he

Wednesday, September 28, 2011

මට වැරදුන තැන


වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
…මානම් උට නැත සෙනේ....

…මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....

දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ


ඩෝං… ගාල වැටුනනේ..

කොල්ලන් ටික බය උනේ.
මාව දාල දිව්වනේ.

වම්බොට්ටගෙ පොඩි පුතා
මගෙ අම්මො හරි සතා
කොහෙන්ද ගිරයක් ඔතා
හිටියනෙ ලගටම වෙලා....

හැඩ වැඩ ඇති කොල්ලනේ.
බැරි උන විට කොයි සෙනේ?
දන්නවාද කෙල්ලනේ
මේකයි මා පැතු සෙනේ....

අපි දැන් පෙම් ගගුලේ වෙලී
මම ඔහුගේ සමනළී.......

…ඩෙඟ ඩෙඟ පරි.......


31 comments:

  1. මොකටෑ අක්කා ගිරයක් ගෙනල්ල තියෙන්නේ ???

    ReplyDelete
  2. @මධුරංග
    මීමැස්මොරකාරියක් .. ඒක හැදුනම යකඩයක් අතට දෙනව.

    ReplyDelete
  3. අඩේ වම්බොට්ටගෙ පුතා තමයි දවසකටවත් පුතා .........:D

    ReplyDelete
  4. උඹට හොඳයි නම් නගා
    වම්බොට්ටගෙ පොඩි පුතා
    හෙට අනිද්ද බන්දන් නම්
    ගම් හත අටකට කියා... :)

    ReplyDelete
  5. වම්බොට්ටා හොද එකා
    උගේ පුතා හරි ගොනා
    රූපෙ නිසා මේ යකා
    ලෙඩ වාහෙට රැවටුනා

    ReplyDelete
  6. ඔන්න ඉතින් කෙල්ලන්ගේ හැටි. හැමදේම වාසියට තමයි. :D

    ReplyDelete
  7. මේකනම් මරු....:D

    ReplyDelete
  8. වම්බොට්ටගෙ පොඩි පුතා
    සතා උනත් හිතවතා
    දත කට තෙරපුන වෙලේ
    දැක්කනෙ පානා සෙනේ


    දනි පනි ගා දඟලලා
    කෙල්ල ලඟට ලංවෙලා
    ලෙඩ වාහෙයි නොසිතලා
    පෙන්නුවා වීරයා වෙලා

    ReplyDelete
  9. සූරියකන්ද පැත්තේ එකා නෙවෙයි නේද?

    ReplyDelete
  10. වම්බොට්ටගේ පොඩි පුතා,
    ලොකු ලොකු වැඩ දන්නා හාදයා
    වැඩ පෙන්නල මන්දකටත් අහුවෙලා
    ගිම්හාණිගේ හිත අරගෙන ඒ හොරා

    සුජීව,
    මට පේන්නෙ ඌ තමයි. දැන් හරි හොඳ වැඩේ ඌට.

    ReplyDelete
  11. රඹුට කැකිරි
    මීමැස්මොර
    ලෙඩකි සුපිරි

    ReplyDelete
  12. ජල ජලකේ
    ජලකේ
    ජල ජලකේ

    ReplyDelete
  13. @The Lion
    ඔව් අනේ එයා දක්ෂයා.

    @සාතන්
    එන්න ඕන වෙඩිමට හොඳේ.

    @Loku Jhon
    මාවැනි ලඳක් ලැබුනේ පෙර පිණකට නේද?
    ලෙඩනම් ඉතින් කාටත් හැදෙනවා නේද?
    .

    ReplyDelete
  14. @කසුන්
    කෙල්ලො සොයන්නෙ මේ වගේ කොල්ලො තමයි තමන්ට ඇත්තටම ආදරය කරන.

    @ප්‍රියන්ත ,
    ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  15. @දිල්
    අප්පගෙ පුතා කියනා එක බොරුය.
    මේවගෙ කථා ඕවට හොඳ නිදසුන්ය...

    @පිණිබිඳු
    ගොඩාක් ස්තුතියි..

    @සුජීව
    කොල්ලගෙ පියානම් ඒවගේ කෙනෙක් තමා. නමුත් පුතා වෙනස්.

    ReplyDelete
  16. වම්බොට්ටගේ පුතා මෙහෙම නම්,
    වම්බොට්ටා කොහොම ඇත්ද?

    මරු පොස්ට් එක නියමයි..!

    ReplyDelete
  17. @මහවෙදනා

    බ්ලොග් ලෝකයේ හිස්තැන නිති පුරවමිනා..
    කවදත් ඔබ අපේ සුන්දර මහ වෙදනා
    වම්බොට්ටගේ පුතාගේ යහ ගුණ මට පෙනුනා..
    සෙනෙහස ඉතින් මා ඔහු හට දුන්නා..

    @මාතලන් අය්යා
    කීවොත් ඔහොම කීමක්මයි සුපිරි
    ගෑවේ කව්ද කට ඇතුලේ රන්කිරි?

    @ගයාන්
    හික්ස්

    @සයුරී
    හැඩ කොල්ලන්ගෙන් වැඩක් නෑ හොඳේ තමන්ට ආදරේ නැත්නම්.

    ReplyDelete
  18. "වම්බොට්ටගෙ පොඩි පුතා
    මගෙ අම්මො හරි සතා
    කොහෙන්ද ගිරයක් ඔතා
    හිටියනෙ ලගටම වෙලා"

    හැඩ වැඩ ඇතිමුත් පදමට
    ගිම්හානිත් කොට උඩ
    පතනෙමු සුභ පැතුමක් සිහිකොට
    වම්බො‍ටු පුතුගේ අවසානය සිහි කොට

    ReplyDelete
  19. @දේවා,

    ඔහුනම් පිංකාරයෙකි මේ ලෝකෙහි සිටිනා..
    ඔහු හැර අනිකො පව් කාරයො කෙල හලනා...

    ReplyDelete
  20. Niyamai, hemadaama dakina kawi atharata wenasak.. maru.

    ReplyDelete
  21. බලාගෙන ගියාම අක්කට තමා ඔක්කොටම වඩා කොල්ලො ඉදල තියන්නෙ..
    එළ කවිය

    ReplyDelete
  22. @ඇනෝ,
    කවිය රසවින්ඳනම් මට එය සතුටක්.

    @Gordonia ceylanica ,
    මේවා ඔක්කොම නිර්මාණ විතරයි. ඒත් මම යම් පණිවිඩයක් දුන්න මේ කවිය හරහා.
    අපි කවි මඩුවක් තියනව පහසු වෙලාවක . ඔයත් සහභාගී වෙන්න කැමතිනම්.
    ස්තුතියි..

    ReplyDelete
  23. ඒ ආදරේ කෙල්ලන්ට තේරෙන්නේ නැති එකනේ අක්කේ අවුල. ඔහොම දෙයක් වුනොත් තමයි ඉතින් ඒක තේරුම් ගන්නේ.:)

    ReplyDelete
  24. ඔව් කසුන් මාත් මේ උත්සාහ ගත්තෙ ඕක තේරුම් කරන්න. මේ මම කියන යුවතිය මහ ආඩම්බර කාරියක් පංතියේදී මේ කොල්ලව ගනන් ගත්තෙවත් නෑ .එයා හීට්යෙ පෝසත් පවුල්වල ඉන්න අර ලස්සන කොල්ලො සෙට් එකත් එක්ක...

    මට කියන්න ඕන උනා තත්තලා නරක උනාට පුතාලත් එහෙම නොවන බව. ස්තුතියි.

    ReplyDelete
  25. වම්බොට්ටගෙ පොඩි පුතා
    64 - ට අහු උනා..
    මීමැස්මොරයක්කියා..
    කොල්ලන්ටික දිවගියා..

    වම්බොට්ටගෙ පොඩි පුතා
    ගිරයක් උස්සන්ගියා...
    සතා උනත් ඒ පුතා...
    දවසක් හරි බේරුනා...

    ReplyDelete
  26. @ඇනෝ

    එහෙමද හිතන්නේ..
    ස්තුතියි කවියෙන්ම පිලිතුරු වලට..

    ReplyDelete
  27. නියමයි... කොහොම උනත් මීමැස්මොරේ තිබුනෙ නැත්නම් ඒක හරි යන්නෙත් නෑ.. :D

    ReplyDelete
  28. @හංසි
    ඔව් නේද එහෙනම් චාන්ස් එකක් එන්නෙ නෑනෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..