he

Wednesday, November 9, 2011

ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි

  මේ කතාවෙ කතා නායකයා දැන් ගුවන් හමුදාවෙ වැදගත් නිලයක් දරන කෙනෙක්. මාත් සමග පාසලෙ එකට හිටපු එකෙක්. නම සේකර කියමුකො. ඊට වඩා වැඩි විස්තර නොකියා ඉන්නම් මොකටද නිකන් ඉල්ලන් කන්නෙ. හැබැයි මේ කතාව මඩක් හෙම නෙමෙයි. 

මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.


සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි

දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .

වාහනෙට මූන ඔබන්න බැරිතරමට රහමෙර ගඳලු . අමාරුවෙ වැටෙන්න කලින්ම තාත්තගෙ නම කියුවලු. මෙවගෙ අවස්තාවල හුගදෙනෙක් කරන්නෙ ලොකු ලොකු අයගෙ නම විකුනන එක කියල ඔය රාලහාමිලට උගන්වන්න දෙයක් නෙමෙයි. ඒ හන්දා රාලහාමි තඹ සතයකට නෙමෙයි ඒ කාලෙ හැටියට රුපියල් 100 කටවත් ගනන් අරන් නෑ . මතකනෙ අනීතික වෘත්තිය  . සේකරත් දැන ගත්තලු වැඩෙ හරි යන්නෙ නැති විත්තිය පොර කියුවලු රාලහාමිට "හරි හරි රාලහාමි ලියන්නකො මම ලයිසන් එක තාත්තට කියලා ගෙදරටම ගෙන්න ගන්නම්" කියලා කොහොම හරි රාලහාමිට කේන්ති ගිහින් දඩ කොලයක් ලියලා දීලා.
දඩ කොලයක් කියුවට එක වැරැද්දක් නෙමෙයි වැරදි ගනනාවක් දාලා දඩ කොලේ ලියලා තියෙන්නෙ 

පහුවනදා උදේ වෙරි හිඳුනට පස්සෙ සේකර තාත්තා ළගට ගිහින් අර රාලහාමිට දෙහිත් කපලා දඩ කොලෙ දීලා කියුවලු අර රාලහාමිට හොඳවැයින් දෙකක් කතාකරලා මගෙ ලයිසන් එක අරගෙන එන්න කියලා. තාත්තත් මුකුත් නොකියම දඩකොලෙ දිහාත් බලල දඩ කොලෙ බ්‍රීෆ් කේස් එකට දමාගෙන . 

හවස තාත්තා ලයිසන් එක මුකුත් නොකියම සේකර අතට දීලා . මිනිහට හරි ජොලිලු . සේකර තාත්තගෙන් ඇහුවලු "මොකද පොර තාත්තව දැක්කම බය උනාද ?" කියලා . තාත්තා හිනාවෙලා කියුවලු "නෑ මම තැපැල් කන්තොරුවට දඩය ගෙවලා ලයිසන් එක අරගත්තා " කියලා . 

එදයින් පස්සෙ මිනිහා බීම නවත්වලා නෑ. හැබැයි අර රාලහාමි ඉන්න පැත්තෙන් වාහනෙ පදවන්නෙ නම් නෑලු.

21 comments:

  1. හෙහ් හෙහ් සේකර තමා සේකර ......:D

    ReplyDelete
  2. සේකරගේ තාත්තා බලය අයුතු විදිහට පාවිච්චි නොකල එක අගය කරන්න ඕන...

    ReplyDelete
  3. සේකරගෙ තාත්ත වගේ අය අඩුයි නේද

    ReplyDelete
  4. එහෙව් තාත්තෙක්ගෙ පුතා අරෙහෙම වුණේ ඇයි ?

    ReplyDelete
  5. @ The Lion හැබැයි හොඳ එකා
    @ Dinesh එහෙම කලෙ මූ හැමදාම ඔහොම කලාම බෙරගන්න වෙන හන්ද
    @ Gimhani මොකද අඩු ඔනතරම් ඉන්නවා ඒ අය ගැන කතාකරනවා අඩුයි
    @ Chanaka Aruna Munasinghe ඒ වයසෙ වැරැද්ද දැන් නීතියට අනුවයි බොන්නෙත්

    ReplyDelete
  6. අන්න මිනිස්සු ... කියලා වැඩක් නෑ.

    ReplyDelete
  7. මලසේකර........ සේකරගේ පණ්ඩිත කතා එතන ම විතරයි...

    ඒ තාත්තාගේ වැඩේ නම් අගය කරන්න ඕනේ..........

    ReplyDelete
  8. හොඳ තාත්තා... :)

    ReplyDelete
  9. තාත්ත කෙනෙක්!!

    ReplyDelete
  10. fattaine banz.. ada kale nam ehema minissu ne... :O

    ReplyDelete
  11. @ රහස් පරික්ෂකයා ම්හ් අනෙ ද කියන්නෙ
    @ මහි සේකර ගෙ වයසෙ වැරැද්ද
    @ Gordonia ceylanica වර්තමානයෙනම් පුතත් හොඳයි
    @ ..ChAnDiKa.. ඇත්ත .. ආවාට ස්තුතිය්
    @ හිස් අහස එහෙම කරපු හන්දා ත්මයි ඌ අද හොඳ තැනක ඉන්නෙ
    @ nadeeka අද ඒ පුතත් නීතියට තමයි වැඩ .. මම් කියුවෙ කතාවෙදි කියුවෙ බොන්නෙත් නීතියට කියලා

    ReplyDelete
  12. අන්න තාත්තලා....ඒකට අපේ...ගු‍ටුකන්නෙවෙයි බඩ පිරෙන්න....

    ReplyDelete
  13. අන්න නියම තාත්තලා. ඒ කාලේ තමයි එහෙම අය හිටියේ. ඒ කාලේ දේශපාලනඥයන්ගේ කතා අහද්දී පුදුමත් හිතෙනවා. ඒ මිනිස්සුත් මහජන සේවේ කරලා තියෙන්නේ තමන්ගේ මුදල් වියදම් කරගෙන..........

    ReplyDelete
  14. සේකරගේ තාත්තා නම් අනිවාරයෙන්ම අගය කල යුතු අද කාලයට ආදර්ශවත් මහත්මයෙක්!

    ReplyDelete
  15. ඒ තාත්තනම් බොහෝම හොඳ වැදගත් තාත්ත කෙනෙක්...

    ඒ වගේ ආදර්ශ දෙන අම්ම තාත්තලාගේ ළමයි වැරදි වලට යොමු වෙනවා බොහොම අඩුයි
    මේ වෙලාවේ සේකරගේ තාත්ත බලය පාවිච්චි කරලා සේකර කියපු වැඩේ කරලා දුන්නනම් මිනිහ හැමදාම මේ වැඩේ විතරක් නෙමේ, තව තව දේවලුත් කරලා ඇවිත් තාත්තගේ පිහිටෙන් ගොඩ යන්න හදනවනේ
    මෙන්න තාත්තලා...

    ReplyDelete
  16. Hoda welawata ape sumane eeeee kale biwwe netthe....LOL

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..