he

Friday, November 30, 2012

Thank You ජොබ් එකක වටිනාකම.

පරිඝනක අලුත්වැඩියාව මගේ දැන් කරන රැකියාවට අමතරව කරන බව ඔය අතරින් පතර ලිපිවලින් ගෙන ආවනේ. ඔය අතර යාලු කමට "Thank You" ජොබ් එහෙමත් සෙට් වෙනවා. ඒ වගේ ඒවා වැඩේ කරන්න කලින් හිත හදාගෙන කරන නිසා එච්චර හිතට දුකක් නැ . මතක ඇතිනේ කලින්  ඔන්න යාලුවෝ ලිපිය.

ඔන්න පහුගිය දවසක මගේ පාසැල් සමයේ මිත්‍රයෙක් එයාගේ පරිඝනකය වැඩකරන්නෙ නෑ කියලා මාව ඇමතුවා.


හුඟක් වෙලාවට දුරකතනය මාර්ගයෙන්ම යාලුවන්ට විසදුමක් දෙන්න තමයි මම උත්සහා කරන්නේ. එහෙම වෙනකොට මට වියදමක් යන්නෙත් නෑ කාලයත් ඉතිරියි යාලුවට වැඩෙත් වෙනවා. යාලුවෙකුට ටිකක් බරපතල පරිඝනක ලෙඩක් ආවොත් වගකීම් කාලය ඇතුලත නම් ගත්ත තැනට යන්න කියනවා. ඇත්තම කියනවනම් යාලුවන්ට මගේ ක්ශේත්‍රය සම්බන්ඳ උදව් කරන්න මම කැමති නෑ. හේතුව වැරදුනොතින් යාලුකමත් නැතිවෙන හන්දා.අනික "Thank You" ජොබ් කරලා මම යම් සතුටක් වින්දනයක් ලැබුවත්, අපිත් දරු පවුල් කාරයොනේ. ඒ වගේ ජොබ් වලට බිරින්දෑවරුන් කැමති වෙන්නෙ නැ.

ඉතින් මේ මට අමතපු යාලුවට මම කලින් වතාවල දුරකතන මාර්ගයෙන් උදව් කරලා පරිඝනකය හදලා දීලා තියනව. ඒ හන්දා හැම ලෙඩටම වගේ මාස දෙකකට සැරයක් මට කතාකරනවා. ඔන්න එදත් කතා කලා. පරිඝනකයේ ලෙඩේ මට කියුවා. කලින් කියුවා වගේ දුරකතන උපදෙසක් දෙන්න හැදුවත් ඒ ලෙඩේ තනි පරිඝනකයක් තියාගෙන හදන්න අමරුබව මට තෙරුනා ඉතින් මේක හදලා දෙන්න උවමනාවකුත් මට තියනවා.

……"මචං මේක over the phone හදන්න අමාරුයි. ටිකක් වෙලාත් යනවා හාඩ් ඩිස්ක් එක ගලවලා බලන්න වෙනවා සමහරවිට OS එක දාන්නත් වෙයි. " මම කියුවා

…ඇත්තටම ඒ පරිඝනකය windows ලෝඩ් නොවී restart වෙන ලෙඩක් තමයි යාලුවගේ පරිඝනකයට හැදිලා තිබුනේ.

" මචන් සෙනසුරාදා මම උඹලගේ ගෙවල් කිට්ටුවට එනවා ඒ එන ගමන් ඇවිත් හදලා දෙන්නම්. හදිසියක් නැනේ"
මම එහෙම කියුවෙ ඇත්තටම මට යාලුවගෙ ගෙවල් ලඟ තව වැඩක් තිබුනා. ඉතින් යාලුවට ගමන් වියදමකින් තොරව පරිඝනකය හදා දෙන කටයුත්ත කරන්න පුලුවන් නිසා.

…මේ දුරකතන සංවාදය ඇතිඋනේ අඟහරුවාදා දවසක ඊට පහුවන බ්‍රහස්පතින්දා මට තව මගේ කමියුනිකෙශන් සෙන්ටර් යාලුවෙකුගෙන් ඇමතුමක් ආවා එයාගෙ කමියුනිකේශන් එකට හදන්න පරිඝනකයක් ඇවිත් තියනවා ඒක හදලා දෙන්න කියලා.

 මම දන්න අදුනන ව්‍යාපාරික යාලුවො කීපදෙනෙකුගේ කොමියුනිකේශන් ආයතනවලට රැගෙන එන පරිඝනක අලුත්වැඩියාකිරීම කරන්නේ මම. මම අදාල පරිඝනකය අලුත්වැඩියාකරලා මගේ ගාස්තුව කියුවම කමියුනිකෙශන් එකේ අය සාදාරන මුදලක් තියාගෙන අදාල අයිතිකරුවන්ට පරිඝනකය දෙනවා ඔන්න ඔහොමයි එම කටයුත්ත සිදුවෙන්නේ.
 ඉතින් මට ඇමතුමක් ආවිට අදාල තැනට ගොසින් ඒ පිළිබඳව හොයාබලනවා අමතර කොටස් අවශ්‍යනම් ඒවායේ ගනන් හිලව් පිළිබඳවත් දැනුවත් කරනවා.

බ්‍රහස්පතින්දා ආපු දුරකතන ඇමතුමට ප්‍රතිචාරයක් හැටියට මම කමියුනිකෙශන් එකට ගියවිට දකින්නට ලැබුනේ ටිකක් හුරු පුරුදු ලෙඩක් .. ඒ විතරක් යැ හුරුපුරුදු පරිඝනකයක්.

මගේ මිතුරාගේ පරිඝනකය . ඇත්තටම මට යාලුවෝ ගැන  කලකිරුන තවත් දිනයක්. ඒත් ඒ කලකිරීම යටපත් කල අකාරය ඔබ කොයි අයුරකින් දකියිදැයි මා නොදනිමි.

පරිඝනකය restart වීම සිදුවන්නේ දෘඩ තැටියේ File Allocation Table (FAT) එක වෙනස්වූ නිසාබව එද ඔහු දුරකතනයෙන් දන්වන මොහොතෙම මා දැනගත්තෙමි. විනාඩි කීපයක් තුල එම දෘඩ තැටිය ගලවා මගෙ පරිඝනකයේ බාහිර දෘඩ තැටිය (External Hard disk) හා සම්බන්ද කර එම දෝශය නිවැරදි කර පරිඝනකය යතා තත්වයට පත් කෙරුවෙමි. මගේ ගාස්තුව ලෙස රුපියල් දෙදහස් පන්සීයක මුදලක් මම එදින අයකලෙමි. මා රුපියල් දෙදහස් පන්සීයක් අයකරනවිට අන් දිනවලට කමියුනිකෙශන් මිතුරන් අයකරන්නේ මාගෙ අයකිරීමට 10% එකතුකර මාගේ අවසරය මත අදාල පරිඝනකයේ හිමිකරුවන්ගෙන් අයකිරීමය. එලෙස සිදුකරන්නේ මා සහ කමියුනිකෙශන් මිතුරන් අතර ඇති එකඟ තාවකක් මතය. ඒත් එදා මම කමියුනිකෙශන් මිතුරන්ට මගෙ අයකිරීමට 100%ක් එක්කර රුපියල් 5000කට බිලක් නිකුත් කරන්නට කීවේ පහත සඳහන් පරිදිය
…             Data recovery (Without deleting OS)    Rs.3000
             Hard disk Repair Charges                      Rs.2000

මා පරිඝනකය නැවත දෙන්නට කීවේ සිකුරාදා හවසය. සෙනසුරාදා උදයේම මා මිතුරාගේ ගෙදරට ගියෙමි. ඔහු කීවේ කුමක්දැයි ඔබ දන්නවාද ?

 "අනේ සොරි මචන් දැන් ඒ කම්පියුටර් එක වැඩකරනවා මට උඹට කියන්න අමතක උනා"

58 comments:

  1. Replies
    1. අඩු ගානෙ හිත හරි හැදෙනවනේ

      Delete
  2. 5000ක් ගෙව්වම කොහොමත් වැඩකරනවා තමයි නේද කියල අහන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. අහලා හිත තලා ගන්නවට වඩා නොදන්න තාලෙට ඉන්න එක හොඳයි කියලා හිතුනා

      Delete
  3. ඉතින් ජෝන් සද්ද නැතුව ආවා ?
    :/

    ReplyDelete
  4. උඹට මම කලිනුත් කිව්වා ඕක. වැඩිහිටි කෙනෙක් දෙයක් කිව්වම අහපන්... ඒ කියන්නෙ අත්දැකීම්....

    ReplyDelete
    Replies
    1. ඇහුවා ඇහුවා. වැඩේ කියන්නෙ මට වෙන්නෙම ඔහොම වැඩ

      Delete
  5. matath set wenne oya wage yaluwo thamai.
    AKM

    ReplyDelete
    Replies
    1. යාලුවො හන්දා කියලා හිතහදා ගමු

      Delete
  6. මාර යාළුවොනෙ ඉන්නෙ....

    ReplyDelete
  7. අපිටත් දැනගන්න එක්ක කිව එක හොඳා...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බ්ලොග් ලියන්නේ

      Delete
  8. //හේතුව වැරදුනොතින් යාලුකමත් නැතිවෙන හන්දා// මේක නම් ඇත්ත යාළුවා. තාක්ෂණික පැත්ත ගැන අවබෝධයක් තියන කෙනෙක් නම් තත්වය තේරුම් ගන්නවා. එහෙම නැති අය ඇතැම් වෙලාවට හිතන්නේ අපි හිතල මොකක් හරි කළා කියල. මමත් තාක්ෂණයත් එක්ක ගැටෙන රැකියාවක් කරන නිසා මටත් ඔය වගේ අත්දැකීම් තියනවා.
    ඔහොම එවුන්ට ඔය වගේ තමයි කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනික හුඟදෙනෙක් ට තාක්ෂනික පැත්ත තෙරුම් කරන්නත් එපැයි ඒකනේ අමාරුම

      Delete
  9. අන්න එහෙම තමා ඉන්න ඕනෙ... මාළුවො වගේ හිටපු මගේ යාලුවො කිප දෙනෙකුත් හලලා දැම්මා...යාලුවො කියලා වැඩක් නැති උන් 100 ඕනෙ නෑ... හොද උන් දෙන්නෙක් තුන් දෙනෙක් හිටියම ඇති...

    ReplyDelete
    Replies
    1. අඩේ සිරා.... සිරාවටම උඹ ඔච්චරටම සැරයිද බං.

      Delete
    2. ඒකනම් ඇත්ත සිරා

      Delete
    3. මගෙ ළග බොරුව/වංචාව නෑ බන්... එහෙම කරන උන් මට පේන්න බෑ... යාලුවො විශේෂයෙන්...

      Delete
  10. ඒත් මචං උඹ 2500ක්ම වැඩිපුර ගත්ත එක හරි නෑ නේද ?මිනිහත් අපි වගේ පොරක් වෙන්න ඇතිනෙ මචං ..ඌ බ්ලොග් කියවන එකෙක් එහෙම නෙවෙයි කියලා උඹට ෂුවර් නේ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පොරත් කියවනවා. කමක් නෑ බං මූනට කියන්න බැරි හුඟක් දෙවල් මෙතනින් මම එලියට දාලා තියනවා

      Delete
  11. හොඳ වැඩේ යාලුවා ට..

    ReplyDelete
  12. ඕවගේ එවුන් යාළුවොයි කියන ගොඩට දාං ඉන්න අපිට තලන්න ඕනි මඩු වලිගෙන්..
    මමත් කාලයක් ඔය වගේ රස්සාවක් කලා.. ඒත් පරිඝණක හදන වැඩේම තමයි.. මගේ යාළුවෙක් දවස් ගානක් තිස්සේ උගේ මැෂින් එකට OS එකක් දාන හැටියි පාටිෂන් කරන හැටියි ඇහැව්වා.. මාත් ඉතිං යාළුවනේ කියල පොරත් ඉන්න තැනම වැඩේ කරල පෙන්නල දුන්නා.. සම්පූර්ණ නොමිලේ.. පස්සේ දවසක් මගේ කස්ටමර් කෙනෙක්ගේ ඕඑස් එකක් දාන්න ගියාම පොර මගේ ගාන කිවව ගමන් කියාපි අහවලා මේ ගානට කරනවා.. ඒ ගානට කරමු නේද කියලා.. මගේ යාළුවා මගේ ගානටත් වඩා අඩුවෙන් මගේ කස්ටමර්ලටම වැඩ කරනවා.. මමත් එහෙනං එයාටම කියල කරගන්න කියලා ආපසු ආවා.. ඕං අපිට වෙන වැඩ..

    ReplyDelete
    Replies
    1. ඔය සම්බන්දව නම් මට සෑහෙන්න අත්දැකීම් තියනවා . මගේ වීඩියෝ සෙන්ටර් එකට උනෙත් ඔය වගේම වැඩක් ඒ ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ

      Delete
  13. මමත් දැන් සාමාන්‍යයෙන් දුරකථන රෙපයාර් උපදෙස් දෙනවා අඩුයි! මොකෝ එහෙම උනාම උන්ගේ හිතේ මමත් FOSS එකක් කියලා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිකන් දෙනකොට කට්ටිය හිතන්නෙ අපි එහෙම කරන්න බැඳී ඉන්නවා කියලා

      Delete

  14. මම නම් මචන් යාළුවො කියන උන්ගෙන් වෙන් උනේ මම 10 වසරේ
    ඉද්දී.එදා ඉඳන් තනි ගේම. කිසිම අවුලක් නැහැ බන්. හිත රිදීම් වලින්
    නිදහස්.අනිත් දේ තමා ජෝන් ඕව කියන්න ගියාම මිනිස්සු හිතන්නේ
    අපෝ ජෝන් නම් මහ සක්කිලියෙක් කියලා..උබේ පැත්තෙන් හිතන
    කෙනෙක් නැහැ. ඒ නිසා මේවා කියන්නෙත් බලාගෙන.අන්තිමට වැරදි
    කාරය වෙන්නේ උබම නිසා..කිව්ව දේ තේරුනාද මන්ද

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එක ලියන්නෙ මගෙ හිතෙ හිරකරගෙන ඉන්න සිතුවිලි එලියට දාන්න එතකොට සමහර විට එහෙම හිතුනා කියලා ඒකෙ වැරැද්ද්කුත් නැ.

      Delete
  15. Replies
    1. ඒත් මෙ පුන්චි රටේ ඕක වෙන්කරගන්න එකනේ අමාරුව

      Delete
  16. ජෝන් අයියගේ යාළුවො සැට් එකම එක වැල්ලේ පොල් වගේනේ.

    ReplyDelete
    Replies
    1. කොහෙත් යාලුවො නම් ඔයවගේ

      Delete
  17. යාළුව බ්ලොග් කියවන්නෙ නැතුව ඇති නේහ්...

    මම නම් කියන්නෙ එහෙම කරපු එක හොඳයි කියල. මොකද සමහරුන්ට හිතවත්කමට නිකම් කරල දුන්නම ඒකෙ අගයක් නෑ, ඔහොම දෙයක් උනාම ඒ අය අවබෝධකරගන්නව කලින් නිකම් කරල දුන්නු වැඩවල වටිනාකමත්. මමත් වෘත්තියක් විදියට නැතත් බැහැයි කියන්න බැරිකමට ඔය වගේ උදව්කරල තියෙනව, ඒත් දැන් නම් මම මොන බොරුවක් හරි කියල රෙපයාර් කරන ෂොප් එකකට යවනව.

    ReplyDelete
  18. හෙහ් හෙහ් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. එක අතකට එහෙම උන එක හොදයි.. ඒකෙන් ලොකු අයියට පාඩුවක් නෑනේ.. පාඩුව යාළුවටම..

    ReplyDelete
    Replies
    1. හපෝ යාලුවො නැ කියන්නෙ වාසියක් තමයි

      Delete
  20. කිව්වත් වගේ අහන්නයි තිබ්බෙ, පන්දාහකුත් ගෙවල වැඩ කළේ නැත්තම් වැඩක් නෑ කියල!
    පුදුම තුප්පහි 'යාළුවො' නෙ. ඇරත් හදිස්සිම නම් වෙන තැනකට දුන්නා කියමු. ඒත් මොකක්ද ඕක කියන්න ඔච්චර අමාරුව?
    කරපු වැඩේ හොඳ වැඩේ කියන්න හිතුණෙ අන්තිමට අර යාළුවගෙ ප්‍රතිචාරෙ දැකලා!

    ReplyDelete
    Replies
    1. කවද හරි දැනගත්තම ඕවට විඳවනවා හෙක් හෙක්

      Delete
  21. ඔන්න මිනිස්සු....... කොහොමත් අපේ මිනිස්සුන්ට නොමිලේ කරලා දෙන ඒවායේ අගයක් නැනේ.........

    ReplyDelete
    Replies
    1. නොමිලේ කියන්නේ අගයක් නැති දෙයක් තමයි ඒකනේ හුඟක් අය මව්කිරි වල ගුන නොතියන්නේ

      Delete
  22. එපා වෙනව බං ඔහොම යාලුවො හිටියම ...!

    ReplyDelete
  23. උඹට කියන්න මචන් මම ඔය රස්සාවෙන් සමුගත්තේ ඔය තැනක්යු වැඩි වෙච්චි හින්දයි කොල්ලයි බල්ලයි හැමෝම දෙකයි පනහට මැෂින් හැදිල්ල පටන් ගත්ත හින්දයි . හැබැයි තවමත් ඔය 3ර්ඩ් ලෙවෙල් රෙපෙයාර් විතරක් කරනවා වෙන ගොඩක් දෙනෙක් කරන්නේ නැති නිසා. දැන් දෙයියනේ කියල මේ කරන රස්සාව පොඩ්ඩක් නම්බුව තියාගෙන කරන්න පුළුවන් තත්වයක් තිබුන ගිය අවුරුද්ද වෙනකන්. දැන් නම් කොහොමද දන්නා ලංකවේ තත්වේ.

    ReplyDelete
    Replies
    1. තව එකෙකුට වඩා හොඳ සර්විස් එකක් දීලා වැඩ වැඩිකරගන්නවට වඩා අයකිරීම අඩුකරලා වැඩ වැඩියෙන් කරන්නයි හුඟ දෙනෙක් කරන්නේ ඒකෙන් තමන්ගේ රස්සාව බාල්දු වෙනවා කියලා හුඟදෙනෙකුට තෙරෙන්නෙ නෑ

      Delete
  24. මමත් මේ වගේ යාළුවන්ට යාලුවන්ගේ නෑදැයෝන්ට Thank you ජොබ් කරලා තියෙනවා. කලකිරුන අවස්ථා තමා තියෙන්නේ බස් එකේ ගැනවත් දෙන්නේ නැහැ.0.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි අසර්

      Delete
  25. ඔයා කලේ හරිම දේ...
    මගෙ ජීවිතේටම හිටිය එකම යාලුවා හිටියේ 5 වසර වෙනකම් විතරයි. මම වෙන Scl එකකට ගියාට පස්සෙ මට කිසිම යාලුවෙක් හිටියෙ නෑ. මම තනියම තමයි හැමදේම. මේ වෙනකම් කා එක්කවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ ඒ නිසා. ( ගුටි කෙළි වගේ දේවල් ) සමහර අයව යම් යම් හේතු මත අවශ්‍යතා මත අශ්‍රය කරනවා තමයි. ඒත් ඒ කිසිම කෙනෙක් ඕනවට වඩා ළං කරගෙන නෑ. මම හිතන්නෙ එහෙම හිටියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල යාලුවන්ගෙන්....

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..