he

Saturday, March 16, 2013

බ්‍රොකර් කොමිස්


මේ කියන්න යන කතාව කොමිස් ගැන කතාවක්. මම දන්න බ්‍රොකර් මහතෙක් කියපු කතාවක්.

 හුඟදෙනෙක් පුරුදුවෙලා ඉන්නෙ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් හම්බ කරන්නනේ. මම දකින විදියට මෙ කොමිස් ගැහිල්ලත් අන්න ඒ වගේ අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් හම්බ කරන්න පුලුවන් දෙයක්. හැබැයි හැකියාව වගේම හොඳ පුද්ගල සබඳතාවයන් එහෙම තියෙන්න ඕන

…විකුනා ගන්න බැරි කුනු බඩු විකුනලා ලොකු කොමිස් තියාගන්න අයත් අප අතරෙ ඉන්නවා.… හැබැයි ඒකට කට්ට කෛරාටික වෙට්ට පිත්තල වෙන්න ඕන. නියම තැනට ඒ කියන්නෙ හරි තැනට හරි ඇනේ ගහන්න පුලුවන් කමක් තියෙන්න ඕන.ඒක හැකියාවත් එක්ක යනදෙයක්.

විකුනුම් කරන බොහෝ දෙනෙක් කාලාන්තරයක් ප්‍රගුන කරපු කලාවක් තමයි ගැනුම් කරුවන් ඇන්දිල්ල. ඔය ඇන්දිල්ල හරියට කලාම තමයි අර මම කලින් කියපු කොමිස් එක ලොකුවට ලැබෙන්නේ. දෙශපාලුවොන්ටනම් නම් ඕක ජන්මයෙන්ම පිහිටනවා. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.



මේ කියන්න යන කතාව 1991දි විතර උන කතාවක්. එක පුද්ගලයෙකුට අයිති අක්කර 2ක ඉඩමක් විකුන ගන්න බැරිව තිබුනා. මිනිහා පත්තරෙ දැම්මා, දන්න අදුනන බ්‍රොකර් මහතුන්ට කියුවා, ඒත් වැඩක් නෑ ඉඩම විකුන ගන්න අමාරුයි.

වැස්ස දවස්වලට ඉඩමට යන පාරක් හොයාගන්න අමාරුයි. හේතුව උනේ ඔය ඉඩම තිබුනේ වැවක් කිට්ටුව. හැබැයි යාබදවත් නෙමෙයි. යාබදවනම් හෝටල් කාරයෙකුට හරි විකුනගන්න තිබුනනෙ.(ඒත් ඒ දවස්වල එහෙම වෙළඳපොලක් තිබුනෙත් නෑ. ) මිනිහා අක්කරයක් රුපියල් 25000 ගානෙ තමයි කියුවේ. අන්තිම වෙනෙකොට අක්කරය රුපියල් 20000 බැස්සා ඒත් ගැනුම් කරුවෙක් හොයාගන්න බෑ.

…ඔන්න ඔය කාලේ මම අර කලින් කියපු ආකාරයේ කට්ට කෛරාටික වරිගයේ බ්‍රොකර් මහත්තයෙක් මේ ඉඩමෙ අයිතිකාරයට මෙන්න මෙහෙම යෝජනාවක් කරලා.

"මහත්තයා මට ලක්සයක් දෙනවා නම් මම මේ ඉඩම විකුනලා දෙනවා "

…"තමුසෙට පිස්සුද ඕයි මට මේ ඉඩම රුපියල් හතලිස්දාහකට වත් විකුන ගන්න බැරිව ඉන්නවා "

 "හරි මහත්තයා මම මේ ඉඩම ලක්ස පහකට විකුනලා දෙන්නම්. මට ඔප්පු විස්තර දෙන්නකො මම හෙට බයර් කෙනෙක් එක්ක එන්නම් "

…කියුවා වගේම ඒ ගනුදෙනුව රුපියල් ලක්ස 5කට සිදුකර බ්‍රොකර්වරයා රුපියල් ලක්සයක් කොමිස් හැටියට ලබාගෙන ඇත. එය ඔහුගේ දක්ශ කම මත උපයාගත්තකි. බ්‍රොකර් වරයා නියම ඇනය තෝරා නියම වේලාවට ගැසු නිසා ඒ ගනු දෙනුව සිදුවී ඇත. ඉඩම විකුනා ඇත්තේ වතුර බෝතල් කර විකුනන කර්මාන්තශාලාවකට ඉඩමක් හොයමින් සිටි ගැනුම් කරුවෙකුටය.

පසු සටහන
රාජකාරී වැඩ වලින් බැහැර වෙලා ගෙවුන දවස් කීපයක් තමයි පහු ගිය ටිකේ ගෙවුනේ. උඩින් පල්ලෙන් වගේ අන්තර් ජාලේ සැරි සැරුවට හරියකට බ්ලොග් පොස්ට් එකක් කියවලා කමෙන්ටුවක් වත් දාන්න ඉඩක් ලැබුනෙ නෑ. 

28 comments:

  1. ඔයා කියන මනුස්සයත් දක්ෂයෙක් තමා ඒ උනාටසමහරක් බ්රෝකර්ලා යක්ෂයෝ වාගේ

    ReplyDelete
  2. බ්රෝකර් වැඩ හරියට කරන්න නම් ඉතින් දක්ෂ කමයි කට්ට කමයි වගේම ටිකක් විතර යක්ෂ කමකුත් තියෙන්න ඕනෙ...

    ReplyDelete
  3. මේක කියවනකොට මතක් උනේ.අපි ඉස්කෝලේ යනදවස්වල යාලුවෙක් හිටිය.ඌ අපේ කැඩුන බිදුන විකුනගන්ට බැරි හෙම දෙයක්ම විකුණලා කොමිස් එකක් ගන්නවා..හැබැයි ඌ ඔක්කොම විකුනන්නේ පොඩි අඑවුන්ට විතරයි..

    ReplyDelete
  4. ඔව් බ්‍රෝකර් කෙනෙක් නොවුනට සේල්ස් රෙප්ලා කරන්නෙත් ඔයවගේ දේනෙ. හොඳ සේල්ස් රෙප් කෙනෙකුට පුලුවන් කියනවනෙ එස්කිමෝ කෙනෙකුට ෆ්‍රිජ් එකක් විකුණන්න වුනත්.

    හැබැයි මම පස්සෙ දැනගත් විදියට එස්කිමෝලට ෆ්‍රිජ් වලින් වැඩක් තියෙනවලු, කෑම අවට උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකින් තියාගන්න.

    ReplyDelete
    Replies
    1. //කෑම අවට උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකින් තියාගන්න.//
      ඇයි මීයන්ගෙන් කෑම පරිස්සම් කරගන්න.

      Delete
  5. මම නම් අහල තියෙන්නෙ එස්කිමෝලට ප්‍රිජ් නෙමෙයි අයිස් විකුනපු බවයි.අපේ ගමේ හිටපු කාර් බ්‍රෝකර් කෙනෙකුත් ඔහොමයි.හොඳ කාර් එකක් තියනව නෝනයි මහත්තයයි යනව මිසක් පස්ස සීට් එකේ මැස්සෙක්වත් වහල නෑ කියල ගිහින් බලනකොට පස්ස සීට් එක මැස්සෙකුටවත් වහන්න බැරි වෙන්න දිරලලු.

    ReplyDelete
  6. අම්මපා බ්‍රෝකරයලත් එක්ක වැඩ කරන එකත් පණ යන වැඩක් තමා.

    ReplyDelete
  7. බොලව්, ඉස්සර අපේ ගෙවල් උඩහා හිටපු මනුස්සයෙක් වාරයේ නවත්තලා තිබ්බ නැවක් වික්ක සුද්දෙකුට. කිව්වට විස්වාස කරන්නෑ කව්රුත්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකම මිනිහෙක් ප්‍රංශයේ අයිෆල් කුළුණ දෙපාරක් විකුනලා තිබුනා යකඩ වලට.

      Delete
    2. මගුල් කැපුවොත් එක්තරා විදියක බ්රෝකර්ලා ජාතියක් තමයි.

      Delete
  8. ඇත්ත කතාවක්ද බං..!

    ඒකනෙ ගෙට්‍ටුවෙන්පස්සෙ උඹව දකින්නත් නෑ..! හැබැයි උඹ පෝස්ට් නම් දානව..:))

    ReplyDelete
  9. ගොඩක් බ්‍රෝකර් ලා නම් හෙන කපටි මිනිස්සු. ඒත් ඒකත් එක්තරා කලාවක් මම හිතන්නෙ.

    ReplyDelete
  10. ඕක මොකක්ද ළමයිනේ,KP කාරය ටයිගර් ලට බාල තෙල් එවපු මැලේ /සිංගප්පුර් බ්‍රෝකර් ලමනේ ලංකාව ට දැනුත් තෙල් එවන්නෙ.මේව බොරු නෙමේ.බ්‍රෝකර් ල ගැන කියල වැඩක් නැහැ.

    ReplyDelete

  11. හ්ම්ම්ම්ම් ඒක තමයි ජෝන් . එක එක විදිහේ
    පුද්ගලයෝ ඉන්නවා...

    ReplyDelete
  12. බ්‍රෝකර් වැඩෙත් හැමෝටම කරන්න බැහැ

    ReplyDelete
  13. බෝකරයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. ඇත්ත කියහන් . . . උඹ නේද මේ බ්‍රෝකර් . . :P

    ReplyDelete
  15. ආපෝ ..... බ්‍රෝකර්ල. මැරුණම ඔය මිනිස්සු කොහේ යයිද මන්ද.

    ReplyDelete
  16. සමහර පත්තර දැන්වීම්වල තියනවා බ්‍රෝකර්වරු අනවශ්‍යයි කියලා

    ReplyDelete
  17. බ්රෝකර්වරුත් මනුෂ්‍යයෝය.

    ReplyDelete
  18. බ්‍රොකර්ලා අතරත් ඔච්චර දක්ෂ අය ඇත්තේ ටික දෙනයි..

    ReplyDelete
  19. ඒක නම් ඇත්ත තමයි. ඒ උනාට ඉතින් ගන්න එකාට කොහොමත් කෙලවෙනවනේ. දැන් නම් ඉන්ටනෙට් එකේ ඔය වගේ වෙබ් සයිට් තියන හින්ද හුඟක් තරුන පරම්පරාව නම් කෙලින්ම වැඩේ කරගන්නව බ්‍රෝකර් වරු නැතුව. මම කිව්වෙ විකුනන එකයි ගන්න එකයි දෙකම

    ReplyDelete
  20. උන්ගෙන් තමා බං බේරෙන්න බැරි !

    ReplyDelete
  21. බ්‍රෝකර් කමත් බලාගෙන ගිහාම හොඳ රස්සාවක් වගේ!

    ReplyDelete
  22. උන්ට හොඳ කස්ටමර් බේස් එකක් තියෙනවා ඒකයි. ඒක ගොඩ නගාගන්න එක එච්චර ලේසී නෑ..

    ReplyDelete
  23. දක්ෂ බ්‍රොකර්ලා මම අනන්තවත් දැකලා තියෙනවා.සමහර කපටි බ්‍රෝකර්ලා නිසා මිනිස්සු අමාරුවේ වැටෙනවත් මම දැකලා තියෙනවා.සමහර අයට මාලදිවයිනට උම්බලකඩ විකුනන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

    ReplyDelete
  24. මේ ‍පෝස්ට් එක දැකල දවස් කිපයක්. ඒත් පරිගණකයේ අවුලක් නිසා නෙට් ආවෙ නෑ.තාමත් ඒ දොෂය එහෙමම තියෙනවා.

    බ්‍රෝකර්වරු එහෙම තමයි ඒක්ට මාර දක්ෂකමක් වගේම කපටි කමකුත් තියෙන්න ඕනේ' හැමෝටම ඒක කරන්නත් බෑ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..