he

Saturday, June 7, 2014

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.


හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.


මාසික කුලියට පටන් ගත්තු ඒ සංක්‍රමනය අසූව දශකය ආරම්භවෙන කොට පානදුර නගරයේම ස්ථීර නිවහනක අපි පදිංචි කරුවන් කර හමාරයි. ඒ වනවිට අපේ පවුල සාමාජිකයන් පස්දෙනෙකු දක්වා වැඩිවෙලා. ඔන්න ඔය කාලේ අපේ අසල් වාසීන් අපට සැලකුවේ ටිකක් අමුතු ආකාරයට. පිටින් ඇවිත් පදිංචිවුන පිටගංකාරයන් හැටියට. එන්න එන්නම ඉස්සරහට ගියා මිසක ආපස්සට නොවැටුන අපිව ගංකාරයෝ දැක්කෙ අමුතු විදියට. පංසලේ දායක සභාවේ, සමිති සමාගම්වල වැඩ කරන්න අපේ තාත්තට තිබුන කැපවීමම නිසා ඒ ඒ තැන්වල අපේ තාත්තට ලැබිය යුතු තැන ලැබුනා. ඒත් පිටගංකාරයා කියන ලේබල් එකනම් ගැලවුනේ නෑ.

… අනූව දශකයේ මැද භාගයේදි අපේ පවුලේ සාමාජිකයන් ගාන හයදෙනෙක්. ඔය අතරමග කාලය ගැන පසු ලිපියකින් ලියන්න හිතාගත්තෙ ඔතනට දේශපාලන කතාන්දරයක් පැටලෙන නිසා. ඔය දේශපාලන කතා ලියන්න ගිහින් අද මගේ කතාව නරක් කර ගන්න ඕන නෑනේ.

ඔය කාලෙදි නම් අපි අර පිටගං කාරයෝ කියන ලේබලය ගලවගෙන තිබුනේ. මොකද ගංකාරයන් ඔය වකවානුව වෙනකොට අපිට සාපේක්ශව පිටගංකාරයො වෙලා.

අනූව දශකයේ අගභාගයේදි කසාද බැඳලා මම ආයෙම පිටගංකාරයෙක් වෙලා බන්ඩාරගම ආසන්නයට ගියේ මගේ අලුත් ජීවිතය අරබන්න. ඒ ගිය ගම වටේම උන්නේ පිටගංකාරයො. ඒ හන්දා ඒ ගමේ ගංකාරයො වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ළමයි දෙන්නෙකුත් අපේ පවුලට එකතු උනාට පස්සේ ඒ අය පාසැල් යන එන කටයුතුත් එක්ක අපි ගං කාරයො විදියට මුල් බැසගත්තා කියුවොත් වඩාත්ම නිවැරදියි.


…ඔන්න මේ ශතකය ආරම්භවෙලා අවුරුදු දාහතරක් ගිය තැන මම ආයෙම පිට ගංකාරයෙක් වෙලා. ඒ ඉහත අවස්තාවන් දෙකටම වඩා වෙනස් ආකාරයකට. මගේ පවුලේ, අපේ හතර දෙනාගේ ජීවිතය වෙනස් කරගන්න උනේ විශේෂයෙන්ම ළමයින්ගේ අධ්‍යාපනය පැත්තෙන් හිතලා. අපි හතරදෙනා ස්ථීර පදිංචියට කැනඩාවට සංක්‍රමනවුනේ පිටගංකාරයො හැටියට නෙමෙයි පිට දේශක්කාරයො හැටියට. තාම සතියක්වත් ගතනොවුනු ඒ ජීවිතය ගැන කතාකරන්න තරම් හැකියාවක් නෑ. බලමු මෙහෙත් ගංකාරයො වෙන්න බැරිවෙන එකක් නෑ.

36 comments:

  1. අඩේ පෙට්ටගම කැනඩාවට අරන් ගියාද ඒ කියන්නේ ? එදා අවුරුදු උත්සවේදී කිව්වනේද මේ අන්තිම එක කියලා, මොනා විනත් ඔබේ හිතේ තියෙන සිතුම් පැතුම් සඵල වෙන වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්

    ReplyDelete
  2. අවුරුදු 30ක් විතර පදිංචි වෙලා ඉඳලත් අපි පිටගම්කාරයෝ තාමත්.. වැඩේ කියන්නෙ ගංකාරයෝ කියන උන්වත් ගමේ පදිංචිකාරයෝ නොවීම..

    …කැනඩාවේ සතුටින් කල් ගෙවන්න ලැබේවා..

    ReplyDelete
  3. ලොකු ජෝනා හදවතින්ම සුබ පැතුම්. ඉදහිට හෝ ලියමු කැනඩා දිවිය ගැනත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එහෙම බලාපොරොත්තුවක් තියනවා

      Delete
  4. සුබ පැතුම් ජෝනෝ,බඩු ටික විකුණ ගත්තද.

    ReplyDelete
    Replies
    1. මොන. බඩු ටික කාමරයකට දාලා ආවේ

      Delete
  5. සුභ පැතුම් ජෝනා. උඹලා ඔහේ පිටගම්කාරයෝ වෙන එකක් නෑ.
    මමත් මගේ මුළු ජීවිතයම ගෙවලා තියෙන්නේ පිට එකෙක් හැටියට. දැන් ගානක් නෑ.
    මුලදි අමාරු වුනත් කාගෙන හිටපං ජෝනා. ඉස්සරහට ගත්ත අඩිය පස්සට තියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හෙන්රි අය්යා . මුල අමාරු විත්තිය පේනවා. ඒත් පස්සටනම් එන්නෙ නෑ

      Delete
  6. නව ජීවිතයට සුභ පැතුම්,,පොඩි විස්තරයක් දෙන්නකෝ කැනඩා සංක්‍රමනය උනේ කොහොමද කියන එකත් කියලා

    ReplyDelete
    Replies
    1. හායි ඔමායා, ඕක ඉතින් ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් ඇහුවනම් අහවරයිනෙ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තුතියි. මේ ගැන සොඳුරු සුව අසපුව ලියන මහේෂ් නිශාන්ත සහෘදයා ලියලා තියනවා මෙන්න ලින්කූව
      sincanada.blogspot.com

      Delete
  7. ඔන්න එහෙනම් ජෝන් අයියත් ගියා!! සුභ පැතුම් ඈ!! එහෙ ඉදන් වත් පෙට්ටගම පිරෙව්වා නම් හොඳයි

    ReplyDelete
  8. හොඳයි. ජෝන්ට වරදින්න විදියක් නෑ. ඈතින් හිටියත් හදවතින් පෙර තිබුණ ලෙන්ගතුකම එසේමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක. පරන කොහොමත් සයිබරේ හැමෝම එක ළඟනේ

      Delete
  9. අපේ සුබ පැතුම්!

    ReplyDelete
  10. ජෝන්ට කොහේ ගියත් ඒ ගම තමන්ගෙ කරගන්න පුළුවන් හැකියාවක් තියනවා. සුභ පැතුම් මචෝ. පෙට්ටගමට තවත් දේවල් ඔහේ ඉඳලා පුරවයි කියලා දන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචෝ . ස්තුතියි සුබ පැතුමට

      Delete
  11. සුබ පැතුම් මිත්‍රයා , ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා සීතල දේශයේ උණුසුමට :) ..ටික දවසකින් මේ ආයෙත් ගංකාරයෝ වේවි ,මොකද වට පිටායේ හුඟක් ඇත්තේ “පිංගංකාරයොම“ තමයි , ගංකාරයෝ හොයන්න නම්  තව ටිකක් උඩහට යන්න වේවි :) , නැවතත් , සුබ පැතුම් දරුවනගේ ජීවිත වෙනුවෙන් කළ කැප කිරීම වෙනුවෙන් !

    ReplyDelete
    Replies
    1. මෙහෙ ගංකාරයොත් දැක්ක තාම ඒ අයගෙන් නම් ප්‍රශ්නයක් උනෙ නෑ

      Delete
  12. ගම්පහදි ඔබට හමුවූ වෙලේ කල කථා බහ තවමත් මතකයි. අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතනවා...

    ReplyDelete
  13. මට කලින්ම දවසක කියල තිබුණ නිසා මතකයට ආවා ඔබ ඇතුළු පිරිස කැනඩාවට සංක්‍රමණය වන වග. ලෝකයේ කොහේ හිටියත් සියලු දෙනාම හමුවන එකම තැන මෙතැනයි.

    ඔබේ අරමුණු එලෙසින්ම සාර්ථක වේවා.......

    ReplyDelete
  14. සුබ පැතුම් අයියේ...පිටගම්කාරයෙක් වෙන එකෙත් පොඩි නිදහස් කික් එකක් තියෙනවනේ
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින්

    ReplyDelete
  15. පිට දේශක්කාරයෝ කියන වචනය දැන් නොකියවෙන තරම්.
    දැන් දේශ සීමා, මායිම් වලට, හමේ පාට ට වඩා ඔය කියන රටවල මනුස්සකම් ඉස්සරහට ඇවිත්-
    සුභ අනාගතයක් ජෝන්

    ReplyDelete
  16. අර ඒ කාලේ අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට කරපු වැඩ ඔහේ නම් කරන්න පටන් ගන්න එපා ඈ..

    සුබ පැතුම් වේවා.. කැනඩාවේ සටහනුත් එහෙනම් අපිට කියවන්න ලැබෙයිනේ..

    ReplyDelete
  17. ඒක එච්චර දෙයක් නෙවෙයි .. අපි හැමෝම හැමදාම පිටගං කාරයෝ තමයි.. ලියමුකො ටිකක් තැන්පත් වෙනකොට ඔහේ ගැනත්..
    මමත් ඉන්නෙ ජීවිතේට නොහිතු තැන්වල. අන්තිම වෙනකොට කොහෙ කොහෙ ඉඳීද කව්ද දන්නෙ ?

    ReplyDelete
  18. කියන්නේ ආයිබෝවංඩ ඔය කාරණයට හිත හදාගන්න බෑ නෙව
    එකේක්කෙනා ඇහුවාම නොයන්නේ මන්ද කියල යන්නේ මන්ද කියල අහනව
    දුක්ඛ දෝමනස්සයන් කොහෙත් තියේනේ නේ ?
    කාලෙක දරුවො දොස් කියාවිද මන්දා
    හිතෙන්නෙම නෑ

    ReplyDelete
  19. ජෝනා කැනඩා ගියාද? දන්නෙත් නැහැ! අපිට කවදාවත් වීඩියෝ සෙන්ටර් එකනං අමතක වෙන්නෙ නැහැ!

    ReplyDelete
  20. කැනඩාවේත් ලංකාවේ එවුන් හරියට ඉන්නවනේ බන් ඒ නිසා කතා හිඟ වෙන්න විදියක් නෑ ...... නිවාඩු පාඩුවේ ආයෙත් ලියමු

    ReplyDelete
  21. කොයි දේශෙ හිටියත් බ්ලොග් ලෝකෙ කවුරුවත් පිටගං කාරයො වෙන්නෙ නෑනෙ.
    අලුත් දිවියට සුබ පැතුම් ! ඉදිරි කටයුතු සිතන අයුරින් ඉටුවේවා !!

    ReplyDelete
  22. අඩේ උඹ ගියාද? වෙල් ඩන් බං. සුභ පැතුම්...

    ReplyDelete
  23. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  24. හයියෝ ගම රට දාලම ගියාද?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..