he

Friday, September 14, 2012

119.ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට


අද නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රියෙ අවසන් දැක්ම. මගේ ප්‍රියතම ගායිකාවගේ ගීතකීපයක් සජීවීව ශ්‍රවනය කරන්නට ලැබෙන අවසන් අවස්තාවේන් ප්‍රයෝජනයක් ගතයුතුය. 

මීට ප්‍රථම අස්වැන්න ලියන දයානන්ද රත්නායකයන් සටහන් තැබූ ස්වේත රාත්‍රිය නම් ලිපියෙන් එහි 21වැනි ප්‍රසංගය ගැන සොඳුරු මතකයක් තබයි. …


මේ ලිපියෙ මා මේ ලියූ පදකීපය රඟහලෙන් එලියට එනවිට මගේ හිතෙ ඇඳුන පද පේලි කීපයකි. …





කොටහේනේ හැටේ වත්තෙ
…කෝට් මහන කෝට් බාස්
…මගේ තාත්තා කියන්න පැකිලුනේ නැ නුබ
…කට්ටා සෙරප්පු පැලඳ
මම පාසැල් ගියා
ඒ ගැන කියන්න බිය උනේ නෑ නුබ
අයුක්තිය රජයන කලක
"පවනක්"මවී
ඒ හැලුන ලේවලට පන්නරය උනා නුඹ
ධන කුවේර මුදලට
නුබේ ඒ පන්තියම
අද අමතක කලාද නුඹ ? … 


මොන්ටෙරො ඉන්ටර්කූලර් වගේ වාහන වලින් හැර පොඩි වාහන වලින් ආව අය දුටුවනම් ඒ අතෙ ඇඟිලි ගානට. 

තොරු මෝරු අස්සේ හාල් මැස්සො නම් පේන්න නෑ. ඒත් ලොකු ජෝන් කොහොම හරි ගියා ස්වේත රාත්‍රිය බලන්න.

ශ්වේත රාත්‍රිය අවසන් දැක්ම බලන්නට බොහෝම කාලයකසිට මම පෙරුම් පුරමින් උන්නා. පහු ගිය මාසේ ශ්වේත රාත්‍රියට ප්‍රවේශපත්‍ර නිකුත් කල දින පැය භාගයක් ඇතුලතම අවසන් වේලා. විකුනන්න පුලුවන් දේ විකිනෙනවා කියන කියමන යලිත් පෙන්නුම් කලා. මගේ බලාපොරොත්තු සුන් වෙලා ගියා. "පවන" "සත්‍යයේ ගීතය" රඟහල තුල ආසනයක් මතටවී නැරබුවා. ඒ ගීහඬ මගේ හිත ඇතුලේ තාමත් රැව් දෙනවා.

"ඔබ මට කුමුදෙක්මැයි.... " "ප්‍රෙමයේ මධුර බව මෙයයි... " වගේ හිතේ රැව්දෙන වචන කණ්ඩයක් හිතෙ තබාගන්න ශ්වේත රාත්‍රිය ගැන මම සිහින මැව්වා.
දන්නා අදුනන කෙනෙකු මාර්ගයෙන් රුපියල් 1000ක අවම මිලට නිකුත් වුන ටිකට් පතකින් මට ශ්වේත රාත්‍රියට ප්‍රවේශවීමට ඉඩ අවස්තාව ලැබුනා. …

"පවන" "සත්‍යයේ ගීතය" තුල නොවී මොකක්දෝ නුහුරු බවක් මට රඟහල තුලදි දැනුනා. … … 


අද රඟහලේ කෝට් මැහුව කෝට් බාස්ගෙ පන්තියේ අය මම දුටුවේ නෑ. කට්ටා සෙරප්පු දමාගෙන පාසැල් ගිය හෝ ඒ බව මතක කිසිවෙකු මා දුටුවෙ නෑ.
"මගේ කාර් එක පාක් කරගන්න මුන් ඉඩ දුන්නෙ නෑ " කියමින් ගිය කොළඹ හතේ ප්‍රභූ පැලැන්තියෙ මහත්තයෙක් ටිකට් බලන්නට හිටි ආරක්ශක නිලදාරියාට ගෝරනාඩු කරනවා මා අසලින්ම ඇසුනා. 

සිරිමා බෝදියට ගියදා උදයේම
කාර් ගොඩක් ආවා එක එක පාට
තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව
ඒ මහතුඟ රන්වැට පැන වැන්දාය ......

ඒ ඇගේ "ඩිංගිරි අම්මා" ගීතයේ වචන කණ්ඩයකි, ඔය වචන කණ්ඩය ඇය ඒම ගීතය ගයන විට අද තුන්වරක්  තෙපලුවාය. 

ඒ පන්තියේම අය ඒ වචනවලට අත්පුඩි ගැසුවේ කෙසේදැයි මට සිතුනි. …

 … …හරියටම පැයකුත් විනාඩි හතලිස් හතක් පුරා ශ්වේත රාත්‍රිය නම්වූ ප්‍රසංගයේ ගීත 25ක් ශ්‍රවනය කලෙමි.
 "තොටුපල අයිනේ" ලියන තොටියා, වික්ටර් රත්නායකයන්ගේ අවසන් ස ප්‍රසංගය වෙනුවෙන් ලියූ "රසිකයන් රඟහල් දොරටු පවා බිදගෙනවුත් නැරඹි ප්‍රසංගයක් "… …ලිපියෙන් ස ප්‍රසංගය අවසන ප්‍රෙක්ශක හිතෙ තිබූ හැඟීම්බර බව, මගේ ප්‍රියතම ගායිකාව වන නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය රසවිඳිමින් ඒ හැඟීම ඇඟට රෝපනය කර ගැනීමට උත්සහා ගත්තෙමි. 
ඩිංගිරි අම්මාට අත්පුඩි ගැසූ ආකාරයටම හැඟීමෙන් තොරව ගීත රසවින්ඳ රසිකයින් අතර මාත් එක රසිකයෙක් වීමි. ප්‍රසංගයට පලමුව නිහාල් වික්‍රම එදිරිසූරිය කියූ දෙයක් මට අවසනේ සිහියට නැගුනි 
"මේ ප්‍රසංගය අවසනේ ඔබ සිතට දුකක් දැනේදැයි සතුටක් දැනේදැයි මා නොදනිමි"

එය සත්‍යයකි මා බලාපොරොත්තුව ගිය හැඟීම් බර දුක් මුසු අවසානයක් මා දුටුවේ නැත. මහරාජාගේ රත්තරනින් දිලිසෙන සිනා පිරුනු මුහුනින් යුත් නන්දා මාලිනියත් සුනිල් ආරියරත්නයනුත් දුටු මට ඔවුන් මුන ගැසී අවසන් ප්‍රසංගයේ ඔවුන්ගෙන් සමරු සටහනක් ලබා ගැනීමේ සිහිනය අමතක කොට හිස් අතින්ම ආපසු ආවේ කලින් කියුසේම තොරුන් මෝරුන් අස්සේ හාල්මැස්සන්ට ඉඩක් නොමැති බැවිනි. …

මට හැඟෙන පරිදි නන්දා මාලනියගෙ ම මුවින් ගැයූ

…මිළ මුදල් ලැබ කුවේරයන්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොලුව බිහිරිව සතුටු වනු මිස.

නිවටයන්ගේ දෙපා අබියස
බියෙන් හැකිලී නැමී යානම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස

81 comments:

  1. හපොයි එහෙම උනේ කොහොමද..? කනගාටුයි.. හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනව

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්නේ නෑ වෙනස් කරගන්නවා

      Delete
    2. මාත් කියන්න හිටියේ කාලය එක්ක වෙනස් වෙනව හැම දේම. ඒ කාලෙ තිබ්බ ගති ගුන පවා වෙනස් වෙලා ඇති.

      ඒ වගෙම ගීතයක අර්ථ රසය නොදැන අත්පුඩි තලන උන් කවදත් හිටිය. ඔය කියන පැලැන්තියෙ උන්ට නොතේරෙන්න ඇති උන් අත්පුඩි ගැහුවෙ උන්ට උපහාසෙට ලියපු ගීතෙකට කියල.

      ජය !

      Delete
  2. මට ඔහොම ප්‍රසංග බලන්න අවස්ථාවක් ඇවිත්ම නැහැ.
    කොහොම උනත් අර ඉහලින් තිබූ පද පේලි ටික නම් අපුරුයි සහෝ!

    ReplyDelete
    Replies
    1. ඒඋනාට සජීවී ප්‍රසංගයක් අත් විඳින්න ඕනේ.

      Delete
  3. කාලය සියල්ල වෙනස් කරයි..

    අර්ථයෙන් තොරව ගීත රසවිඳීම නම් ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.. අනික ජීවිතේට නන්දා මාලනීගේ සින්දුවක් අහන්නේ නැති මිනිසුත් අපි ශ්වේත රාත්‍රිය බැලුවා කියන්න එනවා ඇතිනෙ..

    ReplyDelete
  4. ඔවුන්ගේ වැරදි තියෙන්න පුලුවන්,නමුත් මෑත කාලයේ ඔවුන්ගේ වාසිය තකා හරි සංගීතය වෙනුවෙන් මොනා හරි කලා නම් ඒ සිරස තමයි.මියැසි තටාකය වගේ වැඩසටහන් අපි කොච්චර තදින් වැලඳ ගත්තද? පවතින ක්‍රමයට අනුගත නූනොත් ක්ෂය වෙලා යනවා.ඒක ලෝක දර්මතාවක්.වික්ටර් උනත් මර මතකයි එක වෙලාවක සියත fm එකේ ලේබල් එකට 'ඉතින් ඊට පස්සෙ'කියන cd එක කරනවා! කපුගේලත් සන්ෆ්ලවර්ලට සිංදු කියනවා.මුකුත් නොකර ඉන්නවට වඩා එහෙම අනුගත වෙලා යමක් කරන එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ලේබල් එකට සිංදු කියන එක නෙමෙයි මම කියන්නේ තමන්ගේ අනන්‍යතාවය නොදැනුවත්වම විකිනීම. මට පේන තරමින් නම් ශ්වේතරාත්‍රිය ඇරඹුවට පස්සේ නන්දා මාලනිය නම් පොදු ජනතාවගේ ගායිකාව ජාතික රූපවාහිනියට ආරාධනා කරලත් ගෙන්වාගන්න බැරි උනා (ජාතික රූපවාහිනිය කියන්නෙ පොදු අපේ කියන හැගීමෙන් පාවිච්චි කරන ලදි ) මට පේනතරමින් නම් මෙතන යම් කිසි මාෆියාවක් ක්‍රියාත්මකවෙනවා ගීතවල අයිතිය පිලිබඳව. අපිට ME ගෙන් තොරව ගීත අහන්න බැරි වේවි ..... අනේ අපි කවදාක ගී අසමු ඒ රටේ

      Delete
  5. ජෝන් මේක හිතූන් නැද්ද

    වික්ටර්ලා, නන්දා මාලනීලා වගේ ඉතුරුවෙලා ඉන්න කට්ටිය මැරුණට පස්සේ අපට අහන්ඩ සින්දුවක් කියන්ඩ එකෙක් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. අලුත් උන්ගෙ සින්දු මාෆියාවකට යටවෙලා වික්ටර්ල නන්දලා මිල්ටන්ලා කියපු සින්දු ඉතුරුවෙලා තියන තුරු අහනවා. ඒවත් ඔය තරු විසින් නැතිකරාම ඇහෙන එක අහන් ඉන්නවා හිතේ තියන සින්දු හිතෙන්ම අහ අහ

      Delete
  6. මාත් බොහෝ ආසාවෙන් සිටිය ශ්වේත රාත්‍රිය නරඹන්න . ඒත් ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරු 27වෙනිදා මට යන්නට නොහැකි උනා . 28 යනවිට සියල්ලම විකිණි අවසන් බව දැනගන්න ලැබුනා . ඉතින් ඒ ආසාව අත්හැරගෙන ආවා .

    …ඔබ කියා තියෙන කරුණු ගැනනම් එච්චර පුදුම වෙන්නේ නැහැ මම . කාලය හැම දේම වෙනස් කරනවා .

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගන්න බැරිවුනේ උනේ නන්දා මාලනීට හදවතින්ම ආදරය කරපු අයට හිමි තැන. ඒතැන ගත්තෙ රැල්ලට සෝබනේට සින්දු අහන අය. මට අවසන් දැක්මෙදි හැඟීම්බර නොවුනු මුහුනු පෙනුනෙ ඒකයි

      Delete
  7. ඒත් මම නුවර ධර්මරාජෙදි ගිය වසරේ දෙසැම්බර් බලපු ශ්වේත රාත්‍රිය ඔබේ කතාවට වඩා පොඩ්ඩක් වෙනස්. රඟහලේ දෙරටුවෙන් ට්කට් ගන්න ගියපු අපිට දෙන්න ටිකට් ඉතුරු වෙලා තිබුණේ නෑ. අන්තිමට ටිකට් නැතුවම ඇවිල්ලා හිටපු සෙනග බැල්කනියට යවන්න සංවිධාකයේ කටයුතු කළා. බැල්කනි එකේ හිටියා දවල් වෙහෙසවෙලා වැඩ කරලා ඒ කිලු‍ටු පිටින්ම ආපු කම්කරුවන්, සරම් බැනියම් ඇඳගත්තු අය. සමහරු බීමතින්. ඒත් ඒ හැමෝම ඇවිත් හිටියේ නන්දා මාලිනියගේ හඬ අහන්න. සමහරු තමන් කැමති ගීත ඉල්ලා කෑගැහුවා. වැඩිපුරම කෑහැහුවේ පවනේ ගීත ඉල්ලලා. මා ළගම හිටිය කිලු‍ටු සරමක් ඇඳගෙන ගෝනියක මිටි නියන් තියන ආයුධ මල්ලක් තියාගෙන හිටපු වයසක මිනිහෙක් බීමතින් වැනි වැනී ඇඬුවා ඉඳිකටු ඇන ඇඟිලි තලා ගීතය ඉල්ලලා. නන්දා මාලිනිය අන්තිම ගීතය කියලා ප්‍රසංගය අවසන් කරලා විනාඩි දෙක තුනක් යනකල් කිසිම කෙනෙක් නැගිට්ටේ නෑ. ඉවර උනා කියලා හිතාගන්න බැරුව වගේ හැමෝම වේදිකාව දිහා බලාගෙන නිහඬව හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔවු එතන ඔබ දැකලා තියෙන්නේ හැබෑ ජනතා හැඟීම. ඔබ දුටුවේ අවසන් දැක්මනම් මම මෙ සටහන ලියන්නෙ නෑ ඒත් මම ලියුවෙ මම දැක්ක අවසන් දැක්මක්. මටත් අවසානෙදි මේක ඉවර උනාද කියලා හිතාගන්න බැරිව උන්නේ

      Delete
  8. මමත් ඊයේ රෑ අවසන් ප්‍රසංගයට සහභාගිවුණා.. මටනම් දැනෙන්නෙ මීට හාත්පස වෙනස් වූ මිහිරි සංගිතමය අත්දැකිමක්..ඇත්තටම ඒක බාවනාවක් කිව්වොත් නිවැරදියි . ඒ ඔබේ වගේම මගේත ප්‍රියතම ගායිකාව නිසා. අවසන් ප්‍රසංගය ගැන මගේ මතය ඇතුලත් ලිපියක් මම දැක්ක හැටියට අස්වැන්නෙදි අද හෝ හෙට දාන්නම්..

    කොහොම වුණත්ත් මේ ප්‍රසංගයේ සංගිතමය අත්දැකිමනම් විශාල දෙයක් මොකද මේවගේ උසස් සංගිතමය අත්දැකිමක් විඳින්න සාමාන්‍ය ශිල්පයෙකුට දරන්න හැකි මූල්‍ය පහසුකමක් නැති නිසා.

    ඒනිසා ටිකට්පත් 3000/- 2000/- 1000/- ට අලෙවි විම ගැන නම් මගේ ගැටලුවක් නෑ ඒමුදලට සරිලන සජීවි සංගිතමය අත්දැකිමට ඉඩකඩ ලැබුණු නිසා .

    අනෙක් අතට ඒ මුදලට දවසේ වියදම හරිකර ගන්න කෙනෙකුට දරන්න අමාරුයි. ඒක ඇත්ත. ඒත් ඒමුදලට සුඛෝපභෝගී ජීවිත ගතකරන අය නයිට් ක්ලබ් නොගොස් ලක්සරි වාහන වලින් ඇවිත් ස්වේත රාත්‍රිය විඳීමම ලොකු දෙයක්.

    ඒධන කුවේරයන් ඇගේ පාමුලට ගෙනැවිත් ඇය උච්ච ස්ථානයක හිඳුවා. ඇගේ ගිමිහිර අහන්නට පාර කැපූ සිරස ඔවුන් ඒසදහා යටකල දැවැන්ත ආයෝජනයට වඩා කීර්තියක් ඒ හරහා ලබාගත්ත එක සම්පූර්ණ ඇත්ත. එහෙම හරි රසවින්දනය උසස් තලයකට ළඟා කරගන්න දැරූ වෙහෙස ගැන මගේ හිතේ ඔවුන් ගැන ඇත්තෙ පැහැදිමක්.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔබම හිතලා බලන්න ඔබ දුටුව 21වන ප්‍රසංගයයි අවසන් ප්‍රසංගයයි අතර වෙනස

      …//නයිට් ක්ලබ් නොගොස් ලක්සරි වාහන වලින් ඇවිත් ස්වේත රාත්‍රිය විඳීමම ලොකු දෙයක්.// ඒ උනාට ඒ අය නැතිකලේ ගිම්හානි කියුවා වගේ ඒ අයගේ තැන, නන්දා මාලනියට ට ඇත්තටම ආදරය කර අයගේ තැන.

      …ඔබේ කලින් ස්වේත රාත්‍රිය ලිපියේ සිරසේ ආයෝජනයට මගේ දැක්ම ඉදිරිපත් කලා
      …මෙන්න ඒ කමෙන්ටුව ආයෙම මම මෙතන පලකරනවා
      …----------------------------------------
      …Loku John21 May 2012 13:41

      //සිරස ගුවන් විදුලි මාධ්‍ය ජාලය විසින් මනාව සැළසුම් කොට නිමවා තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගය මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතු ගී ප්‍රසංගයක් විය.// ඔව් මෙක සෑහෙන්න සැලසුමකින් කල එකක්. මහරාජා ආයතනය අපේ ගායික ගායිකාවන්ගෙ ගීත සමග වැඩ කරන්නෙ සෑහෙන්න සැලසුමකින් කියලයි මට හිතෙන්නෙ. කවද හරි දවසක අපිට සින්දුවක් අහන්න මහරාජා ආයතනයෙන් අවසර ගන්න වෙයි කියලා මහ බයානක හැඟීමක් මගෙ හිත අස්සෙ දෝංකාර දෙනවා.

      …මම පුංචි කාලෙ අපෙ තාත්තගෙ ප්‍රියතම ගායිකාව නන්දා මාලනී, ඇගෙ ප්‍රියතම ගීතය "අම්මාවරුනේ" ඉතින් අපෙ තාත්තා නන්දා මාලනීගෙ සිංග් ලංකා ආයතනය විසින් නිපදවන ලබන හැම කැසට පටයක්ම ගෙදර අරගෙන ආවා . එයා නන්දාමාලනී මහත්මියගෙ සිංදු අහන නිසා අපිටත් ඒ සිංදුම ඇහිලාම නිකන්ම මගෙත් ප්‍රියතම ගායිකාව බවට එතුමිය පත් උනා. ඔය සින්දු සෙරම මට කට පාඩම්.

      … "සත්‍යයේ ගීතය" ප්‍රසංගයෙන් පස්සෙ ඒ කැසට් යුගලය ඊට පස්සෙ "යාත්‍රා" කැසට් එක ඊටත් පස්සෙ "පවන" කැසට් යුගලය මට හොඳට්ම මතක ගීත එකතුවක් මට හිතෙන්නෙ ඊට පස්සෙ ඇය නව පරපුරෙ ගීත්‍රච්කයන්ට තැන දීලා "අරලිය ලන්දට" කියලා ඇල්බමයක් කලා එතනින් ඔබ්බට නන්දා මාලනීගෙ ගීත වල වෙනසක් උනා කියලයි මට හිතෙන්නෙ.

      …මම මුලින්ම හිතුවෙ "ස්වෙත රාත්‍රිය" කියන්නෙ "සත්‍යයේ ගීතය" නැත්නම් "පවන" වගෙ අලුත්ම ගීත එකතුවක් කියලා ඒත් මෙක නන්දා මාලනීගෙ පරන අපි රසවින්ද ගීත හොරකමක් කියලයි මට හිතෙන්නෙ. මෙක හොරකමක් කියන්නෙ කවදා හරි දවසක මෙ ගීතවල අයිතිය ME කියන ලෙබලයට ආවට පස්සෙ.

      …"ස්වෙත රාත්‍රිය" පටන් ගත්තාට පස්සෙ ඇය ජාතික රූපවාහිනියට ගෙන්න ගන්න බැරිවෙලා තියනවා. මෙ පේලිය අතුරු කතාවක් විතරයි.

      …කොහොම කියුවත් මගෙ ප්‍රියතම මගෙ ප්‍රියතම ගායිකාව ඇය.
      …ඔබෙ පැල
      …පැලෙ පිල
      …පිලෙ නිදි පැදුර මත
      …මට මගෙ මල් යහන
      …මත නොමැති සුවය ඇත ....
      …මේ තාමත් මම් රස විඳින ගීතයක් ..
      …------------------------------------------

      Delete
    2. සම්පූර්ණ ඇත්ත මම මේකට එකගයි.

      ඇත්තටම මේප්‍රසංගය බලන්න ඕනෑවටත් වැඩිය ෆැෂන් එකක් විදියට අපිත් නන්දාගේ සිංදු අහනවා කියලා පෙන්නන්න ඕනෑ අයත් එතන හිටියා. ඔවුන් නන්දාගේ සිංදු මොනවද කියලවත් දන්නෙ නෑ.සමහරු ලෙවල් එක පෙන්නන්න ඇවිත් හිටියා ඒ අතරේ තමයි ඔබ මා වැනි අයට පුංචි ඉඩක් ලැබුනේ.

      කොළඹ, මීගමුව ගම්පහ ප්‍රේක්ෂනටන්ට ටිකට් එක දහස් ගනනින් වැඩිවෙද්දි පිටපලාත්වල වැඩිම මිලට තිබුණ ටිකට් එක 1000යි එතකොට සිරස දන්නවා මේක කොළඹ මිනිස්සු බලන්නේ ෆැෂන් එකට කියලා. වෙනස එයයි.

      නමුත් සිරස එක හොඳ දෙයක් කලා මේවගේ ප්‍රසංගයක් නිර්මාණය කිරීමත් කොළඹඨ කිරි අපිට කැකිරි සම්ප්‍රදායෙන් බැහැරව සියලුම රසිකයන්ට උසස් ගී රස වින්දනයක් ලබාදෙන්න උත්සාහ ගත්ත එක.

      ඕනෑම ගී ප්‍රසංගයක කොළඹින් පිට යන විට වාදකයන්, සංගීත භාණ්ඩ ප්‍රමාණය අබුවෙනවා. ඒත් සිරස මේ ෂෝ 26 දි අංග සම්පූර්න වාදක මණ්ඩලයම ගෙනගියා රටවටා එයින් ඔවුන්ගේ ටේස්ට් එක ගැන පැහැදිලියි.

      මොනවා වුණත් මම සතුටු වෙන්නේ සිරස ස්වේත රාත්‍රිය වෙනුවෙන් කළ දැවැන්ත මූල්‍ය ආයෝජනය තුළ මෙතෙක් ලංකාවෙ තිබුණ හොඳම ගී ප්‍රසංගය වෙනුවෙන් නන්දිගේ ගී වලට ආයෝජනය කර තිබූ නිසයි.

      Delete
  9. ඔතන තියෙන්නේ සංගීතය රස විඳීමක්වත්, නන්දා මාලනිය බැලීමවත නෙමෙයි. ෆැෂන් ෂෝ එකක් සහ අලුත් ට්‍රෙන්ඩ් එකක්. ලුම්පන් පංතියේ ඉන්නවා (අමරසේකරගේ පංතිය.) ඉංග්‍රීසි කතාකරන්න බැරි පිරිසක්. මේ අයට බිෂොප් එකේ ලයනල් වෙන්ටඩ් එකේ තියෙන ඉංග්‍රීසී නාට්‍ය බලන්න යන්න බෑ. ඉතින් ඒවට යන ප්‍රභූ පන්තිය වගේ මේවට එනවා. ඔය ෂෝ එකම ජෝන් ද සිල්වා එකේ තිබුනා නම් මේ අය එන්නේ නෑ. හැබයි නෙළුම් පොකුනේ තිබුන නම් 10000 ටිකට් එක අරගෙන හරි එනවා. මුන් මේ සින්දු විඳින්නෙත් නෑ. අහන්නෙත් නෑ. මුන් අහන්නේ කබ්බා සින්දුයි. ටාසන් බාප්පයි. සිරස මේක නියමෙටම දන්නවා. ඒකනේ එයාලගේ ශබ්දාගාරෙට අරටුව කියන් එක ඉංග්‍රිසියෙන් දාලා තියෙන්නේ. ඊළඟට වික්ටර් රත්නායකව විකුනනවා. අනික ප්‍රාඩෝ වල ආවට ෆ්‍රෙන්ච් පර්ෆියුම් දැම්මට හමීඩියා ඇඳුම් ඇන්දට ඔය ඉන්නේ ගමේ ඉන්න මාතුපාලලාම තමයි. පව් නන්දා මට එයා ගැන නම් හරි දුකයි. අපිට විකිනෙන්න එපා කියලා උගන්නපු කෙනෙක්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාතලන්. 100%ක් එකඟයි ඔබ සමඟ. ඒත් අන්තිමේ බැළුවම කලාව පවතින්නේ මේ ලුම්පන් පන්තිය නිසා නේද..?

      Delete
    2. මම මොනවා කියන්නද ඔය ලියලා තියෙන්න

      Delete
    3. ඒකට කියන්නේ කළාවද මාලන්..

      Delete

  10. …මිළ මුදල් ලැබ කුවේරයන්ගේ
    සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට
    ගොලුව බිහිරිව සතුටු වනු මිස.

    නිවටයන්ගේ දෙපා අබියස
    බියෙන් හැකිලී නැමී යානම්
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිඳ එය ඉවතලනු මිස


    ReplyDelete
    Replies
    1. මේ ටික මම ලියපු විදියටම ලියුවේ ඒ හැඟීමෙන්මද නැත්නම් ......

      Delete
  11. මම නම් ඔය වගේ කිසිම ෂෝ එකක් බලල නෑ... වටින කියන සින්දුවක් නිවි සැනසිල්ලෙ කාමරේ ඉඳන් අහන එක තමා කරන්නෙ... අනෙක් කියල තියෙන ඒව ගැන මගේ අදහස මාතලන් අයියත් උඩ කියල තියෙනව :)

    ReplyDelete
    Replies
    1. ඒත් සීංදුවක් රඟහලකටවෙලා "Live" අහනකොට දැනෙන හැඟීම හරිම අමුතුයි. මම මේ සටහන ලියුවේ ඊයෙ මට ඒ හැඟීම නොලැබුන නිසයි.

      Delete
  12. මමත් හරි ආසාවෙන් හිටියේ යන්න. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන්ම යනවා. සිරස කලොත් ආයේ අහන්න දෙයක් නැහැ අජපල්

    ReplyDelete
    Replies
    1. ඔව් මරික්කාර් මහත්තයා කියුවා රේඩියෝ චැනල්වල හරසුන් ගීත අහලා හෙම්බත් උන අයටයි ශ්වෙත රාත්‍රිය කියලා මට හිනාත් ගියා ඒහෙම කියනකොට ඒ අය ඒ තැනට පාර හදලා ....

      Delete
    2. hikizz හිනාවෙන පැත්ත හිතාගන්න බැහැ ජෝන් අයියේ....

      Delete
  13. මට ජීවිතේ බොඳ වුණු සිහිනය!!! " ශ්වේත රාත්‍රිය"

    මගෙත් ප්‍රියතම ගායිකාව නන්දා මාලනී මහත්මිය... නන්දා මාලනියගේ ජීව්න ගීතය කියෙව්වට පස්සෙ ඒ කැමැත්ත දෙගුන උනා.. ඒ ආර්ටිකල් එකේ තිබ්බ ජෝන් විස්තර කරපු නනදා මාලනීනම් අව්‍යාජ නිරහන් කාර ගැහැනියගේ ජීවන කථාව ඇගේ වචන වලින්ම....

    ඇය කුඩාකල සිට ගෙවූ කර්කෂ ජීවිතයේ අත්දැකීම ඒ භාවත්මක හඬේ මට දැනෙනනව, හැමදාමත් පීඩිත පන්තිය වෙනුවෙන ගායනා කරන ගීතවල තැලෙන පොඩිවෙන තුන්වෙනි පන්තියේ මිනිසුන්ගේ දුක වේදනාව අපූරුවට ගැබ්වෙලා තියනවා. ඒ ඇය ලද ජීවන අත්දැකීම් නිසාම වෙන්න ඇති කියල හිතුනේ නන්දාමාලනියගේ ජීවන ගීතය කියව්වට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ඇගේ ජීවන ගීතයත් සිරස මාකට් කරනවා මට දුක ඒකයි

      Delete
  14. මමත් කැමති ගායිකාවක් ඇය...!ඔබට වාසනාව තිබිල ශ්වේත රාත්‍රිය නරඹන්න..!

    ReplyDelete
    Replies
    1. වාසනාව තිබුනට නොබැලුවනම් කියලා හිතුනා වික්ටර් ගේ ස එක්ක සසඳනකොට

      Delete
  15. ඇත්තටම නන්ද මාලිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්චාවක මේ ප්‍රසංගය ගැන සිත් තැවුලෙන් කතා කරලා තිබුන!(දිවයින පත්තරේ වගේ මතක)සුභාවිත ගීතයේ පැවැත්ම වෙනුවෙන් සිරස මේ කරපු දේ ගැන මම සතුටු වෙනවා!කෙසේ වෙතත් අම්බලන්ගොඩ ධර්මශෝකේ පැවැත්වුන ශ්වේත රාත්‍රිය බලන්න තරම් මම වාසනාවන්ත උනා!
    ඔබ කියන දේ සත්‍යතාවයක් තියෙනවා.ඒත් නිර්මාණකරුවා රසවිඳිනවා ද නැත්තම් නිර්මාණය රසවිඳිනවා ද කියල පොඩ්ඩක් හිතල බලන්න!

    ReplyDelete
    Replies
    1. සිරස කරපු දේ හොඳයි තමයි ඒත් ඒකලේ ඒ අයගේ ආර්ථික වාසිම උදෙසා. නැත්නම් අවසන් ප්‍රසංගයක් පැය දෙකකට වඩා තිබිය යුතුයි. මට දුක අඩු තරමෙ විසිල් සද්දක්වත් ඇසුනෙ නැති එකට

      Delete
  16. ශ්වේත රාත්‍රීයේ අම්බලන්ගොඩ පැවති ප්‍රසංගය නැරඹුවා.ඒකත් ටිකට් වත් නැතුව වෙන කෙනෙක්ගේ පිහිටෙන් තමයි ඇතුළට ගියේ.හැම ගීතයක්ම අවසානයේ මං දැක්කේ රසිකයන් දෙසට හැරුණු ඇයගේ නිරහංකාර සිනහව.

    ReplyDelete
    Replies
    1. ඇගේ නිරහන්කාර සිනාව නම් හැමදාම ඇය සමග තිබුනා ඊයෙත්, හැම ගීතයක්ම අවසානයෙ බෙල්ල පැත්තකට හරවලා හිනාවෙනකොට හරිම හැඟුම්බරයි. ඒ ගැන මම සතුටුවෙනවා

      Delete
    2. මමත් අම්බලන්ගොඩ තිබ්බ ශ්වේත රාත්‍රිය බලන්න ගියා. රුපියල් 300 ටිකට් එකක් අරගෙන වුනත් යන්න පහසුව තිබුන ඒ ශෝව් එකට. කෙසේ වෙතත් හොඳට සංවිධානය කරලා තිබුන, සංගීතය මෙහෙයවීමත් කලින් බලලා තිබුන සංදර්ශන වලට වඩා සැහෙන්න හොඳයි. මගේ වැඩියෙන්ම හිත ගිය දේ වුනේ නන්ද මාලිනියගේ නිරහංකාර කම. එක දිගට සින්දු විසි පහක් කීවට පස්සේ , ජිවිතේ කවදාවත්ම දැකල නැති මනුස්සයෙක් එක්ක වුනත් හිනා වෙලා වචන දෙක තුනක් කතා කරනවා කියන්නේ..

      Delete
  17. සිරස හරියට කරේ මොකක්ද....

    ReplyDelete
    Replies
    1. ඇයි මාෆියාවක් නිර්මානය කිරීම

      Delete
  18. ඔතන වැරැද්ද තියෙන්නේ සිරසේ විතරමද? අනේ මන්ද මට එහෙම හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ නිර්මානකරුවෙක් හා නිර්මානයක් කියන්නේ පොදු වස්තුවක්. මහරාජා ආයතනයෙන් කලේ සේවයක් බව පෙන්වමින් ඒ නිර්මානවල අයිතිය මුදල් බවට පත් කලා මේ ගැන මීට වසරකට පෙර මම ලිපියක් පලකලා
      උගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම. ඒකත් කියවන්න

      Delete
  19. හිස මිනිසුන් කුස පුරවන සිත් පිනවන බස් දොඩවන
    බොජුන් මේස මත සුවඳ හලන්නට
    මා පිපුනේ නැත
    මේ දෙරණේ................

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඇය කියුවා නේද

      Delete
  20. මාත් සජීවී ප්‍රසංගයක් බලලම නෑ.. ඒත් කියපු දේවල් ඇත්ත කියල ඇසු දුටු දේවල් වලින් දන්නවා..

    ReplyDelete
    Replies
    1. සජීවී අත්දැකීම් ලබා ගන්න. සජීවී සිංදුවක මියුසික් වරදින එකත් ලස්සනයි

      Delete
  21. නන්දා මාලිනීටත් නියමිත ගානක් තියෙනවලු....

    ReplyDelete
    Replies
    1. හැම දේම මුදලින් මනින්න බෑ. මා මෙ ලිපිය ලියුවේ ඇයට ඇගේ වටිනාකම හරියාකාරව නොලැබූ බව මට හැඟුන නිසයි. මුදලින් මනින්න බැරි වටිනාකමක් ඇය උපයාගෙන තියනවා. එදා එහි පැමිනි ජනතාවගේ හිත් ඇතුලින් ඒ වටිනාකම ඇයට දුන්නෙ නෑ ... අඩුගානෙ විසිල් පාරක් වත් මට ඇහුනෙ නෑ

      Delete
  22. මට ඔය ප්‍රසංගේ සිරසේ මැදිරියක තියෙනව කියල දැන ගත්ත ගමන් හිතට ආපු පළවෙනිම දේ තමයි ඇයි නන්දා මාලනී එහෙම තැනක ඕක කරන්නේ කියලා... පස්සේ දැන ගත්ත විදියට ඔය ප්‍රසංගය පටන් ගන්න මූලික වෙලා තියෙන්නේ සිරස නිසා එහෙම කළා කියලයි මම දැන ගත්තේ...(ඇත්තද කියල දන්නෙ නෑ). කොහොම වුණත් එදා මම හිතා ගත්තා මම ඕක බලන්න යන්නෙ නෑ කියල... සිරස ගැන මගේ හිතේ තියෙන හැඟීම එච්චර හොඳ නැති නිසා වෙන්න ඇති.

    සල්ලිකාරයෝ සහ දුප්පත් මිනිස්සු කියල රස විඳීම මනින්න යන එක නම් සාධාරණ නෑ වගේ.. මොකද කිව්වොත් අපි ඔය ගොඩක් වෙලාවට කතා කරන 70,80,90 දශක වල බොහෝම අමාරුවෙන් ජීවත් වෙච්ච, ඔය දුක හඳුනන, ඒ රස හඳුනන අය තම තමන් ගේ හැකියාවන්ගෙන් දියුනු වෙලා යාන වාහන වලින් ඇවිත් රස විඳින එක වරදක් නෑ නේද?

    ෂෝ එකට බලන්න යන අයත් හැමතැනම ඉන්නවා.. උදාහරණෙකට මම වික්ටර්ගේ "ස" අවසන් එක බලන්න ගිය අය අතරේ ජීවිතේට වික්ටර්ගේ සිංදුවක් රසවිඳිල නැති... ආපෝ වික්ටර් ද? කියල අහන ලෙවල් එකේ අය හිටියා.. ඔවුන් ගියේ අවසන් එක අපිත් බැලුව කියල පොඩි ආතල් එකක් ගන්න විතරයි.. ගිය වෙලේ ඉඳන් මේක කොයි වෙලේ ඉවර වෙයිද දන්නේ නෑ වගේ තමා හිටියේ..

    කොහොම වුණත් ඔබ කියන දේ නම් අනාගතේ වෙන්න පුළුවන්.. අපිට සල්ලි දීල ඔය සිංදු අහන්න වෙන තත්වයක් ඉස්සරට ඔය කට්ටිය ඇති කරයි...

    ReplyDelete
    Replies
    1. කලාකරුවන් මුදල් ඉපැයීම ගැන මගේ හිතෙ තරහක් හෝ අකමැත්තක් නෑ . ඇත්තෙන්ම ඔවුන් උපයනවා මදි ඒත් මේ අතර මැදියන් සංවිදායකවරු අහිංසක කලාකරුවනට කතෘබාග කියා යම් මුදලය් දී ඔවුන්ගේ මුලු ආත්මයම ඔවුන් අතට ගන්න තැත්කරනවා, සුපර් ස්ටා තරඟවල අවසන් වටවලදි සමහර හොඳ තරු හැලෙන්නෙත් ඔන්න ඕකයි
      …මගෙ මේ ලිපියත් කියවලා බලන්න
      උගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම.

      Delete
  23. බොහොමයක් ප්‍රසංග වල දී මේ අත්දැකීම විඳ ඇත්තෙමි. කතා කිරීමට උවමනා කර තිබු, එහෙත් කිසිවෙක් කතා නොකරන පැත්ත ඔබ නියමාකාරයෙන් දක්වා ඇත. අදහස් සියල්ලට ම පාහේ එකඟ වෙමි!(ඔබ වරක් විඳි අත්දැකීම කිහිප වරක් විඳ පෞද්ගලික අත්දැකීම් ඇති නිසා)
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කලාව මාකට් කරනකොට ඔය දේ වෙනවා මේක ලියුවේ හිතෙ දුකට

      Delete
  24. ස්වේත රාත්‍රිය මාත් බලන්න ආසවෙන් හිටි දෙයක්.. ඒකත් මට මග හැරුනා..

    ReplyDelete
    Replies
    1. හොඳවෙලාවට. අන්තිම එක බැලුවට වඩා සිංදු ටික CD වලින් ඇහුවනම් ඇති.

      Delete
  25. මමත් ආසම ගායිකාවක්.. අපේ තාත්තාත් අපිට කියන්නෙත් නැතුව ගිහිල්ලානේ.. අද උදේ තමා මමත් දැනගත්තා.. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. ඇහුවෙ නැද්ද තාත්තගෙන් මම කියුවෙ බොරුද කියලා

      Delete
  26. මේ ක්‍රියාවලිය හරිම සරලයි, මොකද නන්දා මාලනිය කොච්චර පීඩිත ජනතාව ගැන ගීත කිව්වත් අද සිරසෙන් නියෝජනය දීල තිබුනේ උබට අපිට නෙමේ සහොදරයා...හරියට අපි චන්දේ දීලා පත්කරගත්තු එවුන් වගේ .ඔය ටයි කෝට් කාරයෝ එන්නේ උබලා අපි හිතන පංතියේ ගීත ගැන හිතලා නෙමෙයි. සිරස මාර්කටින් පාරටයි, තම තමන්ගේ පෞර්ෂය [නැති ඒක] අනුන්ට පෙන්නන්න කැමති උනුයි,උන් නියොජනය කරන පංතියේ හමුවකටයි විතරයි... එතකොට නන්දා ඔතන මොන තාලේ ගීතයක් කිව්වත් උන්ට එකයි...තප්පුලන්නේ අර්ථයකට නොවෙයි... පුරුද්දට.

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ බලාපොරොත්තු ...

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. සුනිල් එදිරිසින්හගේ "සුනිල විලේදි" මමත් ඔය අත්දැකීමම වින්දා සහෝ............

    ReplyDelete
    Replies
    1. සිංහල ගීත කලාවේ අනන්‍යතාවයට වෙලා තියෙන්නේ ඕක තමා.

      Delete
  29. කාලයක් එක්ක හැමදේම වෙනස් වෙනවා
    කාලය හැමදේම වෙනස් කරනවා
    නන්දාමාලිනියගේ දුක්බර යටගියාව කියවා තිබුණා මීට කාලෙකට කලින්
    කරවල කටු කිපයක් එක්ක ගත් ආහාර වේල... අන්ත දුගී ජීවිතය...

    ගලායන කාලය ඒත් එක්ක මිනිස්සුන්ගෙ ජීවිතේ ගැල්මත් වෙනස් කරනවා...

    හැමදේම වාණිජකරණයට යම් තරමකින් හෝ නතු වෙන එක වෙනස් කරන්න බැහැ

    ReplyDelete
    Replies
    1. වාණිජකරණයට අහුඋනාම නැතිවෙන දෙවලුත් තියෙනවා

      Delete
  30. මම නම් නන්දා මාලිනී කියන චරිතය ගැන පෙනෙන දෙයට වඩා යමක් දන්න පුද්ගලයෙක්.සමහර අයට මෙක කියෙවුවම තරහ යාවි.එකට මට කරන්න දෙයක් නෑ.සල්ලි කීවොත් පවුලත් විකුනන් කන චරිතයක් තමයි මෙතන ඉන්න හැමෝම වර්ණනා කරන්නේ.දන්න අය ඒවා දන්නව.ඔය අයට සල්ලි ඔච්චර හම්බවෙන නිසා තමයි ඔය ඔක්කොම හැගීම්බර හිනා.ප්‍රසංගෙකට නිකමට කතා කරල බලන්න.මට නම් හිතෙන්නෙ මිනිස්සු මොකට මෙව බලන්න යනවද කියල.මටනම් ඔය නම ගැනත් ලැජ්ජයි.කොච්චර උනත් වික්ටර් රත්නායක ශූරීන් නම් දෙවි කෙනෙක් වගේ කෙනෙක්.මිනිස්සු උනාම හොඳ ගීත වගේම මනුස්සකමුත් තියෙන්න ඕන.මේ ගායිකාව ලග ඒවා තියනව අඩුයි.කැමති කෙනෙක් කැමති විදිහට මේක භාර ගන්න.සංගීතය කියන්නෙ එක දෙයක් විතරයි.මිනිස්සු උනාම සල්ලි වලට වඩා වටින්නෙ මනුස්සකම.මෙ පිටට පෙන්වන මුහුනු වලට රැවටීන්න එපා.

    ReplyDelete
    Replies
    1. උඹට වැරදුනා නේද?
      වැඩ්ය වටින්නේ සල්ලිද මනුස්සකමද?
      සල්ලි තියෙන මින්ස්සු නේ වැඩිය වටින්නේ.

      Delete
    2. අත්දැකීමක්ද ?

      Delete
  31. මමත් අපේ ගම්පළාතේ තිබුණ ශ්වේත රාත්‍රියක් බලන්න ගියා, මට එතනදි හිතුණ දෙයක් තමයි ඇයි මේතරම් ලොකු මුදලක් අය කරන්නෙ කියන එක. එළියේ මිනිස්සු ගොඩක් දෙනා හිටියත් ඉඩකඩ සීමිත නිසා හැමෝටම බලන්න වුණේ නැහැ, කියන්න ඕන දේ තමයි මෙඋක බලන්න ආව බහුතරය එදා වේල බොහොම අමාරුවෙන් කාලා ඇඳලා ඉන්න අය, එහෙව් එකේ ඉඩකඩ ඇති තැනක, මීට වඩා අඩු මුදලකට මේ දේ කරන්න තිබුණා කියන එක. මට හිතෙන්නෙ නන්දා මාලනී මහත්මිය සිරසේ මාකටිං වලට අහුවුණා කියලයි!

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඔය ටිකම තමයි අර මිනිස්සු ආවේ නන්දට තියන ආදරයට

      Delete
  32. ඇත්තටම මේ ප්‍රසංගය බලපු සමහරු බැලිය යුතුඅය නෙමෙයි. මගේ එහා පැත්තෙ හිටපු ගෑනු ළමය මුලු කාලය පුරාම කරේ තමන්ගෙ ඇනරොයිඩ් ෆෝන් එකෙන් ගේම්ස් ගහපු එක. නිකන් ලැබුනු ටිකට් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් ශ්වේත රාත්‍රිය බලන්න ගිහින් ගේම් ගහපු එක තමා කළේ. මට එහා පැත්තෙ හිටියෙ ඔයාද? ටිකක් වැදගත් පෙනුමට ඉන්න එපැයි. නිකම් රස්තියාදුකාරයෙක් කියලා හිතුන නිසයි කතා නොකළෙ. සොරි.

      Delete
    2. මේ තියෙන්නේ උදාහරනයක්, විහිලුවක් සේ දැමූ උනාට ඕක තමයි ඇත්ත ඇත්තටම නන්දාව රසවිඳින පීඩිත පන්තිය සමහරුන්ට පේන්නේ රස්තියාදු කාරයො , හිගන්නො විදියට

      Delete
  33. හැමදාම බලන්න ඉදියත්..අවසානෙ බලන්නම බැරිවුන ප්‍රසංගයක් මේ මට....

    ReplyDelete
    Replies
    1. දුක්වෙන්න එපා "පවන" CD 2යි "සත්‍යයේ ගීතය" යි ඇහුවම ඇති

      Delete
  34. අපිත් ආසාවෙන් යන්න හිටියා. ටිකට් ගන්න බැරිව ගියා. වැඩේ අත් හැරලා දාලා ඉද්දි 13 වෙනිදා අවසන් දැක්මට පෙර දැක්ම කියලා එකක් තියෙනවා කියලා සිරසේ කියන්න ගත්තා. කලින් වැඩෙන් එපා වෙච්ච එපාවිල්ලට ඒක බලන්න හිතුනේ නැහැ. හ්ම්........... එහෙම වුනු එක හොඳයි කියලා හිතෙනවා දැන්..........

    ReplyDelete
    Replies
    1. ඇත්ත මටත් ඕකම හිතුනා

      Delete
  35. ගීතය මිස ගායිකාව ගැන ගරුත්වයක් තබාගැනීමේ පලක් නැති බව මට තේරුනේ දසක ගණනාවකට කලින්. මගේ මිතුරෙක් ඇගේ පන්තියකට යන්න උත්සාහ කල වෙලාවේ.නැති බැරි එකෙක්. ලොකු විස්වාසෙකින් ගියේ උදවු කරවී කියලා .. ගාස්තු අධික හින්දා ඔහුට අතහරින්න සිදු උනා.. ඔහු බෝඩිමට ආ පසු කිවුවේ මෙච්චරයි.. සින්දු කියන එක්කෙනා නෙවෙයි බන් එතන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අත් දැකීමක් නිසා මම මුකුත් නොකියමි

      Delete
  36. අමමගෙ රෙද්ද. ටිකට් එකක් දාහද? වටිනව ඇති. හබැයි මට නං ජිවිතේට බලන්න වෙන්නෑ. නන්දා ඕනෙ එකෙකුට කියාගත්තුදෙන්. පුරුදු විදිහට එම්.පී.ත්‍රී එකක් අහනවා.

    ReplyDelete
  37. ටිකට් එකක් අරං හෝ බලන්නට ට්‍රයි කළෙමි. නමුත් කිසිදු අවස්ථාවක් ලැබුනේ නැත. ඒ නන්දා මාලිනීත්, නිහාල් වික්‍රම ඇතුලු සිරසේ කිසිවෙක් අුනන්නේ නැති නිසා විය යුතු ය......!!!!!
    බැලුවේ ද ඇසුවේ ද නැති නිසා වෙන කිසිවක් නොකියමි.
    ඒ "උඹල ඉතිං තරහ වෙන්නෙ නෑනෙ" කියන නන්දක්කාගේ කියමන අනෙක් පැත්තට සක්‍රිය වන්නේ නැති නිසා ය..!!

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. I always wanted to be there @ 'swetha rathriya'.But couldn't make it till the last one.as they announce it will be the last show, went through the queue and manage to get some tickets for the family.i do agree with the writer about some of the comments which he has made about the show.But my experience with the similar shows which are organizing @ the moment in the country, what a fantastic effort 'SIRASA' has put? i am talking about how well it has organised, and 25 songs in 2 hours? this is what we are expecting by buying a ticket.i am not a fan of 'SIRASA'.But i cant see any competitor who can do something creative,Well Organised and successful like they do.Not even the government funding organization(like SLRC,ITN).So Hat off to the 'SIRASA' for well organised Show.if we record entire show in a video camera or any other recording device, there is nothing to edit at all.this is what i am talking about.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..