he

Wednesday, November 21, 2012

135.ඇය පස්සෙන් ඇගේ කාමරයට


පහුගිය සතියෙ පලකල එක කවි පෙලක
මූනු පොතෙ අඟනක් ගැන කීවා මතක
කියවා බලා ඔබ අදහස් එකින් එක
සිතුනා කරනට කවියක් හනි හනික



අවසන් කලමුත් මාගෙ පෙර කවිය
ඇතැයි සිතමි එපුවත අද නොබැලු අය
තෙරුම් ගන්න අද මා කියනා කවිය
මේ පෙල කොටනු මැන තරහා අවසරය



තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ කීවා
ඒ සී එකත් යහමින් ඕනෑ කීවා
වරකට එක්කෙනයි කියලත් ඈ කීවා
මේ ගැන දැන ගන්න මගේ යටි හිත කීවා



බසයෙන් බැස ඈ ගිය ඒ සුනංගුවෙන්
ඈ ගැන සොයන්නට ඉස්සුනි උන් අසුනින්
බ්‍රේක් ගසා රියදුරු දුන් සහයෝගෙන්
විසිවී වැටුනි හිතවත මම ඒ බසයෙන්



කොල්ලො තුනක් ආවා ඇය හමුවන්න
ඇසුනෙ නම් නෑ උන් කී ඒවා ඔන්න
ආටා එකට නැගි පසු ඈ සමගින් තිදෙන
හිමිහිට බලන්නට සිතුනා සිද්දවෙන



යුනිටිය අසල උන්නා මගේ මිත්තරයෙක්
ඔහු හට තිබුනා වේගෙන් යන දඬු මොනරෙක්
වරෙන් යන්න මට දැන් පොඩි හදීසියක්
කීව ගමන් ඔහු ආවා නො අසා යමක්



ඈ ගැන තතු සැකෙවින් මා කීවා
ඒ ගැන දැනගන්න ඔහු වේගෙන් ඉගිලෙනවා
මිත්තරයා නිසා මගෙ හිතටත් බය නැතුවා
ආටා රථය දැන් ටික ටික ලං වෙනවා



හව්ස් ඔෆ් ෆෂන් පසුකරමින් ගමන් කලා
පොන්සේකා පාර අසකින් එය නතර කලා
ඔවුන් යන්නෙ කොහිදැයි විපරමින් බලා
බයිසිකලය නවතා අපි සිටියා බලා



ලොකු ගේට්ටුවක් තිබුනා වටවී තාප්පෙකින්
හතර දෙනා ඇතුලුවුනා එය ඇරලා හිමින්
ඇතුලට යන අයුරක් ගැන ඉන්නාවිට සිතමින්
ඇතුලට ගිය කොල්ලන් ආවා ගිය පයින්



ගේට්ටුව ලඟ කැරකැවිමින් උන් අප දෙදෙනා
දැක්ක කොල්ලො අප ලඟටම කිට්ටු උනා
"මේක බලලා නම් අපි හට එපා උනා"
කියලා කියුව ඒ තිදෙනා පිටත් උනා


    
එවිටම වගේ අර තරුණිය ආවා
ඔය ගොල්ලොත් ආවේ ඇඩ් එක දැකලද ඇහුවා
ලැජ්ජාවෙන් මම බිම බලමින් වුවා
මගෙ මිතුරා ඇඩ් එක ගැන විමසුවා



FB එකේ තිබුනේ පොඩි දැන්වීමක්
කාමරයක් කුලියට දෙන බව කීමක්
ඒසී නැතිව ඉන්නට බැරි බව ඇත්තක්
යාබදව කාමරයේ තිබුනේ පෝරනුවක්


     
ආපු නිසා අපිත් ගියා එහි තුලට
ඒවිටයි තේරුනේ ඇයි එක්කෙනාඑකවරට
කාමර ගොඩක් කුලියට දී තිබුනාට
එකම වැසිකිලියයි තිබුනේ සැමට

…ප.ලි. පහුගිය 134.FB අඟන සත්‍ය සිදුවීමකි. එය ලියූපසු මගෙ සිතෙ ඇඳුන මනඃ කල්පිත සිදුවීමක් එහි දෙවන කොටස ලෙස ඔබවෙත ලියමි.

68 comments:

  1. ඔයින් ගියා හොදටම ඇති.....

    ReplyDelete
  2. ඒහෙනම් කොහොමද ශරීර කෘතය කරගන්න අමාරැ වෙයිනේ...වෙලාවට තමයි තේරැනේ වැඩේ

    ReplyDelete
    Replies
    1. බෝඩිං ජීවිතෙ හැටි එහෙමයි

      Delete
  3. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ... සිතුවිලි කිව්වා වගේ, "ඔයින් ගියා හොදටම ඇති...." :පී

    ReplyDelete
  4. mana:kalpitha unata aththatama uneth okamada danne.. hikis :D

    ReplyDelete
    Replies
    1. පරන කවිය ඇත්ත හැබැයි වැටුනෙ නම් නෑ

      Delete
  5. බැලන්ස් කොරන් පෙරකිව් අර කතාව
    ගොතපු අලුත් කවි ඇල්ලත් එළ කිරිය
    කොළොම් තොටේ අරුමොසම් වැඩ බෝම
    ලංකාවත් දැන් දැන් ෆෙඩරල් වේය

    ReplyDelete
    Replies
    1. බැලන්ස් කරන්නටම නොවේ ඒ කවිය
      …මා කීවේ මට පසු දින හිතු හැටිය
      …ආගම දහම ගැන නොතකන සමය
      …මුලු ලෝකෙම කනපිට වී යන සැටිය

      Delete
  6. මළ මගුලයි!!!
    යකෝ අපිව මේකා කඩේ ඇරිය හැටි.
    අපිත් ගියා කුණු රසය බලන්න මදෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙද මහත්තයා, හෙලා දකින්ටෝන, නැත්ද? අපිත් නිලමැස්සො වගේ ආවා කුණු පාර දිගේ, මැදෑ.

      Delete
    2. දැන් බලන්න ටීවී වල රස රස කෑම ජාති පෙන්නනවා ඒත් රස දැනෙනවද . නෑ නේ

      … බලන්න අඩු තරමින් තම තමන්ගෙ හිතින් හරි මෙතන කුනු රසය වින්දනේ ..

      Delete
  7. හෆොයි ! මෙයාටත් හිතෙන ඒව.

    ReplyDelete
    Replies
    1. නිකන් තියෙන හිතනෙ

      Delete
  8. සික් විතරක් මේක බලන්න ගත කල මගේ අගනා කාලය , මේ ජෝන ඔහොමම තමා :D

    ReplyDelete
  9. Replies
    1. එ උනාට හිතින් ආතල්නේ

      Delete
  10. john, yantham patikiriya bera gattha... :P

    ReplyDelete
    Replies
    1. නැතුව අමාරුවෙන් හදා ගත්තු එක

      Delete
  11. මොන පික්ෂුද අයියා ඔහොමනං වෙන්ඩ බෑ ඈ...අයියත් රිංගලා දැං අපිට කොළේ වහන්ඩ හදනවා නේද?

    ReplyDelete
    Replies
    1. රින්ගුවා නේන්නම් ඒකනේ දැම්මෙ

      Delete
  12. කවි පෙළ නම් නියමයි....අනර්ඝයි...උත්කෘෂ්ටයි....අපූරුයි...

    ReplyDelete
  13. විලි ලැජ්ජාවේ බැරුවා... හි හී

    කවි ටික නම් නියමයි ලොකු ජෝන්....

    ReplyDelete
  14. ජෝන් අයියටත් වෙන වැඩ. මලා ජෝන් කිව්වලු හිකිස්........ මේ අයියේ මොකද හදිස්සියේම කවි හිතක් පහල වෙලා.

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම විදියට ලියනකොට එපාවෙනවා

      Delete
  15. හපොයි දෙය්යනේ...
    මම හිතාගෙන උන්නේ වෙන දෙයක්..කවි ටිකනම් නියමි බං

    ReplyDelete
    Replies
    1. පේන දේ හැමතිස්සෙම නෑ මම කැමති ඒකට

      Delete
  16. ජෝන කරන මුස්පේන්තු වැඩ හින්දා
    තිබුන සොමිය එක පාරට ගියේ ගස්සා
    හිතුවේ මේක නොව වෙන යම් දේ හින්දා
    දෙන්ට හිතේ තොට යම ලෝකෙන් ගෙන්නා

    ReplyDelete
    Replies
    1. ...යමලෝකෙත් බ්ලොග් ඇතිදැයි බලමි
      …යම රජු ගැන වරුනාවක් කරමි
      …ඒක බලලා යම රජු අදිනා බව දනිමි
      …එතන හිටන් මම බ්ලොග් ලියමි

      Delete
    2. යමයා කපටි බස් නොඅසන බව දනිමි
      තෙපර තෙපර කිව්වත් නාහයි සිතමි
      කොහොම උනත් ඒ උඹේ තැන බව දනිමි
      අපාය තොප හට ළග බව දුටිමි

      හහ්.. හහ්..

      Delete
    3. මෙතනට එන අය කියව්වෙ නම් කවිය
      …යමයත් එය කියවන බව නම් සුවර්ය
      …කියවා මා ගැන තැවී රජ යමය
      …උගේ ලැපත් මට දෙයි මා යන දිනය

      Delete
  17. මදැයි... :)

    කවි ටික නියමයි.

    ReplyDelete
  18. හැක් හැක් හැක්... විළි ලැජ්ජාවේ බෑ

    ReplyDelete
  19. යකෝ උබල ඇත්තටම මෙහෙම බයිට් වුනාද :ඩී

    ReplyDelete
  20. මට පොඩ්ඩක් මෙ ශයිලිය ගැන කියන්ටකො ජෝං අය්යෙ. මීට කලිං මේ වගේ එකක් දැකල නැහැ.
    තාලයක් නැති එත් නිසදෙසකුත් නෙමේ

    ReplyDelete
    Replies
    1. ඒ දැන් අපූරුවට තියෙනව, මොබයිල් එකෙන් බලන් කොට අන්තිමට තියෙන එලිවැට පෙන්නෙ නැ.
      පොඩ්ඩක් මොබයිල් සයිට් එක ගැනත් අව්දානය යොමු කරන්නේ නම් මැනවි

      පහුගිය සතියෙ පලකල එක කවි
      මූනු පොතෙ අඟනක් ගැන කීවා
      කියවා බලා ඔබ අදහස් එකින්
      සිතුනා කරනට කවියක් හනි



      අවසන් කලමුත් මාගෙ පෙර
      ඇතැයි සිතමි එපුවත අද නොබැලු
      තෙරුම් ගන්න අද මා කියනා
      මේ පෙල කොටනු මැන තරහා



      තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ
      ඒ සී එකත් යහමින් ඕනෑ
      වරකට එක්කෙනයි කියලත් ඈ
      මේ ගැන දැන ගන්න මගේ යටි හිත

      මෙන්න මෙහෙම තම පොං එකෙන් බලපුවාම තිව්නී

      Delete
    2. ඒක මිසක් . අඩේ පෝන් එකෙන් පේන විදියෙත් ගතියක් තියනවනේ . ඒවිදියටත් නිර්මානයක් උත්සහා කරන්න ඕන .
      …ස්තුතියි සමී ඔබගේ අදහසට එලිවැටිය ගන්න ඕන නිසා ටේබල් එකක් ඇතුලේ කවිය ලියුවේ ඒකයි පෝන් එකෙන් නොපෙනෙන්නෙ පෝන් එකෙන් පේන්නේ එක ටේබල් එකයි

      Delete
  21. හික්ස්..... නෝන්ඩි ගොඩයි...
    ඒත් මරු කවි ටික... :)

    ReplyDelete
  22. හැක හැක මනම්කල්පිත එකක්නේ මේක :D

    ReplyDelete
  23. වෙන්ඩ ගිය අපහාසෙන් බේරෙන්ඩ කයිය පද බැන්දා නේද අනිත් අතට

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඔලුව බේරගන්නේ කොහොමේයි

      Delete
  24. කාලා වරෙන්කො කිව්වලු..

    ReplyDelete
  25. මම හිතුවේ මේ වැරදි දෙයක් කියලා.

    ReplyDelete
  26. එහෙනම් අපිටත්සති දෙකක් තිස්සේ ඇන්දුවා නේද.. ඒ කොහොම වුණත් කවියෙන් කතාවක් කීම එක කාලෙක ජනප්‍රිය කලාවක් වෙලා තිබුණා ඒත් මේ වගේ කවි කතා ඉරිදා ලංකාදීප පත්තරේ ඉස්සර පලවුණා ඒත් දැන්නම් කාලෙකනි දැක්කෙ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ මතකෙද කොහෙදෝ මේ විදියට ලියන්න හිතුනේ

      Delete
  27. සිරා කවි ටික

    ReplyDelete
  28. හයීයූ.. මේ ජෝන් ලොක්කත් එක්ක බෑ අෆ්ෆා..
    මොනව උනත් මරු කවි පන්තිය.. හිකිස්!!

    ReplyDelete
  29. මදැයි කොලා....

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..