හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.
Tuesday, November 29, 2011
Monday, November 28, 2011
සමුගැනීම ....
ඉස්සර වාගෙ මගතොට දුටුවට
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට
නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ
පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි
සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට
දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට
පෙර පින් මදවී ලංවී ඉන්නට
කාලය ඇවිදින් සමුගෙන යන්නට
මාගෙන් වෙන්වී යන්නට බලකර
දෙගුරුන් ඔබහට දෙසනා විට දොස
තෙත්වුන හද තුල මහමෙර සිරකර
සමුගෙන යමු අප නාදුනනා ලෙස
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට
නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ
පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි
සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට
දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට
පෙර පින් මදවී ලංවී ඉන්නට
කාලය ඇවිදින් සමුගෙන යන්නට
මාගෙන් වෙන්වී යන්නට බලකර
දෙගුරුන් ඔබහට දෙසනා විට දොස
තෙත්වුන හද තුල මහමෙර සිරකර
සමුගෙන යමු අප නාදුනනා ලෙස
Thursday, November 24, 2011
ප්‍රවාහනය කළුතරට පමණයි!

ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.
Tuesday, November 22, 2011
තරුණි නෑ මැඩම්
රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ
සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ
ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ.
මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .
මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.
මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .
මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.
Monday, November 21, 2011
මොන්ගොලියන් BBQ
මේකතාව මට ඇහුන කතාවක්. මගෙ එකක් වගෙ කියුවට, මම ලුනු ඇඹුල් එහෙම දාලා ගත්තා. ඒ කෑමකට උනත් අඩු වැඩිවෙන්න ලුනු ඇඹුල් දැම්මම තමයි රසය වැඩි වෙන්නෙ. බොරුනම් "මාරයාගෙ හෝරාව" ලියන මාරයාගෙන් අහලා බලන්න.
මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.
මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.
Friday, November 18, 2011
මහේලගෙ දහස ..
අද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා, යදමින් බැඳ විලංගුලා ගීතයෙදි. ඒත් මෙ ලිපිය ලියන මම අමුම අමු ක්‍රිකට් පිස්සෙක් නිසා, මෙ පිස්සාට අනුකම්පා කොරලා ක්‍රිකට් වලට නොබැන මෙ ලිපිය කියවන්න.
ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි.

Tuesday, November 15, 2011
කෝ ටයි?
මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක්
Subscribe to:
Posts (Atom)