
සිරා දකුනු පලාතෙ කෙනෙක්නේ මෙ කතාවත් ඒ ගම් පලාතෙම කෙනෙකුගෙ ගෙදරදි සිදුවුන කතාවක්,
ඔය ගෙදර ඉන්න පුතා කොළඹ නැවතිලා ඉගෙනගන්න කෙනෙක්. හැබැයි පාසලක නෙමෙයි. එක්තරා පිලිගත් වෘත්තීය පුහුනු ආයතනයක. හැම සතියකම නැත්නම් නිවාඩු ලැබුන හැම දිනකම කොළඹ නොඉඳ ගමෙ යාමෙ පුරුද්ද්ක් ඔහුට තිබුනා. ගමේ තාලෙට හැදුන මේ කොලුගැටයා ගම ගැන හරි ඉහලින් තමයි කොළඹදි කතාකරන්නේ ඔහුගෙ වචනවල තියෙන්නෙ ගම ගැන වර්නනාවක් මිසක ගමගැන නරකක් නොවේ. කොළඹ කෑම පවා ඔහු ගත්තෙ කුසගින්න නිවා ගන්න මිසක පිරියකට නොවේ. දහවලේ කෑම ගන්නා විටත් ගමේ කෑම මහ ඉහලින් කතාකලා. නගරයෙ කෑම වල කෘතිම බව නිතරම කතාකලා.නගරෙ කොල්ලන් අතර මේ ගමෙ කොල්ලා "බයිට් එකක්". නගරෙ උන්ට මේ කොලුවා අල බතල පොරක්.
ඔය ගමේ ගිය සති අන්තයකද මේ ගමේ කොලුවට පොඩි අනතුරක් වෙලා. ගමෙ කොල්ලො එක්ක ගලාගෙන යන දොල පහරක නාන්න යනකොට ලිස්සලා වැටිලා කකුලට පත්තුවක් බදින්න තරම් මේ ලෙස්සිල්ල බරපතල වෙලා. සතිදෙක තුනකට ඇදෙන් බහින්න එපා කියපු හන්දා කොලුවට ඉගෙන ගන්න කොළඹ යන්න විදියකුත් නෑ.
ගමේ කොල්ලා කොළඹ කොල්ලො කෙල්ලො අතරේ බයිට් එකක් උනත් ඌ නැති අඩුව කොළඹ උන්ට නොසෑහෙන්න තෙරුනේ ඌ ඉගෙනෙගන්න අතරේ අනිත් උන්ට උදව්කරන හන්දා කොළඹ කොල්ලො කෙල්ලො ටික කතාකරගෙන ගමේ කොල්ලා බලන්න යන්න. පොඩි පහේ ට්‍රිප් එකකුත් හන්දා කට්ටිය උදෙම තියන මාතර බලා දිවෙන කෝච්චියේ ගමේ කොල්ලා බලන්න යන්න දාගත්තා.
කොහොම හරි 11 විතර වෙනකොට කට්ටියම මාතර. ගමේ කොල්ලව හැමදාම බයිට් කරන කොළඹ කොල්ලො ටික අදත් බයිට එකක් දෙන්න ඕන කියලා පැත්තකට ගිහින් ටික වෙලාවකින් පත්තර කොළවලින් ඔතපු පාර්සලයක් අරගෙන ආවා. කට්ටියම ගමේ කොල්ලගෙ ගෙදරට එකපාරටම කඩා පාත් උනාම ගෙදර මිනිස්සුන්ටත් ගැටලුවක්. ඒත් ගමේ මිනිස්සුන්ගේ ඉතිරිවෙලා තියන ආගන්තුක සත්කාරය නිසා කට්ටියටම ඉස්සරහින් වාඩි වී හිදින්නට කියලා වෑවර ගෙඩි කීපයකින් සංග්‍රහයක් කරලා. ගමේ කොල්ලගෙ අම්මයි නැන්දයි දෙන්නා හනි හනිකට බත් හැලියක් ලිපතියලා. වම්බොටු මෝජුවකුත් නැන්දලගෙ ගෙදරින් ගෙනත්. මාමාව මාතරට පිටත්කරන්න කලින් ගමේ කොල්ලා දැකලා තියනවා කොළඹ යාලුවො ගෙනාපු පාර්සලය. නිකමට වගේ පාර්සලය හොරෙන් ඇරලා බලපු ගමෙ කොල්ලාට යකා ආරූඩ වෙලා. නැන්දට කතාකරලා පෙන්නලා කොළඹ යාලුවො ගෙනාපු පාර්සලය. ඒක දැක්කම යකා නොනගින්නෙ කාටද.
"මලයො දැන් ටවුමට යන්න ඕන්නෑ"
නැන්දා මාමා දිහා බලන ගමන් කීවා. ඒත් ගෙදරට ආපු කෙනෙකුට කෑම නොදී අරින්න පුලුවනෑ
"ඇයි දැන් කියුවෙ හොඳ කොල මැල්ලුමකුයි මාලු ටිකකුයි අරගෙන එන්න කියල "
"මාලු ගේන්න ඔන්නෙ නෑ මේන්න මේ ටික හොඳ හීනියට ලියලා ගන්න"
දහවල බත දුම් දමමින් මේසය මත දිග හැරුනේ කොළඹ මිතුරන් මේසය වටේට හිඳගන්නා අතරතුරෙදිය. වම්බොටු මෝජු , කොල මැල්ලුමක් පොල් සම්බලයක් සමග බත මේසයට හරිමින්,
"කොහෙද මේ ළමයි කියන්නෙවත් නැතුව නොවැ ආවේ ඉතින් හරියකට එලෝලුවක් වත් පිහ ගන්නවත් බැරි උනා " නැන්දා පැවසුවේය.
බඩගින්නෙ හුන් කොළඹ කට්ටිය විනාඩි කීපයක් ඇතුලත කෑම මේසය හිස්කලේය.
කාපු බීපු තැන්වල සතා සීපාවවත් නොරැදෙන වග ඇත්තක්නේ. කොළඹ ඇත්තො යන්න ලෑස්තිවෙලා ගමේ යාලුව ළඟට ගිහිල්ලා ,
"එහෙනම් මචො අපි ගිහින් එන්න අන්න අපි එනකොට උඹට කෑමක් ගෙනාවා රෑට උයාගෙන කන්න "
කිසිවක් නොකී ගමේ කොල්ලා හීන් හිනාවක් පාමින් දොරකොඩ වෙනතෙක් පැමිනියේය.
"මචං උඹලා අර ගෙනාපු තණ කොල මිටිය තමයි දවල් මැල්ලුමට හොඳට ලියලා දුන්නේ , කොහෙද රහක් බලන්නවත් අපිට ඉතිරිකරලා නෑනේ "
හයියෝ සල්ලි ... !!
ReplyDeleteසල්ලි වියදම් වෙලා නෑ නිකංනේ
Deleteමරු මරු.... කියලා වැඩක් නෑ... හිනා කාලා මැරෙනවා...
ReplyDeleteහිනා කන එක මොකේ තණකොල කන එකේ
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... තණකොළ!!!
ReplyDeleteම්ම්ම් ම්ම් තණකොළ
Deleteහපොයි තනකොල කාල.
ReplyDeleteනැ තණකොළ
Deleteකොළඹ කොල්ලො ගොඩේ ජෝනත් හිටියද ?
ReplyDeleteඅනේ මම හිටියනම් කියලා හිතුනා මගෙ කරුමෙට මම හිටියෙ නෑනේ නැත්නම් තව හොඳට කතාව ලියන්න තිබුනා
DeletehikzZZ, Rasata tiyenna athi neh,
ReplyDeleteගමේ කෑමක් කියලා රසට කන්නැති
Deleteහොඳ වැඩේ අරුන්ට. ගමේ සුවඳ හඳුනන්නේ නැති මෝඩයෝ.ජෝන් අයියා එහෙම කෑවේ නැහැනේ
ReplyDeleteඅපිට කොහෙද ඔයවගේ චාන්ස් එකක් කවුද අපිට ඔයවගේ නොකාපු කෑමක් හදලා දෙන්නේ
Deleteසිරා රිටර්න් එක...
ReplyDeleteසිරා තමයි කතාවත් දුන්නෙ
Deleteවහ කෑවා මීට සැපයි කියලා හිතෙන්න ඇති.
ReplyDeleteකවදා කාපු තණ කොළද කියලා හිතෙන්නෙ ඇති
Deleteහික්ස් හොඳ වැඩේ
ReplyDeleteනියම වැඩක් කරලා තියෙන්නේ :D
හ්ම් පව් නේද
Deleteසුපිරි වැඩක්...
ReplyDeleteගමෙන්ද කොළඹින්ද ?
Deleteඑහෙම තමා රිටර්න් එක දෙන්ටෝන, ඔය වගේ වැඩ කරනවට.
ReplyDeleteඇත්ත
Deleteහය්යෝ..යාළුවො සෙට් එකට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති...:D
ReplyDeleteපොලව පලගෙන කොළබ යන්න හිතිලා
Deleteරහ ඇති නේ?????????????
ReplyDeleteහික්ස්...
ගමේ එකාගේ අම්මත් සිරා...
නැත්තං ඕක ලියලා අරුංටම කවයියැ..
ගමේ උන් කොහොමත් සිරා
Deleteහොඳ වැඩේ බං චික් කිතුල් ඇට ටිකකුත් තලලා දාන්න තිබ්බේ
ReplyDeleteඑකෙකුටවත් බඩ ගිහින් නැත්ද..?
ReplyDeleteතණකොළ කෑවම බඩ යනවද ?
Deleteඇත්ත කතාවක්ද බන්...
ReplyDeleteමේක මට මගේ කන්තොරුවේ යාලුවෙක් කීවේ. සිද්දියනම් ඇත්තලු මගේ අඩු වැඩිය ටිකකුත් දැම්මා
Deleteමේ කතාව කොහෙන් හරි අහලා තියෙනවා තැන මතක නෑ... ඒකනෙමෙයි රහයිද දන්නෙ නෑ නේද ?
ReplyDeleteපොර කියපු විදියට මේ කතාව පත්තරෙත් ගිහින් තිබුනා
Deleteහි හි හි නියම කතාව :)
ReplyDeleteමට කතාව කියන කොටම හිතුනා පෙට්ටගමට දාන්න ඕනෙ කියලා
Deleteවෙච්ච දේයක්
ReplyDeleteඑහෙම තමයි කියපු කෙනා කියුවේ
Deleteඅන්න ගමේ බඩු.. මේවා ගමේම ඇට්ටර වෙච්ච ඒවා. කොළඹ කොල්ලන්ට සනීප ඇති.
ReplyDeleteමටත් කතාව අහන කොට හිතුනේ ඔහොම තමයි
Deleteඑළකිරි වැෙඩ්..... ගමෙ රහ දන්ෙන ඉතිං ගමෙන් කාපු උන්ටම තමා...
ReplyDeleteගමෙන් කනවා කියන එකත් ලොකු දෙයක්
Deleteහිනාගිහින් ඇඬේනවා
ReplyDeleteදෙකම එකපාර වෙන එකත් මාරයි
Deleteතනකොළ කන්න පටන් ගන්න ලැජ්ජාව මිසක්, රහ ඇති බං. ඔය මුකුණුවැන්න, සාණ, ගොටුකොල, වගේ ඔක්කොම තනකොළ වර්ග නෙවේද. මොකද කියන්නෙ පට්ටාං ගමුද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සපුරා එකඟයි.. අනික තණකොළ කන හරකාගේ කිරි බොන්න පුළුවන් නම් උගේ මස් කන්න පුළුවන් නම් ඉථිනූ කන තණකොළ නරක මොකෝ ? කොහොමටත් අපේ චන්ද දායකයෝ කන දේ නෙව..
Deleteදේශපාලුවො ඡන්ද දායකයන්ට හැමදාම තණකොළ කැව්වා. මට මතකයි මහ හෝටලේ පබිලිස් මහත්තයත් තණකොළ වලින් කාලයක් සෙල්ලම් කරකර උන්නා මොකක් හරි වාහිනියක
Deleteතණකොළ හොද කෑමක්නේ එතකොට.. අප්පා මාතර ඒවත් කනවා එහෙනං
ReplyDeleteඇත්තම කතාවක්ද බං
ReplyDeleteමේක මට මගේ කන්තොරුවේ යාලුවෙක් කීවේ. සිද්දිය ඇත්ත කියලා තමයි යාලුවානම් කීවේ පත්තරෙත් ගියාකියලා කීවේ. මෙතන නම් තාර බර එහෙම තියනවා
Deleteමටත් හිතුනේ තණකොළ රහ ඇති කියලා. :)
ReplyDeleteරහ වගේම ගුණත් ඇති කොහොමත් කොළජාති ගුනයිනේ
Deleteහික්ස්... රසද දන්නෙ නෑ..
ReplyDeleteපදමට ලුනු ලූනු දෙහි මිරිස් උම්බලකඩ ඉඟුරු ඉස්ම සුදුලූනු ඉස්ම එහෙම දාලා මලවලා ගත්තම රහට ඇති
Deleteහොද වැඩේ කුප්ප වැඩ කරන උන්ට
ReplyDeleteඕක හොඳ වැඩියි
Deleteකොළඹ උන් බලන්නැති පහුවද ගොම යන්නේ මොකද කියල. :)
ReplyDeleteනියම කතාව
Deleteහයියෝ සල්ලි
ReplyDeleteඅම්මගේ ටිකිරි මොලේ නිසා සෙට් එකට හොද බයිට් එකක් සෙට් උනා :)
උන් තණකොළ කන්න මාතරම ගිහින් නේ :)
නෑ නෑ සල්ලි වියදම් වෙලා නෑ
Delete:P
Deleteහෙ හෙ හෙ හෙ පට්ට වැඩේ
ReplyDeleteශරීරයට ලොකු ගුණයක් ලැබෙන්න ඇති :P
ReplyDeleteරහට තියෙන්න ඇති :D
ReplyDeleteහප්පා.........
ReplyDelete