he

Thursday, January 17, 2013

වේලාසන ගෙදර යන්න ඕන උම්මා එකක් දෙන්න

හුඟක් දවසක් බ්ලොග් ලිපියක් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. මම කලින් ලියපු "තැඹිලි වතුර" කතාව සහ "කොචිචි මිරිස්" කතාවල මගේ පොඩි දුවගේ වැඩ ගැන කතාකලා. ඒ කතා දෙක නොබැලුවනම් බලන්න. අද මම කියන්න යන්නේ ඒ වගේ දඟ වැඩක් ගැන නම් නෙමෙයි.


පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
…මුල්ම දවස අදවේ
…මුල්ම දවස අදවේ
…බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …
…මා තනි කල මොහොතේ
…මා තනි කල මොහොතේ

…අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
…මතු යම් දවසක වියතෙක් වනු මැන
…සිතෙන් පැතුම් පතලා
…ඔහු පන්තියෙ තියලා
…මා වෙන්වෙන මොහොතෙ
…පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
…ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට


…පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
……මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ

…සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
…පුතු තනි කරලා පංතියෙ තියලා
…මල්ගස් යට සෙවනේ
…පුතුගෙ සුවඳ පවනේ
…මා තනි වූ මොහොතෙ
…පංතිය නිම වී පුතු ඇවිදිල්ලා


…මේතනින් ඒ ගීතය අහන්න


…ඇන්ජලීන් ගුනතිලක ගයන මේ ගීතය මට මතක් උනා. ගීතයේ පුතෙක් ගැන කතා කලත් කරන වැඩවල හැටියට මගේ පොඩි දුවත් පුතෙක් වගේ දඟයි. ඒ හන්දා වැඩි වෙනසක් නෑ.



පොඩි දුවගේ ආච්චිලා දෙන්නා මෙ කෙල්ලට නම් දෙකක් දාලා තියෙන්න. අම්මගේ අම්මා, දුව කියන්නෙ "අම්මම්මා" කියලා එයා කියන්නේ "ඇට්ටරී" කියලා .

මගේ අම්මා, ඒ කියන්නේ දුවගේ තාත්තම්මා කියන්නේ "ගල්ටික්" කියලා

නම් දෙකෙන්ම හිතාගන්න පුලුවන්නේ තරම.

……ගීතයේ මුල්කොටස "පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
…ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට" තැනට යනතුරු මම අද උදේ අත්වින්දා
…දුවගේ අම්මනම් ගීතයේ සම්පූර්න අත්දැකීම විදින්න ඇති.

…ඉස්කොලේ පලමු දවස එයාට අමතක නොවන තව හේතුවක් තියනවා. අද එයාගේ උපන් දිනය ....
ඒ හන්දයි වේලාසන ගෙදර යන්න ඕන පුංචි කෙල්ලට උම්ම එකක් දෙන්න

39 comments:

  1. දුවට සුභ උපන්දිනයක්.. අකුරු කරන්න පටන් ගත්තටත් ඉතිං සූභ පතන්න ඕන නෙව. හොදින් ඉගෙන ගන්න කියල.. ඔය තාත්තා වගේම නරක ලමයෙක් වෙන්නට..

    ReplyDelete
  2. මේ ජොන් මල්ලි දැං අමතක වෙනවද ගණන් කරලා දාන්න.. හික්...

    ReplyDelete
  3. මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ .මටත් තාම මතක් වෙනව මුලින්ම පාසල් ගිය දවස මේ ලිපිය කියෙව්වම.
    …කොහොම උනත් චූටි දුවට සුභ උපන් දිනයක් පතන ගමන් ඇයගේ අනාගතය සුභ වෙන්න කියලත් පතනවා .

    ReplyDelete
  4. ගෙදර ඔහොම කස්ටිය වැඩිදෙනෙක්... මරන්න ගෙනියන හරක් වගේ ඔය දවසට.. මටත් තාම මතකයි මගේ මුල් දවස... බබාගේ අම්මටත් උම්මා එකක් දෙන්න මගේ ගානේ.....

    ReplyDelete
  5. මුලින්ම ස්කෝලෙ ගිය දවස ආයෙත් මතක්වුණා ආයෙත්.. චූටි දෝනිට සුබම සුබ උපන්දිනයකුත් වාසනාවන්ත සුබ අනාගතයකුත් ප්‍රාර්ථනා කරනවා..!!! :)

    ReplyDelete
  6. සුභ උපන් දිනයක් පොඩ්ඩිට..

    මං ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ හිටියලු අනිත් අඬන අයට හිනාවෙවී.. ගෙදර ආවේ මං ආයිත් ඉස්කෝලේ යන්නේ නෑ කියාගෙනලු... හි හි

    ReplyDelete
  7. දු පටියට සුබ උපන්දිනයක්..!!!!!!
    මට ඔය වාසනාව නෑ. මගේ දරුවා ඉස්කෝලේ යනකොට තියා එයාගේ උපන්දිනේකටවත් මට තාම එය ළඟ ඉන්න බැරිඋනා,
    සුභ අනාගතයක් වේවා...!!!!!!

    ReplyDelete
  8. සුබ උපන් දිනයක් ,,,,දෝනිට

    ReplyDelete
  9. ආදරණිය දෝණිට සුභ උපන් දිනක් වේවා කියල කියන්න. එයා ට මේ දවස සාදා මතකයේ තියේවි. හොඳ සිහිවටනයක් තබන්න.

    ReplyDelete
  10. ආදරණිය දුවට සුභ උපන් දිනක් වේවා කියල මං කිව්වා කියන්න..

    මං මුලින්ම ඉස්කෝලෙ ගියපු දවසෙ ටීචර්ට බුලත් දෙන්න පෝලිමේ යද්දි ලඟ හිටපු කෙල්ලෙක්ට උම්ම එකක් දීල.. ඒකි මහ හයියෙන් අඬල.. ඒ ගනිපු ෆොටෝ එක බෑතක් වෙනකම් තිබුණ.. හි හි

    ReplyDelete
  11. ඔන්න ඉතිං නාඩියා ත් සුභ පැතුවා ඈ!

    ReplyDelete
  12. දෝනිට සුභ උපන්දිනයක් වේවා! හොඳට ඉගනගන්න දෝනියේ.

    ReplyDelete
  13. නංගියට සුබ උපන් දියනක් කිව්වා කියන්න, (මම ඉස්කෝලෙ ගිය දවසේ ගේට්ටුව බලාගෙද ඇඩුවලු,පස්සෙ මාව අක්කා,කෙනෙකුයි අයියා කෙනෙකුයි උස්සන් ගිහහින් තියෙන්නෙ ඉස්කෝලේ ඇතුලට)

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් සහ සුබ පාසැල් දිනනම් මොන්ටිසෝරි යන නිසා ඉස්කෝලෙ යන ලමයි අඩන්නෙ නැහැ...

    ReplyDelete
  15. අපෙනුත් සුබ පැතුම් කියන්න...

    ReplyDelete
  16. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  17. දුවට සුබ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  18. මෙන්න මගෙනුත් උම්ම එකක් .......... සුභම සුභ උපන්දිනයකට ආසිරි .... ඩී

    ReplyDelete
  19. දොනිට සුභ උපන් දිනයක් පතනවා!!..
    මේ පොස්ටුව දොනිට හොද සිහිවටනයක් වෙයි..

    ReplyDelete
  20. දෝණිට සුබම සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  21. දුවට සුබ උපන් දිනයක් පතමි
    හොඳින් ඉගෙනගන්නට මගේ ආශීර්වාදය

    ReplyDelete
  22. සුබ උපන් දිනයක් වගේම අදින් ඇරඹෙන පාසෙල් දිවිය ප්‍රීතිමත් වැඩදායක එකක් වේවායි කියල පතනවා.

    මගෙ පොඩි කෙල්ල ඊයේ රෑ ගියා. අපි එයා ගිය යානය ගුවන්ගත වෙනවා බලන් ඉඳල ඔහේ හොල්මන් තුනක් වගේ ගෙදර ඇවිල්ලා වැටිලා නිදා ගත්තා. පොඩිවට හිටියා නම් කොච්චර හොඳද කියල මට හිතුනා.

    ඒයි.. අද වැඩට ආවාට තත්තට ගහන්නයි වටින්නේ.. දුවපන් .. ගිහින් ඉස්කෝලෙ ගේට්‍ටුව ගාව ඉඳලා වඩාගෙන උම්ම එකක් දෙන්න..

    ReplyDelete
  23. සුබ උපන් දිනයක් සහ සුබ පලවෙනි පාසැල් දිනයකුත්.

    පොඩ්ඩිත් ඉස්සල්ලාම 'අපි නම් අඬන්නේ නෑ' කියලා හිනාවෙවී ගිහින්, අනික් අය අඬනවා කියලා කෑගහලා ඇඬුවලු. ඔය පොඩ්ඩි නම් එහෙම අඬන එකක් නෑ.:-D

    ඔන්න මගෙනුත් ලොකූඌඌඌඌඌඌ උම්ම්මා එකක්...

    ReplyDelete
  24. දුවට සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  25. දුවට සුභ උපන්දිනයක් වේවා. එමෙන්ම අනාගතේ බුද්ධිමත් පුරවැසියෙකු වීමට වාසනාව ලැබේවා.

    ReplyDelete
  26. අනේ මගේ පොඩ්ඩිත් මොන්ටිසෝරි යන්න පටන් ගත්තා මේ ජනවාරි 10 වෙනිදා ඉඳලා. ඒත් ඔය ඇන්ජලීන් ගේ සින්දුවේ වගේ පන්ති ඉවර වෙනතුරු පාසැල් භූමියේවත්, පාසැල් භූමිය අවටවත් රැඳි ඉන්න එක පාසැල් පාලන අධිකාරියෙන් තහනම් කරලා නිසා එයාව ටීචර්ට භාර දීලා මට ගෙදර යන්න උනා. ඔය කියන විදියට කඳුළු පිරුනේ දුවගෙ ඇස් වල නෙවෙයි මගෙ ඇස්වලයි. එයානම් ඇස් වල හිනාව පුරෝගෙන මට "බායි අම්මී" කියලා කිව්වා.

    හවස එක්කගෙන එන්න ගියාම කිවුවා "අම්මී එතන ඉන්න බබාලා ඔක්කෝමලා අඬනවානේ" කියලා.

    ජෝන්ගේ දුවටත් සුබම සුබ උපන්දිනයක් සහ සුබම සුබ අනාගතයක්!හොදින් ඉගෙනුම ලබා රටට දැයට වැඩදායි කෙනෙක් වීමට ලැබේවා!

    ReplyDelete
  27. චූටි එකීට සුබ අනාගතයක් සහ සුභ උපන්දිනයක් සමඟ ඩූඩ් මාමාගෙනුත් උම්මා එකක්!

    ReplyDelete
  28. සුභම සුභ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  29. දුවට සුභම සුභ උපන්දිනයක් වේවා!
    සුභ අනාගතයකුත් පතනවා....

    ReplyDelete
  30. දූට සුබම සුබ උපන්දිනයක් ! දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් චූටි දූට උදාවෙන්න කියල මම ප්‍රාර්ථවා කරනව.

    මටත් ලාවට වගේ මතකයි ඉස්කෝලෙ ගිහිපු මුල්ම දවස.

    ReplyDelete
  31. චූටි දූට සුභ උපන්දිනයක්. ඒ වගේම ඉගෙනීමේ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියල පතනවා.

    මම නං ආයෙ අඩුවෙ නෑ. හොට්ට පෙරං අඩල තියෙන්නෙ මොට්ට සෝරි යන කාලෙ. ඉස්කෝලෙ ගියා චණ්ඩිය වගේ

    ReplyDelete
  32. චූටි දුවට සුභ උපන්දිනයක් / සුභ අනාගතයක් වේවායි මමත් පතනවා.....ඇන්ජලින්ගෙ ගීතය මමත් ඉතාමත් ප්‍රිය කරන ගීතයක්...

    ReplyDelete
  33. වාසනාවන් වාසනාවන්......

    ReplyDelete
  34. ඉස්කෝලෙ ගිහිල්ලා අපේ ෆැකල්ටියටම එන්ඩ ලැබේවා!!

    ReplyDelete
  35. මමත් දින කිහිපයකට කලින් ඔය අත්දැකීම වින්දා.. ඒ මගේ පුතත් ඉස්ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය නිසා.. අපිටනම් ඔය සින්දුවෙ තියන අත්දැකීම් විදින්න ලැබුනෙ නෑ..

    අපේ පුතා මගේ අම්මට කියන්නෙ "අම්මම්මා" කියලා.. ඒ නංගිගෙ දුව අම්මට අමතපු විදිහ දිගටම යන නිසා.. අයියගෙ ළමයිනුත් එහෙමමයි කතා කරන්නෙ..

    චූටි දුවට සුබ අනාගතයක් පතනවා !!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..