he

Friday, October 9, 2026

අනුන්ගේ පවුල්වල කුණු හොයන්න කලින් තමන්ගේ ගෙදර පිරිසිදු කරගන්න!

 

අද සමාජයේ සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන කාලයට වඩා අනුන්ගේ ජීවිත ගැන හොයන්න කාලය තියෙනවා. අනුන්ගේ පවුල්වල පුංචි අඩුපාඩුවක් දැක්කත් ඒක ලොකු කරලා කියන්න, සිද්ධියක් අහගත්තත් ඒකට තවත් කෑලි එකතු කරන්න, නොදන්නා දෙයක් ගැනත් දන්නවා වගේ කතා කරන්න සමහරු හරිම දක්ෂයි.

විශේෂයෙන්ම කෙනෙකුගේ පවුල් ජීවිතය, සැමියා සහ බිරිඳ අතර ඇති ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා වගේ පෞද්ගලික දේවල්   හො‍යන එක සමහරුන්ගෙ විනෝදාංශ බවට පත්වෙලා. තමන්ට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නවලට විනිශ්චයකාරයෝ වෙලා, තවත් කෙනෙකුගේ ජීවිතය ගැන තීන්දු දෙන්න සමහරු ඉදිරිපත් වෙනවා.

 




 අනුන්ගේ ජීවිතවල තියෙන වැරදි හොයන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ වැරදි නැති අය නෙවෙයි.

සමහර වෙලාවට අනුන්ගේ වැරදි ගැන වැඩිපුරම කතා කරන කෙනා උත්සාහ කරන්නේ තමන්ගේ අඩුපාඩු අනිත් අයගෙන් වසන් කරගන්න වෙන්න පුළුවන්. අනුන්ගේ චරිතයට මඩ ගහලා, තමන් සුදනෙක් වගේ පෙනී ඉන්න උත්සාහ කරන අයත් සමාජයේ නැත්තෙ නෑ.   තමන්ගේ ජීවිතයේ ඇති ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නැති විට, තවත් කෙනෙකුගේ ජීවිතය විවේචනය කිරීමෙන් තාවකාලික සැනසීමක් ලබන අයත් ඉන්නවා.

 

කලාකරුවෙක්, ගායකයෙක්, නළුවෙක්, දේශපාලනඥයෙක් හෝ වෙනත් ජනප්‍රිය චරිතයක් සාර්ථකත්වයට පත්වුණාම ඔවුන්ගේ දක්ෂතා අගය කරනවාට වඩා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා.

Thursday, September 24, 2026

මිල්ටන්ගෙ ගීත සහ ඒ හඬ උරුමයේ උරුමක්කාරයන් කවුරුද?

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත මතක  සටහන්  තැබූ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි යනු,අපේ රටේ බිහිවූ  සොඳුරුතම ගා‍යක‍යා කීවොත් එ‍ය නිවැරදි‍යි. ඔහුගේ මියුරු ගීත අදටත් අප්‍රමාණ රසික හදවත් තුළ අමරණීයව වැජඹෙන්නේ ඒවායේ ඇති හැඟීම්බර ස්වභාවය නිසාය. ඔහු අප අතරින් සමුගෙන ගියද, ඔහුගේ සංගීතමය ආත්මය තවදුරටත් අප අතරේ ජීවමාන කරමින් ඔහුගේ පරම්පරාව  ඒ අමරණී‍ය ගීරාව‍ය ඉදිරි‍යට ගෙන‍ය‍යි. 


එලෙස ඉදිරියට ගෙන යන දරුවන් සහ මුණුපුරන් ගැන කතා කිරීමේදී අපූරු සංවාදයක් මතුව එයි. මිල්ටන්ගෙන් පසු ඔහුගේ ගීත ගයන ඔහුගේම  හඩේ නියම උරුමක්කාරයා කවුරුද යන පැනයට පිළිතුරු සෙවීම රසිකයන් වන අපට ඉතා වැදගත් කාරණයකි.


මෙම පවුල තුළ සංගීත උරුමය රැකගැනීමට ඉදිරිපත් වූ ප්‍රධාන සාමාජිකයන් ලෙස රනිල් මල්ලවරච්චි (පුතා), තාරක මල්ලවරච්චි (පුතා) සහ පවන් මල්ලවරච්චි (මුණුඹුරා) හඳුන්වා දිය හැකිය. මොවුන් තිදෙනාම මිල්ටන්ගේ ලේ නහරවල දුවන සංගීතමය හැඟීම උරුම කරගත් අය වෙති.

රනිල් සහ පවන් යන දෙදෙනාම දැනටමත් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත ල‍යාන්විතව  ඉදිරිපත් කරමින් සිටිති. විශේෂයෙන්ම "එදා රෑ" වැනි ප්‍රසංග හරහා ඔවුන් දෙදෙනා වේදිකාවට පිවිසෙන විට, රසිකයන්ට යම් මට්ටමකින් මිල්ටන් මහතාගේ මතකය නැවත සිහිපත් වේ. ඔවුන් තම සීයාගේ හෝ පියාගේ ගීත එලෙසම ගැයීමට උත්සාහ කරමින් ප්‍රසංග වේදිකාව හැඩගන්වන ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත. එම නිසා බැලූ බැල්මට පෙනී යන්නේ මේ උරුමයේ බර කරට ගෙන ඇත්තේ ඔවුන් බවයි.

නමුත් මේ අතරතුර තාරක මල්ලවරච්චි දෙස බැලීමේදී වෙනස්ම කතාවක් අපට දැකගත හැකිය. තාරක මල්ලවරච්චි මහතා ශ්‍රී ලාංකික රසිකයන් අතර ඉහත සඳහන් කළ අය මෙන් එතරම් ජනප්‍රියත්වයක් ලබා නැත. ඔහු ප්‍රසංග වේදිකාවල  දකින්න ලැබෙන චරිතයක් නොවන නිසාමත් ඔහු ලංකාවතුල ජීවත් නොවන නිසාත් ශ්‍රීලාංකී‍ය රසික‍යන් ඔහුගැන වැඩිපුර දන්නේද නැත.

මිල්ටන් මල්ලවාරච්චිගේ දැඩි රසිකයෙකුගේ කෝණයෙන් බලන විට මෙහි ඇති සැබෑ යථාර්ථය ඉතා පැහැදිලිය. මගේ අදහසට අනුව නම්, තාරකගෙන් මිල්ටන්ගේ හඬට සමාන හඩක් ඇසෙන්නේ නැත. ඔහු ගීත ගයන විට අපට මිල්ටන්ගේ මතකයම සම්පූර්ණයෙන් මැවී පෙනෙන්නේ නැත. ඒත් ඔහුට ඇත්තෙ ඔහුටම ආවේනික වූ මියුරු ගැඹුරු හඩකි. 



එ‍ය කලක මිල්ටන් ගේ හඬ අනුකරණ‍ය කරමින්  ගී ගැ‍යූ ලලිත් පොන්නම්පෙරුමගේ හඩට සමාන හඩකි.  ඒ  තාරක  මල්ලවාරච්චිටම හිමිවූ  ඔහුගේම අවේනික  හඬ‍යි.  මිල්ටන් මල්ලවාරච්චි මහතා තාරකගෙන් බලාපොරොත්තු වූ‍යෙත් එවැනිම තමාටම ආවේනික හඩකින් ග‍යන  අලුත් ගා‍යන හැකි‍යවක් ඇති  අලුත්  ගා‍යක‍යෙකු බිහිවනු දැකීම‍යි.  එ‍ය සත්‍යක් බව හැගෙන්නේ ඔහුගේ ගීත ගැයීමේ හැකියාව මිල්ටන්ගේ වැනිම සුවිශේෂී වූවක් නිසා‍ය..

සැබෑ රසිකයෙකු ලෙස සිතන විට, මිල්ටන්ගේ හඬ අනුකරණය කිරීමට උත්සාහ කරනවාට වඩා, තාරක පෙන්වන මෙම ගී ආර අතිශයින් අගය කළ යුතුය. මිල්ටන් මල්ලවාරච්චි යනු කිසි දිනක අනුකරණය කළ නොහැකි තරම් සුවිශේෂී වූ කලාකරුවෙකි. ඔහුගේ හඬේ තිබූ ඒ හැඬුම්බර ස්වභාවය සහ වේදනාව වෙනත් කෙනෙකුට ඒ ලෙසම ලබා දීම අසීරුය. එවැනි පසුබිමක, තාරක තමාටම ආවේනික වූ මාර්ගයක් තෝරාගෙන, තමාට හිමි ස්වභාවික හඬින් ගීත ගැයීම තුළින් පෙන්නුම් කරන්නේ සැබෑ කලාකරුවෙකුගේ ලක්ෂණයි.

එබැවින්, මිල්ටන්ගේ උරුමයේ නියම උරුමක්කාරයා යන්න තේරුම් ගත යුත්තේ හඬ අනුකරණය කිරීමෙන් පමණක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංගීතමය හැකි‍යාව සහ නිර්මාණශීලීත්වය ඉදිරි‍යටත් පවත්වාගැනීම මත‍යි. 

 රනිල් සහ පවන් ප්‍රසංග වේදිකාවල මිල්ටන්ගේ ගීත ඉදිරි‍යටත් ජීවත් කරමින් පවති‍යි.  තාරක මල්ලවරච්චි තම පියාගේ  සෙවනැල්ලෙන් මිදී තමන්ටම ආවේනික අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කරයි.

අප වැනි මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සංගීතයට පණ මෙන් ආදරය කරන රසිකයන්ට, මේ දරුවන් තිදෙනාම එකසේ වැදගත් වේ. කෙසේ වෙතත්, මිල්ටන්ගේ හඬේ සැබෑ සුවඳ සහ ඔහුගේ ගීතවල ආත්මය වෙනස් නොවන ලෙස මෙන්ම, තමන්ටම ආවේනික වූ සුවිශේෂී කලාත්මක හැකියා ප්‍රදර්ශනය කරන රනිල්, පවන් , තාරක මල්ලවරච්චි වැනි අයගේ වටිනාකම අනාගතයේදී සංගීත ක්ෂේත්‍රයට විශාල බලපෑමක් කරනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ, මිල්ටන් මල්ලවාරච්චිගේ උරුමය යනු හුදෙක් නමක් හෝ ගීත කීපයක් ගැ‍යීමම  පමණක් නොවන බවයි. එය ආත්මීය බැඳීමකි. ඒ බැඳීම විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කරන රනිල්, පවන් මෙන්ම තාරක ද අපගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. මිල්ටන්ගේ මියුරු හඬ සදහටම අප සමඟ රැඳෙනු ඇත්තේ මෙම උරුමයන් හරහාය.
 


මේ උරුම‍ය ගැන ඔබේ අදහස්ද දැනගැනීමට කැමැත්තෙමි.

Wednesday, September 16, 2026

විරහ ගීත කලාවේ රජු

සිංහල ගීත කලාවේ ඇතැම් ගීත තිබේ. ඒවා හුදෙක් දෙසවන් වලට ඇසෙන ගීතම පමනක්ම නොව, හදවතේ ගැඹුරු තැන්වල නිහඬව තැන්පත් වන හඬ මතකයකි. එවැනි අමරණීය හඬක් හිමි වූ ගායකයෙකු ගැන සටහනක් මෙසේ ඉදිරිපත් කරමි. ඔහු වෙන කවුරුවත් නොව විරහ ගී ලොවේ රජු ලෙස කිරුලු පලන් මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ගා‍යක‍යා‍ය. ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී ඔහු. විශේෂයෙන්ම විරහව, ආදරය, තනිකම, බලාපොරොත්තුව සහ මතකයන් ගීතයක් තුළින් හදවතට දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කළ නිසා ඔහු “විරහ ගීත කලාවේ රජු” ලෙස රසික හදවත් තුළ අදත් කිරුළු පැළඳ සිටී 

 

මිල්ටන් මල්ලවආරච්චිගේ ගායන ශෛලියේ විශේෂත්වය වූයේ අතිශය සරල බව තුළින් ගැඹුරු හැඟීමක් මතු කිරීමයි. ඔහුගේ හඬේ තිබූ මෘදු බව, සංවේදී බව සහ නිහඬ වේදනාව නිසා ගීතයක වචනවලට නව ජීවයක් ලැබුණි. ආදරයෙන් වෙන්වීමක් ගැන ගැයූ විට එය තමාගේම අත්දැකීමක් සේ රසිකයාට දැනෙන්නට විය. ආදරය ගැන ගැයූ විට එය තමන්ගේම ආදර කතාවක් සේ සිතන්නට හැකි විය. මේ නිසා මිල්ටන්ගේ ගීත එක් පරම්පරයකට පමණක් සීමා නොවී පරම්පරා ගණනාවක් පුරා ජනප්‍රිය වී ඇත.

 මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත අතරින් විරහ ගීතවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. “මේ මැ‍යි ගහ‍යට" "එදා රෑ”, “සිනහව අතරින්”, “අවසර නැත මට ”, “අන්සතුවී ඇත” වැනි ගීත මෙන්ම ඔහු ගායනා කළ තවත් බොහෝ ගීතවලින් මිනිස් හදවතේ ඇති නොකියූ හැඟීම් සරලව හා සංවේදීව ප්‍රකාශ විය. ඔහුගේ ගීතවල වචන, තනු සහ ගායනය එකිනෙක සමඟ බැඳී ඇති ආකාරය නිසා ඒවා අදටත් රසිකයන් අතර ජීවමානව පවතී. 

 

මිල්ටන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් ද අමතක කළ නොහැකිය. කරුනාරත්න අබේසෙකර , කේ ඩී කේ ධර්මවර්දන ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විජෙවර්දන ඉන් සමහරෙකි ප්‍රේමය, විරහව සහ ජීවිතයේ සියුම් අත්දැකීම් වචන බවට පත් කළ ගී පද රචකයන්ගේ නිර්මාණවලට මිල්ටන්ගේ හඬ මිල්ටන්ටම සුවිශේෂ වූ සුන්දර අරුතක් එක් කළේය. එමෙන්ම ප්‍රවීණ සංගීතඥයන් නිර්මාණය කළ තනු ඔහුගේ හඬ සමඟ එක් වූ විට ශ්‍රාවකයන්ගේ මතකයෙන් පහසුවෙන් මැකී නොයන ගීත බවට පත් වි‍ය. 

 

  ඔහුගේ ගීතවල තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කාලය ඉකුත් නොවූ ගීත ගැ‍යීමේ හැකියාවයි. ගීතයක් ජනප්‍රිය වන්නේ එය නිකුත් වූ කාලයේදී පමණක් නම් එහි ජනප්‍රියත්වය කාලයත් සමඟ අඩුවිය හැකිය. නමුත් මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතවලට එවැනි කාල සීමාවක් නොමැත. අද තරුණ පරම්පරාව පවා ඔහුගේ ගීත අසමින්, ගායනා කරමින් සහ නව තාක්ෂණය ඔස්සේ නැවත රසවිඳිමින් සිටීම ඔහුගේ ගීත කලාවේ දිගුකාලීන පැවැත්මට සාක්ෂියකි. 

 

 මිල්ටන්ගේ ගායනය තුළ තිබූ විරහවේ රසය, විශේෂයෙන්ම රාත්‍රියක නිහඬතාව සමඟ අපූරුවට ගැළපෙයි. තනිව සිටින මොහොතක, අතීත මතකයක් සිහිවන විට, අහිමි වූ ආදරයක් ගැන සිතෙන විට හෝ කිසිවෙකුට නොකියූ වේදනාවක් හදවතේ තබාගෙන සිටින විට, ඔහුගේ ගීයක් ඇසීම වෙනස්ම අත්දැකීමකි. ඒ හඬ තුළින් තමන්ගේම කතාවක් ඇසෙන බව බොහෝ රසිකයන්ට දැනෙන්නේ එබැවිනි.  

 කාලය ගෙවී ගියද මිල්ටන් මල්ලවආරච්චිගේ හඬ තවමත් නිහඬ නොවීම ඔහුගේ සැබෑ ජනප්‍රියත්වයයි. ගීතයක් අසන විට එහි ගායකයාගේ නම නොකියාම හඬ හඳුනාගත හැකි නම්, එය කලාකරුවෙකු ලැබූ විශාලතම ජයග්‍රහණයකි. මිල්ටන්ගේ හඬ එවැනි අනන්‍යතාවයකින් යුක්ත එකකි.  

  එබැවින් මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත යනු පැරණි ගීතම පමණක් නොවේ. ඒවා ආදරය අහිමිව විරහවට පෙම් බැදි මතකයන් සමඟ ජීවත් වූ පරම්පරා ගණනාවක හදවත් තුළ තවමත් හුස්ම ගන්නා මතකයන්ය.

 විරහවට හඬක් අවශ්‍ය වූ විට, ඒ හඬ මිල්ටන්ගේ හඬ විය. ආදරය මතකයක් වූ විට, ඒ මතකය මිල්ටන්ගේ ගීයකින් නැවත අවදි විය. ඒ නිසාම ශ්‍රී ලාංකීය ගීත කලාවේ මිල්ටන් මල්ලවආරච්චිට හිමි ස්ථානය අමරණීයය. 

  “විරහ ගීත කලාවේ රජු” යන නාමය රසිකයන් විසින් ඔහුට ලබා දුන් ආදරණීය ගෞරවයකි. එම කිරුළ අදත් හෙටත් ඔහුගේ ගීත සමඟ ජීවත් වේ.

Saturday, September 12, 2026

"At first sight crush" නිලියකට ජනප්‍රිය නිලියක් වෙන්න බැරිද?

"At first sight crush" නිලියකට ජනප්‍රිය නිලියක් වෙන්න බැරිද?
 
මේ දවස්වල සිනමා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි "ආයු" චිත්‍රපටිය හරහා ක්ෂේත්‍රයට ඇවිත් පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍ර වුණු සැන්ඩ්‍රා මැක්. නවක නිලියක් විදියට ඇය ලබාගත්ත මේ සම්මානනීය ජයග්‍රහණය ගැන සිනමා ලෝකය ඇතුළේ විවිධ පැතිවලින් සංවාද ගොඩනැගෙමින් පවතිනවා.
 
ඇතැම් පිරිස් කියන්නේ ඇයව තාමත් බහුතරයක් ප්‍රේක්ෂකයින් අතරට ගිහින් නැත්තේ ඇය රඟපාලා තියෙන්නේ එකම එක චිත්‍රපටියක විතරක් නිසා කියලයි. Ayu - ආයු චිත්‍රපටිය බලපු නැති කෙනෙක්ට ඇයගේ රංගන හැකියාව මඟහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසාම ඇයගේ රූපප්‍රමාණය විතරක් දැකලා ඇයව මැනීම සාධාරණද කියන ප්‍රශ්නය මතුවෙනවා.
Sandra Mack
 
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ඇය ප්‍රචාරණ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ (Advertising Industry) නියැලෙන කෙනෙක් නිසා, ඇය වටා මේ තරම් කතාබහක් නිර්මාණය වෙන්න ඒ වෘත්තීය පසුබිමත් හේතුවක් වුණු බවයි. රංගනයට අමතරව ඇය සතු ප්‍රචාරණ දැනුම සහ ප්‍රතිරූපය (Image) පවත්වාගැනීමේ හැකියාව ඇයට ලොකු රුකුලක් වෙලා තියෙනවා.
 
සිනමාවට ආපු ගමන්ම දැකපු ගමන් හිත යන "Crush" එකක් වුණු නිලියකට, තමන්ගේ රංගන හැකියාවෙන් ඉහළටම ගිහින් ජනප්‍රියත්වයේ ඉහළටම යන්න බැරිද? "At first sight crush" කියන ලේබල් එකෙන් එහාට ගිහින්, සම්මානයකින් තහවුරු කළ තමන්ගේ රංගන පරාසය ඉදිරි නිර්මාණ හරහා පෙන්වන්න ඇයට පුළුවන් වෙයිද?
ලංකාවේ සිනමා රසිකයන් විදියට මේ ගැන ඔබ මොකද හිතන්නේ? සැන්ඩ්‍රා මැක්ගේ මේ ගමන ඉදිරියට කොහොම වෙයිද?

Thursday, August 6, 2026

නිර්මාණකරුවාගේ අයිතිය

🎼 සංගීතය රසවිඳීම අපේ අයිතියක්. නිර්මාණය කිරීම ඔවුන්ගේ දක්ෂතාවය. එම නිර්මාණයෙන් සාධාරණ ප්‍රතිලාභ ලැබීම ඔවුන්ගේ නීතිමය අයිතියයි.

ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන්ගේ සහ සංගීත ක්ෂේත්‍රයේ බුද්ධිමය දේපල (Intellectual Property) හා කර්තෘ අයිතිය (Copyright) පිළිබඳව මේ දිනවල විශාල සාකච්ඡාවක් පවතී. මේ සාකච්ඡාව හැඟීම් මත නොව, ජාත්‍යන්තරව පිළිගත් නීතිමය මූලධර්ම මත සිදුවිය යුතුය.

ලෝකයේ බොහෝ රටවල කර්තෘ අයිතිය ආරක්ෂා කරනු ලබන්නේ සාහිත්‍ය හා කලාත්මක නිර්මාණ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාතික නීති මගිනි. එහි මූලික අදහස ඉතා සරලය.

නිර්මාණයක් භාවිතා කරන අයෙකු එම නිර්මාණය කළ පුද්ගලයාගේ අයිතියට ගරු කළ යුතුය.

එම නිර්මාණයේ අයිතිය එක් පුද්ගලයෙකුට පමණක් අයත් නොවේ. බොහෝ ගීතයක අයිතිවාසිකම් පාර්ශ්ව කිහිපයකට බෙදී පවතී. ඒ අතර,

🎤 ගායකයා / ගායිකාවගේ ප්‍රසංග අයිතිය (Performers' Rights)

✍️ පද රචකයාගේ කර්තෘ අයිතිය

🎼 සංගීත නිර්මාපකයාගේ කර්තෘ අයිතිය

🎹 සංගීත සංවිධායකයාට අදාළ අයිතිවාසිකම් (අදාළ වන අවස්ථාවල)

💿 ශබ්ද පටිගත කිරීමේ හිමිකරු (Producer / Record Label) සතු අයිතිවාසිකම්

මෙම අයිතිවාසිකම් නීතියෙන් වෙන වෙනම හඳුනාගෙන ආරක්ෂා කරනු ලබන අතර, ගීතයක් ගුවන්විදුලියේ, රූපවාහිනියේ, සංගීත ප්‍රසංගයක, හෝ YouTube, Facebook, TikTok, Spotify, Apple Music වැනි ඩිජිටල් වේදිකාවල භාවිතා කරන විට, සුදුසු අවසර ලබා ගැනීම සහ අදාළ පාර්ශ්වයන්ට සාධාරණ ගෙවීම් (Royalties) කිරීම ලෝක සම්මත ක්‍රමවේදයයි.

මෙය "කලාකරුවන් මුදල් ඉල්ලනවා" යන ප්‍රශ්නයක් නොවේ.

මෙය නීතියෙන් පිළිගත් දේපල අයිතියක් පිළිබඳ ප්‍රශ්නයකි.

කෙනෙකුගේ ඉඩම, නිවස හෝ වාහනය අවසරයකින් තොරව භාවිතා කළ නොහැකි සේම, කෙනෙකුගේ බුද්ධියෙන් බිහිවූ නිර්මාණයක්ද අවසරයකින් තොරව වාණිජමය වශයෙන් භාවිතා කිරීම නීතිමය ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

එසේම, කර්තෘ අයිතිය යනු ජනතාවට සංගීතය අහිමි කිරීමක් නොවේ. එය නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ සඳහා සාධාරණ ගෞරවය සහ ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන ක්‍රමවේදයකි. එවැනි ආරක්ෂාවක් නොමැති සමාජයක නව නිර්මාණ බිහිවීමද අඩුවේ.

ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර බුද්ධිමය දේපල ප්‍රමිතීන් පිළිගන්නා රටක් ලෙස, නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම්, භාවිතා කරන්නන්ගේ අවශ්‍යතා සහ මහජන යහපත අතර සාධාරණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අපි ගීතවලට ආදරය කරනවා නම්,
ඒවා නිර්මාණය කළ අයටත් ගරු කරමු.

අපි කලාකරුවන්ට අත්පොළසන් දෙනවා නම්,
ඔවුන්ගේ නීතිමය අයිතියත් පිළිගනිමු.

සංගීතය සදාකාලිකව ජීවත් වන්නේ,
නිර්මාණකරුවන්ට සාධාරණ වටිනාකමක් ලැබෙන විටය. ❤️


Wednesday, December 13, 2023

සැරට කන්න ඉස්සො රෙසිපි එකක්

 සෑහෙන්න කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ.  මේක කෑමක් ගැන. ඉස්සො කන්න හුගක්දෙනා කැමතිනෙ. ඉතින්  මේ මම ළඟදි හදපු ඉස්සො වලින් රසට හදාගන්න පුලුවන් රෙසිපියක් ඉදිරිපත් කරන්න හිතුවා. පුලුවන්නම් මගෙ ඒ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සප් එකක් දෙන්න ශෙයා කරලා යාලුවොත් එක්ක බෙදාගත්තට කිසිම අමනාපයක් නෑ.

Saturday, August 12, 2023

ගූ බෝලේ

අල්ලපු ගෙදර කුණුගොඩ ගැන කතාවක් පහුගිය මාසේ පහුගිය ලිපියෙන් දැම්මට පස්සේ ලියන්න පෙට්ටගම පැත්තෙ එන්න ලැබුනේ සෑහෙන දවසකින්. පහුගිය කතාවෙන් මම කියුවේ අපේ ගෙදරට දකුනු පැත්තෙන් තියන ගෙදර විස්තරයක්නේ. අපේ ගෙදරට වම් පැත්තෙනුත් ගෙයක් තියනවා ඒ ගැන නොකීවොතින් වම දකුන සමබර නොවන තත්වයක් උද්ගතවෙන හන්දා අද කියන්නම් වම්පැත්තෙ ගෙදර විස්තරයක්.

මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත උන්නෙ සෑහෙන්න දවසක ඉඳලා. හේතුව ඔය ගෙදර උන්නේ අක්කලා සෙට් එකක්. ඔය අක්කලා ඉඳලා හිටලා පෙට්ටගමට ගොඩවැදිලා යන කට්ටිය. මේ කතාව කියවලා ලැජ්ජා හිතෙවිද දන්නෙ නෑ කියන සිතුවිල්ල හැමතිස්සෙම මගේ හිතට ආවා. ඒත් කමක් නෑ කියලා හිතෙන්නේ මේ කතාව මීට අවුරුදු 25කට විතර කලින් උන සිදුවීමක් නිසා.

… අපේ මහගෙදර ඉස්සරහ ලොකු වත්තක් තියනවා ඔය වත්ත පන්සලට අයිති වත්තක්. කබොක් ගල් කපපු වලවල් කීපයක් අයිනට වෙන්න තිබුනට එල්ලේ ගහන්න කියාපු ඉඩම එක කෙලවරක උසම මාදං ගහක් තියෙනවා. ගමේ කොල්ලො කුරුට්ටො පන්සල් වත්තට එකතුවෙනතුරු මාදං ගහට වෙලා හතරවටේ බලබල ඉන්න එක හරිම ජොලි වැඩක්.
…

Friday, October 16, 2020

කොවිඩ් කාලේ ZOOM කරපු සිංදුවක්

 

කොවිඩ් 19 නැත්නම් කොරෝනා ආයෙත් හිස එසෙව්වා. මෙලෙස කොරෝනා හිසඔසවන්නේ ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා. උදේ ඉදන් හවස්වෙනතුරු වෛද්‍යවරු, ජනමාධ්‍ය, වගකිවයුත්තො කොතරම් කියුවත් කොවිඩ් 19න් බේරෙන්නට ජනතාවගේ පැත්තෙන් නම් ලැබෙන සහයෝගය ඉතාම අල්පයි. මේ සටහන තබන්නේ කොවිඩ් පිළිබඳ දැනුවත් කරන්න නෙමෙයි. මම කලින් කියුව අය කරන දැනුවත්කිරීම් නාහන අය මගේ කීම් අහවියැ.

 මේ බ්ලොග් එක නැත්නම් ආතම්මගේ පෙට්ටගම පවත්වාගෙන යන මම නැත්නම් ලොකුජෝන් ජීවත් වෙන්න කැනඩාවේ විනිපෙග් නගරයේ. එන්න එන්නම මෙහෙත් කොවිඩ් ආසාදිතයෝ වැඩිවෙනවා. ලබාදෙන ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්නට පුරවැසියො හැඩගැහිලා ඉන්නවා. ඒවගේම එදිනෙදා රාජකාරිත් සුපුරුදු පරිදි නොව සුලු පසු බැසීමකින් කරගෙන යනවා. මේ දෙවන රැල්ල. 

හැමෝම බලනවා ඇති වීඩියෝ එකක් දාලා මොනවද මේ කියවන්නේ කියලා. කොවිඩ් පළමු රැල්ල පටන් ගත්තෙ 2020 මාර්තු මාසෙ. විනිපෙග් වල ඉන්න අපි හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගමීව මෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයො  එකතුවෙලා විවිධප්‍රසංගයක් පවත්වනවා ඊට සජීවි ගැයුම් වැයුම් රැගුම් ඇතුලත්. ඒත් මේවසරේ කොවිඩ් 19 අනිත් රාජකාරිවලට වගේම මේ ප්‍රසංගයටත්  හරස්වුනා.

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Monday, January 20, 2020

අභිමානය රැකගැනීම

හරියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්‍රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද.
 ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම තමාගේ ගෙදරටම ඇවිත් ලෝකශූර කන්ඩායමට කණහරහා පහරක් ගැසුවාසේ විශාල ඉනිමක් දියත් කලේ දෙවනදිනය නිමාවනවිට අපේ ප්‍රභල ආරම්භක පිතිකරුවෙකුවත් නැවත ක්‍රීඩාමණ්ඩපයට හරවා යැවීමෙන්. 


අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්.
 එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.   

අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්. එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.  

ඒත් ඔහු ඒ සියල්ල අමතක කර පස්වන දිනයතෙක් තම ඉනිම දියත් කලේ ටෙස්ට් වංශකතාවට ලෝක වාර්තා කිහිපයක් එක් කරගනිමින්. අද ක්‍රීඩකයන්ට එවැනි පීඩනයක් නැතත් බිංදු ලබාගන්නා ක්‍රීඩකයන්ට තම දස්කම් අතරට එන්නට පමනක් අභියෝගයක් ඇත. ඒත් ඔවුන්ට ක්‍රිකට් අත්හිටුවීමට සමත් පාලකයන් ඇද නැත .  මොනවා උනත් එදා ඒ අභිමානය රැක්කාසේ අද  අපේ ක්‍රීඩකයන් යම් පෙරලියක් කර නැතිවූ අභිමානය නැවත උදාකරගනු ගැනීම ශ්‍රීලාංකික අපගේ ප්‍රාර්තනයයි.

Thursday, September 20, 2018

"තාත්තා" ගැන සටහනක්

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්‍ය හඩකවලා, රාත්‍රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත්  පැය කීපය  හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික ජනසමාජයට වැක්කෙරුවෙ රත්තරනුත් දීලා.  



ඔය සිරස ගැන කලකිරිලා ලියපු බ්ලොග් සටහන් කීපයක් මගේ බ්ලොග් එකේ තියනවා  ,ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට  , සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ,  උගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම


ඒත් අද මම අවුරුදු දෙකකට පස්සෙ මේ බ්ලොග් සටහන තබන්නේ සිරසෙන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන සටහනක් තබන්නටය. නරක  දේට බනින්නාසේ හොඳ දේ අගය කලයුතුයි.

කොටස් 300ක් 400ක් දිගහැරෙන මෙගා ටෙලිනාට්‍ය ගොන්නේ අතරමංවී හෙම්බත්වී සිටන  ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය රසිකයන්. නැවතවතාවක් සතියක් බලාපොරොත්තු දල්වාගෙන රූපවාහිනිය දෙස බලාසිටින්නට තරම්  ලලිත් රත්නායක නම් අධ්‍යක්ශකවරයා සමත්වී සිටින්නේ   සිරස නාලිකාවේ  සෙනසුරාදා සහ ඉරිදා විකාශනයවන "තාත්තා" ටෙලිනාට්‍ය සමගය.

අර හීන් හඩට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ

මල් කොහේ කොතන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ

කුමාර ලියනගේ විසින් ලියනලද මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ රෝහන ධර්මකීර්ති. ප්‍රේක්ශකයන් මුවගේ රැඳෙන්න පුලුවන් වුන මේ ගීත කන්ඩය මේ ටෙලියට හොඳ පිටුවහලක්.

Sunday, September 17, 2017

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා
බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා
එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා
කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා

Thursday, March 19, 2015

ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.

1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.
…

…මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක. 

එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ. 

Saturday, June 7, 2014

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

…
හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.

Thursday, February 13, 2014

මගේ වස්තුව ......විකිනීමට ඇත

වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය නැත්නම් තෙරෙන සිංහලෙන් කියවනවානම් ඩේටා ප්‍රමානය නැති නාස්ති කරන්නේ ඔය චිත්‍රපටි. මගේ මේ පෝස්ටුවේ අවසානේ කියන්නම් ඩේටා ප්‍රමානය නාස්ති නොකර චිත්‍රපටි බලන්න ක්‍රමයක්.
…

මම පහුගිය කාලෙ ඒ කියන්නෙ 1996 විතර ඉඳලා 2008 වෙනකම් විනෝදාංශයක් විදියට ආරම්භ කරලා වෘත්තීමය පැත්තටම ඇදගෙන ගිය මගෙ වීඩියෝ සෙන්ටර් එකේ සිදූවුනු රසවත් අත් දැකීම් කීපයක් බෙදාගන්න හිතාගෙන, හැඳින්වීමක් හැටියටත් එක්ක තමයි මේ පෝස්ටුව දාන්නේ.

…සාමාන්‍යයෙන් වෙනත් වීඩියෝ කඩ පවත්වාගෙන යන අකාරයට වඩා වෙනස් ආකාරයට තමයි මම මගෙ ආයතනය පවත් වාගෙන ගියෙ. සාමාජිකයන්ට පමනක් වන විදියට තමයි මෙය පවත්වගෙන ගියෙ. 1996 ඉඳලා 2002 වෙනතුරු හැඳුනුම්පත තබාගෙන වීඩියෝපට නිකුත් කලත් 2002න් පස්සේ හැඳුනුම් පත ගත්තෙ නෑ.

Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා

…
…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

Monday, November 11, 2013

කුණු ගොඩ

සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග්‍ රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු "විශේෂ නිවේදනය!" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා


  අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම හමුවෙලත් නැතිව ඇති. බලන්න මේ ගැටලුවට ඔබ ඔබ මුහුන දුන්නානම් ඔබ කරන්නෙ කුමක්ද කියා.
…
…ලොකු ජෝන් ගෙ මහගෙදර ඒ කියන්නෙ අපි පුංචි කාලෙ හැදුන වැඩුන, සෙල්ලම් කරපු, මගේ අතීත කතා ගනනාවකට සම්බන්ද වුනු මහගෙදර. අද මම එහෙ නැතත් අම්මයි තාත්තයි ඉන්නෙ එහේ. තව මගේ මල්ලිගේ ජීවිතෙ ගතවෙන්නෙත් එහෙම තමා. අම්මයි තාත්තයි මුනුපුරු මිනිපිරියන් එක්ක දවස ගතකරන්නේ මේ මහගෙදර තමා.
…
…මහගෙදර කියුවම කාගේත් හිතෙ මැවෙන අක්කර ගානක පොල්ගස් දෙල්ගස් කොස්ගස් පිරුනු වත්තක් නම් නෙමෙයි අපට තිබුනේ. පර්චස් 20කට සීමාවුන ටිකක් හිමින් හූවක් කීවත් අල්ලපු ගෙදරට ඇහෙන සාමාන්‍ය නිවසක් තමයි අපේ මහගෙදර.
…

Sunday, November 10, 2013

විශේෂ නිවේදනයයි !

කාලයක් ගතවුනා පෙට්ටගම මකුලු දැලුත් බැඳිලා. සැරින් සැරේ එක එක්කෙනා මතක් කරකර පෙන්නනවා. දැක්කම මටත් දුකයි. අස්පස් කරන්න කියලා බලනකොට වෙන වැඩකට යොමුවෙන්න වෙනවා.

 හරියටම මාස දෙකකට කිට්ටු වෙන්න ආවා. දූවිලි ගසලා මකුලි දැල් කඩලා ගන්න තරම් අවශ්‍යතාවයක් නොතිබුනේ නිතර ගොඩවදින අය මේ පැත්තෙ ඇවිත් ගිය හන්දයි ඒ ආව ගිය හැමොටම හොයල බලපු හැමෝටම මගේ ප්‍රණාමය පලකරන්නේ සතුටින්.