අඩ අඳුරු පෙදෙසක
බිඳුනු පහන් කණුව යට සිට
නුඹ ඉඳන් අතවනයි මට
ම දුබල තැන සොයා ලා
නවතින්න කියලා..
නුඹ වත පෙනෙන විට
නුඹ අමතනා විට
මගේ මුලු ශරීරෙම
හිරි වැටී සලිතවිය
නුඹේ ළග උන්නු
ගෙවුනු තත්පරය තුල
බිඳුනු සිතුවිලි වලින්
නුඹේ නිරුවත දුටිමි..
තුනට හතරට නැවුනු
අඳුරු පැහැ නෝට්ටුව
මගෙ අතින් නුඹෙ අතට
මාරුවී සුසුම්ලයි
ගනු දෙනුව අහවරයි
නුඹ කවුද
මා කවුද
කියා කවුරුත් නොදනි..
110914
පලි: ට්‍රැෆික් පොල්සි මහතෙකු වාහන රියදුරෙකුගෙන් අල්ලසක් ගන්නවා දුටු මට සිතුවූ සිතුවිල්ලකි මේ..
පළමු වරටයි මේ පැත්තට ආවේ...
ReplyDeleteඇත්තක් කියල තියනවා. පොස්ට් එකේ කිසියම් වෙනස් ශෛලියක් පේනවා. නිදහස් වෙලාවක අනෙක් පොස්ට් කියවන්නම්..
"priyantha" ආවාට ස්තුතියි
ReplyDeleteලොකු ජෝන්ම කියන්න බලන්න මෙහි අදහස.
ReplyDeleteනරකම නැ හැබැයි ටිකක් පොලිස් කාරයාට බැන්නනම් මරැ
ReplyDelete"රස්තියාදුකාරයා" ට බනින්නෙ කොහොමෙයි මම ඇය කියා පොලිස් කාරයාව ඇමතුවාම
ReplyDeleteඇත්ත කතාවක් නොදැනේන ලියූ හැටි අගෙයි ..
ReplyDeleteඇගට නොදැනෙන්න අමුතුම ශෛලියකට ලියලා.. හරිම අපූරුයි.....
ReplyDeleteජය වේවා
ela
ReplyDeleteහරිම අපූරුයි
ReplyDelete