he

Friday, March 29, 2013

කැඩුන හිනාව

මේ සටහන ලියන්න මුල් උනේ පහුගිය කාලෙ ලියපු මෙන්න මේ පොස්ටුවයි. එය මම නම් කලේ " උදෑසන චන්ද්‍රිකා මැතිනිය සිහිවීම කියලයි " නොබැලුවනම් බලන්න. ඔය කතාව සමහරුන්ට තෙරුනාට සමහරුන්ට තෙරුනේ නැ.තව සමහරුන්ට පස්සෙ තෙරුනා.
…මම මේ කියන්න යන්නේ අත් දැකීමක් මෙය කියවන බොහෝදෙනක් අත් දුටු අත් දැකීමක්.


…ඔන්න විශාල පිරිසක් සහභාගීවුන රැස්වීමක්, හිතන්න මහජන පුස්තකාලයේ ශ්‍රවනාගාරයේ දේශනයක් කියලා. නොමිලේ පැවැත්වෙන නිසා හුඟදෙනෙක් ඔය වගේ දෙශනවලට යනවා. සමහරු ගෑනු ළමයා පාඩම් කරලා එනතුරු වෙලාව ගතකරන්න යනවා. තවත් සමහරු සහභාගීවන දෙශකයන්ව බලන්න යනවා . තවත් සමහරු ඇත්තටම දේශනයට සවන් දෙන්න යනවා. කොහොම හරි අන්තිමට ශාලාව පිරෙන්න සෙනග. දේශනය පවත්වන අයට හරි සතුටුයි. අර ස්ටේශන් ළඟ බස් නැවතුම් පලවල ඡන්ද රැස්වීම්පවත්වලා ඒවාට එන සෙනග දැකලා සතුටුවෙන බංකොලොත් දෙශපාලකයො වගේ.


…ඔය වගේ දෙශන අතරතුරදි නිදිකිරාවැටෙන සවන්දෙන්නන්, නැත්නම් රසිකයින් අනන්තයි අප්‍රමානයි. ඒවගේ රසිකයින් ගැන දෙශකයො කලින් තියාගෙනම සැලසුම් කරගෙන එන්නේ. පවත්වාගෙන යන කතාව අතරමග දෙපිට කැපෙන තාලේ විහිලු කතාවක් ඉදිරිපත් කරන්නේ අන්න අර කලින් කියපු රසිකයින්ව ඉලක්ක කරගෙන.

මේ ලිපිය කියවන ඔය ගොල්ලොත් ඔයවගේ දෙශන වලට සහභාගීවෙලා තියනවනේ. අර මම කලින් කියුවා වගේ දෙපිට කැපෙන විහිලු කතාත් ඔය දෙශනවලදි අහලා ඇතිනේ. එහෙම කියුවම ලැබෙන ප්‍රතිචාරය ගැනත් අවබෝදයක් ඇතිනේ.

…කොහොමද එවැනි කතාවකට පස්සෙ ලැබෙන ප්‍රතිචාරෙ එක්වරම ශාලාවම කොක් හඬලා සිනාසෙනු ඇත. ඇත්තටම ඔබ නිරීක්ශනය කරලා තියනවද අර සිනාව තුන් වරකට කැඩි කැඩී ඇසෙන බව .

…කතාව කියූසැනින් …මුලු ශාලාවම එක්වරම සිනාසෙනු ඇත. 
ඒත් සියලුම දෙනාම සිනාසෙන්නේ අවබෝදයෙන් නොවේ. අවබෝදවූ අය තත්පර කීපයක් තුල සිනාව නතර කර ගනු ඇත.ඒ මා කියූ පලමු කැඩීමයි.
 ඉන් පසුවට සිනාසෙන්නේ ටියුබ් ලයිට් යනුවෙන් හඳුන්වන පසුවට අවබෝදවූ අයයි. 
තුන්වන වර සිනාසෙන්නේ පෙර කී කතාවට නොව පලමු වතාවෙ සිනාසුනු දෙවන වතාවේ තෙරුන අයටය. නැතහොත් ඔවුන් ඔවුන්ටමය. ඒ ඔවුන් පලමු වර සිනාසී තිබෙන්නෙ බොරුවට බව අවබෝද වූ නිසාවෙනි.

25 comments:

  1. Replies
    1. මේක අත් දුටු හන්දා මම කියන්නෙත් ඔව්

      Delete
  2. මේ කතාව කියෙව්වට මට තාම හිනා ගියේ නෑ බන්..කීවැනි සැරේට එහෙම වෙයිද මන්දා ??? :-D

    ReplyDelete
    Replies
    1. මේක විහිලු කතාවක් නෙමෙයිනෙ

      Delete
  3. හික්ස්! මරු කතාව! @තුන් පාරක් හිනා වෙමින්!

    ReplyDelete
  4. Ha Ha Ha
    (PAUSE)
    Ha Ha Ha
    (PAUSE)
    Ha Ha Ha
    (The End)

    ReplyDelete
  5. මේ දේම වෙනත් ආකාරයකට කතන්දර ලියල තිබුන වගේ මතකයි ලග දවසක.කොහොම නමුත් ඇත්ත ඕකයි.

    ReplyDelete
  6. එතකොට තාමත් හිනා ගියේ නැතිනම්? :O

    ReplyDelete
  7. හුග දෙනෙක් ඔහොමයි

    ReplyDelete
  8. තුන් වෙනි හිනාව නම් තේරුනා මදි වගේ මට.

    ReplyDelete
  9. අන්තිම හිනාව තමුන්ටමයි,ඒක තමා හොඳම හිනාව

    ReplyDelete
  10. ගොඩක් උන් ටියුබ් ලයිට්..
    කෙල්ලෝ ටියුබ් ලයිට් බවට බොරු මවා පෑමක් කරනවා මම දැක ඇත්තෙමි :)

    ReplyDelete
  11. තුන් පාරක් හිනා වුනෙමි..!)))

    ReplyDelete
  12. දිග සින්හාවක් ඇති විය.

    ReplyDelete
  13. මමත් හිටිගමන් බොරුවට හිනා වෙනවා..නැතිනම් හිනගස්සන එකාට පව් නේ බන්..

    ReplyDelete
  14. ඒක නම් හැබෑව තමා..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..