he

Monday, December 5, 2011

මෙන්න පිරමීඩයක්!

  පිරමීඩය යන නමට පවා වෛර කරන්න වුන් මෙ ලක් පොලව මත නැත්තා නොවේ. ඒ තරමටම පිරමීඩ ජාවාරමෙන් බැටකෑ වුන් මෙ ලක් පොලවමත සිටියි. ඇති නැති බොහෝ දෙනාගේ මුදල් එක තැනකට ගොඩ ගසා එවා දෙගුන තෙගුන කර ගුවන් යානා, සිහින මාලිගා, සුඛොපබෝගී වාහන, ආදී එකී මෙකී නොකී සැපසම්පත් ගොඩගසා මැජික් බලයෙන් ඒ සියල්ල අතුරුදහන් කලෙ බොහො දෙනාගෙ බලාපොරොත්තුද මකා දමමිනි. 

  මේ මැජික් එකෙන් ණය කරුවන්වූ බොහො අයවලුන්ද සිටී. මේ සියලු දෙනාම මේ ජාවාරමට අකමැතිය. මෙයට මුදල් යොදවා එහි ප්‍රතිලාබ නොලැබෙන බව වටහා ගත්තවුන්ද අකමැතිය. මෙයට මුදල් යෙදවීමට නොහැකි උන් මුදල් උපයා ගත්ත වුන්ට ඉරිසියවට අකමැතිය. 


ඒ කෙසේ වෙතත් මම අද කතාකරන්න යන්නෙ පිරමීඩ ජාවාරමෙ ආදිනව ගැන නොවෙ. මම අද ඔබට යෝජනාවක් කරමි. එනම් පිරමීඩ ව්‍යප්තියක් ආරම්භ කරමු කියාය. 

  නමුත් අනෙත් පිරමීඩ වල මෙන් මෙය ආරම්බ කරන කෙනාට වැඩි ප්‍රතිලාබ හිමිවන්නෙ නැත. කොටින්ම කිවුවහොත් කිසිම ප්‍රතිලාබයක් ආරම්බ කරන්නාට හිමිවන්නෙ නැත. එහෙනම් මොන කෙං ගෙඩියකටද කරන්නෙ. ඒකනම් මටත් ප්‍රශ්නයක්. 

  ඒත් අපි ප්‍රතිලාබ ගැන පසුව කතාකරමු ඊට පෙර මෙය සිදුවන අයුරු සලකා බලමු . මෙහිදී ඔබ කල යුත්තෙ සුලු දෙයයි. ඔබ නාදුනන පුද්ගලයන් තිදෙනෙකුට සුලුවෙන් හො උදව්ව්ක් කරන්න. නමුත් කිසිවිටෙක එම උදව්වට ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවෙන්න.  

  නමුත් ඔබ උදව්ව කල පුද්ගලයාව තවත් තිදෙනෙකුට එලෙසම ප්‍රති උපකාරයක් බලානොපොරොත්තුවෙන් උදව් කිරීමට පොලබවා ගන්න. මෙය තමයි මා ඉදිරිපත් කල පිරමීඩ ජාවාරම. 

  මෙහිදී කිසිමවිටක මුදල් ගනු දෙනුවක් සිදු නොකෙරෙන නිසා මම හිතන්නෙ මම නීතියෙන් නිදහස් ..ඇත්තටම අපිට ප්‍රතිලාබයක් හිමි නොවන්නෙ ම නොවේ. එනම් කරුණාව දයාව අපෙ හදවත් තුල පොලියත් සමග දෙගුන තෙගුනවී ඉතිරි වෙනවා. මගෙ "නිවන් දැකීමට" ලිපිය වගෙ නෙමෙයි. කරනව නම් ඔන්න පිං වැඩ 

  මේ ලිපිය ලියන්න මට හිතුනෙ මම කාලෙකට උඩදි බලපු චිත්‍රපටියක් මතක් වෙලා ඒකෙ නම Pay it Forward ඔන්න බලන්න ඔනෙ කට්ටිය ඉන්නවනම් මෙතන කොටලා පූර්ව ප්‍රචාරක පටිය බලලම ඉන්නකො

16 comments:

  1. ම්...හොඳ වැඩක්...හැබැ ලංකාවේ කස්ටියගේ හැටි දන්නවනේ...වඳින්ඩ ගිය දේවාලේ කොහේට කඩා පාත්වෙයිද දන්නැ....ම් මෙහෙම දෙකුත් කරන්ඩ පුල්වන් නේද..මේ බ්ලොග් සමාජේම කස්ටිය එකතු කොරන් ඔය නැතිබැරි කාට හරි පොදු උපකාරයක් කොලොත් කොහොමද..පොඩි ෆුන්ඩ් එකක් හදාගෙන

    ReplyDelete
  2. මාත් ඔබ සමඟ එකතු වෙනවා. රාජ්ගේ අදහසත් හොඳයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. අහ එකනම් හොද අදහසක්‌..

    ReplyDelete
  4. @Raj @වෙද ගෙදර මහ වෙදනා@ වර්ණා කමෙන්ටුවලට ස්තුතියි! ඇත්තටම මෙ පිරමීඩය කරන්න ඔනෙ තනියම.

    ReplyDelete
  5. අපේ අයියලා එක්ක ඕවා කරන්න ගිහිල්ලා නිකං ටිංකිරි කන්න වෙන්නේ...

    ReplyDelete
  6. මමත් බලලා තියෙනවා... පට්ට සංකල්පයක්...

    ReplyDelete
  7. ස්තුතියි අදහස් දැක්වූවට
    …@ඔබ නොදු‍ටු ලොවක්..... එහෙනං අක්කලා ටිකක් හොයාගමු

    ……@නරකයා.... මටත් හිතට වැදුන නිසා තමයි මේක ලියන්න හිතුනෙ

    ReplyDelete
  8. හොඳ වැඩක්..මාත් ට්‍රයි කරනවා..

    ReplyDelete
  9. කරන්න අමාරැ වැඩක්ය. උත්සාහ කලොත් හැකි වේවි...

    ReplyDelete
  10. උදව්වක් කරලා පෙරලා උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒක උදව්වක් නෙමෙයි ගනුදෙනුවක් කියලයි මම විශ්වාස කරන්නේ. කොහොම නමුත් නිස්සරණාධ්‍යාශයෙන් උදව් කරන මනුස්සයට ප්‍රතිලාභ විශ්වයෙන් හිමිවෙනවා. ඒක මම අත් දුටු සත්‍යයක්

    ReplyDelete
  11. පිරමිඩ් කිව්වම මාත් එක පාරටම අනිත් පිරමිඩ් ජාවාරම ගැන හිතුවෙ, මේක හොඳ අදහසක්

    ReplyDelete
  12. අදහස් දැක්වූ ඔබට ස්තුතියි!
    @සයුරි අන්න හොඳයි

    @The One Thanks

    @sAm (සෑම්) උත්සහවන්තයා ජයගනී කියනවනෙ

    @Hasitha සහතික ඇත්ත

    @Observer ඒ අදහස අරගෙන මට බැනලා කියවන අදහසින් තමයි හෙඩිම දැම්මෙ

    ReplyDelete
  13. රාජ්ගෙ අදහස නරක නෑ....
    අත ඉස්සුව ‍ෆන්ඩ් එකට

    ReplyDelete
  14. මම හිතුවෙ වෙන දෙයක් තො මෙවට විරුද්ධව කතා කරපු එකා මේ මොනවද කියන්නෙ කියලා බැලුවා.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..