he

Friday, March 1, 2013

බොරදිය මාලු බැමට නොව රෙද්ද විකිනීමටය

සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ එනවා. මාර්තු මාසේ මුල ඉඳලම අවුරුද්ද පිලිගන්න කවුරු කවුරුත් ලක ලෑස්තිවෙනවා. සමහරුන්ගේ අතට පාරිතෝෂික දීමනා ලැබෙන්න මේ කාලෙට. එහෙම නැතත් අවුරුදු අත්තිකාරමක් හෙම ගන්න කවුරු කවුරුත් පසු බට වෙන්නෙ නෑ. ළමයින්ගේ ඇඳුම් පැලඳුම් වගේම ගෙදරට ඕනකරන බඩුමුට්ටු අරගන්නත් මේ අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියෙ යෙදෙන්න අපි කවුරුත් වගේ උත්සහා කරනවා.

…මේ අවුරුදු සාප්පු සවාරිය පහුගිය අවුරුදු වලට වඩා ටිකක් වෙනස් තාලෙන් සමරන්න ඒ කියන්නෙ සාප්පු සවාරිය තෝරාගත් සාප්පූ වලින් කරන්න සූදානමක් අද සමාජය තුල ඇතිවෙලා තියනවා. ඒ තෝරා ගැනීම හරිද වැරදිද කියලා කියන්න මම උත්සාහා නොගන්නේ එම ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් වීමට ඉඩ තියන නිසා. 

 මා අද ලියවිල්ල පොඩි කතාවකින්ම පටන් ගන්නම්


…ඔන්න එකට යාබද කඩ කාමර තුනක ජාතීන් තුනකට අයත් මනුශ්‍ය පුත්‍රයන් තුන් දෙනෙක් මාලු වෙළඳ සැල් තුනක් දමාගෙන උන්නලු. වම් පස කඩ කාමරයෙ උන්න කෙනා කඩය ඉදිරි පස නාම පුවරුවක් දැම්මලු "අලුත්ම අලුත් මාලු වෙළඳ සැල " කියලා ඔන්න දැන් හැමෝම වගේ ඒ කඩයෙන් බඩු මිලදීගන්න යනවලු ඇයි අලුත් මාලුනේ. අනිත් කඩ දෙකේ අය මැස්සො එලව එලව උන්නලු.

…ඊට සතියකට පස්සේ දකුනු පස කඩ කාමරයෙ උන්න කෙනා නාම පුවරුවක් දැම්මලු "ලාබම ලාබ මාලු වෙළඳ සැල" කියලා . ඔන්න දැන් ඒ කඩයටත් සෙනග ඇදිල යනවලු ඇයි දෙය්යනේ ලාබෙට මාලු ගන්න කවුද අකමැති.

දැන් දෙපැත්තෙම කඩවලට සෙනග යනකොට මැද කඩයෙ උන්න කෙනාගෙ කඩය දෙපැත්තෙම කඩවල උන්නු මැස්සොන්ගෙන් පමනක් පිරෙන්න පටන් ගත්තලු. මිනිහත් කල්පනා කරලා අන්තිමට එයත් දැම්මලු නාමපුවරුවක් , දෙපැත්තෙම නාමපුවරු දෙක මැද්දෙන්  "ඇතුලුවීම"  කියලා ලොකු නාමපුවරුවක්.

මම ඉහත කතාව කියුවේ අද ව්‍යාපාරික ප්‍රජාවට ඇතිවෙලා තියන තරඟකාරී වටපිටාව ගැන අවබෝදයක් ලබාදෙන්න. පාරිබෝගිකයාව උපක්‍රමශීලීව තමන් වෙතට නැඹුරු කරගන්න අද ව්‍යාපාරිකයන්ට සෑහෙන්න උත්සාහයක් දරන්න වෙලා.
…නම් ගම් වශයෙන් නොකියුවත් සමහර ආයතන වලට පාරිබෝගිකයන් යන්න අකමැති හේතු වෙලා තියෙන්නේ මා පහතින් කියන කරුනුයි.

  • සමහර ආයතනවලට ඇඳුමක් තෝරාගන්න ගියාම එහි සේවක සේවිකාවන් පාරිබෝගිකයා පස්සෙන් යන්නේ හොරෙක් පස්සෙන් යන ඔත්තුබලන්නෙක් වගේ තුන්සිය හැටපස් දවසෙම වැඩකරන CCTV මේ ආයතන තුල සවිකරලා තිබුනත් අර පස්සෙන් පන්නන පැන්නිල්ල කවදාවත් නතරවෙන්නෙ නැ.

  • …තවත් සම්හර ආයතනවලට පාරිබෝගිකයෙක් ගියාම "ඕනෙනම් ගනින්" ක්‍රමයට තමයි සලකන්නේ පාරිබෝගිකයා ගැන කිසිම උනන්දුවක් නෑ සමහරවිට සේවක සේවිකාවන් කලින් දවසෙ ගිය මෙගා එකක විස්තර කතාකරනවා. එහෙම නැත්නම් නලු නිලියන්ගෙ රසවත් දික්කසද තොරතුරක් කියවනවා.

  • …තවත් සමහර ආයතන පාරිබෝගිකයාට අවශ‍ය දෙවලට වඩා අනවශ්‍ය දෙවල් වලින් තම සාප්පු පුරවනවා. වෙනස් වෙනස් භාන්ඩ වලින් පාරිබෝගිකයාව සතුටු කරන්න උත්සාහ කරනවට වඩා පාරිබෝගිකයට අනවශ්‍ය, සාප්පු හිමියන්ට අවශ්‍ය දෙවල් පාරිබෝගිකයන්ගේ ඇඟෙ ගහන්න උත්සහා කරනව.


මා ඉහතින් සඳහන් කරපු කරුනු වලට අමතරව තවත් බොහෝ කරුනු නිසා අපේ ව්‍යාපාර ප්‍රජාව ගැන කලකිරීමක් පාරිබෝගිකයා තුල තියනවා. එය හොඳින්ම වෙළඳ සැලකට යන ඔබත් මාත් අත්විඳ තියනවා.

…ඔන්න ඉතින් මේ අලුත් අවුරුදු සමයේ අපේ ව්‍යාපාරිකයන්ට ඉහත මා කියපු කරුනු නිසා නැතිවෙලා තියන තම ව්‍යාපාරය පිළිබඳව තියන සංකල්පනය (Impression) එක වෙනස් කරගන්න අවස්තාවක් ලැබිලා තියනවා. බලමු මේ දිය බොරවුන අවස්ථාවෙන් වත් ප්‍රයෝජනයක් ගනීද කියලා

37 comments:

  1. සෙල් කියන වචනෙට මුවා වෙලා, තමන් ගාව තියෙන තෙරිච්ච් බදු ටික විකුණන කාලේ තමයි මේ. තෑගී දෙන්න ගන්න නිසා අඩු ගානට බාල බඩුවක් හරි ගන්නවා. ඊට වඩා හොඳයි ඒ සල්ලි දුන්න නම්. කතාවට අදාළ නොවුනත් මේක කියන්න අවශ්‍ය නිසා කිව්වේ. ඔය කියන පස්සෙන් පැන්නිල්ල මටත් එපා වෙලා තියෙන්නේ. අනිත් එක අහක බලන් ඉන්න එක. එහෙම නැති තැනක් මට හමු වෙලා තියෙනවා. නම මෙතන කියන්න හොඳ නෑ නේද? තියෙන්නේ ක්‍රෙස්කැට් එකේ. ගානත් සාධාරණයි. ලඟින් ඉන්නවා අවශ්‍ය වුනොත් උත්තර දෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම තැන් නැත්තෙ නෑ තියනවා ... මම මෙ ලිපිය ලියුවේ අපේ කම ගැන කතාකරන ව්‍යාපාරිකයන්ට

      Delete
    2. සුදීක අයියේ හොඳ දේයක් ගැන කිමට ඇයි මැලි?බොරුවක් කියනවා නේමෙයි නේද?ඔබට පුළුවන් අලුත් ආකල්පයකින් පොස්ස්ට්ටුවක් එක් කරන ඒ නමත් සමඟ.නොදන්නා කෙනෙකු දැනුවත් කිරිම වරදක්ද?

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  2. අර දෙවෙනියට කිව්ව කරුණ නුවර ගොඩක් කඩවලට අදාලයි...

    ReplyDelete
    Replies
    1. සමස්තයක් හැටියට ගත්තම හැමතැනම ඔහොම තමයි

      Delete
  3. අද හැම තැනම තරගකාරීත්වය තියනවා. ඒත් එය ජයගන්න කළ හැකි ලේසිම දේවල් වත් නොකෙරෙන තැන් බොහොමයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නලින් මටත් තියන ප්‍රශ්නේ අතින් පයින් සතයක්වත් වියදම් නොවන දෙයක්වත් නොකරන එක

      Delete
  4. උඹේ බුලට් පොයින්ට් වලින් මම අකමැතිම ඒක පස්සෙන් පන්නන එක. දෙවෙනි එකෙයි තුන් වෙනි එකටයි මට එච්චරම මල පනින්නෙ නෑ. ඇත්තෙන්ම කොහොමත් නෑ. මම කැමතියි සුපර්මාකට් ක්‍රමයට. කවුරු මොනවා කිව්වත්.

    ReplyDelete
    Replies
    1. හැමෝම කැමතියි. ස්වාධීනව කඩයකට ගිහින් බඩු ගන්න.තම පෞද්ගලිකත්වය රැකගෙන

      Delete
  5. අපරාදෙ කියන්ඩ බෑ මම ඔය සෙනඟ ෂොපිං යන කාලෙට මොනවත් ගන්ඩ යන්නේ නෑ.ඒ වෙනුවට කවුරුත් යන්නැති උත්සව නැති කාලෙකට ගිහිල්ල නිදහසේ ඕනේ කරන දෙයක් අරං එනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ දෙයක් ඒත් අපේ රටේ හුඟක් මධ්‍යම පාන්තිකයන් අතර මුදල් ගැවසෙන්නෙ ඔය කාලෙටනේ

      Delete
  6. මම නම් රෙදි ගන්න කැමති පිටකොටුවෙ දෙමළ කඩ වලින්, මුළු කඩේම උනත් ඇදලා දානවා. නොගත්තත් බනින්නේ නෑ. ගානත් සේට් වලට වඩා අඩුයි. කොලිටි එක වැඩියි. එක කඩේකට හුරු උනාම, පවුලේ අය වගේ. රත්තරන් බඩු කඩවල වගේ කූල් ඩ්‍රින්ක්ස් හිටන් දෙනවා.. බොරුනම් ගිහින් බලන්න..

    ReplyDelete
    Replies
    1. 100%ක්ම ඔබ හරි මට ලියන්න අතපසු උනා ඔය ටික. හැබැයි කාලයක් තිබුනා ඔය කඩත් වර්ජනය කරපු.

      Delete
  7. අඩේ..මමනම් කොහොමත් අවුරුදු කාලෙට කඩේක පැත්ත පළාතේ යන්න කැමති නෑ!

    ReplyDelete
    Replies
    1. ඔය දැන්නෙ, බලමුකො ඉස්සරහට

      Delete
  8. මමනම් කලින්ම ලිස්ට් හදාගෙන ගිහින් අරන් එනවා . එතකොට හරිම ලේසි .
    …සෙනග ගොඩේ තෙරෙපෙන එක එපාම කරපු වැඩක් . අනිත් එක අපිට ඕනෙ දේවල් හරියට තෝර ගන්න අමාරුයි .

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ තෝරගන්න ආයතන ගැන

      Delete
  9. මම නම් අවුරුදු කාලෙට,නත්තල් කාලෙට කඩවල් වලට යන්නෙ නෑ,, ඒක නිසාම දැන්මම දුන්නා ගවුමක් මහන්න කියලා :D

    ReplyDelete
    Replies
    1. අන්න ආදර්ශයට ගන්න ඕන චරිත

      Delete
  10. මමත් සීසන් වලට සාමාන්‍යයෙන් කඩ වලට යන්නේ නෑ. කොහොමත් අර පස්සෙන් එලවිල්ලයි, පාරිභෝගිකයව ගණන් නොගනිල්ලයි කියන්නේ මට නම් ඒ කඩ එපා කරවන දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපේ ව්‍යාපාරිකයන්ට කෙලවෙලාතියෙන්නෙ ඕකනේ

      Delete
  11. මම යන්නෑනේ කඩ වලට... කඩේ මං ගාවට එනවා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. මාතෘකාව දැක්කම මට මතක් උනේ මම දැක්කා පෝස්ටර් වගයක් ගහලා තියෙනවා

    " ඕනේ රෙද්දකට.... සනී සබන් " කියලා. ඒක.

    ReplyDelete
  13. මමනම් ගොඩක් වෙලාවට අත් දැකල තියෙන්නෙ "ඩෝන්ට් කෙයාර්" සංකල්පය තමා.. මගෙ මූණෙ වැරැද්දක්ද මංදා.. :D

    ReplyDelete
  14. මටනම් එපාම කරපු දේ තමයි පස්සෙන් එන එක, සමහර වෙලාවට එයාලගෙන් ඇති උදව්වකුත් නෑ.. අනික මම හිතන්නෙ ඔය දැන් ලංකවෙ තියන ප්‍රධාන තැන් වල ඒ අයට ටාගට් එකක් දීල තියනවා, ඉතින් අත අරින්නෙ නම් නෑ පාරිභොගිකයව..

    ReplyDelete
  15. රෙද්ද.... ඇඳුම් ගන්න ගියාම සේල්ස් අක්කිල ෆිටෝන් රූම් එක ගාව එළියට වෙලා බලං ඉන්නවා.. දවසක් කලිසමක් අරං ඇඳල බලල සිප් එක වවහ එළියට එනකොට කටත් ඇරං බලං ඉන්නවා.. ඒත් එතනිං පස්සෙ රෙදි උස්සන් පස්සෙං ආවෙ නම් නෑ :D

    ReplyDelete
  16. මම සිංහල අයගෙන් බඩු ගන්න කැමති උනත් අපේ සිංහල මුදලාලිලා හුඟ දෙනෙක් හරියට බිස්නස් කරන්න දන්නෙ නෑ. රෙදි අදිනවට බොහොම අකමැතියි. එකක් දීල අනිත් ඒවත් ඔහොම්මම තමයි කියනව. එහෙම නැත්තම් බුම්මගෙන තමා ඉන්නෙ රෙදි තෝරනකොට. කවදා හැදෙයිද මන්ද. හැමෝම නෙවෙයි. හුඟ දෙනෙක්.

    ReplyDelete
  17. ඇත්තම පුංචි කාරණයක් කියන්නම්...මේක මම අත්විඳපු දෙයක්..

    අපි තෝරන ඇතැම් භාන්ඩ සිංහල වෙළඳුන් ලඟ මිල වැඩියි. දෙමල සහ මුස්ලිම් කඩවල ඒ භාන්ඩයම ඒ මැටීරියල් එකම ඒ බ්‍රෑන්ඩ් එ‍කම බොහෝ වෙලාවට නොහිතන විදියට මිලෙන් අඩුයි. මේක පාරිබොිගියන් වන අපිට ලාබයි.අනික එුලු ‍කඩේම ඇදල වුනත් අපි කැමති එක තෝරන්න පුලුවන්. ජාතින් අතර වෙනස එයයි.

    ReplyDelete
  18. අපෝ.... මාත් ආසම නැති දෙයක් තමයි පස්සෙන් පන්නන එක.....

    මාත් අවුරුදු නත්තල් කාලෙට බඩු ගන්න එළියට බහිනවා අඩුයි විශේෂයෙන් ඇදුම් ගන්න. කලින් ගිහින් ගන්නවා.......

    ReplyDelete
  19. හ්ම් ... කාලෙට ගැලපෙන කතන්දරයක්. මමත් හරිම අකමැතියි සෙනඟ අස්සෙ ඔය කඩවලට රිංගන්න. පුළුවන්නම් කලින් ගිහින් ගන්නව, මාර්තු අන්තිම විතර වෙද්දි.

    මටත් දවසක් ඔය කියපු විදියෙ වැඩක් වුනා. ටී-ෂර්ට් එකක් ගන්න ගිහින් මට එකක් හරියකට තෝරගන්න බැරුව ඉද්දි අන්කල්කාරයෙක් ඇවිත් වාතවෙන්න ගත්ත. අන්තිමට මම ලාර්ජ් ටී-ෂර්ට් එකක් දීල මේ ඩිසයින් එකේ XL සයිස් එකක් හොයන් එන්න කියල දුන්න. මෑන් ඒක අරන් ඇතුළට ගියා ගියාමයි ආයි ආවෙ නෑ.

    ReplyDelete
  20. හම සුදුවට තියෙන අය දෙක්කාම ඔක්කොම ගම කතා අමතක කරල එනවා පැනලා දෙන්න.. දෙන් දෙන් කහවට තියෙන උනුත් පේන්නේ සුදුවට..

    ReplyDelete
  21. ඇඳුමක් ගන්න ගියාම පස්සෙන් පන්නලා ඌ හොඳයි කියන එක බලෙන් ඇඟේ ගහනකොට උගේ හොම්බට හැටක් අනින්න හිතෙනවා අප්පා.

    ReplyDelete
  22. ඔය ඉහත සඳහන් කාරනා තුන නම් ඇත්ත.

    ReplyDelete
  23. මම නම් කොහොමත් වැඩිය කඩවල් වලට යන්නෙ නෑ. අනික අවුරුදු කාලෙට ගියාට බදු ගන්න වෙන්නේ නැහැ ඒ තරම් සෙනග.එපාම වෙනවා. ලොකු ලොකු කඩවල් වලට වඩා පොඩි පොඩි කඩවල් වල හොඳ බඩු තියනවා.

    ReplyDelete
  24. හික්ස් කතාව නම් මරු.දැන් ඉන්න පාර්භෝගික සේවා අංශ නම් එකක්වත් හරි නැහැ මට නම් එපා වෙලා තියෙන්නේ මේ දුරකථන සමාගම් නිසා.

    ReplyDelete
  25. මේක ගැන සංවේදීගෙ අත්දැකීම්......
    http://sanwedi.blogspot.com/2013/03/blog-post_13.html

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..