he

Sunday, October 7, 2012

125. අතීතය පුනරූපනය වීම

අද ක්‍රිකට් ගැණ නොලියා බැරිය. හිතෙ අමාරුව නැති කරගන්නත් එක්ක ක්‍රිකට් ගැනම ලියන්නට හිතුවෙමි. මෙය ලියන්නේ තරඟය අවසන්වී තරඟය බලන්නට ක්‍රීඩා පිටියට ගියවුන් ගෙවල් වලට ඒමටත් මත්තෙන්ය.තරඟයට පෙරාතුව බොහෝ අය කීවේ ඕස්ට්‍රෙලියාව හැලීයාම හොඳයැයි කියාය. ඒත් තරඟය අවසානයේදී මාලන් සැමුවෙල් කීවාක් මෙන් බටහිර ඉන්දීයයන් මෙම ලෝක කුසලානයේදීම පුහුනු තරඟයක්ද ඇතුලුව තරඟ දෙකක් අපට අන්ත පරාජය විය.
  • පලවන තරඟය     (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 26ක් ඉතිරිව තිබියදීය )
  • දෙවන තරඟය      (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 28ක් ඉතිරිව තිබියදීය)
ඉහත තරඟ දෙකම ජය ගත්තත් තුන්වන තරඟයේදී පරාජිතයන් ශක්තිමත් වන බව මටනම් ඉවෙන් මෙන් දැනී තිබුනි.



අතීතය පුනුරූපනය වනවා යනු සත්‍යකි. මේ ඊට නිදසුනකි.
දහවන පන්දුවාරය යවන ලද්දේ ජීවන් මෙන්ඩිස් විසිනි දෙවන පන්දුවේදී මාලන් සැමුවෙල් දුන් අපහසු මුත් වෘත්තීමය ක්‍රීඩකයෙකු විසින් රැකගත යුතු උඩපන්දුව නුවන් කුලසේකර හට ගිලිහුනි. ඇත්තෙන්ම එය 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සුරාජ් රන්දීව් විසින් යවනු ලැබු 13වන පන්දුඕවරයේ 3වන පන්දුවෙදී ගව්තම් ගාම්බීර් විසින් දුන් උඩ පන්දුව නුවන් කුලසේකර අතින් ගිලිහුන උඩ පන්දුවට සමානය. ඒවනවිට ගාම්බීර් රැස්කරගෙන තිබුනේ ලකුනු 30ක් පමනි එහෙත් ඔහු 41වන පන්දුඕවරයේ දැවීයනවිට ලකුනු 97ක් රැස් කරගෙන තිබුනි ඒත් ඒවනවිට අනිත් අන්තයට තරඟය ජයකින් අවසන් කරගැනීමේ අවකාශයක් ඔහු ගොඩ නගා තිබුනි. අද තරඟයත් එසේ නොවේද ?

අර්ධ අවසන් තරඟයේදී පකිස්තානය ශ්‍රීලංකා පිලට පැරදුනි. එය පැවැත්වුයෙත් මෙම පිටියේමය. ශ්‍රීලංකාපිල අසීරුවෙන් රැස්කල ලකුනු 140 සුපිරි පිතිකරුවන් හුන් පාකිස්තාන පිලට අපහසු ඉලක්කයක් නොව්. එහෙත් අද ශ්‍රීලංකාපිල දෙවනියට පහරදී ලත් කටුක අත්දැකීම ඔවුන් එදා අවසන් පුර්ව තරඟයේදී අත්වින්දා නොවේද ? 

නමුත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ක්‍රීඩා තරඟයක ජයග්‍රහකයෙකු සිටින්නේ පරාජිතයෙකු සිටින බැවිනි. අවාසනවකට අද ඒ පරාජිතයා ශ්‍රීලංකා කන්ඩායමය. 

2007 ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රබල ඉන්දියානු පිල බංගලිදෙශ පිල හමුවේ පරාජය වුනි. තරඟයේ ලකුනු පුවරුව මෙතනින් බලන්න
එවිට මා සමබන්ද වී සිටි එක්තරා ඉන්දියානු පෝරමයක සචින් තෙන්ඩුල්කාර්ට බැනවදිමින් ඔවුන්ගේ ඡායාරූප පවා පුලුස්සන ලදි.

එහිදී මා කියා සිටියේ සචින් හා මුරලි සන්සන්දනය කරමින් ශ්‍රීලංකික අපි නම් තරඟයක් පැරදුනට ක්‍රීඩකයන්ට ඉන්දියානුවන් සලකන ආකාරයට නොසලකන බවයි. එහෙත් ඔවුන් එහිදී කියුවේ ක්‍රිකට් යනු ඔවුහු දේවත්වයෙන් සලකන දෙයක් බවත් මා හා ඔවුන් එකඟ නොවන බවයි.  

මා ශ්‍රීලංකිකයකු ලෙස අද සතුටුවන්නේ අප ඉන්දියානුවන් මෙන් නොවන නිසාය.



ප.ලි   මේ ලිපිය ලියන මොහොතෙ සැලවූ වූ ලෙසට මහේල ජයවර්දන T20 නායකත්වයෙන් ඉවත්වන බව පවසා ඇත. එහෙත් ලෝකයට පරිනතම නායකයෙකු ලෙස පෙනෙන ඔහු නායකත්වයෙන් ඉවත් විය යුතුද ? 

 උපුටා ගැනීම් හා දත්ත ලින්කු අනුග්‍රහය Epspncricinfo

65 comments:

  1. පොස්ටුව කියෙව්වෙමි. ඔබ ගොඩක් ක්‍රිකට් වලට ලැදි කෙනෙක් බවයි පෙනෙන්නේ. මට නම් ඒ ගැන වැඩි උනන්න්දුවක් නැති නිසා කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. උනන්දුව කියන්නෙ අමුම අපු පිස්සෙක් නැත්නම් මහරැ මෙ වගෙ පොස්ට් දාවියැ

      Delete
  2. එලෙස නායකත්වයෙන් ඉවත් වීම ක්‍රිකට් වගේම ඕනම ක්‍රීඩාවක සම්ප්‍රදායක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ පීක් එකෙ ඉන්න එකේ

      Delete
  3. මහේලට ඕක කරන්න තිබුනේ ගොඩක් කලින්. මහේල විත්‍රක් නෙමෙයි, සංගටත්. මම කිව්වේ ඕකයි ජෝන්.. අපේ උන් ටාගට් කළේ ගේල් විතරයි, මාලන් සැමුවෙල්, කිරන් පොලාඩ්, ඩුවේන් බ්‍රාවෝ විතරක් නෙමෙයි නායක සැමීටත් පන්දුව කෙලින්ම ප්‍රේක්ෂකාගාර වලට විදින්න පුළුවන් බව අමතක කලා, ඩිලා ඉන්න ඕන තැන කුලසේකර හිටියා. මාලිංගට වැදෙද්දිත් තිසර නිකන් තියාගෙන හිටියා. අපේ උන් 20-20 දන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ එච්චරයි. අපේ උන් විතරක් නෙමෙයි ඉන්දියාවත් එහෙමයි. දකුණු අප්‍රිකාවට උනෙත් ඒකමයි.

    ReplyDelete
    Replies
    1. කුලසේකර උඩපන්දුව අතහරිනකොට එලියට ගහන්න ඔවුන් පෙලබිලා හිටියෙ නෑ නෙද ඩිලාව ඉස්සරහට දාලා ඉස්සරහ තදකරපු එක වැරදිත් නෑනේ. හැබැයි මම පිලිගන්න දෙයක් තමයි අපි ඊයෙ කරපු දෙවල් හරිගියෙ නෑ හරි ගිය එකම දේ මුල පන්දු වාරවල හිර කරපු එක විතරයි

      Delete
  4. ආයේ වර්ඩ් කප් එකක් උස්සනකං මැච් බැලීම අත්ඉටවු වග දන්වනු කැමත්තෙමි

    ReplyDelete
    Replies
    1. සමහරු ජනවාරි පලවෙනිදට සිගරට් අරක්කු බොන එක නවත්තනවා වගේ කතාවක් ඒක

      Delete
  5. මට හිතෙන්නේ වෙනදට වැඩිය ඔවුන් අපේ පන්දු යවන්නන් අධ්‍යයනය කරලා ...විශේෂයෙන්ම මාලිංගව “කටපාඩම්“ කරල වගේ ..නමුත් ඔබටම මතකද මුල් ඕවර් දෙක තුල ඔවුන්ගේ පන්දු රැකීම් හැසිරීමේ යම් අඩුපාඩු තිබුණා ..පල නෙලා ගන්නට තිබුණු අවස්ථාවන් මඟ හැරුණා කියල බලන් ඉන්න අපට හිතුනත් , අවසන් තරඟයක මානසික පීඩනයත් , ක්‍රිකට් වල ඇති නියම රසය වන “අනාවැකි නොකිව හැකි“ බවත් නිසාම මම නම් මේ තරඟයේ ප්‍රතිපල සතුටින් විඳිනව ...මාතලන් කියනව වගේ 20-20 වල තීව්‍ර රටාව තවමත් අපේ අපේ රටවල් හඳුනගෙන නැත්ද මන්දා ..

    කෙසේ වෙතත් මේ අපේ අදහස් පමණයි ..වැඩේ අමාරුව දන්නේ වැඩේ කරන කෙනානේ ..කෙසේ වෙතත් අපේ කණ්ඩායමට සුබ පතනව ...ඒ වගේම ඉදිරියටත් දේශපාලනමය කූණු නොදා හොඳ කණ්ඩායමක් පවත්වා ගන්නට ඉඩ ලැබේවායයි පතනවා ..මහේලගේ තීරණය එක් අතකින් කණගාටුවක් වුනත් , අවස්ථාවේ කළ යුතු දෙයක් කියලයි හිතෙන්නේ ..ඔහුටත් සුබ පැතුම් ...ඒ වගේම ඇඟ රත්වුනු වෙලාවෙ මේ වගේ ලිපියක් ලියූ ලොකු ජෝන් ඔබටත් තුති

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පහුවනදා උදේ මගෙන් අහන දේවලට පිලිතුරු තමයි ලියුවෙ. නැත්නම් අහන දෙවලට උත්තර දෙන්න ගියහම තමයි ඇඟෙ ලේ රත්වෙන්න දැන් පොස්ට් එක බලන්න කියලා හිත කූල් කරගෙන ඉන්න පුලුවන්

      Delete
  6. අනේ කියන්න වචන නෑ උදේශ්... බලාපොරොත්තු ඔක්කොමනති උනා.. මට නම් තරහ තියෙන්නේ වෙන කෙනෙක් එක්ක. කමක් නෑ අපි අනුශුරයෝ නේ.. කියල අමාරුවෙන් උනත් හිත හදාගන්න වෙනවා දැන්.. ඒත් මහේලගේ T20 නායකත්වයෙන් ඉවත්වන බව නම්...... :'(

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම නොලීවේ මම කොම්පියුටර් යුගයෙ නිසා කොහොමත් මමත් හිත හදාගත්තෙ අනුශූරයො නිසා

      Delete
  7. මාතලන්ගේ කථාවට මමත් එකඟයි.. මාලිංගට පළවෙනි ඕවරේදි ලකුණු විසිගාණක් වදිද්ත් ඕවර තුනක් යවන්න දුන්න.. අන්තිමට එතනින්ම ලකුණු පනස් ගාණක් ගියා.. අනිත් කාරනේ.. බැටින් ඕඩර් එක මාරු කරපු එක.. මහේල අර ඩක්වරත් ලුවිස් කේස් එකකින් මොලේ අවුල් කරන් ගහන්න ගියේ නැත්තං සමහර විට අපි අද ලෝක සූරයෝ වෙන්නත් තිබ්බ.. පන්දු යවන්නෝ මාලිංග හැර හැමෝම වගේ තමන්ගේ වගකීම නියමෙටම ඉෂ්ට කලා.. මාලිංගට වැරැද්දක් කියන්නත් බෑ. මොකද 140 ට විතර එන බෝලයක් බැට් එකේ ගෑවුනත් හය හතර යනවා.. මම දැක්ක විදිහට මාලිංග යෝකර් වලට උත්සාහ කලා මිස බෝලෙ පිච් කලේ නෑ.. අපි තරග වි‍ශ්ලේෂකයෝ නෙවෙයි.. ඒත් අපේ පිලේ පිතිකරණයේ තිබ්බ අඩුපාඩු හන්ද අපි පැරදුනා.. ඒත් ලාංකික අභිමානය ඉතුරු කරන් අපි ඉන්දියාව වගේ හැසිරුණේ නැති එක ගැන නම් උපරිම සන්තෝසයි..

    මහේල ශ්‍රේෂ්ඨ නායකයෙක්.. වැරැද්ද තමන්ගේ ව‍ගකීමක් විදිහට අරන් නායකත්වයෙන් ඉවත් වීම බොහොම උසස් කටයුත්තක්.. ඒත් ඊලග නායකත්වයකට සුදුසු පුද්ගලයෙක් තවම බිහිවෙලා නෑ.. මැතිව්ස්, කුලේ හිටියට ම‍ම නං හිතන්නේ නෑ ‍ඒ කාටවත් නායකත්වයක්, මෙහෙයවීමක් කරන්න පුළුවං කියල.. ඒ හින්ද මම නං හිතන්නේ තව ටිකකාලයකට හරි මහේල නායකත්වයේ සිටිය යුතුයි..

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව අගයකරනවා

      Delete
  8. නැත නායකත්වය එලේසම පැවතිය යුතුය නමුත් ලියවෙන විචාර කිසිවකට එකඟ විය නොහැක ඇයිද යත් පිටියට බැස දැඩී පිඩනයක් යටතේ ක්‍රිඩා කරන ක්‍රිඩකයකුගේ මානසිකත්වය පිටියෙන් පිටත සිට බලන්නකුට කිසිවිටක තෙරුම් ගත නොහැකි බැවිනි. ටෙනිස් බොලයෙන් ක්‍රිකට් ගසනවාට වඩා ලෙදර් බොලයෙන් ක්‍රිකට් ගැසීම වෙනමම ශිල්පයකි නමුත් අපි ආඩම්බර වුවාට කම් නැත මන්ද යත් අවුරුදු 4ක් ජගත් කිරුලක අනුශූරයන් වීම ලෙහෙසි කටයුත්තක් නොවන බැවිනි. ශ්‍රි ලාංකිකයකු විදිහට බටහිර කොදෙව්වන්ට සුබ පතන අතරම අපේ කොල්ලන්ට ඉදිරි ජය මානසික සුව ශක්තිය පතමි

    ReplyDelete
    Replies
    1. මානසිකත්වය හදන්න තමයි මෝටිවේටර් කෙනෙක් උවමනා. අපේ උන් බෝල් කරලා ආවෙම මැච් එක පැරදිලා. බොඩි ලැන්ග්වේජ් අන්තිමයි. ඔබේ අදහස මම පිලිගන්නවා. නමුත් පරිනත් ක්‍රීඩකයින් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මොනවාද. මහේල තමයි පරිනතම ක්‍රීඩකයා. නමුත් ඔහුත් මානසිකව වැටුනම් ටීම් එකට වෙන දේ අහන්න ඕන නෑ. නමුත් ඔය කියන පීඩනය මුලින් තිබුනේ නෑ ඊසී අරගෙන උන්නේ. ඒකනේ මාලන් සැමුවෙල්ස් ඩ්‍රොප් කරලා කස්ටිය හිනාවෙන්නේ. ඒ හිනා උන නිසාමයි අඬන්න උනේ. ක්‍රීඩාවෙදි ජය පරාජය දෙකම විඳින්න ඕන. ඒක ඇත්ත. ඒත් විහින් පරදිනවා කියන්නේ වෙනම කතාවක්.

      Delete
    2. හිටපු මෝටිවෙටර් එපාකියලා කියුවෙ අපෙම හිටපු නායකයෙක්නෙ

      Delete
  9. ලිපියේ තියන දේවල් වලට එකඟයි , නමුත් පකිස්ථානයේ සුපිරි පිතිකරුවන් නම් නෑ ,දක්ෂෙයෙක් කියල කියන්න පුලුවන් උම්‍රන් අක්මල්ව 7 වෙනියට දාල , ඒ මනුස්සය පිට්ටනියට එනකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි .පකිස්ථානය ඔය දක්වා ආවේ පන්දු යැවීමේ හැකියාවේ , (දකුණු අප්‍රිකා මැච් එක ගුල්ගේ අහඹු ප්‍රහාරයක් විතරයි ) ,කොහොම වුනත් ක්‍රිකට් බලලා සතුටු වෙලා /දුක් වෙලා ඒ මොහොතින් අමතක කරල දැම්මාම ජිවිතේ පහසුයි , ඉන්දියාවෙ උන් මේක ජීවිතයම කරගන්න නිසා තමයි පිස්සු නටන්නේ !

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් කවුරුවත් දැක්කෙ නැද්ද ඇයි ටොස් එකෙන් තරඟයක ඉරනම තීරනය වෙන ක්‍රීඩානගනයක් අවසන් තරඟයට තෝරගත්තෙ

      Delete
  10. මහේල යන්නේ ආගමික සහ දේශපාලන වුවමනාවකට.පිරිසකට ඕන මැතිව්ස් නායකයා කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔහොම ආකල්පයක් මම හිතන්නෙ මේ අපි වගේ අය තමයි ඇතිකරන්නෙ

      Delete
  11. අපේ අයගේ දැක්ම පටුයි. දැන් තරඟ කීයක් ෆයිනල් ඇවිත් ඇත ඇරියද? අනේ මන්ද පිස්සු හැදුනා ඊයේ. රෑට කෑවෙත් නැහැ හිතේ දුකට.

    ReplyDelete
    Replies
    1. මමනම් මේ පොස්ට් එක ලියුවෙ හිතෙ දුකට

      Delete
  12. කියෙව්වෙමි. කියන්නට ඕනෑ සමහර දේවල් ගොඩක් දෙනෙක් කියලා තියෙනවා. මහේල තව ටික දවසක් හිටියොත් හොදයි කියලා හිතෙනවා. මැතිව්ස් තාම සුදුසු මදි.

    ReplyDelete
    Replies
    1. එසේය මාත් ඒ මතයෙමය

      Delete
  13. ක්‍රිකට් ගැන තවම ඉගෙනගමි.මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. මමනම් ක්‍රිකට් රසවිඳිනවා

      Delete
  14. වුනු දෙය බාර ගනිමු. එන පාර දෙමු. අනුශූරයන් වීමම නරකද? එක්දින අනුශූරයන් ටී ටුවෙන්ටි අනුශූරයන්. ක්‍රිකට් ලොවේ අනුශූරයන් අපි. වෙන මොනවද ඒත් මදෑ.

    ReplyDelete
    Replies
    1. අනික ICC රෑන්ක් 1 අපි ඒ මදිද

      Delete
  15. මට මැච් එපා උනේමී...හය්යෝ සල්ලි කියාද සිතුනි...හිකිස්

    ReplyDelete
    Replies
    1. ඒක මෙනම කතාවක්නේ ඒ කනෙ කියන්නෙ මද පමනට බොන්න කියලා

      Delete
  16. ක්‍රිකට් ගැන ඒ තරම් උනන්දුවක් නැතත්, මාත් අවසන් තරඟ කිහිපය නැරඹුවා. ජයග්‍රාහි පිලක් ඉන්නට නම් පරාජිත පිලකුත් සිටිය යුතු ම යි. තුන් වන වරටත් ශුරතාව ගිලිහී ගියා. හැබැයි,වැඩි දෙනෙක් නොහිතුවට තුන් වන වරත් අපි අනු ශුරතාව ලබා ගත්තා!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තුන් වන වතාව නෙමෙයි හතරවන වතාව

      Delete
  17. 4වරක් අනුශූරයන් වීම ලෙසිද?"අපි"හිතන තරම් නරක නෑ....

    ReplyDelete
    Replies
    1. අච්චර වැඩ්ඩො වන දකුනු අප්‍රිකාවට මතක ඇති කාලෙක ඔය අහලකටවත් එන්න බැරිඋනා

      Delete
  18. මම නම් හිතන්‌ෙන් අනු ශූරයන් වීම ඉතා හොඳයි කියලා.. මොකද කාලෙකට කලින් කාපු කෑමේ හිටියට මේකත් ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. අපේ හුඟක් අයට මතක අද වෙන දෙ විතරයි 2011 ලෝක කුසලානෙන් පස්සේ වලේ අඩියටම වැටිලා හිටපු කන්ඩායම මේ තත්වෙට ආවෙ කොහොමද කියලා මතක නෑ

      Delete
  19. මටනං හිතෙන්නේ ඔතන කෙළවෙන්ඩ එකම හේතුව රජතුමා වැඩිය එක.ඒකෙන් අපේ කට්ටියට ක්‍රිකට් අමතක වෙලා එල්ලේ මතක් වෙන තරමට ජාත්‍යානුරාගෙ වැඩි උනා.දැක්කනේ දුවද්දි විකට් එකට නොගහා දුවන එකාට ගැහුවා.ලොක්කා ආවෙ නැත්තං අපරාදෙ කියන්ඩ බෑ ක්‍රිකට් ගහන්ඩ තිබ්බා ක්‍රිකට් විදිහට...

    දැං මගේ මතය ඇවීලා (මම ක්‍රිකට් ගැන දන්නෙ නැති උනාට ) ඔය වගේ වගකීමක් ඉස්සරහා මුළු රටකම බරක් එකොළොස් දෙනෙක්ගේ කරට වැටුනම ඇතිවෙන මානසික පීඩනය සෑහෙන්ඩ ඇතිනෙ.ඉතිං බැණලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොම්පීතර යුගයෙ කෙනෙක් හැටියට පලවන කතාව මඩක් හැටියට පිලිගනිමි. දෙවන කාරනය ගැන නම් එකඟයි ඒත් ඒ ඔවුන්ගෙ වගකීම. ඒත් ක්‍රිකට් කියන්නේ කෙතරම් අවිනිශ්චිත ක්‍රීඩාවක්ද කියලා එදත් ඔප්පු උනානේ

      Delete
  20. මහේල ගිය එකටනම් අවංකවම මම විරුද්ධයි
    ඒත් අළුත් කෙනෙක්ට තැන දෙන්න ඕනේ කියලා හිතනවනම් අවුලක් නෑ
    ක්‍රිකට් ගහන්නෙත් මිනිස්සු

    ReplyDelete
  21. අපරාදෙ මට හිතෙන විදියට දිනන්න තිබුණ එකක් ලිස්සල ගියා කියල. හිතට දුකයි. ඒත් මං හිතන්නෙ ඕනෙම කෙනෙක්ට හැම වෙලේම සාර්ථක වෙන්න බෑ. හැබැයි ඉතිං රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕනෙ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් වල දැක්කෙ 1999 ලෝක කුසලානෙදි පස්සෙ සහ 2011 ලෝක කුසලානෙන් පස්සෙ

      Delete
  22. මහේල ඉවත් නොවිය යුතුයි යන්න මමත් විශ්වාස කරනවා.එත් ඒක ප්‍රබුද්ධ ලක්ෂණයක්!අපේ දේශපාලනඥයෝ මහේලගෙන් ඒ ගැන පාඩම් ඉගෙන ගත යුතුය!
    කොහොම උනත් කුලේ සිරා පොර!අන්තිම මොහොතේ ඇවිල්ල හරි කික් එකක් දීල ගියානේ!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අමතක උනාද කුලේ අතහැරපු කැච් එක ඒක සැමුවෙල්ස් ලකුනු 20දි දුන්නෙ ඊට පස්සෙ තව ලකුනු 58ක් සැමුවෙල්ස් ගත්තා.

      …ඒත් ක්‍රිකට් කියන්නෙ ඔහොම තමයි

      Delete
  23. මගෙත් උත්තරේ නෑ කියන එක තමයි , නායකත්වයට සංගාටත් වඩා මහේල සුදුසුයි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. මමත් එසේම සිතන්නෙමි

      Delete
  24. ෆයිනල් එන්න ලැබුන එකම කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව අච්චර IPL වලට වියදම් කරලා අඩු ගානෙ semi finalවත් ආවද ?

      Delete
    2. අයිපීල් වලින් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට වියදම් නෙවෙයි ලාභයි ,කෝටිපතියන්ගේ සල්ලි ක්‍රිකට් බෝඩ් එකට ඇද ගන්න ක්‍රමයක් , අපේ ක්‍රිඩකයින්ටත් ගානක් ගන්න තියන චාන්ස් එකක් , ඉඳලට හිටලා බැක් ෆයර් උනාට (අයිපීල් වලින් ස්පිනර්ස්ලට ෆොම් වුනු ඩුප්ලෙසීස් ඉන්දියාවටම නෙලුවා වගේ ) ක්‍රිකට් බෝඩ් එකටත් ප්ලේයර්ස්ලාටත් වැඩේ ලාභයි . මෙහෙ කට්ටිය ගිරිය පුප්ගෙන කැගැහුව අපේ ක්‍රිඩකයින්ව අයිපීල් යවන්න එපාය ,අපේ ක්‍රිඩාව වැටෙනවාය අරක මේක කියල කෝ ඉතින් ඉන්දියාවේ සෙමි වත් නැතුව ඉත්දි අපි ෆයිනල් , අයිපීල් කාටත් වින්-වින් වැඩක් , බලන් ඉන්න අපිටත් ආතල් !

      Delete
    3. ඇත්තටම IPL එකෙන් අපිට පාඩුවක් උනේනෑ මට්නම් පෙනුනේ ඉන්දියාවෙ උන්ගේ අඩුපාඩු මුලුලෝකෙම දැක්කා

      Delete
  25. කවුරුත් ඛේත්තාරාම විච්කට් වල තියෙන අඩුපාඩු ගැන කථා කරන්නේ නැහැ. විද්‍යාත්මක නොවන කාරණා තමයි බොහෝ දෙනා කියන්නේ. බලන්න බටහිර ඉන්දීය ඔස්ට්‍රේලිය තරගයට දුන්න ට්‍රැක් ඒක කොයි තරම් හොඳද? මේක ටොස් එකෙන් තරගයේ ප්‍රතිඑලය ත්රීරණය වන ට්‍රැක් එකක්. එතනයි මුලික අඩු පාඩුව. අනිත් දේ මුලින් පන්දුවට පහර දීල කඩුල්ලේ ස්වභාවය දැකල සාමි එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු වේග පන්දු යවන්නන් යොදා ගත්තෙම නෑ. රසල්, බ්‍රාවෝ වෙනද වගේ පන්දු යව්වනම් අපිට පහසුවෙන් ඉලක්කයට යන්න පුළුවන්. ඒත් ඔහු ඒ වෙනුවට ක්‍රිස් ගේල් වගේ පාට් ටයිම් බොලර්ලා භාවිතා කළා. දෙවන වර පන්දු යැවූ විට රාම්පොල්ටත් විසි ගණනක් වැදුනා. මෙතනින් පැහැදිලි වන්නේ කාසියේ වාසිය තරගයේ ප්‍රතිඑලයට කෙලින්ම බලපාලා තියෙන බව. අපි කියන්නේ ගැහුවේ නෑ. අපරාදේ විකට් වීසි කළා කියල. වේග පන්දු වලට වාසිය අඩු ට්‍රැක් එකක් මේක. එහෙත් ලෝක කුසලාන අවසාන තරගයකට මේ වගේ ට්‍රැක් එකක් භාවිතා කිරීම කොපමණ යෝග්‍යදැයි නැවතත් සිතා බැලිය යුතුයි. පරාජයට ජනාධිපති තුමාවත්, මහේලවත්, මාලිංගවත්, කුලසේකරවත් වග කිව යුතු නොවේ. වග කිව යුත්තේ කදුළු සකන්සන්නායි(කියුරේටර්).

    ReplyDelete
    Replies
    1. රනිල් අබේනායක මහතා අපෙන් සමුගැනීම නිසාද විකට් එකේ ප්‍ර‍ශ්නයක් ආවෙ ?

      Delete
    2. …ඇත්තටම ටොස් එක අපි දින්නනම් අපි ලකුනු 130කට වඩා ඔය විකට් එකේ ගහන්නෙ නෑ ඒත් මහේලට ලකුනු 120ක් උනත් ඇති ඔය විකට් එකේ බේරගන්න. එහෙම උනානම් මාලිංගට වැඩිම උනොත් පන්දු ඕවර 2ක් යවන්න ඉඩ තිබුනා සමහරවිට දිල්ශාන් දෙවන ඕවරය දාන්නත් ඉඩ තිබුනා.
      …@ සිරා
      …රනිල් අබේනායක ඔය විකට් එක ගැන බැලුවෙ නෑ එයා SSC විකට් එක මරුවට තියාගත්තා සුදීක කියන විදියට මේවිකට් එකට වගකියන්න ඕනේ පොලොන්නෝවිට මහත්තයා.

      Delete
  26. මම හිත හදං ඉන්නේ..
    මට වෙස්ට් ඉන්දීස්ලත් එකයි ලංකාවත් එකයි...
    දෙගොල්ලොම හිත හොද මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතහදා ගත්තෙ ටොස් එක දාපු වෙලෙමයි ඒත් මේ ක්‍රිකට් තරඟයක්නේ

      Delete
  27. මට හිතෙන විදියට එදා දවසෙ වාසනාව අපේ පැත්තට තිබුනෙ නෑ... 20 20 තරග 4 දි කොදෙව්වො පරද්දලා තිබ්බ අපි ප්‍ර‍ථම වතාවට උන්ට පැරදුනේ ජය අවශ්‍යම තරගයකදි...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කියන්නෙ ඔහොම තමා

      Delete
  28. දක්ෂ අදක්ෂ කමට වඩා මම දකින්නේ අපේ අවාසනාවන්ත කම.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් වල luck එකටත් තැනක් තියනවා

      Delete
  29. මම මේ ගැන ලිපියක් පලකල නිසා වැඩිය මොකුත් කියන්නේ නෑ.ඒත් මේක බොහොමත්ම සාදාරන විචාරයක් ඇත්ත ඇති සැටියෙන් දැකල තියනවා.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කියන්නෙ ඒවෙලාවට බලලා වින්දනයක් ගන්න ක්‍රීඩාවක් . නැද්ද

      Delete
  30. අනේ මන්ද මොක වුනත් මම පලවෙනි වතාවට ක්‍රිකට් මැච් එකක් බලල අඩපු දවස. පුදුම දුකක් දැනුන.

    ReplyDelete
    Replies
    1. අඬලා හරි දුක අඩුකරගත්තු එක හොඳයි

      Delete
  31. I really love your work it’s very beneficial to many people’s. Your blog approach helps many people like myself. Its content is very easy to understand and helps a lot,
    Do visit my site for new and Updated software:

    Xpand 2 VST Crack
    Deezer Desktop Crack
    Avocode Crack
    War Thunder Mac Crack
    FxFactory Pro Crack
    Auslogics Disk Defrag crack
    iTools crack
    Voxal Voice Changer crack
    Google Earth Pro Crack
    Private Internet Access Crack

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..