මෙ ලිපිය මම ලියුවෙ මීට මාසෙකට දෙකකට විතර උඩදි.ඒ උනාට පල කරන අදහස තිබුනෙ වැට උඩ.මේ ලිපියට පාදක උනෙ ඇසල පෝය දවසෙ මම කුරුණෑගල ඉඳලා කළුතරට එන අතරවාරයෙ "අසපු" ගනනාවක් පසුකලා සද්ධාවන්තයන්ගෙන් පිරි පොලිම් ගනනාවක් දකින්න ලැබුනා. සියයට අනූවක්ම හිටියෙ කාන්තා පාර්ශවය. ඉතිරි සියයට 10ත් මයෙ හිතෙ ගෑනුන්ගෙ වදේට ඒ අයට තනිරකින්න ආපු අය. එක අතක මල් වට්ටිය අනික් අතේ අදාල අසපුවේ ඕනර් හාමුදුරුවන්ගෙ ධර්ම ප්රචාරක පොතක්. පොතක් කියුවට ඒ පොත කියවන්නම නෙමෙයි කියලා මට හිතුනෙ තවමත් අසපුවට ඇතුල් වෙන්න පොරකන පෝලිම්වල දිගනිසා බේරෙන දාඩියට පවන් ගහන්න ඒ පොත් උපයෝගී කර ගත්නිසා. නොමිලේ පොත් බෙදා දීමෙන් අදාල හාමුදුරුවන්ට නිවන් දකින්නට පිං නම් ලබෙන්න ඇති.
තොල් උඩ දඩියට දියවෙලා බේරෙන ලිප්ස්ටික් ලෙන්සුවෙන් මාත්තුකරමින් කට්ටිය නිවන් දොරටුව ළග පොරකනවා දැක්කම මට වෙලාවකට බුදුහාමුදුරුවෝ ගැන දුකක හිතුනා



















