he

Tuesday, November 6, 2012

131.කැබ් රියදුරා

ත්‍රීරෝද රථ වල කලදසාව වෙනස් කලේ මීටර් කියුවොත් මා කියුවෙ බොරුවක් යැයි කිසිවෙකු නොපවසනු ඇත. සමහර වේලි වෙලී හුන් ත්‍රීරෝද රථවලට දැන් ගජරාමෙට වැඩ ඇත.

 මීටරෙ ඇති ත්‍රීරෝද රියක නගින්නට බොහෝ අය අකමැති නොවෙති. හේතුව පෙරමෙන් හිතු හිතු අයකිරීම් කරන්නට මීටරය ඉඩ නොදෙන නිසාවෙනි. මීටර නැති ත්‍රීරෝද රියකට නැගිවිටක බහින විට අයකරන මුදල පිලිබඳව ගමන යන්නා යන්නෙ දෙගිඩියාවෙනි. සමහර විටක රථයට ගොඩවදිනවිට කතාකරගත් මුදලට වඩා ත්‍රීරෝදරථ රියදුරන් ඉල්ලන්නේ අතන මෙච්චර වෙලාවක් නවත්තගෙන උන්නා , අතනට ගියා මෙතනට ගියා ... යනුවෙන් මැසිවිලි නගමිනි.


ත්‍රීරෝදරථකරුගේ පැත්තෙන් එහි වරදක් කීමටද නොහැකිය. අද කොළඹ නගරයේ මීටර සීයක පෙනෙන දුරක් වාහනයකින් යන්නට කිලෝමීටර 2ක් පමන වාහනය ධාවනය කිරීමට සිදුවේ.
"මේ පේන දුරට එච්චර දෙන්න බෑ"
එවැනි අවස්තාවල අපේ ත්‍රීරෝදරථ රියදුරන්ට තම සේවාදායකයන්ගෙන් අසන්නට ලැබේ. ගමනේ වටිනාකම සලකා බැලුවොත් එහි අසාධාරණයක්ද නැත. එහෙත් ඒ වෙන ඉන්ධන නාස්තිය බොහෝවිට දරාගන්නට සිදුවන්නේ ත්‍රීරෝද රථ රියදුරන්හටය.

…මීටරේට පින් සිදුවන්නට අද බොහෝ ත්‍රීරෝද නැවතුම්පලහි වාරය (Turn) එකට මරාගන්නා අය අඩුය. ගමේ වැල ගමෙ කපුටන්ට තියරියද අඩුය. පාරේ යන ඕනෑම ත්‍රීරෝදරියකට අත දමා යාමට හැකිය. මා මේ කීවේ පෙර මරා ගැනීම් හා සසඳාය.

…මීටර නිසා ත්‍රීරෝදරිය වෙත ඇදුන සේවාදායකයන් ඉන් ඉවතට ගෙන තමාවෙත ඇදගන්නටද කෙනෙකු පැමින ඇත. ඒ ටාටා කොම්පැනියෙන් ගෙන්වූ නැනෝය. ටාටා නැනෝ ටැක්සියක AC දමාගෙන ත්‍රීරෝදරියේ මිලටම යාමට දැන් සාමන්‍ය ජනතාවටද හැකිය. 

දවල් දවසේ ගෙදරටවී ඉන්නා ගෘහනියො තම හිතවතුන් නෑදෑයින් හමුවීමට පොළට යාමට බොහෝවිට අද පාවිච්චි කරන්නෙ ත්‍රීරෝදරථ නොව නැනො ටැක්සිය. ත්‍රීරෝදරියට වඩා ප්‍රෞඩත්වයක් නැනො තුලින් දකින්නට බොහෝ ගෘහනියො සමත්ව සිටීම නැනෝ ප්‍රච්ලිතවීමට එක් හෙතුවක් බව තතු දත්තො පවසා ඇත. 

ඇත්තම කියනවානම් මා අද ලියන්නට සිතා සිටියේ නැනෝ ගැනවත් ත්‍රීරෝදරථ ගැනවත් නොවේ. ඒත් මේ පඳුර තලන්නට සිදුවූයෙ නිකමටය. 
ඔන්න අර කලින් කියුවා වගේ ප්‍රෞඩත්වයට ගමන් යන්න කැමති එක් ගෘහනියක් …එයාට එයාගෙ මහත්තයා, ගෙදර ඉන්නවෙලාවට හතරවටේට කතාකරන්නයි පාලුවේ ඉන්නවෙලාවට කන්තොරුවට කතාකරලා එයාට කරදර කරන්නයි අරන්දීලා තිබුන ජංගම දුරකතනයෙන් නැනෝ කැබ් ටැක්සි සර්විස් එකකට කතාකලා. ඒ කතා කලේ හවස්වරුවේ ශොපිං යන්න ගෙදරටම වාහනයක් ගෙන්වා ගන්න. අදාල ආයතනයට තම ලිපිනයත් යන්න ඕන තැනත් කියලා හරියට 4ට තමන්ගෙ ගෙදර දොරකඩට පැමිනෙන ලෙස දන්වුවා. ඔන්න එදා හරියට 4ට විනාඩි පහක් තියලා අදාල කැබ් ආයතනයේ වාහනයක් තමන්ගෙ ගෙදර දොරකඩට පැමිනියා. ඔන්න මේ කාන්තාවත් හොඳට කැපීපේන්න හැඩ වැඩවෙලා කැබ් රථයේ පිටුපස ආසනයෙන් වාඩිවුනේ ශොපිං යන්න. 

කැබ් රියදුරා කිසිම සද්දක් බද්දක් නැතිව ගමන යනවා. ඔහු ටිකක් මැදිවියෙ කෙනෙක්. ඔහු දැන් දිගටම ගමන යනවා. මෙන්න ඇය යන්න උවමනා තැන පහුකරගෙන ඔහු යනවා. ඇය ඒ බව ඔහුට කියුවා. එය ඔහුට එය නෑසුනාසේ තවත් ඉදිරියට යනවා. කනේ කන්යොමුවක් ගසාගෙන උන්න බව දැකීමෙන් ඇය තෙරුම් ගත්තෙ ඔහු ශ්‍රවනාබාදිතයෙකු බවයි. 

 කැබ් රියදුරාගේ පිටට තට්ටු කර ඔහුට කතාකරන්නට තැත් කරනවාත් සමගම, 
ඇය දෙස බැලූ කැබ් රියදුරා මරහඩ දීගෙන යටිගිරියෙන් කෑගසමින් එහාට මෙහාට සුක්කානම කරකවා අසල තිබූ දුරකතන කනුවක් මත කැබ් රථය වද්දන ලදි...........

…කැබ් රියදුරාටද ඇයටද සිහිනැති වූ අතර අසලට රැස්වූ පිරිස මොවුන් දෙදෙනාවම රෝහල් ගතකරනු ලැබීය. රෝහලේදී මොවුන් දෙදෙනාගෙන්ම පොලීසිය පැමින කට උත්තර ගන්නා ලදි


 "අනේ මන්දා මේ මනුස්සයට මම කතාකරලා යන්න ඕන තන පහු උනා කියුවා විතරයි මේ මනුස්සයා යටිගිරියෙන් කෑගහලා වාහනෙ හැප්පුවා. මට මතක එච්චර යි." ඒ ඇගේ කට උත්තරය.

 "අනේ රාලහාමි මම කැබ් ඩයිවර් කෙනෙක් නෙමෙයි. මම මේ කැබ් සර්විස් එක අල්ලපු මල් ශාලාවෙ හර්ස් ඩයිවර්. 
අවුරුදු 20ක් තිස්සෙ එලවන්නෙ හර්ස්. 
කැබ් සර්විස් එකට හයර් එකක් ඇවිත් යන්න කවුරුත් නෑ කියල මට යන්න පුලුවන්ද කියලා ඇහුවා. 
මෙච්චර කාලෙකට මගෙ වාහනෙ පිටිපස්සෙ ගියකෙනෙක් මට කතාකරලා නෑ "

53 comments:

  1. හි හි....
    හයියෝ.......

    ReplyDelete
  2. යකෝ ඇති ඔයින් ගියා... හික් හික්...

    ReplyDelete
  3. හි හි මරු කතාව ජෝන් .

    ReplyDelete
  4. හපොයි....!!!
    ආයිත් යන එකක් නෑ කැබ්සර්විස් එකක.

    ReplyDelete
    Replies
    1. ඇයි ඩ්‍රයිවර් ආයෙ හර්ස් එලවන එකක් නෑ

      Delete
  5. මං හිතුවා අර නෝනාගේ මේකප් හින්දා මනුස්සය බය උනා කියලා

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ එහෙම

      Delete
    2. අඩේ මටත් හිතුනේ එහෙම තමා

      Delete
    3. එහෙම උනානම් මේ කතාවෙ හිනායන කෑල්ලක් නැතිවෙනවා. මොකද ගෑනු කොහොමත් මෙකප් දැම්මම බලන්න බය මූනක් තමයි පේන්න තියෙන්නෙ. ඒ අය හිතනවා ලස්සනයි කියලා. හරි නැද්ද මම අහන්නේ ?

      Delete
    4. මට හිතුනෙත් ඒකම තමයි :D

      Delete
  6. Replies
    1. කොහොමත් ඩ්‍රයිවර් මළ කෙලිනෙ දකින්නෙ

      Delete
  7. ඇති ඔයින් ගියා. :O
    මෝල්ඩිව්ස් වල ජෝන්, ත්‍රී වීල් නෑ. ටැක්සි ඔක්කොම AC තියෙන අලුත්ම කාර්. ඩ්‍රයිවර් ටැක්සි කම්පනි එකත් එක්ක හැමතිස්සෙම CB radio එකෙන් සම්බන්ද වෙලා ඉන්නෙ. යන ගමනුත් පාර අහනවා සමහර වෙලාවට. මීටර් නෑ. ඕනෙ තැනකට ‍ෆික්ස්ඩ් චාජ්. ට්‍රන්ක් එක ඇරියොත් ගාන වැඩියි. මග නැවැත්තුවොත් ඩබල්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දූපතෙන් දූපතට යන්න බෝට්ටු ටැක්සි නැද්ද?

      නියම කතාව ජෝන්

      Delete
    2. බෝට්‍ටු ටැක්සි නෙවෙයි මුදියන්සේ, එයා ටැක්සි තියෙනවා (වතුරෙ බාන්න පුලුවන් සී ප්ලේන්). නමුත් දූපත් අතර ෆෙරී සර්විස් තියෙනවා අඩු ගානකට.

      Delete
    3. අර සබ්මැරීන් කතාවෙන් පස්සෙ බලන්න ආසාවක් ආවා

      Delete
  8. හෆොයි ....

    හර්ස් ඩ්‍රයිවර්ල බ්ලොග් කියවන්නෙ නැති නිසා හොඳයි, නැත්නම් කස්ටිය එයි දැන් රෙදි කරට අරන්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං , දැන් උඹලා කවදාහරි හිතුවද මැසින් බාස්කෙනෙක් බ්ලොග් ලියයි කියලා

      Delete
    2. දැන් ලෝකෙ දියුනුයි දැන් අන්තර් ජාලෙ නැත්නම් නිකන් කෑවෙ නෑ වගේ

      Delete
    3. අපොයි අටම් අයියා, එහෙම අදහසකින් කිව්ව නෙවි. බ්ලොග් කියවන පොලිස්කාරයෙකුත් මට මෙච්චර කාලෙකට අහුවෙල නෑනේ. ආවත් එයාල සද්ද වහලම යනවද මන්ද.

      Delete
  9. පට්ට කතාව.
    ඒකනේ.. කවද්ද පිටිපස්සේ ඉන්න එකෙක් කතා කලේ.

    ReplyDelete
  10. හි හී මාර කේස් එක. අර මනුස්සයා හිතන්න ඇති යන්නෙ මිනී කාර් එකේ කියලා...හොල්මන්ද පොල්කොල...

    ReplyDelete
  11. පවු යකෝ අසරණ හර්ස් ඩයිවර් අයියා!! හික්ස් හික්ස්!

    ReplyDelete
  12. හක්ක හක්ක හක්ක

    ReplyDelete
  13. කොහොමත් හොල්මන් දැක්කම බය හිතෙනවා තමයි. :P

    ReplyDelete
  14. ඩ්‍රයිවර් ගේ සිහිය තමා සිහිය :D

    ReplyDelete
  15. පට්ටම කතාව මචෝ.. ලිපියේ මුල් ටිකත් හරි වටිනවා
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  16. නියම කථාව.... ඇත්තටම හිනාගියා... මරු...

    ReplyDelete
  17. නැනොයි 3 වීලුයි දෙකම නැතුව ගිහින් තව ටික දවසකින් ‍3 වීල් සයිස් පොඩි හෙලිකොප්ටර් එනව කියල සූරියප්පෙරුම මහත්තය කිව්ව... කඩේ ගිහින් බඩු මල්ලත් අරන් ගෑනු ඇවිත් පාර අයිනෙ පාක් කරල තියෙන හෙලිකොප්ටරේට නැගල "මල්ලි මාව ගිහින් අපේ වහලෙ උඩින් බස්සවන්න" කියයිලු...

    ReplyDelete
  18. පවු අප්පා අසරණයා .......... :D :D :D

    ReplyDelete
  19. අනේ ඇත්තට මෙහෙමත් ඒවා වෙනවනේ හේහේ..

    ReplyDelete
  20. ඇත්ත නේ ඩ්‍රයිවර් ගේ කතාව... :D

    ReplyDelete
  21. ඇත්ත නේන්නම්.. හර්ස් එකේ පිටිපස්සේ යන එකා කතා කරනවායැ. කොහොම වුනත් ‍දැන් කොළඹ ඇතුළෙ වීල් එකකින් යන එක ලාබයි මීටරේ නිසා.

    ReplyDelete
  22. නියම කතාව ...........
    අදයි මෙ පැත්තෙ ගොඩවුණේ!.......
    වෙලාවක අපේ දිහාවෙත් ගොඩවෙන්නකෝ!.........
    http://snimalka.blogspot.com/

    ReplyDelete
  23. හික් හික්.. මම එහෙම හිටියනම් හාර්ට් ඇටයක් හැදිලා මැරෙනවා බයවෙලා හිකිස්..... මාරු කතාව ජෝන් අයියේ ඊයේ බැලුවා ඔෆිස් එකේ වැඩ වැඩි නිසා කොමෙන්ටුවක් දාන්න අමතක උනා ඔන්න අදත් ආවා

    ReplyDelete
  24. බුඩු අම්බෝ ඇති ඔයින් ගියා...ඩ්‍රයිවර් හිතන්න ඇති මෝහිනී තමයි කියලා.

    ReplyDelete
  25. හි හි... මටත් හිතුනේ මේකප් එකට කියලා.. පස්සෙනෙ වැඩේ තේරුනේ.. සිරා සීන් එක...


    ජය..

    ReplyDelete
  26. මේක ඇත්ත සීන් එකක්ද?
    මට නම් හිනා ගියා නහුතෙට :d

    ReplyDelete
  27. තව පොඩ්ඩෙන් ඒ මනුස්සය යනවා හර්ස් එකේම ගෙදර..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..