he

Saturday, January 28, 2012

එලොව පොල් හා සයිමන්

ම පොඩි දවස් වල අපෙ ගෙවල් පැත්තෙ උන්නා සයිමන් කියලා වයසක මනුස්සයෙක්. මෙයාට හැමෝම කියන්නෙ හුක්සයිමන් කියලා. ඔය මනුස්සයා පුංචි සන්දියෙ කොල්ලො කොලුකමට පුංචි සයිමන්ට එලොව පොල් පෙන්නලා.

මම හිතන්නෙ කියවන කට්ටිය දන්නවා ඇති එලොව පොල් පෙන්නන්න්නෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් ඔන්න අහගන්න. දෙ අතේ අල්ලෙන් එලොව පොල් පෙන්නන්න ඕන එකාගෙ කන් දෙක තද කරලා උඩට උස්සනවා. අන්න එතකොට අර උඩට ඉස්සෙන එකාට එලොව පොල් පේනවා. හැබැයි කාටවත් පෙන්නන්නනම් යන්න එපා. එහෙම කලොත් තවත් හුක්සයිමන් කෙනෙක් බිහිවේවි. 

ඉතින් එදා ස්නායු ඇදිලා වගෙ මොන මොනවද වෙලා මිනිහට හුක් කියලා කියවිලා. ඊට පස්සෙ සැරින් සැරේ මිනිහට අර ඉක්කා යනවා වගෙ හුක් ගෑවෙනවා.



සයිමන් තරුණ කාලෙ හොඳ ෆිට් පොරක්. ඒකියන්නෙ දෙකේ හතරෙ පොරක්. සයිමන්ගෙ ප්‍රදාන ආදායම් මාර්ගෙ රටෙ ප්‍රදාන ආදායම් මාර්ගෙම තමයි. හැබැයි නිල නොලත්. මිනිහගෙ ස්කාගාරෙ කොහෙද තියෙන්නෙ කියලා අද වෙනකම්ම කවුරුත් දන්නෙ නැ. හැබැයි බෙදාහරින තැනනම් ඉතා ප්‍රසිද්දයි. ඔය ව්‍යාපාරය දිගටම කරගෙන ආවත් සයිමන් කවදාවත් මහ උලු ගෙදරට ගිහින් නෑ. අඩුම ගානෙ පොලීසියකටවත්. පොලීසියටත් සෑහෙන්න උවමනාවක් තිබුනා සයිමන්ව කොටුකර ගන්න ඒත් සයිමන් පොලීසියට වඩා හුගක් ඉස්සරහින් උන්නෙ. ඒතරමටම සූක්ෂමව තමයි මිනිහා ජීවත් උනෙ. මිනිහගෙ ව්‍යාපාරික වැඩට මිනිහට උදව් උනෙ සයිමන්ගෙම පුතා .ඌත් වයස 15-16 වෙද්දිම තාත්තගෙ අඩිපාරෙ යමින් වැඩට බැස්සා. සයිමන්ගෙ පුතා තමයි.කොම්පැනියෙ ට්‍රාන්ස්පෝට් මැනෙජර්.


කොහොමහරි දවසක සයිමන්ගෙ පුතාව පොලීසියට අහුවුනා. ඌ තාම කෝඩුකාරයනෙ තාත්තගෙ වෙට්ටු තාම ඉගෙනගෙන නෑ. 

කොහොමටත් තාත්තා කෙනෙකුට පුතෙකුට කරදරයක් උනාම නිකා ඉන්න බෑනෙ. ඉතින් ඒ ධර්මතාවය සයිමන්ටත් පොදුයි කවදාවකවත් පොලීසියකට ගොඩනොවැදුනු සයිමන් පොලීසියට ගිහින් පොලීසියට ඉදිරිපත් උනා පුතා ලඟ තිබුනු බඩු සයිමන්ගෙයි කියලා. ඉතින් පොලීසියටත් උවමනා වෙලා තිබුනෙ සයිමන්ව කොටුකරගැනීම ඉටුවුනා. නැග්ගුවා පහුවනදා සයිමන්වයි පුතාවයි දෙන්නම උසාවි කූඩුවට.

  ජීවිතයට උසාවි කූඩුවට ගොඩනොවිච්ච සයිමන්ගෙන් නඩුකාර උන්නාන්සෙ අහනවලු අනවසර මත්පැන් ප්‍රවාහනයට තමා වැරදිකරුද නිවරිදිකරුද කියලා ? සයිමන් වතුරෙන් ගොඩදාපු මාලුවෙක් වගෙ ගැහි ගැහි උත්තර දීලා  
     "ස්වාමීනි මෙ මෙහ්   හුත්.. "

සයිමන් එච්චරයි කියලා තියෙන්නෙ,

මල පැන්න නඩුකාරයා තව අමතර වැරැද්දක් දාලා උසාවියට අපහාසකිරීම කියලා, සයිමන්ව 6 මාසයකට මහ උලුගෙට යවලා. 

ඊට පස්සෙ කවුරුහරි ස්වමීනි මෙ හුත් කියලා කියුවොත් තව හුගාක් කතන්දර සයිමන්ගෙන් අහගන්න පුලුවන්

40 comments:

  1. පව් සයිමන්...
    ඔය වගේ මෝඩ විහිළු පොඩි ළමයින්ට කරන්ට හොඳ නෑ,
    සයිමන්ට වගේ වුනොත් එහෙම?

    ReplyDelete
  2. මතක් කරන්න එපා එලොව පොල්. මට තාමත් මතකයි එලොව පොල් පෙන්නන්න ගිහින් මට වමනෙත් ගියා .

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා ඒ වමනෙ ගියෙ බඩජහරිකමට අච්චාරු කාලා . අපි දන්නවා ඕවා.

      Delete
  3. පව් අනේ සයිමන්....
    අම්මෝ...පුංචි කාලෙ අනිත් උන් කරනව දැකල මාත් කළා ඔය මෝඩ වැඩේ අපේ නංගිලට... මට එලෝ පොල් පෙන්නන්න නම් කාටවත් ඉඩ දුන්නෙ නැහැ... අප්පේ දැන් හිතනකොට නම්... ගොං, බූරු....

    ReplyDelete
    Replies
    1. පවු ? සයිමන්ට පවු කියන එකෙක්වත් අපේ ගමෙ නම් හිටියෙ නෑ

      Delete
    2. මං ඔයාලගෙ ගමේ නෙවේනෙ.... ;D

      Delete
  4. මොන හුත්.... නඩුකාරයා කරලා තියෙන්නේ,,,

    ReplyDelete
    Replies
    1. නඩුකාරයා ජීවිතාන්තට දක්වා ...

      Delete
  5. හෆෝයි කවුද දන්නේ ඔයතරම් දෙයක්! ඇති ඔයින් ගියා!

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා කියුවට සයිමන් සදහටම විඳවනවා

      Delete
  6. අපෝ මටත් පොඩි කාලේ එකෙක් එලොව පොල් පෙන්නුවා..ඒ මතකය තාමත් තියෙනවා... :/

    ReplyDelete
  7. හික්... (හුත් නෙමෙයි)මං හිතන්නේ ඒ මාස හය හොඳටම සෑ​හෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවනම් ඊට පස්සෙ මිනිහට එතන ගෙදර වගෙ වැඩිහරියක් උන්නෙ එහේ

      Delete
  8. හහ් හා... පොඩිකාලේ මාත් එලොව පොල් දැකල තියෙනවා එකසිය ගාණට....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොල්ලගෙ පොඩි කාලෙ ලොකු උන් අම්ම්බානට බයිට් කරන්න ඇති

      Delete
  9. අප්පා මට එකම එක පාරක් ඔය පොල් පෙන්නිල්ල කලා අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... උන්දැට මං එතනදීම ලෝබ නැතිව දන්න කියන සුන්දර වචන ටිකක් බර්ස්ට් එකේ දාලා දමලා ඇරියා... මං හිතන්නේ කෙල්ල ඒ වෙනකොටත් ජම්බු ගහෙන් පැනලා හිටියේ නැහැ..නැත්තං එතනම ඒකි බඩ වෙලා අහිංසක මං පියෙක් වෙනවා...එහෙම උනානං හුක් තමා...ආයේ එයා නෙවෙයි මට පොල් තියා මුකුත්ම පෙන්නන්න ආවේ...

    ReplyDelete
    Replies
    1. පොඩි කමට නෙමෙයි වැඩ. හප්පෙ ඒ අක්කා දැන් මොකෙයි කරන්නෙ ?

      Delete
    2. දැං මාරයා ඒ අක්කට එලොව පොල් පෙන්නනවලු

      Delete
  10. එලොව පොල් කෙසේ වෙතත් ඉක්මනට එලොව යෑමේ ඉඩක්ද මේ සෙල්ලමේ තියනවා. මම ම්ගේ දුවට දැනුම තේරුම යත්දි කියලා දුන්නු එකක් තමයි. ඔය වැඩේ ඔයා කාටවත් කරන්නත් එපා. ඔයාට කරන්න දෙන්නත් එපා කියන එක.

    ReplyDelete
    Replies
    1. හුඟක්ම මෙ පොස්ට් එක දැම්මෙ ඒ ගැන හිතලා තමයි

      Delete
  11. මමත් එලොව පොලේ දැකලත් තියනව. පොඩි උන් කීපදෙනෙකුට පෙන්නලත් තියනව

    ReplyDelete
  12. එලොව පොල් පෙන්නන හැටි අහලා තිබුණ ට කවදාවත් දැකලා නම් නෑ, කාටවත් එලොව පොල් පෙන්නලත් නෑ. ඒක බරපතල දෙයක් කියලා මං දැනගෙන හිටියෙත් නෑ. මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා ඒක මහ දරුණු දෙයක් කියලා...

    අර නඩුකාරයා නම් වැරදියි හැබැයි. මීට වඩා මානුෂික ව හිතන්න තිබුණා...
    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙලා තියෙන්නෙ පොර එහෙම කියනකොට මුලු උසාවියම හිනා වෙලා එහෙම කියනකොට හිනායන්නෙ නැති එකෙක් ඉන්න විදියක් නෑනේ අනික කියපු විදියටම බ්ලොග් එකෙ ලියන්න අමාරුයි. ලැජ්ජාවටත් එක්ක එහෙම කරන්න ඇත්තෙ

      Delete
  13. එලොව පොල් පෙන්නන හැටි මාත් අහල තියෙනවා.. පවු වැඩේ සයිමා...

    ReplyDelete
    Replies
    1. සයිමා පවු කියන්නෙ මිනිහාගෙ හුක් එක ගැන හිතලා විතරනෙ

      Delete
  14. ඕවා ඉතින් අපි නොකරපු වැඩ යැ :D අපේ සර් කෙනෙකුත් ඕක කලා මට මතක හැටියට දඩුවමක් විදිහට!

    ReplyDelete
    Replies
    1. හපො දැන් කාලෙ දඬුවම් දෙන්න බෑ .ශිෂ්‍යයෝ මානව හිමිකම් යනවා

      Delete
  15. වෙද මාමාගේ කමෙන්ට් එක දැකලා බය හිතුනා ..

    සයිමා පවු ගිය වචනයක් ආපහු ගන්ටැයි ?

    ReplyDelete
    Replies
    1. සයිමාට පවු වෙන්නෙ කියපු වචනෙට විතරයි ඌ කරපු වැරදි වලටනම් දඬුවම මදි

      Delete
  16. හික් හික් මමත් ඕක කරලා තියෙනවා...තව එකක් කරලා තියෙනවා මෝර හොටේ අතුල්ලනවා කියලා..වැලමිට නවලා කණ ලඟ ඉදලා ඉහලට අත තද කරලා අතුල්ලනවා කොන්ඩේ ගැලවෙන සයිස් එකට....මුත්‍රා බර හැදෙනවා හරියට ඇතිල්ලුවොත්.....

    ReplyDelete
  17. හිතාගන්න පුලුවන් අමාරුව

    ReplyDelete
  18. එලොව පොල් පෙන්නන සෙල්ලම සම්පුර්ණ වෙන්නෙ මෙහමෙයි. උස්සගෙන ඉන්න කෙනා අහනවා ඉස්සිලා ඉන්න කෙනාගෙන් එලොව පොල් දැක්කද කියලා. එල්ලිලා ඉන්න කෙනා රිදෙනවා වැඩිකමට කියනවා දැක්කා දැක්කා කියලා. දැක්ක හින්දයි උස්සං ඉන්න කෙනා ඉස්සිලා ඉන්න කෙනාව අතඅරින්නෙ.

    කෝමත් ඕක කරන්න එපා කියලා අපිටත් කියලා තියෙනවා. වෙද මහත්තයත් ඉන්න එකේ මම තවත් දෙයක් අහන්නම්. අර සැලුන් වල කොන්ඩෙ කපලා මසාජ් කරලා බෙල්ල දෙපැත්තට කඩන්නෙ ඒකත් හොඳ නැතුව ඇති නේද?

    ReplyDelete
  19. බොහොම ඩේන්ජරස් සෙල්ලමක්

    ReplyDelete
  20. අනේ මමත් දැකලා තියෙනවා දෙතුන් වතාවක්ම.
    henryblogwalker the Dude

    ReplyDelete
  21. මේක නිකං මැක්සා නෙවේ කැපිටල් MAXXA කතාවක් !

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..