he

Wednesday, September 28, 2011

මට වැරදුන තැන


වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
…මානම් උට නැත සෙනේ....

…මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....
…
දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ

Sunday, September 25, 2011

වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting

 ඔයගොල්ලන්ට මතක ඇතිනෙ ව්‍යපාරික ප්‍රජාව ආර්ථික අවපාතයකට ලක්වෙච්ච යුගයක් තිබුනා. ඒ කියන්නෙ 2008-2009 වකවානුවේ. ඔන්න ඔයකාලෙ Cost Cutting  කියලා වියදම් අවම කරගැනීමට් හුගක් ව්‍යාපාරිකයො එක එක උප්පරවැට්ටි දැම්මා. වායු සමීකරණ නිවාදැම්මා, විදුලි පංකා නිවාදැම්මා. වාහනවල ඉන්දන දීමනා කපා හැරිය,යම් යම් දීමනා කපා දැම්මා , ප්‍රින්ට් අවුට් ගන්න එක අඩුකලා, දුරකතන බිල්පත් වලට ගෙවීම් අඩුකලා, බෝනස් නැතිකලා  හරි එව්වා කමක් නෑ කියමුකෝ ඔයගොල්ලො අහලා තියනවද "වැසිකිලි ජල කප්පාදුව" ගැන. ඔන්න එහෙනම් අහගන්න නැත්නම් කියවන්න

විරූපී මනමාලයාගේ පිලිතුර..

ගිම්හානිගේ මගේ අළුත් මනමාලයා.... . ට පිළිතුරක්,


 

 

 

 

 

 

 

 

උරුමෙන් උරුමයට මට ආ බූදලය
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා  මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය   

පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ  කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත  කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය

Saturday, September 24, 2011

මගේ අළුත් මනමාලයා.... .

කළුවන් කලු රුවයි.. එල්ලෙන බඩගෙඩියයි..
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
පපුවත් හරි ලොකුයි මටනම් හරි ලැජ්ජයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..

දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.

විරූපී මනමාලයාගේ පිලිතුර..

Friday, September 16, 2011

දේදුන්න


දේදුන්නයි ආදරයයි
එකවගේලු මට ....
බලනවිටම සැඟවීයන
මේවා කුමකට??

Thursday, September 15, 2011

ඉටු නොවූ බලාපොරොත්තුව!!!


මාරයා අත වනයි මට දැන් කලක සිට..
යන්නට සිතක් නැහැ තාමත් අනේ මට..
තවමත් ඉටු නොවූ කරුණක් සිතේ මට..
ඉවසන් මාරයෝ එනවා තුරුල්ලට...

22.අනීතික වෘත්තිය

හිරු ගිලුනු නිමේශෙක
අඩ අඳුරු පෙදෙසක
 

බිඳුනු පහන් කණුව යට සිට
නුඹ ඉඳන් අතවනයි මට


ම දුබල තැන සොයා ලා
නවතින්න කියලා..

නුඹ වත පෙනෙන විට
නුඹ අමතනා විට
 

මගේ මුලු ශරීරෙම
හිරි වැටී සලිතවිය


නුඹේ ළග උන්නු
ගෙවුනු  තත්පරය තුල
බිඳුනු සිතුවිලි වලින්
නුඹේ නිරුවත දුටිමි..


තුනට හතරට නැවුනු
අඳුරු පැහැ නෝට්ටුව
මගෙ අතින් නුඹෙ අතට
මාරුවී සුසුම්ලයි


ගනු දෙනුව අහවරයි
නුඹ කවුද
මා කවුද
කියා කවුරුත් නොදනි..


110914


පලි: ට්‍රැෆික් පොල්සි මහතෙකු  වාහන රියදුරෙකුගෙන් අල්ලසක් ගන්නවා දුටු මට සිතුවූ සිතුවිල්ලකි මේ..