන්දර නිදි කිරාවැටි වැටි නේද? ඒකයි මේ නිදිමත.
ReplyDeleteඅපොයි ඒක නවත්තලනෙ....
ReplyDeleteනියමයි නියමයි..
උඹ මහා නරකයි බං..
ReplyDeleteඋඹේ නිදි මතයි බඩගින්නයි කක්කා බරයි මට වැඩක් නැ, මම ආයෙත් මේ පැත්තේ එන් නැ
ReplyDeleteඉතුරු ටිකත් ලියව !!!!
ReplyDelete//නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. //
ReplyDeleteදැන් නම් ඒ සීන් බෑ මම හිතන්නේ කොලුවෝ . . හෙ හෙ හේ
Elakiri aaaaaaaaaaaaa
ReplyDeleteආ ජෝන් එතකොට අපේ ඉකෝලෙ ආදි සිසුවෙක් නෙවැ. පනදුර බස් එක තාමත් යනව මං දන්න විදිහට. කඩවත් බස් එකත් පහු ගිය කාලෙ හරි ප්‍රසිද්ධයි. දෙං නම් තියෙනවද දන්නෙත් නෑ.
ReplyDelete