මේ පෝස්ටුව ලියන්න හිතුනේ සරත් ලංකාප්‍රියගේ මිතුරු තුමෝ- 2 කියන ලිපියට පිලිතුරක් ලියමින් සිටින විටය. මේ සිදුවීම සිදුවුයේ අනූව දශකයේ අග බාගයේදීය. ඒ මම රැකියාවට අමතරව පෞද්ගලික පරිගනක එකලස් කරන්නෙකු ලෙසින් කටයුතු කල සමයයි. ඒ කාලයේ අදමෙන් නොව මාසෙටම එක පරිඝනකයක් එකලස් කරගත්විට සෑහේය. කෙලින්ම දෘඩාංග ගෙන්වා එකලස් කරනවානම් පරිඝනකයකින් රුපියල් 10000-15000 අතර මුදලක් ලාබය වශයෙන් තබා ගත හැකිය. තරඟ කාරී සමාජය මේ සියල්ල වෙනස් කර ඇත. එදා වසර 5කට වඩා කල් පාවිච්චිකල පරිඝනක අද වසරක් වැඩකර ගන්නෙත් බොහොම අමාරුවෙනි.
පුංචි කාලේ දහම් පාසැල් ගිය මගේ එක මිත්‍රයෙක් උන්නා. මිනිහට අපි කියන්නෙ ජයේ කියලා.ජයේ හොඳ සල්ලි තියන පවුලක එකම පුතා. එයාට තව අක්කලා දෙන්නෙක් උන්නා. ඒගොල්ලන්ගෙන් මේ කතාවට වැඩක් නැති හන්දා ඒ ගොල්ලන්ගෙ විස්තර ඕනෙ නැ.
එතකොටත් ජයේ කසාද බැඳලා උන්නෙ මගේ සමකාලීන මිතුරෙක්. කසාද බැඳලා තිබුනෙ ඉස්කෝලෙන් එලියට එනකොටම මගුල් විසේ ඔලුවට ගහපු නිසා. ඒ මගුලට ජයේ ගේ ගෙදරින් කැමත්තක් තිබුනෙ නෑ. ඔය හේතුව නිසාම ජයේව ගෙදරින් අයින් කරලා තිබුනේ. ඒත් මිනිහට සල්ලි තිබුනා . එක එක ව්‍යාපාරික වැඩවලට යොදවලා හුඟක් සල්ලි නැතිකරගෙනත් තිබුනා. අන්තිමේ නැත්තටම නැතිවෙන්න ගියා. ඒත් ජයේගේ අම්මා තාත්තට හොරෙන් ජයේට සල්ලිවගයක් එවලා තිබුනා.
ඒ සල්ලිවලින් පරිඝනක ක්‍රීඩා නැත්නම් Computer Game Center එකක් දාන්න මිනිහා සැලසුම් හදාගෙන උන්නා. මට ඔය කාලෙදි මිනිහා කතාකලා එයත් එක්ක සම්බන්ද වෙලා පරිඝනක ක්‍රීඩා ආයතනයක් පවත්වාගෙන යන්න.
ඔය කාලෙදි මම මගේ කියලා වීඩියෝ සෙන්ටර් එකකුත් කරගෙන ගියා, ඒ සම්බන්ද සුලු හැන්දින්වීමක් මම මීට පෙර ට්‍රිබල් X සීඩී එකක් ලිපියෙන් ගෙන හැර පෑවා තව විස්තරයක් තියනවා ඒක පසුවට ඉදිරිපත් කරන්නම්.
යාලුවොත් එක්ක හවුල් වෙළදාමට මගේ මනාපයක් තිබුනෙ නෑ. අනික් කාරනය ජයේ ගැන සමාජයේ තිබුන ආකල්පය එතරම් හොඳ එකක් නෙමෙයි. පාඩුවේ මම කරගෙන යන ව්‍යාපාරයට නිරපරාදේ නරක නාමයක් ගාවගන්න මගේ උවමනාවක් තිබුනෙත් නැති හන්දා මම කෙලින්ම ජයේට බෑ කියුවා.
ඒත් යාලුකම තියාගන්න උවමනා නිසා එයාට එයාගෙ ව්‍යාපාරය පටන්ගන්න අවශ්‍ය පරිඝනක ජාලයයි පරිඝනක එකලස් කෙරිල්ලයි මම කරලා දෙන්න පොරොන්දු උනා. හැබැයි අවශ්‍ය කලමනා එයාට ගෙනත් දෙන්න කියුවා.
ඒ කාලේ හැටියට පරිඝනක 6ක් සර්වර් එකක් එක්ක පරිඝනක ජාලයකට අනුයුක්ත කරන වැඩේ ලොකු වියදමක් යන වැඩක්. ඒත් ඌ අන්තිම අඩියටම වැටිලා උන්න නිසා මම ඒ වැඩ නොමිලේම කරලා දුන්නා.
ජයේට පරිඝනක ගැන අවබෝදයක් තිබුනෙ නැ ඒහන්දා මිනිහා කියුවා මම බඩු ගන්න තැනින් අරන් දෙන්න කියලා. පස්සෙ මම මගේ තව පරිඝනක ගෙන්වන මිත්‍රයෙකු ළඟට ජයේව එක්කගෙන ගියා.
මම කලිනුත් කියුවනෙ ඒකාලෙ එක පරිඝනකයක් එකලස් කිරීමෙන් ගන්න පුලුවන් ලාබය. ජයේ එදා පරිගනක 5කට බඩු මිලදී ගත්තා තව පරිඝනක ජාලයට අවශ්‍ය ජැක් එකේ හිටන් Switch එක දක්වා සියලුම බඩු ගත්තා.
මට තිබුනා පරිඝනක ගෙන්වන යාලුවට කියලා මගේ කොටස තියාගන්න. ඒත් මම කියුවා එහෙම නොතියා ජයේට බඩු දෙන්න කියලා. මම යාලුවෙකු වෙනුවෙන් ලොකු ලාබයක් එදා නැතිකරගත්තා.
කොහොමහරි සතියක් ඇතුලත ජයගේ Game Shop එක පටන්ගත්තා. ජයේ මට සෑහෙන්න ස්තුති කලා.
ඔහොම මාසයක් විතර ගියා. මම පරිඝනක වගයක බඩුගන්න මගේ පරිඝනක ගෙන්වන යාලුවා මුනගැහෙන්න ගියා. පරිඝනක යාලුවා මට කියුවා එයාගෙ Accountant හමුවෙන්න කියලා.
මම ටිකක් බයත් උනා මොකද ජයේ පොලු තියන්නත් දක්ශයි. Accountant මට දුන්නා රුපියල් 56000ක commission චෙක් එකක්.
මම මගෙ පරිඝනක යාලුවගෙන් ඇහුවා
"ඇයි මට එදා deal එකට commission එකක් තිබ්බෙ මම තියන්න එපා කියුවනෙ" කියලා.
"නෑ නෑ මේ එදා ගත්තු ඒවට නෙමෙයි."
"එහෙනම්? "මම ඇහුවා
"උබේ යාලුවනම් මරු යාලුවෙක්. සතියකට විතර පස්සේ මූ ආයෙත් මාව හොයාගෙන ආවා තව ලක්ස තුනක් වියදම් කරලා ලැප් ටොප් 2ක් ගත්තා උඹත් එක්ක ආවෙ නැත්තෙ උඹට ගානක් යන හින්දා කියුවා."
මට පොළව පලාගෙන යන්න හිතුනා
"උඹ ගැන දුක හිතිලා මම ඌ ගත්ත ලැප් ටොප් වලට ඔන්න ඔය Commission එක තිබ්බා"
ව්‍යාපාරික අරමුනින් ඇසුරු කරන පරිඝනක මිතුරාත් පුංචිකාලෙ ඉදන් එකට හිටපු මිතුරාත් අතර වෙනස මට දැනුනෙ එදා.
අපොයි ඔහොම උනුත් ඉන්නවා..බිස්නස් , සල්ලි ඉස්සරහදි යාළුවන්ට කෙලින..මන් නම් යාළුවො එක්ක බිස්නස් නම් නෑ !
ReplyDeleteමමත් බිස්නස් නෑ. ඒකනේ කෙල උනේ
Deleteඔන්න ඔය ජාතියේ මිත්‍රයෙක් මටත් හිටියා.. ඌ ගැන කියලා මගෙ හිත මොකටද සවුත්තු කර ගන්නේ ? උන්ව කසල ගොඩට දලා අත් සෝදගෙන ඉන්න එකයි මං නම් කරන්නේ..
ReplyDeleteඒකටත් යකාගෙ හැටි අදුනගෙන ඉන්න එපැයි යකාගෙ හැටි අදුනගත්තම යකාව හලනවා
Deleteමම උඹට එක්ස්පීරීයන්ස් එකෙන් එක ද්ජෙයක් කියන්නම්. උඹට කීයක් හරි ගන්න තියෙන තැනකින නෑ කමට හිතවත් කමට ඒක නොගෙන ඉන්න එපා. පුළුවන්නම් දෙපැත්තෙන්ම ගනින්. උඹට නැති උන දවසකට එකෙක්වත් නෑ.. එහෙම නොගන්න එකා මෝඩයෙක්..
ReplyDeleteඅද හැම දේටම මිලක් තියෙනවා.. මම උඹගේ ව්‍යාපාරික යාළුවට වච්නයක් කියන්නෙ නෑ.. නමුත් අනිත් යාළුවනම් ව්‍යාපාරිකයෙක් උනත් මනුස්සයෙක්.. ඌ උඹට කොමිෂන් එකත් එක්ක ලොකු පාඩමකුත් කියලා දීලා තියෙනවා.
මෙතන මූගෙන් බිස්නස් එකට වැඩේ කෙරුවනම් ඌ මගෙන් ගත්ත ගාන වගෙ දහගුනයක් වැඩ ගන්න බලනවා ඒකයි නොමිලෙ කලේ යාලුකම ඉස්සරහට දාලා.
Deleteමේ වගේ යාලුවන් ඉන්නව තමා අපි එයාලට අනුකම්පාවෙන් අතිනුත් පාඩු කරගෙන උදව් කරන්න යනවා . අන්තිමට අපේ අනුකම්පාවෙන් එයාල ප්රයෝන්ජන අර ගන්නවා නොසිතන විදියට . අන්තිමට ඉතුරු වෙන්නෙ කලකිරීමක් මේ වගේ අය ගැන .
ReplyDeleteකොහොම උනත් අර යාලුවනම් සැබෑම මිතුරෙක් .
හපෝ අනුකම්පව භූමිකම්පාවක් වෙනවා
Deleteඅප්පේ මුන් යාලුවෝ නෙවෙයි! මාළුවෝ!!!
ReplyDeleteමාලුවො කියන්නත් බෑ මුන්ට
Deleteබිස්නස් කරද්දී අම්ම අප්පවත් විස්වාස කරන්න හොඳ නැහැලුනේ..!
ReplyDeleteඕකට වෙන්ටැ Modern Trade කියන්නෙ
Deleteපට්ට යාළුවෙක්නේ,
ReplyDeleteතමන් හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ ඒකනේ
ඒකතාව ඇත්ත
Deleteසල්ලි සහ මිතුරන් කලවං නොකර ගත යුතු !
ReplyDeleteඒකනේ මම නොමිලේ කලේ
Delete++
Deleteසැමා ඔතනට ........
Deleteසල්ලි,මිතුරන් හා නැදෑයින්......යනුවෙන් වියයුතුය.
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකට වෙන්න ඇති සහෝදරයා....
ReplyDeleteඒකනම් මසුරං කතාව
Deleteයාලුවො ගැන නම් කථා නොකරන තරමට හොදයි... මම දැන් ඉතිරි කරගෙන ඉන්නෙ අතේ ඇගිලි ගානට බොක්ක හොදටම හොද යාලුවො ටිකක් විතරයි...
ReplyDeleteමම නම් යාලුවො ආශ්‍රය සීමාකරලා යාලුවො ආශ්‍රයකරන වෙලාවේ බ්ලොග ලියන එක සැපයි
Deleteසුපිරිම පාඩමක් බං! එහෙම බැලුවම බිස්නස් කාරය කොච්චර හොඳද. හිත හොඳ එකාට හැමදාම කෙලවෙනව.
ReplyDeleteඌ බිස්නස් එකට හරි යාලුකම රැකගත්තා
Deleteකවුද හිතන්නේ යාළුවා එහෙම දෙයක් කරයි කියල. ඒ වගේ එවුන් අත්හැරලම දාන එක තමයි තියන්නේ. බලන්නකෝ මුලින් කරපු උදව් ගැන වත් මතකයක් ඌට තිබිල නෑනේ. මාත් මට තියන අත්දැකීම් අනුව ළඟම යාළුවො කීප දෙනෙක්ට ඇරෙන්න අනිත් එවුන්ට නම් පාඩු විඳගෙන උදව් කරන යන්නේ නෑ.
ReplyDeleteඕවට තමයි කියන්නේ "කන්න දුන්නු අත හපා කනවා" කියල.
අර අනිත් යාළුවා නම් රත්තරන් මනුස්සයෙක්..
අත්දැකීමෙන් යාලුවො සීමාකරගන්න එක වටිනවා
Deleteයුනිට් ප්ලාසා හිදී මටත් මේ සිදුවීම මේ ආකාරයටම සිදුවී ඇත.. !
ReplyDeleteකොම්පියුටර් නම් ඉතින් යුනිටිනේ ඒත් මගේ පරිඝගක උපාංග ගෙන්වන කෙනා නම් එතන නෙමෙයි
Deleteහම්මපා ජෝන් අයියේ. අරුත් එක්ක ඊට පස්සෙත් ඔයා කතාවට ගියාද? ඔයවගේ උන්ට මම නම් කියන්නේ කැ.. යෝ කියලා ශික්: එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකයි
ReplyDeleteනැතුව ඊට පස්සේ තමයි ඌත් එක්ක හොඳටම ඉන්න පුලුවන් උනේ මොකද බොක්කෙ හැඩරුව සේරම මම දැනගත්තනේ
Deleteබලන් යද්දි පොඩි කාලේ යාළුවට වැඩිය අර බඩු ගන්න තැන යාළුවා හොදයි.. ඇත්තට ඔහොම මිනිස්සුත් ඉන්නවා..
ReplyDeleteඔවු ඇත්තටම ඌ මට තියලා තිබුනේ දෙන්න පුලුවන් උපරිම Commission එක
Deleteතාත්තට අරං දීපු වාහනේකට පුතා කොමිස් එකක් තිබ්බ සීන් ඒකක් මම අහලා තියෙනවා.ලෝකෙ හැටි ඔහොම තමයි.කාටවත් යාලුකමට කියලා හොඳ කරන්ඩ යන්ඩ එපා.මනුස්සකමට කරන දෙයක් කරලා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්ඩ.එතකොට හිතට සතුටුයි.
ReplyDeleteහපෝ එහෙම එව්වො ඕනතරම් මටත් ඔය වගේ දෙයක් උනා ඒකත් පොස්ට් එකක් විදියට ළඟදිම දාන්නම්කො
Deleteකොහොමත් මම ඒ සිදුවීම ගැන දුක්වෙන්නෙ නෑ එකක් මට යාලුවෙකුගෙ හැටි දැනගන්න ලැබුනා අනික Commision එකකුත් ලබුනනේ
Deleteඅපි කොච්චර උදව් කරත් සමහර යාළුවෝ අපිට කපටි වැඩ කරනවා අයියා.ඒක මේ ලෝකේ හැටි.
ReplyDeleteඒක ඇත්ත මලයො
Deleteඅනේ මන්ද යාලුවොනම් මට දැන් එපාම වෙලා තියෙන්නේ..
ReplyDeleteඒ උනාට යාලුවො නමට හරි ඉන්න ඕන
Deleteඔය ජාතියෙ යාළුවො ඉන්නව තමයි....
ReplyDeleteවැඩි හරියක්
Deleteපට්ටම පට්ටයි
ReplyDeleteකවුද ජයේද ?
Deleteමටත් අනන්ත වෙලා තියෙනව බං...!
ReplyDeleteයාලුවන්ගෙන් විතරක් නොවේ , නෑදෑයන්ගෙනුත්..!
මම උදවු කරන්න කැමති නාදුනන අයට පමනයි. නෑයොයි යාලුවොයි උදව් කරලා වැරදුනෝතින් බැන්නම හිතට අමාරුයි. ඒත් නාදුනන කෙනෙක් එහෙම කලොත් කම්පාවෙන්න දෙයක් නෑනේ
Deleteනොදෝමකිං බං උඹට ඉන්න යාලුවො. ඒ කියන්නෙ ඌ හිතුවෙ ඉස්සෙල්ල පාරත් උඹ කමිෂන් එකක් ගත්තා කියලා. ඕකුන්ටමනෙ බං හරියන්නෙත්!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එහෙම හිතන හන්දා තමයි ඌව එක්කන් ගිහින් ඌටම බඩු ගන්න කියලා දුන්නෙ. උන් හිතුවට උන්ට හරියනවා කියලා එහෙම වෙන්නෙ නෑ ඌ ආයෙම වලට වැටුනා අන්තිමට යාලුවොත් නැතිකරගත්ත නිසා කවුරුවත් උදව්වට නෑ
Deleteමේ කතාවේ මගේ ජීවිතේටත් ලොකු පාඩමක් තියෙනවා. මාත් යාලුවො මිත්‍රයො කියන ජාතියට උදවු කරන්නේ සමහරවිට අතිනුත් කයිට් වෙලා. අනික කවදාවත් මං අඳුරන යාලුවෙක් ගෙන් සල්ලි ගන්න මට හිත දෙන්නේ නෑ! !අද වෙනකං මට ඔය කියන ජාතියේ යාලුවො නම් හම්බ වෙලා නෑ! ඉස්සරහට නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.බිස්නස් වලදි යාලුකම් නෑදෑකම් නෑ කියලා මිනිස්සු කියන්නේ නිකං නෙවෙයි කියලා හිතෙනවා
ReplyDeleteඇත්ත බිස්නස් වලදි යාලු කම් නෑදෑකම් නෑ තමයි මොකද බිස්නස් එකේ පැවැත්මකුත් තියෙන්න ඕනනේ.
Deleteකොච්චර හොඳ කළත් සමහර අය වපර ඇහැ දානවා බං. ලෝක ස්වාභාවය ඕක තමා
ReplyDeleteයාලුවෝ කියල කියන්න බෑ. ඒත් අපිට සමාජේ වැඩිහරියක් හම්බ වෙන්නෙ මේ වගේ යාලුවෝ තමයි.
ReplyDeleteඉතිං බලහන්. අපි බොක්කෙන් කරන වුන් අපි ගැන හිතන්නේ ඒ විදියට. මටත් කිහිපයක් වෙලා තියෙනවා.
ReplyDeleteමං කොච්චර කෙලවාගන තියනවද බං එක එකාට දෙන්ඩ ගිහිල්ලා , අන්තිමට කුණු නාමේ විතරයි.
ReplyDeleteලගදීම උනේ මෙන්න මේ සිද්ධීය මාසයක් විතර ඇති ,
අහල පහල හු--යෙට්ට මහනක මැෂීන් මෝටරයක් ගෙනත් දෙන්ඩ කියුවා
මම කියුවා හොදම එක
4200 වොරන්ටි මාස6යි
1800 වොරන්ටි මාස3යි
1300 දවසකින් දෙකකින් මොනවාහරි උනොත් මාරු කරනවා
990 වොරන්ටි නැත
නංගි ඔය මට ගන්ඩ පුළුවන් ගාන අහවල් තැන්වල තියනවා ඔයා ගිහිල්ලා ගන්ඩ , මම බඩු ගෙනත් දෙන එව්වා කරන් නැ අන්තිමට මට තමා පරිප්පු කන්ඩ වෙන්නේ කියලා
අනේ අයියේ මම කරදර කරන් නැ , 990 එකක් මට ගෙනත් දෙන්න කියලා කියුවා
ගෙනත් දීලා සති දෙකක් විතර ඒ ගෑණිගේ පුක පස්සේ ගියා සල්ලි ගන්ඩ
මෙන්න දවසක් අදේ පාන්දර එනවා මෝටරය පිච්චුනා කියාගන .
මම කියුවා මම ඔයාට කියුවනේ ඕකට ගැරන්ටි නැ කියලා
මළ ඇණයක් වෙලා ඒ බැල්ලි හැම දාම ගෙදර එන්ඩ ගත්තා
දවසක් අදේ පාන්දර ආයෙත් ඇවිත්
අම්මට හු ...යන්න කියාගන මම නැගිටින කොට අපේ අටම්පහුරි මාව අල්ලගෙන කියුවා ඔහොම ඉන්ඩ අනේ මම කතා කරලා එන්නං කියලා
ඒ ගෑණිත් එක්ක කුටු කුටු ගගා ඉදලා ඇවිත් මට කියනවා
අනේ ලොකු දානයක් දුන්නා කියලා හිතාගන අද ඔයා ගෙදර එනකොට මෝටරයක් ගෙනත් එයාට දෙන්න කියලා.
අනේ ජෝනෝ මගේ දවස් එකයි කාලක පඩීය දීලා ගෙනත් දුන්නා තැන්කියුවත් නොකියා ඒ වේ- බැල්ලි අරගන ගියා.
"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
හෆොයි මෙහෙමත් යාළුවෝ...
ReplyDeleteසිනා සිසී කීවත් පැණි පෙරෙන කර්ගා, මිනිහා තමා අදහා ගත නොහැකි සතා
ReplyDeleteහප්පා!!!
ReplyDelete