he

Wednesday, June 6, 2012

97. මා දුටු මගුල් කෑම

මේ මගුල් මාසෙ. ඉතින් මගුලක් ගැන කතාකරන්න හිතුනා. මගුලක් කනවා කියන එකත් ලේසි පාසු වැඩක්යැ බර ගානක් යටවෙන, බර ගානක් නැතිවෙන, බර ගානක් ණයවෙන කටයුත්තක්. ඒත් මගුලට මාස ගානක හිටන් සූදානම් වෙලා එකදවසකින් ඉවර කරන කටයුත්තක්.


දැන් කාලෙ මගුලක ප්‍රධානම කටයුත්ත කසාද බඳින කටයුත්ත වෙනුවට නැදෑ හිතවතුන්ට තරු පන්තියේ හෝටලයකින් කෑමක් දෙන එක, පිරිමි පාර්ශවයට බොන්න රට බීම ටිකක් දෙන එක, මංගල ඡායාරූප ගන්න එක වගේ දේවල් ප්‍රධාන තැන අරගෙන.




මට මෙහෙම හිතුනෙ වෙන කිසිවක් නිසා නෙමෙයි මගුල් ගෙදරක නැකත් කටයුතු කරනවිට එතන ඉන්නෙ නෑදෑයින් පිරිස දැක්කම. ඉතාම සුලු පිරිසක් විතරයි ඒ වෙලාවට එතන ඉන්නෙ . ඒ අයත් ඉතාම දුර බැහැර ඉඳන් මගුල් ගෙදරට ආපු අය. සමහරවිට සතියක ඉඳන් ගෙදර ඉන්න අය. හුඟ දෙනෙක් කෑම වෙලාව කිට්ටු කරලා තමයි උත්සවයට සේන්දු වෙන්නෙ. 
පිරිමිනම් බොහෝ දෙනෙක් බොන්න දෙනවනම් එතන.අලුත් නෑයො හම්බවෙලා ඒ අයට තමන්ගෙ බේබදුකම පෙන්වනවා. ගෙවල්වල තියලා එන්න බැරි පුංචිඋන් ඇඟ කහන ඇඳුම් ඇඳගෙන, හිරට සපත්තු දාගෙන තාත්තලාගෙ අම්මලගෙ ඇඳුම්වල එල්ලීගෙන අපහසුවෙන් එහෙ මෙහෙ දුවනවා.


…එක් අයෙකු වෙනුවෙන් මගුල් කෑම පිඟානකට අවම වශයෙන් රුපියල් 1500ක් වත් අද වැයවෙයි. සහභාගීවන අය අඩු පාඩුවකින් තොරවම ඒ වියදම් වන මුදලට සරිලන්නට අනුභව කරන බවනම් සත්‍යකි. ඒත් තුටු පඬුරු ලෙස බොහෝවිට තබායන්නෙ බිත්තියෙ එල්ලා තැබීමට පින්තූරයක් , මල් බදුනක් වැනි තෑග්ගකි.
 …
මනමාලිව මනමාලයව හරියකට බලාගන්න මනමාලියගෙ සුන්දරත්වය බලාගන්න නැත්නම් මනමාලිගෙ අඩුපාඩු බලාගන්න හැටියක් නැතිව කීදෙනෙක් නම් තැවෙනවද. ඇයි මේ, 
මංගලා ඡායාරූප ශිල්පීන් මනමාල ජෝඩුවව සිරකරගෙන. නැකත් වෙලාව පහුවූ සැනින්ම ජෝඩුව නලු නිලියෙ බවට පත්වෙනවා. මෙහෙම ඉන්න අරහෙම ඉන්න, අතනින් අල්ලන්න , මෙතනින් අල්ලන්න. මෙතන ඉඹින්න අතන ඉඹින්න. තව කොච්චරක් නම්ද. මනමාලිගෙයි මනමාලයගෙයි විළිබිය ඡායාරූප ගන්න තැනම නැතිකරලා තමයි මධුසමයට යවන්නේ 

මංගල දිනයෙ අමරනීය සිහිවටන ඡායාරූප මත තබාගන්න මගුල් ජෝඩුවට උවමනාව ඇති. තම අමරණීය දිනය වීඩියෝ තැටියකට ගන්න ඡායාරූප එකතුවකට ගන්න කවුද අකමැති. අද දිනයෙ ගනන් හිලව් අනුව ඔය කටයුත්තට අවමය රුපියල් ලක්ශයක් වත් මගුල් ජෝඩුවට වියදම් වෙන බව නොරහසක්. ඒත් එලෙස විය පැහැදම්කර ලබාගන්නා වීඩියෝ තැටි මංගල ඡායාරූප එකතු කෙතරම් කලක් ඔබ තබාගන්නවාද ? එලෙස ලබාගත් සමහර අමරනීය සිහිවටන තමන්ගෙ දූදරුවන් සමග තම දෙමාපියන් සමග එකට නැරබීමට අපහසු නිසාම සඟවා තබාගන්නා අය කෙතරම්ද.

මේවාට ඉතින් කියන්න තියෙන්නෙ අයියෝ සල්ලි කියලා තමයි




55 comments:

  1. කාලීන දෙයක් ගැන ආවර්ජනයක්...ජනමාධ්‍ය විසින් තරුන පරපුර සිහින ලෝකවල අතරමන් කිරිමේ එක් සිදුවිමක් තමයි මේ...තමන්ට හැකි අයුරින් අවශ්‍ය දේවල් කරගන්න මග පෙන්වනවානම් මොනතරම්නම් වටිද... පුහු දේවලට වඩා...

    ReplyDelete
    Replies
    1. අර සිරි මේ සිරි වගෙ වැඩසටහන් වලින් පෙන්වන්නෙ. ඕවා තමා මුල

      …සටහනක් තැබුවාට ස්තුතියි

      Delete
  2. අයියෝ සල්ලි නේන්නං... මම එකකට ගියා.. ඒකේ හොටෙල් එකට විතරක් ලක්ෂ 16ක්..
    අවුරුදු 2,3ක් කාලා ඇදලා ඉන්න සල්ලි නේද මේ?

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කී කාලයක් උන් දෙන්නට වියදම් කරන්න තිබුන සල්ලිද . පුංචියට මගුලක් කන්න සල්ලි නැතිව කීදාහක් නම් මෙ පොළවෙම හිතින් විඳවනවද ?

      Delete
  3. ඒකනේ. අපරාදේ සල්ලි. ඔච්චර විය පැහැදම් කරන සල්ලි වලින් මාස ගානක් කාලා ඇඳලා හිටියෑකි.

    මම් දන්න කෙනෙක් කසාද බැන්දා. කසාදේ තිබ්බේ ජෙට් ලයිනර් එකක. ඒකේ පෑ හයකට මුකුත්ම දේවල් නැතුව ලක්ශ 2කට වඩා ගියා. එතකොට කෑම බීම එහෙම සෙට් වෙලා ආවම ???

    ReplyDelete
    Replies
    1. ආස්චර්‍යය කියන්නෙ ඕකට

      ……සටහනට ස්තුතියි

      Delete
  4. අද කාලෙ වෙඩින් එකක් කියන්නෙ රගපෑමක්. ඔය ගන්න ෆොටෝ ගත්ත අලුතමනම් බලනවා. කාලයක් ගියාම බල්ලෙක්වත් බලන්නෙ නෑ. ඒක බැඳපු ජෝඩුවටත් අපුල වෙනවා
    ඉන් පසසේ දුවිලි බැඳි බැදි ඔහේ තියෙනවා. අර "උණු හින්දා බොන්නත් බෑ. කිරි හින්දා බොන්නත් බෑ" කියන්නේ ඒ වගේ තමා

    ReplyDelete
    Replies
    1. වැඩෙ කියන්නෙ ඕක බදින්න කලින් හිතෙන්නෙ නැති එකනෙ නැත්නම් කීදාහක් නම් ඉතිරි කර ගත හැකිද

      ……සටහනක් තැබුවාට ස්තුතියි

      Delete
  5. මේකනෙ බඳින උන් දෙන්න නෙමෙයිනෙ දැං බඳින්නෙ.අනිත් උන් තමයි.අරුන් දෙන්නා දාඩිය පෙරාගෙන අනිත් උන්ගෙ සතුට වෙනුවෙන් පැය ගාණක් කට්ට කනවා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට පලවෙනි දවසෙ වැඩ අල්ලනත් බැරිතරමට කට්ටක් කනවා

      Delete
  6. ගොඩ දෙනෙක්ගෙන් ඇහුවොත් ඒ අයට නෙමේ නෑදෑයන්ට ඔනෙ නිසා තමා උත්සවයක් ගන්නෙ.... මරු පොස්ට් එක...

    ReplyDelete
    Replies
    1. නෑයො ඉතිරි බරත් කරගහනවා නම් ඉතින් කමක් නෑ කාලා බීලා උන් යනවා

      Delete
  7. Replies
    1. පන විතරක් ගියොත් මැදෑ

      Delete
  8. ඕක සිදුවෙන්නෙ මෙහෙමයි. ලංකාවෙ සමහර දේවල් අනෙක් රටවලට සාපේක්ෂව ගනිද්දි ලොකු විකෘතියක් තියනව. ඒකට හේතුව ලංකාවෙ උදවිය දෙයක් කරන්නෙ තමන්ට පුළුවන් විදියට නෙවේ අනිත් උදවිය කරන විදියට. දැන් බලන්න දෙන්නෙක් විවාහ උත්සවයක් පවත්වනව කියන්නෙ තමන්ට පුළුවන් විදියට නෑදෑ හිතවතුන්ට කෑම බීම ටිකක් දීල සංග්‍රහ කරන එකනෙ. ඒත් අද සිද්ධ වෙන්නෙ ටෙලි නාට්‍යක් රූගත කිරීමට සමාන දෙයක්නේ. මේකට හුඟක් වගකියන්න ඕන රූපවාහිනී චැනල් වල පෙන්වන "ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ" විවාහ උත්සව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇඟිල්ලෙ තරමට ඉදිමුනා නම් මෙ කිසි ප්‍රශ්නයක් නෑ

      Delete
  9. උන්ගෙ සල්ලි නෙ... අපිට මොකද?

    ReplyDelete
    Replies
    1. අපි උන් වෙන දවසට මොකද වෙන්නේ. මෙක අපිටත් පොදු කතාවක්.

      …මෙහි ආවාට ස්තුතියි.

      Delete
  10. අම්මෝ ඔය මඟුලකට ආරාධනා ලබනවය කියන්නෙත් ඉතින් මාසයක් කන සල්ලි ඉවරයි. අයියෝ ෂල්ලි ...

    ReplyDelete
    Replies
    1. මගුලක් නොකීවාට කවදාවත් තරහා වෙන්නෙ නෑ මම

      Delete
  11. බොරු ශෝ එකට වෙඩින් ගත්තාවගේ නෙමෙයි ගෙවන්න ගියහම , කවදා හැදෙයිද මන්දා අපේ මිනිස්සු...

    ReplyDelete
  12. කතාවත් එක්ක සම්පූර්ණ එකගයි.. ගිය අවුරුද්දේ අපේ ගෙදරත් වෙඩින් එකක් ගත්ත නිසා කරුණු කාරණා ගැන දන්නවා.. ඇත්ත, නැකත් වෙලාවට ඉන්නේ ලගම නෑයෝ විතරයි.. අනිත් අය එද්දි ජෝඩුව බැදලා ඉවරයි.. ෆොටො ගැනත් එහෙමම තමා.. ඒත් ඉතින් මේ දේවල් අද නැතුවම බැරි දෙයක් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. නැතුවම බැරි වෙලා නෙමෙයි නැතුවම බැරි කරගෙන

      Delete
  13. මල මගුල් නැතිව පැනල යන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් ගෙවල් වලට කියලා පැනලා යනවා ඊට පස්සෙ HOME COMING කියලා කියන්නම ඕන නෑයන්ට කියනවා. වැඩි වියදමක් යන්නෙත් නෑ

      Delete
  14. අපේ රටේ මිනිස්සුන්ගෙ..තියෙන මෝඩ ගතියක් තමයි..කසාද කතාවෙදි,.. තවත් කෙනෙක් කලොත්..එක්කො..ඒතරමටවත් සමරන්න ඕන,නැත්තන් ඊට වඩා හොඳට කරන්න ඕන.මේ සියල්ල තරඟයක්, ප්‍රදර්ශනයක් කියලයි මට හිතෙන්නෙ.
    එකම හොඳක් තියෙනවා..නිතර මුන නොගැසෙන නෑදෑයො මුන ගැහෙන එක..!

    ReplyDelete
    Replies
    1. කවුරුත් කැමති නෑ කාටවත් දෙවනි වෙන්න ඒ උනාට මමනම් හිතන්නෙ එකමදෙ කරනවට වඩා අලුත් දෙයක් පහසුවට කාටත් දරන්න පුලුවන් විදියට කරනවනම් හොඳයි කියලා . ඔබ කියුවා වගෙ නිතර මුන නොගැසෙන නෑයො මුන ගැහෙන එකනම් ලොකු දෙයක් තමා

      Delete
  15. මේවා නොතිබිලත් බැහැනේ. කියන්නේ ෆොටෝ නැත්නම් වීඩියෝ නැත්නම් පස්සේ කාලේ මතක් කරන්නේ හරි කොහොමද කියලනේ :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපෙ තාත්තගෙ සීයගෙ මගුල් පින්තූරෙ දිහා බලාගෙන ඒ කාලෙ සුන්දරත්වය අද විඳින්න අපට පුලුවන්ද ?

      Delete
  16. අලෙ මන්දා.. සල්ලි බාගේ තියනවනම් මෙව්ව කලාට වැරැද්දක් නෑ කියලයි මගෙනම් අදහස... විලිබිය උනත් ඒ අත්තො තීරණය කරන්න ඔනෙ මෙව්ව මිනිස්සු ඉස්සරහ කරනවද නැද්ද කියලා..

    :දිව

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳා ඒත් බැරි උනුත් තමන්ට බැරි බව පෙන්නන්න කැමති නෑනෙ විලි බිය ගැනනම් ඉතින් පස්සෙ බලන්න අමාරුනම් කොටු හරි ඇඩ් එකක් හරි දාන්න බැරියැ

      Delete
  17. සහතික ඇත්ත. ඔය මානසිකත්වය අර කිව්වා වගේ "...සිරි" සංස්කෘතියෙ ප්‍රතිඵල තමයි. ඇත්තටම ඒ කාලෙත් ඔය වීඩියෝ කිරීම් කලානේ. ඒත් ඒවා මීට වඩා සුන්දරයි. තාත්විකයි. අනිත් අතට ඇඳුම් පැළඳුම් ගත්තත්, මිනිස්සුන්ගෙ හැසිරීම ගත්තත් සරලයි තාත්විකයි.
    අසාර දේවල් වලට පණ ඇරලා දඟලලා දඟලලා අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා විවාහය අසාර්ථක කරගන්න අය කොච්චර ඉන්නවද?
    හොඳ ලිපියක්. :)

    ReplyDelete
    Replies
    1. මම අපෙ නංගි කෙනෙකුගෙ මගුලක් වීඩියෝ කලා මීට අවුරුදු ගානකට කලින්. තනිකරම ගත්තෙ මගුලට ආපු කට්ටිය හැසිරුන හැටියි කාපු බීපු හැටියි. ඊට පස්සෙ කවුරුත් මට වීඩියො කරන්න වැඩ බාර දුන්නෙ නෑ. ඒ උනාට තාම හැමෝම ඒ වීඩියෝ එක බලලා සතුටු වෙනවා.

      Delete
  18. රාජ් කිවුවා හරි.මගුල ගන්නේ තමන්ට තියෙන විදියට නෙවෙයි තමන්ගේ පිරිසට පෙන්වන්න. පැය දෙක තුනක උත්සවයක් වෙනුවෙන් ජිවිත කාලෙම හරි හම්බ කරපුව නැති කරගෙන තව අවුරුදු ගානක් ගෙවන්න ණයත් වෙනවා. පස්සේ දෙන්නම හුල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඊට පස්සෙ හිතෙනවා අපරාදෙ බැන්දෙ කියලා. ඇයි යකඩො ළමයි හම්බ උනාම උන්ට වියදම් කරන්න තිබ්බ සල්ලි මගුලට වියදම් කලානෙ

      Delete
  19. හෙහේ ඇත්තම තමා ගිම්හානි.. අයියෝ සල්ලි තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිම්ශා මේ පැත්තෙ ආවට. මෙ බ්ලොග් එක කරන්නෙ ලොකු ජෝන් වන මේ මම ගිම්හානි මෙ බ්ලොග් එකේ ලිපි කීපයක් ලියුවා පස්සෙ එයාටම හිතිලා ලිපි ලියන එක නැවැත්තුවා (කවුද කියලා ඇස්වහ වදිනවා කියලා ) :D
      …දැන් ඉතින් ඒයා දාන්නෙ කොමෙන්ට් විතරයි හයියෝ සල්ලි තමා.

      Delete
  20. ම්...මංගල්ලේකට සහභාගීවෙන කාට උනත් දෙන්න පුලුවන් හොඳම තැග්ග මුදල් කියල තමා මාත් හිතන්නේ ඒවගේම මංගල්ලයෙන් එතතුකරගන්නා පිංතුර වලින් දේමාපියන් ඇතුලු හැමොටම සතුටු වෙන්න පුලුවන්නම් අනාගතේ දරුවන්ටත් ඔබ ආදර්ශවත් දේමාපියන් වේවි

    ReplyDelete
    Replies
    1. අඩු ගානෙ වියදම්වෙන ගානවත් අහලා තෑග්ග විදියට තමා හොඳ. නැද්ද මං අහන්නෙ

      Delete
  21. කතාව නම් ඇත්තම ඇත්ත අයියේ....මෙහෙම මගුල් ගන්න නම් මගේ කිසිම අසාවක් නැතෝ...

    ලස්සනට ඉන්න කෙල්ලක්ව කැත කරලා මනාලියක් විදියට අන්දන්නත් ලක්ෂ ගානක් ගන්නවා ඔයිට හොඳා තනියම ඇඳගත්තනම්... මම නම් අදහස් කරගෙන ඉන්නේ පුළුවන් තරම් සරලව අඩු වියදමකින් වැඩේ ගොඩදාගන්න

    ReplyDelete
    Replies
    1. ආ ... ඔය ගැන කතාවක් එකපාරක් අර සුනෙත් - ගාමින්දගෙ අරේ මරේ ජෝක්ස්වලටත් ගියා. උන්නම් කිව්වෙ ඕක මනමාලියොන්ට අන්දන අයගෙ වරදක් නෙවෙයි කියල. ඇයි උන් බෝර්ඩ් එකේ ගහලම තියනවනේ “මනමාලියන්ව අන්දනව“ කියල.

      Delete
    2. මනමාලි මුලින්ම අර කියුවා වගෙ ඇඳගන්නවා. ඊට පස්සෙ තෙරුනාම ඒ වාඩුව අර අහිංසක මනමාලයගෙන් ජීවිතෙ පුරාවටම ගන්නවා. කොහොමත් ඌ එදා ඇඳ ගත්තා කියලා තෙරුම් ගන්නෙ සෑහෙන්න කාලෙයක් ගියාට පස්සෙ

      Delete
  22. හරි හරි ඔන්න ජෝන්ගෙ ලිපිය බල මම හිතාගත්ත , හොරෙන්ම මගුලක් ගන්න .
    …ඔන්න කිව්වේ නෑ කියල බනින්න බෑ හරිද ? :D

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ මේ කොමෙන්ට් එකෙ හැංගිච්ච කතාවක් තියනෝ. පුලුවන් කෙනෙක් ඉන්නවනම් Application දාන්ඩෝ. උබලා ඇහුවට උත්තර දීපු නැති කතාවක් මෙ කමෙන්ට් එකේ තියනෝ

      Delete
  23. හපෝ මගුලක් කන එක හෙන මෝඩ වැඩක් නේ :/
    ඒ සල්ලි වලින් දානයක්,දන්සලක් දුන්නනම් මීට වඩා හොඳය්
    අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. කොහොමත් මනමාලයනම් දානයක් දුන්න කියලා හිතාගත්තට කාරි නෑ ඕන්..

      Delete
  24. අපි නම් සල්ලි තමා යාලුවෙක්ගෙ හරි වෙඩිමකට දෙන්නේ කෑවට බිව්වට උන්ට පාඩු නොවෙන්න මචෝ මොකද මේ උබ එකපාරට මෙහෙම එකක් ලිව්වේ? බඳින්න ද යන්නේ?

    ReplyDelete
    Replies
    1. හපෝ ආයෙත් සැරයක්, පිස්සු කතාකරනවා මම බැඳලා දැන් අවුරුදු 13ක්

      Delete
    2. ඔහ් සොරි අයියේ...... :/

      Delete
  25. සමහරුන්ගෙ ඔය අමරණීය සිහිවටන තියෙනව පෝන් සයිට් වල... :D

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලියලා පස්සෙ මකලා දැම්මා මොකද සමහර Photographersලා මධුසමයට යන යුවලට Digital කැමරාවක් දෙනවා. ඇල්බම් එකට ලස්සන පින්තූර අර ගන්න කියලා.

      Delete
  26. අයියෝ සල්ලි ඒකනම් නියම පෝස්ට් එක....කථාවනම් සහතික ඇත්ත..ලොකු කම වෙනුවෙන් හම්බකරපු සල්ලි වියදම් කරන්නෙ උඩ පැන පැන බැදල දවස් දෙකෙන් බඩවල් දෙක වේලෙනවා කන්න සල්ලි නැතුව...බදින්න ඉන්න කෙල්ලො කොල්ලන්ට නියම පෝස්ට් එක හි හි හී මම කෙල්ලත් ඇතුළුව....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ළඟදි බදින්න යනවා කියලද ? මෙහි ආවාට ස්තුතියි.

      Delete
  27. අභීත ගෙ මඟුල තමා මට මතක් උනේ... නිළමෙ ඇඳුම් පටලගන්න වින්ඳ දුකක්...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..