අපෙ සෙට් එකෙ වැඩිපුරම හිටියෙ ආනන්දෙ නාලන්දෙ කට්ටිය. උදෙට පානදුරයෙන් 6.10 කෝච්චියෙන් මරදාන බලා පිටත් වෙනවා එගොඩ උයන කොරලවැල්ල මොරටුව වෙනකොට මරදානට යන සෙට් එකම එකතුවෙලා ඉවරයි.
මෙ අතරෙ උන්නා මොරටුවෙ ඉස්කොලෙකට යන පොරක්. අපි එයාට සුරංග කියමු. මිනිහා පානදුරෙන් නැගලා මරදානටම යනවා හුගක් ගෑනු ළමයි එහෙම හිතන්නෙ සුරංග ආනන්දෙ කියලා . (ආ.. ඒ දවස්වල කමිසෙ දැන් වගෙ ඉස්කොලෙ ලෝගො එක ගහන්නෙ නෑ.) ඔක්කොම පිරිම් ළමයි එකම යුනිෆොම් එක . එහින්දා සුරංගගෙ පාසල ආනන්දෙ කියලා තමයි හුගක් අය හිතන් හිටියෙ .
මිනිහට ඔය අධ්‍යාපනය ගැන උවමනාවක් තිබුනෙ නෑ. 8 විතර වෙනකොට මරදානෙ ධවලගිරියට ගොඩ වැදිලා තෝසෙ සප්පායමක් දාලා 9.45 විතර වෙනකොට "ඔලිම්පියා" එක පැත්තට කිට්ටු කරනවා.නැතිනම් රූබි එකට රිංගනවා. 1 වෙනකොට ආපහු ස්ටෙෂන් එකට එනවා "මුතුකුමාරි" යට නගින්න ඕකතමයි මිනිහගෙ දින චරියාව
ඔය ඔලිම්පියා එකට එන ෆිල්ම් සාමන්‍යයෙන් ඇඩල්ට්ස් ඔන්ලි එව්වනෙ.
ඔන්න මේ සිද්දියවුනු දවසෙ සුරංග ෆිල්ම් එක බලලා ,ටිකක් වෙන්න මෝල් කලන්තෙ වැඩිවෙලා. මිනිහා මනො පාරෙන්ම ස්ටෙෂන් එකට ඇවිදගෙන ඇවිත් තියෙන්නෙ
........
ස්ටෙෂන් එකට ඇවිල්ලා ටිකට් කවුන්ටරෙ අංකල්ට කියුවලු "අංකල් ODC එකක් දෙන්න " කියලා . .
අර ටිකක් දෙන මනුස්සයට මොනවා හිතුනද දන්නෑ :D
ReplyDeleteහහ් හහ් හහ්...කොහොමද මිනිහ ගැන ඔච්චර විස්තර දන්නේ.......
ReplyDeleteමටනම් හිතෙන්නෙම මේ සිද්දිය වෙලා තියෙන්නේ ලියපු එක්කෙනාටම තමයි කියල... මොකද එයා මේ වගේ වැඩ වලට හරි ප්‍රසිද්ධයි....
ReplyDeleteමලියා ට, "ටිකට් දෙන අංකල් තමයි කතාව කියුවෙ . හැමදාම යන හින්දා අංකල් අපිව දන්නවා"
ReplyDeleteඔබ නොදුටු ලොවක්..... ට "අපිත් එක්ක එකට උන්න අය ගැන අපි ඇර වෙන කවුද දන්නෙ "
Gimhani ට "මෙක උනෙ මට නෙමෙයි මගෙ විස්තරයක් පස්සෙ දෙන්නම්කො "
ලොකු ඡෝන් අන්කල් සෑහෙන වයසයිනේ.gimhani කියනවා වගේ මේ සිද්දිය ලොකු ඡෝන්ටද දන්නේ නැ වෙලා තියෙන්නේ
ReplyDeleteඔය මම කියුවෙ මුන් මගෙ වයස දැනගන්නවා කියලා
ReplyDeleteඅංකල් මොනා කියන්න ඇතිද
ReplyDeleteඅංකල් කාරයා කරකැවිලා යන්න ඇති...
ReplyDeleteහෙහ්... හෙහ්....
ReplyDeleteහික් හික්.. ලොවෙත් නෑ... අපි ස්කෝලෙන් පැනල ගිහින් වර්ජින් හන්ටර්ස් බැලුව මතක් උනා...
ReplyDeleteඅපි නොදන්න ලොකු ජෝන් .......:P
ReplyDeleteprasanna86k ට "අංකල් අපෙ යාලුවා මෑන් අපිට කියුවා යාලුවා ගහගත්තු කාඩ් එක හික්ස් .. "
ReplyDeleteDinesh ට "මෑන්ස් ට හොඳටම හිනාලු "
මාතලන් ට ":D"
පිස්සා පලාමල්ල ට "ඒ කියන්නෙ වර්ජින් හන්ටර්ස් ආපු කාලෙ තමයි ඉස්කොලෙ ගියෙ ? "
The Lion ට "අනෙද කියන්නෙ "
තාමත් මෑන් එහෙමද ???
ReplyDelete