තරු ගනන් රළගනන්
ඇවිදගිය යොදුන් දුර
නොනිමවූ කතාවන්
ලෙසින් අතපසුවුනා
අලුගසා සුළං වැද
මැදියමේ අවදිවී
ගිනිපුපුරු පුබුදමින්
සිනාසී ඇවිලුනා
හිස් අහස් කුස දෙසින්
සීතලෙන් බිමට බට
වැහි බිංදු කැට දෙකක්
ළය මතින් සැතපුනා
හද කොනක උන්න නුඹ
සීතලෙන් මුසපත්ව
මගෙ නෙතු අගිස්සෙන්
උනුසුම්ව දියවුනා...
ආ'''එල..එල...
ReplyDeleteහොඳයි..
ReplyDeleteAtheethaye sonduru mathakayan athara thanivuna
ReplyDeletemohothak...
හොදයි සහො ලියන්න දිගටම...
ReplyDeleteකෙල්ලෙක් නිසාය කියල තමයි හිතෙන්නේ... ගිය කිරට අඩන්න එපා මලයෝ.... ආයේ හදා ගන්න පුලුවන්නම් ඒ උන වැරැද්ද... ඒක හදා ගන්න බලන්න.... මට හිතෙන විදිහට අඩන එක විසදුම නෙවෙයි වගේ.. අත්දැකීමෙන් කියන්නේ.....
ReplyDeleteජය...
තේරුනේ නෑ
ReplyDeleteඑහෙමම දියවෙලා යන්න අරින්න ඒ මතකයත්...
ReplyDeleteනෝනා දැක්කොත් හෙම...
ReplyDeleteඅතීතය මොනවගේ උනත් එහි රසය කියා නිමකල නොහැක
ReplyDeleteඅතීත රසය....
ReplyDeleteයොදුන් දුර ඇවිද විත්
ReplyDeleteඅතපසුව අතැර ගිය
නොනිම වූ කතාවක
පසු වදන දැන් කුමට...?
ගලා ගිය කඳුලකින්
ඉරි තැළුණු හදවතට
සුසුම් ගෙන එනු කුමට
වසන් දොර මතකයට.....
අතීතය අමතක කරන්න බෑ අප්පා....
ReplyDeleteමගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ඇවිත් බැලුවේ. ඇත්තටම හොඳයි. බලන්නකෝ දවස් දෙක තුනකින් බලපු ගැන වැඩි වෙලාද කියලා.
ReplyDeleteසුදීකගෙ බ්ලොගෙ තිබ්බ කොමෙන්ට් එක දිගේ ආවෙ.... හරිම අගෙයි කවිය... අන්තිම කොටස් දෙක නම් සුපිරියි... බ්ලොග් අවකාශයේ මම දකින දෙයක් තමයි, කවි, පොත පත ගැන ලියන පිරිසට/ලිපිවලට පාඨකයෝ අඩුයි...
ReplyDeleteමමත් ආවෙ සුදීකයියගෙ ලිපිය හරහ
ReplyDeleteතිසර කියල තියන දෙ ඇත්ත.. ඒ උනාට මං නං ආසම කවි වලට.. කවි කතා ව්ලට..