he

Friday, September 30, 2011

තාත්තා පෙම්බර තාත්තා


සාමා අමර හෝඩියෙ පොත මට පෙන්වා
දුන්නා රස කැවිලි නිතරම මම දන්නා.
ශිල්පයට වඩා මට විස්මිත දැනුමක් දුන්නා.
පියාණෙනි සමරමු ඔබ බැතිපෙම්මා..

දියණීය මමයි හැදුවේ ඔබ මලක් වැනි..
පෙන්වූ පිය සෙනෙහෙ කිසිදා ලබනු නොහී..
අද දින මා දමා සුරලොව රුසිරු පෙනී..
මදකට ඇවිත් යනු මැන මා පියාණෙනී..



මල්ලියි මමයි නංගියි අද එක තැනක නැත.
ගෙදර කුස්සියේ රස බත ඉදෙනු නැත..
සඳයි හිරුයි මට පේන්න ලොවෙත් නැත..
ඝනඳුර අඳුර ශෝකෙන් මා වෙලා ඇත..

ලෝකය සුන්දරයි ඔබ නිතරම කීවා..
මිනිසුන් සුන්දරයි ඔබ නිතරම කීවා..
වතුපිටි ඉඩකඩම් දුගියන් හට බෙදුවා.
ගුණයේ සුවඳ තුන් ලෝකෙට බෙදුවා..



වැඩිහිටි දිනේ සමරන්නට සැරසෙන්නේ..
මාහට ඔබව නිතරම සිහිපත් වන්නේ...
දෙමාපියන් මග දමා යන දරුවන්නේ..
ඔබලත් දිනක මහලුව වයසට යන්නේ..

(ප.ලි...සියළුම වැඩිහිටියන් ආදරයෙන් සිහිපත් කරමි.)

20 comments:

  1. ලස්සනට ලියල තියනව

    ReplyDelete
  2. @නදී

    ගොඩාක් ස්තුතියි ගොඩ උනාට. අද දිනයේ මගේ
    මියගිය පියාව මට වෙනදටත් වඩා සිහිපත් උනා...

    ReplyDelete
  3. සුන්දරයි... ලස්සනයි..

    ReplyDelete
  4. @Gordonia ceylanica

    ඔව් සුන්දර කවි ඇතුලෙ ගින්දර වගෙ දුක තියනවා.

    ReplyDelete
  5. ලස්සනයි......

    සියළුම වැඩිහිටියන්ට උපහාර වෙවා..!

    ReplyDelete
  6. කවිකාර ගිම්හාණී ඔබට හතර පදය හොදින් හුරු බව හැගේ. ඔබ සුදුසු ඔතැනටයි. දිගටම ලියන්න. ජය!
    මට මගේ නුදුරු දිනක සමුගත් පියා සිහි වුනා.

    ReplyDelete
  7. @රහස් පරික්ෂකයා

    ඔව් එසේම වේවා!!!

    ReplyDelete
  8. @වෙද ගෙදර මහවෙදනා

    පාසැල් කාලෙ කලා කටයුතු වල යෙදුනත්, පසුව මේ සියල්ලෙන් ඈත් උනා. දැන් නැවතත් හිතෙනව කවියක් දෙකක් ලියන්න කියලා.
    ඔබේ දිරිදීම මට හරි වටිනවා. ඉඩ ලබෙනවිට ලියනවා.
    නැවතත් ස්තුතියි ඔබට.

    ReplyDelete
  9. නිතියෙන් සිහිකොට දෙගුරුන් හැමදාම
    බැතියෙන් වදිමි මව්පියගුන මෙමා අද
    එලියට නොපෙන්වා සිහිකරවාගෙන බෝම
    අම්මා තත්තා වැඩිහිටි ගුන සුවඳ

    ReplyDelete
  10. ඇත්තටම හොඳට ලියලා තියෙනවා.සියලු දේ අනිත්‍යයි මරණය නියතයිනේ ගිම්හානි .........

    ReplyDelete
  11. කවිය ලස්සනයි
    තේරුමත් එහෙම වෙන්නැති මයෙ හිතේ
    මං උඹත් එක්ක තරහ නෑ අප්පච්චියේ
    පේනවනෙ මිනිස්සු උඹට ආදරෙයි
    ඉතිං උඹ දුක් වෙන එකක් නෑ
    මයෙ ආදරේ නැතුවට

    ReplyDelete
  12. මිය ගිය මගෙ අම්මයි අප්පච්චියි දෙන්නවම මතක් උනා....
    ගිම්හානිගේ පද ටිකේ සියළුම වැඩිහිටියන්ට උපහාරක් වේවා !

    ReplyDelete
  13. @ලොකු ජෝන්, ඇනෝ, ලයන්..

    බොහොම ස්තුතියි..

    @දිල්,
    අම්ම තාත්ත නැති යුවතියක් නිසා ඔබට මේ අගය හොඳින්ම දන්නවා ඇති..මියගිය ඔබේ දෙමාපියන්ටත් උපහාරයක් වේවා!!

    ReplyDelete
  14. https://www.facebook.com/photo.php?fbid=1383355108594&set=o.310395954670&type=3&theater

    ReplyDelete
  15. හිත ටිකක් සසළ කරමින් මගේ පියාගේ උණුසම ආයෙත් දැනෙන්නට වුනා ඔබේ කව කියවත්දී , ලස්සන සහ සිතට ගත යුතු අදහසක් ,

    ReplyDelete
  16. @ඇනෝ,
    බොහොම ස්තුතියි කවි ටිකට..

    @මහේශ් මහතා,
    ඔව් හිතට හරි දුකක් දැනෙනවා මියගිය අපේ දෙමාපියන් මතක් වෙනකොට.. ස්තුතියි ගොඩ වැදුනට...

    ReplyDelete
  17. සොදුරුයි ගෙවූ කාලය ඔබලා සමග
    සිහිවෙන විට නැගෙයි කදුලක් නෙතු අගට
    ජිවත් වුනත් නෑ සතුටක් දුර රටක
    ලගදීම එනව ඔබ දෙපලව බලන්නට

    මගේ දෙමවුපියන්ට හා සියලුම වැඩිහිටියන්න නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි !

    ReplyDelete
  18. @මංසලකුණු
    පනමෙන් ඔබේ මව් පිය සැම රැකගන්න..
    වදනක් පැවසුවට මාගෙන් තුති මෙන්න...

    ReplyDelete
  19. හ්ම්... නියමයි අක්කේ...

    ReplyDelete
  20. @ ප්‍රසන්න
    …ස්තුතියි මල්ලී .

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..