බොහෝම ඈත ඉස්සර කාලේ ලොකු ජෝන් ඉස්කෝලෙ යන කාලේ උන සිදුවීමක් හැටියට මතකේ රැඳුන කතාවක් හැටියට අද පෙට්ටගමේ සටහන හැටියට ඉදිරිපත් කරන්නයි හදන්නේ. ලොකුජෝන් ඒ කියන්නෙ මම . මගේ හොඳම කියන යාලුවො අතර එකෙක් උන්නා ලාල් කියලා ඒක උගෙ ඇත්ත නම කියලා හිතාගන්නකො. ඇත්ත නම ඊට ටිකක කිට්ටු නමක්. ඌ මේක කියවන්නත් බැරි නෑ. ඌ මෙක කියවලා හිතට තරහක් ආවත් මතකය අලුත් කලා කියලා හිත හදාගනී. ඒකනම් ඉතින් සියයට අනූනවයක් විස්වාසයි. අර ඉතිරි සියයට එක තමයි විස්වාස නැත්තෙ.
ඔය ලාල්ගේ පියාණො රැකියාව කලේ මැද පෙරදිග. ඒකා යකා කියනවනේ ලාල්ගෙ පවුලෙ උන්නෙ මූ විතරයි අයියලා අක්කලා නංගිලා මල්ලිලා කවුරුවත්ම නෑ.ඉතින් පියාණො හම්බකරන සකල සබ්බ සේසතම මූට. මිලේනියම් සිටිය හදන්න කලින් ඔරුවල කියන පැත්තෙ අම්මත් එක්ක තට්ට තනියම තමයි මේ ලාල් ජීවත් උනේ.
ඉස්සර අද වගේ කලු සපත්තු පාසැල් නිළඇඳුමට අනිවර්‍ය කරලා තිබුනෙ නෑ ඉතින් මූ පාසැල් එන්නේ අර දිව එලියට දාපු ඒ කාලේ හැටියට රුපියල් 1500ක් විතර වටින ඩෙක් ෂූස් දෙක දාලා. බැඩ්මින්ටන් රැකට් එක සහ වටිනා කියන ස්පෝර්ට්ස් බෑග් එකක් කරේ දාගෙන. මේ ලාල් ඉස්කෝලෙ බැඩ්මින්ටන් කණ්ඩායමෙ උන්නා. ඉතින් ඌට හොඳ පිලිගැනීමක් හෙම තිබුනා.
ලාල්ගේ ගෙදර ඉඳන් අතුරුගිරියට කිලෝමීටර 5ක් විතර තියනවා. ස්පෝර්ට්ස් පොරක් උනාම ඒ විදියට ඉන්න ඕනෙනේ ඉතින් පියාණෝට කියලා අර හැන්ඩ්ල් එක නවපු රේසින් බයිසිකලයක් මේකා අරගෙන තිබුනා. හැමදාම උදෙට අතුරුගිරිය හන්දියට අර මම කලින් කියපු කිලෝමීටර 5 ඔය කියපු රේසින් බයිසිකලයෙන් පහුකරගෙන තමයි එන්නේ. හන්දියෙ ගෙදරක බයිසිකලය තියලා අතුරුගිරිය හන්දියෙන් පාසැල් බස් රථයට නැගිලා ඉස්කෝලෙට එනවා. අයෙම හවසට අතුරුගිරියෙන් බයිසිකලය අරගෙන බැඩ්මින්ටන් රැකට් එක කරේ එල්ලගෙන පොර කුරුල්ලා වගේ ගෙදරට යනවා. ඕකතමයි පොරගෙ දින චරියාව.
සිකුරාදා හවස 1.30න් පස්සේ කාලය කියන්නේ ඒ කාලේ අපේ හොඳම පැය කීපය.සිකුරාදට ක්‍රිකට් තරඟ තියන නිසා අනිත් ක්‍රීඩා පුහුනුවීම් පැවැත්වෙනවා අඩුයි. ඒ හන්දා හුඟක් දවස්වලට මරදානේ ඔලිම්පියා, රූබි නැත්නම් සෙන්ට්‍රල් එකේ තමයි කාලය ගතකරන්නේ. මම මේ කියන්න යන සිද්දිය උන දිනයේ ඔය සිනමා ශාලා තුනේම තිබුනේ කිසිම වැදගැම්මකට නැති චිත්‍රපටි තුනක්. ඉතින් මොකටද නිකන් කාලයයි සල්ලියි නාස්තිකරන්නෙ කියලා , කරන්න දෙයක් කල්පනාකරනකොට අපේ ලාල් කාරයා කියුවා "අද අපි බියර් එකක් ගහමු ?" කියලා යෝජනවක් කලා. ඒ යෝජනාව සැලකිය යුතු මට්ටමේ තිබුන නිසා සියල්ලොම එක පයින් අනුමත කලා. සිකුරාදා වෙනකොට හැමෝම අතේ කීය කීය හරි එකතුවෙලා තියනවා. කොහොමත් ලාල් අතෙ සල්ලි තියන නිසා බයත් නැ. "ඉතින් කොහෙද සෙට් වෙන්නේ ?" ඒ අපේ ඊලඟ පැනය. ඒකටත් පිලියම දුන්නේ ලාල්.
"මම දන්න තැනක් තියනවා බොරැල්ලේ ටිකක් සද්ද නැතිව හිටපන් මම ටෝක දාල එන්නම් "
බොරැල්ලේ දාස බිල්ඩිං එක පහුකරගෙන මරදාන පැත්තට ඇවිදගෙන ගිහිල්ලා පාර පැනලා යනකොට හප්පේ තියනවා බාර් එකක් "හපෝ මචන් ඔතනින් නම් බෑ අපේ හත්මුතු පරම්පරාවම ඉන්නෙ මේ පැත්තෙ. ඔතන පාරෙ ඉඳගෙන බොන්න පුලුවනෑ ? " ඒ මම.
"හරි හරි ටිකක් හිටහං"
තව ටිකක පහලට යනකොට පටු කොරිඩෝවක් අසල අපිට නවතින්න කියලා ලාල් ගියා ඇතුලට. එතනට කියුවේ මැදමිදුල කියලා. තාම තියනවද මන්දා. ටිකවෙලාවකින් ආපහු ආවේ ඡන්දෙන් දින්න අපේක්ශකයෙක් වගේ
"හරි හරි මචන් කෙරවලටම ගිහින් සද්ද නැතිව වැඩෙ කරගමු."
අපි සේරම කෙලවරේම තිබුන කාමරයට ගියා. හරියටම එතන 6 දෙනෙක් උන්නා කියුවොත් නිවරදියි. අපි 6දෙනාම උන්නෙ ට්‍රැක් බොටම් එකට ටී ෂර්ට් එකක් ඇඳගෙන නිසා වැඩිය අනිත් අයගෙ අවදානයට යොමු උනෙ නෑ. ඒත් අපේ හිතෙ තියන විචිකිච්චාවට හැම අඩියක්ම තැබුවේ බයෙන්.
බියර් බෝතල 6ක් අපේ මේසය මත තිබුනා මාළුමිරිස් කෑලි ඩෙවල් එකක් දාලා තිබුනා පස්සෙ තමයි දැන්ගත්තෙ ඒ චිකන් ඩෙවල් එකක් කියලා. අනේ මන්දා මමනම් චිකන් කෑල්ලක් දැක්කෙනම් නෑ එදා. කොහොම හරි එදා බියර් බෝතල් 10ක් බීලා ඒක දැන ගත්තෙ බිලෙන්. අපි නොදැක්කට ලාල්ගෙනම් පොඩි වෙනසක් තිබුනා ඒක ඒතරම් අපට නොතෙරුනේ අපෙත් වෙනසක් තිබුන නිසා වෙන්න ඕනේ. මම කොහොමහරි මරදාන දුම්රිය පලට ආවා ඊටපස්සේ හොඳ නින්දක අවසානය පානදුර දුම්රියපල. ගෙදර ගියා කෑවා නිදි. ඒ එදා මගේ දවස.
අනේ ලාල්, එදා බොරැල්ලෙන්ම අතුරුගිරිය බස් එකක නැගලා ගමනාන්තයෙන් බැහැලා. ඒකියන්නෙ අතුරුගිරිය හන්දියෙන්, අර රෙසින් බයිසිකලය අරන් ගෙදරට ගිහින් තියන විදියෙන් තමයි අම්මා ලාල්ගේ ගේ තරම දැනගෙන තියෙන්නේ අතුරුගිරියෙ ඉඳන් ගෙදරට යනකන් කිලෝමීටර 5ම ලාල් ගිහින් තියෙන්නේ බයිසිකලය කරේ තියාගෙන. එහෙම ගියෙ ඇයි කියලා අපිට දැනගන්න නොලැබුනේ ඒක ඇහුවම ලාල්ගෙන් ලුනු ඇබුල් ඇතිව අහගන්න වෙන නිසා.
ප.ලි. ඇත්ත කතාවක් මඩක් වෙන්න විදියක් නැනෙ? ඒ හන්දා මෙක මඩක් නෙමෙයි.
ඔය ලාල් කියන නමේ ඇත්ත නම හොයාගත්ත නම් තව තව දේවල් අපිට දැන ගන්න තිබුනා.
ReplyDeleteඔව් ඔව් දැනගන්න තිබුනා. නමේ ඉතාම සුලු වෙනසයි කලේ
Deleteහේ හේ ඵට්ටයි... අපිත් එක පාරක් ඔහොම වැඩක් කළා.. කිසිම ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් ඩිමෝ බට්ටව.. කිලෝ මීටර් 8ක් තල්ලු කරන ආවා.. හේ හේ .. අපිට වෙරි වෙලා ත්බ්බේ නැහැ හරි
ReplyDeleteඅන්න බලන්න එහෙනම් ලාල් විතරක් නෙමෙයි
Deleteඌ ඇත්තටම බයිසිකලේ කරේ තියන් ගිහින්ද..ආතල්නේ..:)))
ReplyDeleteඇත්තම කියනවනම් උගෙ ගෑනු ළමයා තමයි මගෙන් ඇහුවෙ ඇයි අර ලාල් අයියා බයිසිකලේ කරෙ තියන් ගියෙ කියලා
Deleteවදින එක වැදිලා නියමෙට..
ReplyDeleteකෙච්චර බිව්වත් බයිසිකලේ කරේ තියන් යන්න හයිය තිබිලනේ ඈ..
ජය..
ලාල් දෙකේ හතරෙ පොරක්
Deleteඇයි එහෙම කරලා තියෙන්නේ?
ReplyDeleteඅපි උපකල්පනය කරපු විදියටනම් යතුරු හිලට යතුර දමාගන්න බැරිව
Deleteඔය කියන බාර් එකෙන් මමත් හතරැස් අඩි බෝතල් අරන් තියෙනවා... හැන්දෑවට රොනට ඇදෙන බිගු කැල වගේ සූ කාල කස්ටිය... ඔතන
ReplyDeleteලාලා එදා බයිසිකලේ කරේ තියාගෙන යන්න ඇත්තෙ ඩෝප් බහින්න... අරක්කු වලින් වගේ නෙමෙයි බියර් වලින් වැදුනොත් පහුවදාටත් වෙරි... අත්දැකීමෙන් කිව්වෙ...
එහනම් අපේ උපකල්පනයට අත්දැකීමෙන් ලද උපකල්පනයක්
Deleteපොර ගංවතුර කියලවත් හිතුවද දන්නෙ නැහැ
ReplyDeleteගං වතුරටත් උන් ඉන්න පැත්ත යට වෙනවා
Deleteබයිසිකලේ රෝද වල හුලන් නැතුව තිබ්බද දන්නේ නැහැ.නැත්තම් හොරෙක් රෝද ගලවලා වෙන්නත් පුළුවන්.
ReplyDeleteනැ නෑ යතුරු හිලට යතුර දමාගන්න බැරිව
Deleteමල්ලියි මමයි නිදාගත්තෙ එක ඇඳේ. අපේ කාමරේ අධි ආරකෂිත කලාපයක්. අම්මවත් පෙර දැනුම්දීමකින් තොරව එන්නෑ. දවසක් මහ රෑ ගෙදර ආපු ගමන් මල්ලි හදිසියෙම කුස්සියට අමුතු ගමනකින් ඇවිල්ලා නෑඹිලිය අරගෙන යනනිසා පස්සෙන් ඇවිත් බලනකොට අයියා රෑට කාපුවා ඇදේ හාන්සිවෙලා ආපහු එවනවලු. මල්ලි නෑඹිලිය අල්ලගෙන ඉන්නවලු.
ReplyDeleteඅන්න සහෝදර ප්‍රෙමය
Deleteමල්ලියි මමයි නිදාගත්තෙ එක ඇඳේ. අපේ කාමරේ අධි ආරකෂිත කලාපයක්. අම්මවත් පෙර දැනුම්දීමකින් තොරව එන්නෑ. දවසක් මහ රෑ ගෙදර ආපු ගමන් මල්ලි හදිසියෙම කුස්සියට අමුතු ගමනකින් ඇවිල්ලා නෑඹිලිය අරගෙන යනනිසා පස්සෙන් ඇවිත් බලනකොට අයියා රෑට කාපුවා ඇදේ හාන්සිවෙලා ආපහු එවනවලු. මල්ලි නෑඹිලිය අල්ලගෙන ඉන්නවලු.
ReplyDeleteමොකද බං දෙපාරක් ඔබලා මොකද ඊයේ නෑබිලිය තිබුනෙ නැද්ද ? නැත්නම් තාම ඩෝප්ද ?
Deleteඅපෙත් පරන පොට් එකක්. රෝහන බෝගොඩ මහත්තය එහෙම එනව නිතරම ඉස්සර....
ReplyDeleteසෑහෙන මතක තියනවා
Deleteමැද මිදුල තාමත් තියනවා අපිත් බැහැපු තැනක් තමා ඒ දවස්වල. මාර අතිතයක්. ඔයත් මං හිතන්නේ අපේ රැහේ එකෙක්ම තමා. මම සුලෝහිතයෙක්
ReplyDeleteඑහෙමයි එහෙමයි ඒ වල්ලෙම පොල් තමා
Deleteමරු පොරක් නේ ජෝන් අයියේ පොඩ්ඩක් හොයල බලන්න මොකද හේතුව කියල
ReplyDeletehttp://chithula.blogspot.com/
යතුරු හිල හොයාගන්න බැරිව
Deleteබිව්වම කට්ටිය ලොවෙත් ආතල් දෙනවා නේද?
ReplyDeleteනැතිව නැතිව
Deleteතනිකර මඩ නේ!.....
ReplyDeleteනෑ නෑ මඩ තවරන ලද සත්‍ය කතාවක්..
හා....හි.....
http://snimalka.blogspot.com/
මෙ පැත්තටත් ගොඩවෙන්න
අන්න ඒ කියමන ලස්සනයි
Deleteමොනවා බං කරේ තියාගෙන? ඒ අර බල්ලට මචං කියන සයිස් එකට වැදුනාම කරන වැඩක් නෙ.
ReplyDeleteමේ චාටර් වැඩ වෙන තරමක් වෙන්නෙ බ්ලොග් ලියන උන්ගෙ යාලුවන්ටනෙ යකෝ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒකනේ ඌත් සුලෝහිතයෙක්
Deleteඋඹල ඔහොම කොචොක් දාන එක වැරදියි ලාලට. යතුර තැනි උනාම උස්සගෙන නැතිව පැදගෙන යන්නද බොලං..
ReplyDeleteනෑ නෑ හිල හොයාගන්න බැරිව
Deleteහික්ස්! ලාලා පවු යකෝ! උඹලටත් ටිකක් උදව් කරන්න තිබ්බා! ;)
ReplyDeleteමොකක් කිව්ව, යතුරු හිල හොයාගන්න බැරුව බයිසිකලේ කරේ තියන් ගිහින්, අප්පේ ... වෙලාවට ඌ ඒ දවස්වල කසාද බැඳල නොහිටියෙ.
ReplyDeleteඔව් එකා බයිසිකලේ පැද්දනම් හොම්බෙන් යන්න තිබ්බා ඔලුවත් පාත් කොරන් ඔක පදින කොට අපුච්චේ
ReplyDeleteමටනම් මතක තියෙන්නේ බොරැල්ල ඊඒපී එනයි දාස එක ළග සුදීපා එක ඉස්සරහ තියෙන තැනයි. හැන්දෑවට නම් ඊඒපී එක මරු තැනක් සංගීත සාජ්ජයක් අනිවාර්යෙන් සෙට් වෙනවා.
ReplyDeleteලොකු ජෝන්ලගේ සෙට් එකේ හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙට වගේ..
හ්ම් හ්ම් ඊඒපි..
Deleteහොඳ වැදිල්ලක් වැදිලා තියනවා. ඒක ලාල් ගේ හොඳට උනා වෙන්නත් තිබුනා. යතුරු හිල හොයා ගන්න බැරි ලෙවල් එකෙන් පැදගෙන ගියා නම් කොහොම තියෙයිද..
ReplyDeleteලාලට වෙච්ච දේයක්
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
මමත් බයිසිකලේ කරේ තියන් ගියා එත් බිලා නෙවෙයි බොන්න යනගමන්.
ReplyDeleteහප්පා... පට්ට හොඳේ...
ReplyDelete