he

Tuesday, July 30, 2013

ගුරු දෙගුරු රැස්වීමක්

ලිපියක් ලියන්න නොසිතූ මොහොතක පොඩි කෙල්ලගේ මුවින් පිටවූ වදන් කීපයක් නිසා ඇතිවූ සිතුවිල්ලක් අද සටහන ලෙස ඉදිරිපත්කරන්නට සිතුනි. 

පහුගිය ජනවාරියේ මගේ පොඩි එකී ඉස්කෝල ගියාකියලා මේ පෙට්ටගම කියවන අය නොදන්නවා කියලා මම හිතන්නෙ නෑ. ඒ ගැන මම ලියපු සටහන මෙතනින් ගිහින් බලන්න ඉතින් පලවෙනි පාසැල් වාරේ නිවාඩුව පහුගිය සිංහල අවුරුදු සමයේ සතුටින් ගතකල මේ කෙල්ල දෙවන පාසැල් නිවාඩුව නැත්නම් අගෝස්තු පාසැල් සමයට සූදානම් වෙනවා.

පහුගිය සතියෙ දවසක චූටි එකීගේ ගුරු දෙගුරු පොතේ ගුරුතුමිය විසින් සටහනක් දාලා තිබුනා අගෝස්තු 1වනදා ගුරු දෙගුරු රැස්වීමට පැමිනෙන්න කියලා. 
පහුගිය මාස කීපයෙත් වරින් වර ගුරු දෙගුරු රැස්වීම් කීපයක් තිබුනා. ඒ සියල්ලටම ගියේ මම. ඔය රැස්වීම් වලට හුඟක් වෙලාවට යන්නෙ අම්මලා. මමත් ඉතින් වැඩි කැමැත්තකින් යන්නේ ඒකනේ අම්මලා අතරේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් තාත්තලා ඉන්නකොට කැපීපේනවනේ. 

ඒත් පහුගිය ගුරු දෙගුරු පොත දුන් හැටියෙ මගේ පොඩි එකී කියුවනේ මෙන්න මෙහෙම කතාවක්,


…"මේක හොඳට අහගන්න මීට පස්සේ ඉස්කෝලේ රැස්වීම් වලට එනකොට හොඳට ලස්සනට සාරියක් ඇඳලා කොන්ඩේ පිරිසිදුව පීරලා ඉස්කෝලෙට සුදුසු විදියට එන්න ඕනේ "

…"අයියෝ තාත්තෙ මේ පාර ඔයාට එන්න වෙන්නෙ නෑ ඔයාට සාරි අදින්න බැනේ ?"

…මට හිනා ගියත් ඒ හිනාව යටපත් උනේ පාසලේ ගුරු දෙගුරු හමුවට එන අම්මලාව සිහිවෙලා. 
සමහරු එන්නේ තම සිරුරම අනාවරනය වන ඇඳුම් ඇඳගෙන. තව සමහරු ඒ අයට ලස්සනයි කියලා හිතෙන ඒත් සමාජය දරුවන් සමග එකට සිටිනවිට පිලිකුලින් බලන ඇඳුම් ඇඳගෙන එන්නේ. 
මේ අය දකින විට මට හිතෙන්නේ මේ අය ගෙදරින් එන්නේ ස්වාමි පුරුශයා ගෙදරින් පිටවූවාට පසුව දැයි සැකයකි. පාසැලේදී කැපීපෙනෙන්නට විච්චූරන ඇඳුම් අදින අම්මලා තම දරුවන්ට සුදුසු ඇඳුම් අනගතයේ සොයා දෙන්නේ කෙසේදැයි මට කුකුසකි. 
දෙමාපියන්ගේ අඩිපාරේ යන දරුවන් අනාගතයේ කෙලෙස පාරේ තොටෙ ගමන් කරයිදැයි සිහි වනවිට ඇතිවන්නේ ශෝකයකි. 


  ප.ලි මට දුක මේපාර මට යන්න වෙන්නෙ නැති එකට

44 comments:

  1. අපේ උන් ඇඳුම් ඇන්දට හෙලිවැල්ලෙන් යන ජාතියක්. ඒ කියන්නේ තැනට සුදුසු ඇඳුම අඳින්න දන්නේ නෑ. හොඳම උදාහරණය පන්සල. හොයලා බලන්න කෝවිලකට, මුස්ලිම් පල්ලියකට තියා බටහිර චින්තනය යැයි කියන පලියටවත් අපේ හරක් වගේ ඇඳගෙන යනවද කියලා. පන්සල් වලට කොට කලිසම් ඇඳගෙන එන කාළකන්නි, හරවලා යවන්න ඕන එවෙලෙම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම. අඩු ගානේ සුදු ඇඳුමෙන් එන්නෙත් කීයෙන් කීදෙනාද

      Delete
  2. මමත් ඔය කාරණේ ගැන ලිවුවා දවසක්...
    එක පණ්ඩිතයෙක් කියලා තිබුණා මම වගේ කට්ටිය බුදුන්ගෙ කාළයෙ හිටිය නං පටාචාරාවට ගහලා එළවනවා කියලා....
    ඔන්න අපේ කට්ටියගෙ මානසිකත්‍වය, හඳ පෙන්නුවාම ඇඟිල්ල ඇදයි කියනවා...
    ඇත්තෙන්ම ලොකු පරම්පරාව ආදර්ශමත් වෙන්න ඕන දරුවන්ට.. එතකොටයි උන් බලාගෙන ඉඳලා හරි හැදෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දැම්මනම් බලන්න තිබුනා

      …කොහොමත් අපි කවුරුත් ආදර්ශයට ගන්නේ අපේ වැඩිහිටියන්වනේ

      Delete
  3. අපේ හාමිනේට වෙලාවක් නැති හන්දා පොඩි දුවත් එක්ක මම තමා හැම දේටම ඉස්කෝලෙට යන්නේ ,ඔයා කිව්වා හරි කට්ටිය එන්නේ ෆැෂන් ෂෝ එකකට වාගේ තමා ,

    ReplyDelete
    Replies
    1. මම නොදන්නව යැ ඔය ඩියුටිය අපිටත් ගෑනු ඉන්න හන්දා හොඳයි. ඒත් නැති උන් මොනවා හිතනවා ඇද්ද ?

      Delete
  4. ඕකනේ කියන්නේ බං.. සමහර ඉස්කෝල ලගදි කකුල් දෙක නතර වෙනවා බං අම්මලගේ පැෂන් දැක්කම..

    ReplyDelete
  5. මොනවා කියනවද ,අද ගොඩක් ඉස්කෝල වල ගේට්ටුවේම ගහලා තියෙනවා "විනීත ඇඳුමකින් සැරසී පාසලට පැමිණෙන්න" කියලා.

    ReplyDelete
    Replies
    1. ඒත් ඕවා කියවනවා කියලානම් හිතෙන්නෙ නෑ

      Delete
  6. කියල වැඩක් නෑ ඒ ගැනනං. ඉස්කෝලෙත් හදන්නෙ ෆැෂන් ෂෝ කරන්න. පිරිමිනං කලිසම හරි සරම හරි එක්ක ෂර්ට් එකක් දාගෙන යන විදියට ඇයි ගෑණු මිනිස්සුන්ට සාරියක් ඇඳගෙන ඔතෙන්ටවත් යන්න බැරි.

    ReplyDelete
    Replies
    1. එකක් ඕක පටලවගන්න දන්නෙ නෑ ලේසියට කකුල් දෙකට දාන්න පුලුවන් එක ඇඳගෙන එනවා

      Delete
  7. එකනම් ඇත්ත ඇඳුමට නීති පනවන්න බැරි උනත් තැනට සුදුසු විදිහට අඳින්න දැනගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඕක තමා හුඟක් අයට තෙරෙන්නෙ නැත්තෙ

      Delete
  8. තැනට සුදුසු ලෙස අඳින්න අපි දැනගන්න ඕනේ. ගෙදරට කොට කලිසම ඇඳන් හිටියට පන්සලට, පාසලට යන කොට විනීත නොවුනොත් වැඩේ දෙල්. සමහර කාන්තාවෝ මග තොටේ සාරි අඳින විදිහ දැක්කම හිතෙනවා මොකක් හරි අවුලක් ඇති කියලා. හොයලා බැලුවොත් 95%ක්ම "අවුලක්" තියෙන අය තමයි.

    ReplyDelete
  9. දැන් බොහෝ පාසල්වල දෙමාපියන්ට පාසල තුළට පැමිනෙන්නේ නම් විදිමත් ඇදුමක් ඇදගන එන ලෙසට දන්වා තිබෙනවා.

    කොහොමත් තැනට සුදුසු ඇදුමක් ඇදිමට සමාජයේ කවුරුත් පුරුදුවිය යුතුයි.

    දැන් ඔයා සාරියක් ඇදගන යනවැයි රැස්වීමට.

    ReplyDelete
    Replies
    1. නෑ පොඩි එකී අම්මට එන්න කියුවා

      Delete
  10. හප්පා කියල වෑඩක් නෑ මමත් යනවනෙ .අපිම තමා ඉතින් අමාරුවෙ වෑටෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නොදැක්කා වගේ ඉන්න යැ

      Delete
  11. දැන් සාරි අැදෙගන ගියත් වැඩක් නැ.අැයි ඉතින් වගා ලිදක් වෙග් තිෙයන බුරිය ඉස්සරහට දාෙගනෙන යන්ෙන. ඉස්සරහට හම්ෙබන ඒකා බලාන යන්ෙන අර ෙප්න වගා ලිද දිහාට. අෙන් හෙපායි කියන්න තමයි තිෙයන්ෙන

    ReplyDelete
    Replies
    1. එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියනවා

      Delete
  12. අවාසනාවන්ත ලෙස අප සංස්කෘතීන් දෙකක අතරමංවී සිටින්නේ වෙමු.

    ReplyDelete
  13. කොහොමටත් දැන් හුඟක් ඉස්කෝලවල ළමයින්ගෙ අම්මල සාරි ඇඳන් ආවෙ නැත්නම් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නෙ නෑ.

    යන තැනකට තැනට සුදුසු ඇඳුමක් ඇඳන් යන එක තමා සුදුසු. පාසලකට රෙද්ද බැඳගත්ත ගානට යන එකවත් සාරිය ඇඳන් ඇලක දොලක නාන එකවත් නිවැරදි ක්‍රමය නෙවි.

    ReplyDelete
    Replies
    1. නීතිය ඇගෙන්ම එන්න ඕන

      Delete
  14. උඹ කොයිකටත් උඹටම කියලා සාරියක් ගනිං. එන පොට හොඳ නෑ. Coming tread not good!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා

      Delete
  15. තිබුනා නේද ටිකකාලයක් කොටට ඇඳන් එන අයට රෙද්දක් දෙනවා ඔතාගෙන යන්න දෙන ලයින් එකක්. දැන් ඒ රෙදි ඉවර වෙලාලු . කොටට අඳින අය ඇඳුම් මහගන්න ගෙදර ගෙනිහිල්ලා . හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒ පූජනීය ස්තානවල හෙක් හෙක්

      Delete
  16. අපි ඉස්සර prefect ලා වෙලා ඉද්දි ආසම primary section එකට එන අම්මලා බලන්න! :D

    ReplyDelete
  17. ඕකට කියන්නේ තැනට සුදුසු විදියට ඇඳීමනේ... ඕකනේ අපේ අයගේ නැත්තෙමත්...

    මගේ අම්මත් ඉස්කෝලෙට ආවෙම සාරිය ඇඳලා... අම්මා සාරිය අඳින දවසට ආපේ ගෙදර යුද්දේ වගේ.. අම්මා රස්සාවක් කළේ නෑ නේ.. ඉතිං සාරිය අදින්න ගොඩක් වෙලා යනවා අම්මට... හැබයි එත‌කොට අම්මා මාර ලස්සනයි... මං හරි ආඩම්බරෙන් හිටියේ මං ඒලෙවල් කරන කාලෙදිත් අපේ අම්මා තමයි ඔක්කොම අම්මලගෙන් ලස්සනම... හි හි...

    නීතිය ගැන කිව්වොත් ඇත්තම කියනවා නං ඔය ඉස්කෝලෙට සාරි අඳින්න, පන්සලට සුදු අඳින්න කියන නීතිවලට මගේ කැමැත්තක් නෑ... මොකද දන්නවද... විනය කියන දේ හැදෙන්න ඕනේ ඔලුව ඇතුලෙන් තේරුම් අරගෙන... නීති දලා බැඳලා තියලා වැඩේ ඒ වෙලාවට කරගත්තට ඒකෙ පැවැත්මක් නෑ... විනය හැදෙන්න නං ඔලුව හැදෙන්න ඕනෙ.. ඒක නොකර හිටිය කාලේ වැඩියි අපි.. දැන් වත් ඒක තේරුම් අරගෙන ඉදිරි පරම්පරාවලවත් ඔලු ටික හදන්න ඕනේ... නීති දාගෙන බැඳලා තියාගන්න මේ සමාජේ ඕපන් වැඩියි දැන්....

    මටත් සාරිය අඳින්න තේරෙන්නෙ නෑ.. ඒත් කවදහරි දරුවෙක් අරන් මං ඉස්කෝලෙකට ගියොත් මං යන්නේ මගේ දරුවට මං ගැන ආඩම්බර හිතෙන විදියට.... මේක මම හිතාගත්තේ අම්මා එක්ක ඉස්කෝලෙට යන කාලෙමයි... කවුරුවත් නීතියක් දාලා නෙවෙයි... තනිකරම මගේ අදහසක් විතරයි..

    මම නං ඇත්තටම ගොඩක් වෙලාවට ඔය වගේ සාරි අඳින්න වෙලා යනවා කියලා නාහෙන් අඬන අම්මලට කියන්නේ මේඩ්අප් කරපු කැන්ඩියන් එකක් හරි ඔය වගේ වෙලාවකට හදලා තියාගන්න කියලා... ඔයා සාරියක් ඇදලා නොගියොත් නරකක් වෙන්නේ ඔයාගේ දරුවටයි... අම්මා නොගැලපෙන, නොසැලකිලිමත් විදියට කැපිලා පෙනුනොත් ඒක දරුවට නරකක් වෙන්න ඉඩ තියෙනවා ... කියන එක තේරුම් කරලා දෙන එකයි...

    සමහර අම්මලා වැඩ කරන තැන් වලට අඳින්නේ කෝට් කිට් එක වගේ ඇඳුම්... සාරිය අනිවාර්ය කරන එක ප්‍රශ්නයක් වෙන එක තැනක් ඒක... මං හිතන්නේ ඒවට ඉඩ දෙන්න කාලේ හරි කියලා... එතකොට ඕනේ වෙලාවක දරුවා වෙනුවෙන් දුවගෙන එන්න ඒ අම්මට අවස්ථාව තියෙනවා.. දැන් වෙලා තියෙන විදියට ඒකට වෙනම කාලයක් වැය කරන්න වෙනවා හැමතිස්සෙම.. ඒත් මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි...

    අන්තිමට කියන්න තියෙන්නේ පිටරටවල උනත් බොහෝ දෙමවුපියෝ දරුවගේ ඉස්කෝලෙට යන්නේ කෝට් කිට් එකක් වගේ ප්‍රොෆෙෂනල් ඇඳුමක් ඇඳලා කියලා ඒ රටවල් ගැන තියෙන චිත්‍රපටිවලත් තියෙනවා... අපේ අයගේ තියෙන්නේ තනිකරම නොසැලකිලිමත් කම ප්‍රදර්ශනය කිරීමක් කියලා මට නං ඉස්කෝල වලයි, පන්සල් වලයි ඔය වගේ නොගැලපෙන ඇඳුම් ඇඳගෙන යන අය දැක්කම හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ ලිපියට ලැබුන සාර්තක ප්‍රතිචාරයක් කියලා ස්තුතියි හිරු.

      Delete
  18. දෙමව්පියෝ ස්කොලෙට විතරක් සංවරව ඇඳන් ඇවිත් වැඩක් තියනවැයි මහා පාරේ බාගෙට පටලවාගෙන ගිහිං... තමං කැමති ඇඳුමක් අඳින එක තමන්ගේ අයිතිය.. ගැලපෙන දේ තෝර ගන්න එක තමන්ගේ වගකීම.

    හිරු අක්කගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි ++

    ReplyDelete
    Replies
    1. හිරු අක්කගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි :)

      Delete
  19. මෙයා අනිත් අම්මලා දිහා බලනව වැඩි ඇති ඒකයි පොඩ්ඩි කියන්න ඇත්තෙ තාත්තිත් සාරියක්ම අඳින්න කියල..

    ReplyDelete
    Replies
    1. අත්දැකීමන් තෙරුන අයත් ඉන්නවා

      Delete
  20. සම්පූර්ණ ඇත්ත, මගුල් ගෙදරට යන්න ඕනෙ විදියට මළ ගෙදර යනවා. තැනට සුදුසු නුවණ භාවිතා කිරන්න නොදන්නා කම එයින්ම හෙළි වෙනවා. මගේ දුවගේ පාසලේ ප්‍රධාන ගේට්ටුවේම දැන්විමක් ගහල තියෙනවා. මවක් නම් සාරියකින්ද පියෙක් නම් දිග කලිසමකින් සහ කමිසයකින් සැරසී පාසලට පැමිනිය යුතුය කියලා.එහෙම එන්නෙ නැති අය ඒ නිසා ගේට්ටුවේ ඉන්න සිකියුරිටි එවේලේම ආපසු හරවලා යවනවා. ඒක තමයි පාසල් විනය කියන්නේ.

    ඒක උගන්වන්න දෙයක් වෙලා තියෙන්නේ අපේම නොසැලකිල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. පාසැල් සමයෙ විනය ඉගෙන ගත්තනම් අද ඔහොම බෝඩ් ගහන්නවෙන්නෙ නෑ මොකද ඒ කාලෙ ළමයි තමයි අද අම්මලා තාත්තලා

      Delete
  21. කෙටියෙන්ම කියන්න තියෙන්නේ සාරිය සංවර ඇඳුමක් නොවේ කියලා. මට තේරෙන විදියට මැලේෂියන් ගුවන්සේවාවේ අය අඳින අනුමා සංවරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම පිටින්ම කතාව අනිත්පැත්ටහ් හැරෙව්වා

      Delete
  22. ගේට්ටුවෙන්ම හරෝලා යැව්වා නම් හොඳයි නොවෑ. මම ගිය ගමේ ඉස්කෝලේ නම් ගුරුවරියන්ට දිලිසෙන වැඩ දාපු(ලාවටවත්)සාරි අඳින්න බෑ නීති දාලා. ළමයි කව්රුත් දන්නේ නෑ මම දන්නේ අම්මාත් ඒකෙම උගන්නපු නිසා.එහෙම තමා වෙන්න ඕනේ.ඉතින් බඩ පෙන්නන බුරියානියෙකු වීම කවර නම් ස්වප්නයක්ද!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..