he

Wednesday, October 24, 2012

128.බලන්න බැරිවූ මීයා

පසු තැවීම බොහෝවිට අප අත් දකින දෙයක්. ඔබට පසු තැවීම ගැන අත් දැකීම් නැතැයි කියා මම නොසිතමි. එහෙයින් පසුතැවීම ගැන අත්දැකීම් දෙන්නට මම අදහස් නොකරමි. මේ කෙටි කතාව ඊයේ දුම්රිය මැදිරියක් තුල ඕපාදූප අසමින් සිටින වෙලාවක මගෙ කන වැකුනු එකකි. මෙහි සම්පූර්න අයිතිය එම ඕපාදූපය කිවූ අය සතුය.

අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!


වයස 79ක් ආයුකාලය ගතකල සීයා කෙනෙක් පහුගිය දිනක මිය ගියේය. සීයාගේ ආච්චි යන්තම් 65 පැන්නා පමනි. දෙන්නා දෙමහල්ලො වලියක් නැතුව අවුරුදු 40කට වඩා විවාහ දිවිය ගත කලහ. 

සීයා මියගිය පසු සිරුර නිවසින් මල්ශාලාව වෙත ගෙනයන ලදි. ජීවත්ව උන්න සමයේවත් මේකප් එකක් නොදැමූ සීයාගේ මළ සිරුර උන්නාට වඩා හැඩගන්වා මිය ගිය දින රාත්‍රියේ නිවසට ගෙන ආපසු ආච්චී හඬන්නට විය. සීයාගේ මුහුන අතගාමින් අඩන්නට විය. හීනියට කෙඳිරි ගාමින් හඬන්නට විය. හිතමිතුරන් දෙනට අවසන් බුහුමන් දක්වන්නට එනවිට හීන් කෙඳිරිය ගෝසාවක් කරමින් කෑගසා හඩන්නට විය. ඥාතීන් එනවිට සීයාගේ ගුන කියමින් හඬන්නට විය.

අවුරුදු දහයක පමන වූ මුනුබුරා ආච්චී ළඟට විත් හිඳගත්පසු ආච්චී හැඬුවේ අමුතුම ආකාරයකටය. 

"අනේ පුතේ. උඹ නැති හින්දා පෙරේදා රෑත් සීයා මට මීයා බලන්න කතා කලා. මට යන්න බැරි උනානේ මීයා බලන්න ... දැන් ඉතින් කවුද මීයා පෙන්නන්නෙ ..

කියමින් මුනුබුරාගේ හිස බදාගනිමින් හඩන්නට වූවිට අහල පහල හිටියවුන් නම් හිනානොවී සිටියා වන්නට බැරිය.  







සීයා හැමදාම රෑට තම මුනුබුරාට වහලේ දිවයන මීයන් පෙන්වමින් මුනුබුරා නිදාගන්නාතුරු කතන්දර කියාදෙන අතර සීයා මියයන දින කීපයේ මුනුබුරා ඔවුන් සමග එහි නොසිට ඇත 

බොලාගේ කැත හිත වෙන වෙන දෙවල් හිතුවාට මට කරන්නට දෙයක් නැත








පසු සටහන : මීයෙකු හා සම්බන්ද ඔබ නැරබිය යුතු චිත්‍රපටියක් මගේ "ජෝන්ගේ වීඩියො සෙන්ටර්" එකේ දැම්මා බලලා නැති කට්ටිය ඉන්නවනම් බලන්න. මෙන්න ලින්කුව "හරිත සැතපුම"

55 comments:

  1. hina wela pana giya

    ReplyDelete
  2. මුනුපුරා නැති දවසෙ මීය පෙන්නන්න ආච්චිට කථා කලේ මොකටද ? සීයත් මොකක් හරි ගේමක් ගහල තියෙනව ආච්චිට වැඩේ දෙන්න...

    ReplyDelete
    Replies
    1. නහිනදෙහින කාලේ මොන වැඩද

      Delete
  3. හි හි... අනේ ඉතින් ආයෙ කවදා බලන්නද??

    ReplyDelete
  4. ආච්චිටත් මීයා පෙන්නන්න ඇති.. කතා කියන්න ගියොත් වෙන දේ මගේ පෝස්ට් එකේ තියෙනවනේ..

    ReplyDelete
  5. ආච්චිට පෙන්නන්නෙ වහලෙ දුවන මීය නෙවෙයි බොල!

    ReplyDelete
  6. අනේ පව් ඒ ආච්චි :D

    ReplyDelete
    Replies
    1. පවු නම් :D වෙන්නේ කොහොමද ?

      Delete
  7. ඒ මුණුබුරාට පෙන්වන මීයනේ ආච්චිට පෙන්වන්නේ වෙන මීයෙක් නේ ජෝන් අයියේ.

    ReplyDelete
    Replies
    1. හපොයි කෝරලේ මහත්තයා දන්න දේවල්

      Delete
  8. අඩේ මලගෙදර උන්ට හිනා නවත්තගන්න බැරිවෙන්න ඇති... සමහර විත සීයතත් හිනා ගියාද දන්නෙ නෑ

    ReplyDelete
  9. ආයේ ඉතින් කවදා කියලා මීයා බලන්නද ...

    ReplyDelete
    Replies
    1. මම කියපු මීයොනම් ඉන්නවා

      Delete
  10. ඔව් ඉතින් මැරෙන්න කලින් කරන්න පුලු පුලුවං ඒවා කරානං කාට උනත් හොදයි.. පස්සෙ මලගෙදර දවස් කියවන්නැතුව... මම මෙ කිවේ මල ගෙවල් වලදි ඇහෙන විකාර ඇඩිලි ඇහිලා...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකතමයි මට කියන්න ඕන උනේ

      Delete
  11. :D :D
    කියවලා මෙහෙම හිනා නම් ලයිව් බලපු අයට කොහොම ඇද්ද..

    ReplyDelete
    Replies
    1. නිකන් හිතලා බලන්න තනියෙන් කෝච්චියෙ යනකොට ඔය කතාව ඇහෙනකොට මට කොහොම හිනායන්න ඇත්ද ?

      Delete
  12. සීයා තමයි සීයා....මුණුබුරාට උනත් නින්ද යනකං මීයා පෙන්නුවේ මක්කටැයි???

    ReplyDelete
  13. Replies
    1. ඔව් ඔව් මීයා තමයි

      Delete
  14. අාච්චිට වෙච්ච දෙයක්...

    ReplyDelete
  15. මම හිතුවේ සීයාගේ මීයා ගැන කිව්වේ කියලා :D

    ReplyDelete
  16. මට නම් මොනවත් නරක දෙයක් හිතුනේ නෑ ඕං...හහ් හා

    ReplyDelete
  17. Replies
    1. පවු නෙන්නම් මනුස්සයත් මළකොට

      Delete
  18. හ්ම්......
    http://www.facebook.com/manasindiviyata

    ReplyDelete
  19. මේකා හික් මීයෙක් වෙන්න බැරිද ?

    ReplyDelete
  20. ඒ ගෙදර පූසෝ හිටියෙ නැද්ද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉඳලා තියනවා ඌ සෙරම මීයො කාලා දැන් පූසාට පන මදි මීයො අල්ලන්න බෑ ඒ හන්දා මීයෝ ඉන්නවා

      Delete
  21. ඕනෙම වෙලාවට ඒකත් බලන්න නැති වුණා.. දැන් ආච්චිටයි මුනුබුරාටයි දෙන්නටම දුකයි.. අපිටත් දුකයි

    ReplyDelete
  22. හුටා! Rats!

    ජෝනා උඹ ඔය කියන්නෙ The Green Mile ගැන නම් මම ඒක බලලා තියෙනවා. ඒකෙ ඉන්න අර නලුවට අපි අදත් කියන්නෙ අර ග්‍රීන් මයිල් මෑන් කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. Michael Clarke Duncan මරු රඟපෑම. අනේ ඒ මනුස්සයා පහුගිය සැප්තැම්බර් 3වනදා ‍හෘද්‍යාබාධයකින් මෙලොව හැරගියා

      Delete
  23. මේක ලියු ජෝනාට ඇත්තේ මොන හිතක්දයි සිතමි.. මීයන් ගැන කතාවක් ලියා කැත හිත ගැන කියන්නේ මොකටදැයි මට නම් නොතේරේ !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම ලියුවේ මළගෙවල් වල වන පසුතැවිලි කතා ලිපියක්. කරුමෙට මීයෙක් වැටුනා කතාවට ... හික් හික්

      Delete
  24. මම නම් හිතුවෙම මීයෙක් වෙන්ට ඇති කියලා ...:D

    ReplyDelete
  25. අර කිව්වත් වගේ ආච්චිටත් සෑහෙන කාලයක් මීය පෙන්නන්ඩ ඇති...හික්ස් :)

    ReplyDelete
  26. ආයෙ ඉතින් මීයෝ නෑ...

    ReplyDelete
  27. පව් මීයා නෑ සීයා

    ReplyDelete
  28. නැට්ට තියෙන මික් ගැන නෙ කියල තියෙන්නේ..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..