he

Friday, October 21, 2011

42.සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ

මෙ ලිපිය ලියන්න මුල් උනෙ මෙන්න මෙ සරල සිදුවීම. අද උදේ දුම්රියෙදි "මාවතෙ අපි" ගායකයෙකුගෙ මිහිරි ගී ටිකක් අහන්න ලැබුනා. H.R. ජෝතිපාල ගායකයානන්ගෙ මිහිරි ගීත තුන හතරක් මොහු ගායනා කලා . මොහුගෙ තිබුන මනුස්ස කමට මොහු හැම ගීතයක් අවසානයෙදිම ජොතිපාල මහත්මයව සිහි කලා . ඔහුට පිං දුන්න. මොකද ඔහුට හිගමන් මුදල් ලැබුනෙ ජොතිපාල මහත්මය ගෙ ගීතවලට කැමති අය තවත් ඉන්න නිසා. … ඇත්තෙන්ම ඔහු ජොතිපාලයන්ව අනුකරනය කලා. ඔහුගෙන් අපට අහන්න ලැබුනෙ ජොතිපාලයන් ගෙ හඩින් ඇහෙන ගීතයි. ඊට පස්සෙ ඔහු වික්ටර් රත්නායකයන්ගෙ "ආදරයෙ උල්පතවූ අම්මා" ගීතය ගායනා කලා. එම ගීතය ගයුවෙ වික්ටර් රත්නායකගෙ හඬින්. ඔහු කලෙ අනුකරණය . දුම්රිය මැදිරියෙ හැමෝම වගෙ මොහුට අවම රුපියල් 10කින් මුදල් දුන්න. . මම හිතන්නෙ අවම රුපියල් 500ක් වත් උපයගන්න ඇති. ඇත්තෙන්ම ඔහුට එම හිගමන් මුදල ලැබීම සාධාරනයි.


සිරස සුපර් ස්ටාර් වැඩසටහවෙන් බිහිවුන ජනප්‍රිය ගායකයෙක් සුරෙන්ද්‍ර පෙරේරා , මෑතකදී එම් එන්ටර්ටෙන්මන්ට් ආයතනයෙන් සුරෙන්ද්‍රගෙ හඬින් "…මෙ ජීවනයෙ" නමින් ඇල්බමයක් නිකුත් කලා එකට හුගක් කසු කුසු ඇතිඋනා .මම මෙ ලිපිය මගින් ඒ කසු කුසුවලට තවත් යමක් එක් කරන්නයි හදන්නෙ. දුම්රියෙ සින්දු කියපු අර මනුස්සයයි සුරෙන්ද්‍රයි අතර වෙනසක් කියලා මම දැක්කෙ සුරෙන්ද්‍ර සී ඩී තැටියකින් හිගාකනවා අර මනුස්සයා දුම්රියෙ සින්දු කියලා හිඟාකනවා දෙන්නම කරන්නෙ ජොතිපාලව අනුකරණය කරලා එදාවෙල හොයා ගැනීම. 
  මීට කලින් රූකාන්තත් ජෝතිගෙ සින්දු කියුවා. ඒත් එතනදි රූකන්ත ජොතිගෙ හඬ අනුකරනය කරන්න උත්සහ කලෙ නෑ . ඒ ඇල්බම් එක ඇහෙන කොට අපෙ කනට වැටෙන්නෙ රූකාන්තගෙ හඬ ඒකියන්නෙ රූකාන්තට අනන්‍යතාවයක් තියන නිසා.
 … …සුපර් ස්ටාර් වලින් බිහිවුන තවත් කෙනෙක් ශෙහාන් මිහිරංග. ඔහු ගොඩ එන්න අනුන්ගෙ සින්දු කියුවට තමන්ට කියලා අනන්‍යතාවයක් ඇතිවුනාම අනුන්ගෙ සින්දු අනුන්ගෙ හඬින් කියලා හිගමන් යදීම නැවැත්වුවා. තමන්ට කියලා තියන ඒ අනන්‍යතාවයෙන් ලස්සනට නිර්මන බිහිකලා. ……
 ඒත් මෙ සුපර් ස්ටාර්ස් පරපුරෙ අයට අනුන්ගෙ දෙ හිඟාකන තරම් තෘප්තියක් වෙන නෑ මයෙ හිතෙ. …නාමල් උඩුගමගෙ "රෑ සිහිනෙන් " ගීතයටත් ඉහත ඉහත දෙයම වෙලා. …
අනිත් වාහිනි වල "හතු" ගැන මම කතා නොකර ඉන්නම් . මොකද කතා කරන්න දෙයක් නෑ.
… ඒත් මට තියන ගැටලුව තමන්ට කියලා හැකියාවක් තියන අය මෙ වගෙ වැඩ කරනකොට අර වගෙ දුම්රිය මැදිරි තුල සින්දු කියන අයට යන තැන කුමක්ද කියන එකයි. … …


ප. ලි.  රූකාන්ත ජෝතිගෙ සින්දු කියපු එක හොඳයි කියන්න මම සූදානම් නෑ ඒකත් අනුන් ජනප්‍රිය කරපු සින්දුවකින් තමන්ගෙ මඩිය තරකර ගැනීමෙ පහත් ක්‍රියාවක්  … 

52 comments:

  1. මොනවා උනත් කතාවනම් ඇත්ත

    ReplyDelete
    Replies
    1. වෙන කාට නැතිඋනත් සුරේන්ද්‍රට ජෝතිපාලගේ කටහඬ උපතින්ම ලැබුනට මොනවා කරන්ඩද ?

      Delete
  2. මම ඔබට කථා දෙකක් කියන්නම්,
    1. මේක සිදු වුනේ මගේ ලඟම මිත්‍රයෙක්ට. මෙයා රූපවාහිනියේ සිරා මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. දව්සක් මෙයා ඔය සුපර් ඉස්ටාර් කෙනෙක් ඇතුලු කීප දෙනෙක් ප්‍රවීනම ගායිකාවකුත් සමග පොඩි වැඩ සටහනක් කරලා. අර සුපර් ඉස්ටාර්ට කලින් ප්‍රවීන ගායිකාව සින්දුවක් කියලා. ඇය මගේත් ප්‍රියතම ඉතා වැදගත් මව් කෙනෙක්. ඉතින් මැය ගීතය අවසාන කලාම අර ඉස්ටාර් කියනවලු. අක්ක හරි වැඩ තමයි කරන්නෙ මමත් ඕක තමයි කියන්න හිටියේ කියලා. එතකොට අර ගායිකාව කිව්වලු අනේ ලමයෝ ඔයා ඉපදිලාත් නැහැ මම මේක කියන කොට කියලා.

    2. තව දෙයක් මේක කිව්වේ මගේ මිතුරෙක්ගේ පැදුරකදි අදාල ප්‍රවීන ගායකයාමයි. මෙයාගේ ගාන රුපියල් 6000/= ස්ටේජ් නගින්න සිංදු තුනයි. සෙනග ඉල්ලුවොත් පොර ජොලියට තවත් කියනවා. මෑන් ඉන්න ස්ටෙජ් එකෙම එයාගෙම සිංදු කියනවලු ඔය ඉස්ටාර්ල රුපියල් 12000/=
    කොහොමද වෙනස?

    ReplyDelete
  3. වෙද මහත්තයා තරහ වන නිසා කොමෙන්ට් නොකරමි. ඔය තර්ක වලට මම එකඟ නොවෙමි. නිර්මානයක් බිහිකල පසු එය පෞද්ගලික දෙයක් නොවේ. කළාකරුවන්, නිර්මාණකරුවන් අන් අයගෙන් වෙන් වන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. අනේ පල වේසිගෙ පුතා...තෝ තොගෙ ගෑණිව පිනට හුකන්න යවහං වටේටයි උඹේ යාලුවන්ගෙ ගෙවල් වලටයි....

      Delete
  4. ගීතයක අයිතිය එය ගායනා කරන්නාටම පමණක් නොවේ. තනු නිර්මාණය කරන්නා මෙන්ම ගී පද රචකයාටද එහි සම අයිතිය පවතී.

    එනිසා සුරේන්ද්‍ර හෝ ශිහාන් හෝ වෙනයම් අනුන්ගේ ගී කියන ගායකයෙක් නීත්‍යානුකූල අවසරය ලබා එම ගීය ගායනා කරන්නේ නම් කිසිම වරදක් නැත.

    ReplyDelete
  5. මාතලන්,
    කිසිදා තරහ නොවෙමි. මම ඕනෑම විවේචනයකට කැමැත්තෙමි. අනික මම මාතලන් කවුද කියා හොඳින අඳුනමි. ඔබ කියනා දේ හරියට කියන අයෙක් බවත් දනිමි. එවැන්නෙක් ගැන තුන් හිතකින්වත් අහිතක් නම් නොම සිතමි.

    ReplyDelete
  6. අනුන්ගේ දෙයින් තම අද ගොඩක් දෙනෙක් ජනප්‍රිය වෙන්න හදන්නේ...

    ReplyDelete
  7. Anonymous ට ඇයි ඉක්කාවට වගෙ ආවද?

    අසෝක හදගම ට මෙ ඔයා ඇත්තම හඳගමද ?

    Anonymous ට අදහස එළකිරිනම් බොන්න

    වෙද ගෙදර මහ වෙදනා ට මෙ හැම ප්‍රශ්නයටම මුල අලුත් පරපුරට සදාචාරය උගන්වා නැතිකම

    මාතලන් ට ඔබගෙ අදහසට මම එකගයි නිර්මානයක් යනු කලාකරුවෙකුගෙ පෞද්ගලික අදහසක්, පොදුබවට පත්කිර්‍රමක් හැටියට තමයි මම නම් හිතන්නෙ. ඒ උනාට අපෙ කියලා සදාචාරයකුත් තියෙන්නෙ ඔනෙ නේද

    විසිතුරු | visituru ට අහො දුකකි ! එහෙමෙ අයිතියක් ගායකයාට නෑ එකයි මෙ හැම ප්‍රශ්නයක්ම

    ReplyDelete
  8. විස්තුරු ගේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි... ගීයක් කියන්නෙ සාමූහික ප්‍රතිඵලයක්... ඒකපුද්ගල අයිතියක් එයට නැහැ... අනික.. අපිට ගායකයො දෙදෙනෙක්ගෙන් එකම ගීය දකින්නත් බැහැ...

    ReplyDelete
  9. වෙද ගෙදර මහ වෙදනා ට මේ ප්‍රතිචාරෙ මාතලං ගෙයි මහ වෙදනා ගෙයි පෞද්ගලික කතාවක් නිසා මම මොකුත් නොකියමි . මොකද අපෙ අම්මා මට කියලා තියෙන්නෙ අනුන්ගෙ කතාවල මැද්දට පනින්න එපා කියලා

    Dinesh ට ඒකනෙ මම කියන්නෙ

    නෙරංජි | Neranji ට මම කියුවෙ සුරෙන්ද්‍රට සින්දු කියන්න බැහැ කියලා නෙමෙයි ජෝතිගෙ කටහඬින් එයාගෙම සින්දු පට්ට ගහන එක වැරදිය් කියලා

    ReplyDelete
  10. සල්ලි වලට මිනිස්සු නොකරන්නේ මොනවද....ලැජ්ජයි සමහර ඒවා දැක්කම....

    ReplyDelete
  11. මම මේ පෝස්ට් එකට වැඩිපුර යමක් එකතු කරන්නම් . . . .
    අහල තියනවද ජිප්සීස්ල ගායනා කරන සයිම කට් වෙලා, ලතා
    මේරියන්ස්ල ගායනා කරන පලමුව ලියුම් දෙයි
    ඔය වගේ ලංකාවෙ ඉන්න ප්‍රධාන පෙලේ සංගීත කන්ඩායම් විශාල ප්‍රමානයක් ජනප්‍රිය වෙච්චි 1000කට අදික ගීත ප්‍රමානයක මුල් ගායකයා, ගීත රචකයා සහ සංගීත නිර්මාන ශිල්පියා කවුද කියල දන්නවද . . . . . ඔහු තමයි "බයිලා සැන්ටි" කියන්නෙ . . . .මගෙ අදහසට අනුව ලංකවෙ අනුන්ගේ ගීත ගායනය වැඩිම ගීත සංඛ්්‍යාවකට සිදුවුනා නම් . . ඒ සැන්ටිගෙ ගීත වලට. . . . . අද වෙනකොට සැන්ටි එතරම් ගායනයේ නිරත වෙන්නෙ නෑ . . . ඔහු අංකුර ගායකයින්ට පූර්නකාලීනව උදවු කරමින් ඉන්නව.
    ප.ලි.
    මම කියන්නෙ බොරු කියල හිතනව නං. . . . මම දෙන්නම් සැන්ටිගෙ දුරකතන අංකය . . . ඔහුගෙන්ම අසා දැනගන්න පුලුවන්

    ReplyDelete
  12. කියන කතාවත් හරි දැන් සුරේන්දරය සින්දු කිව්ව කියල මැරුන ජෝතිපාල මහත්තයට අවුලක් නෑනෙ..එයා මැරිලනේ..හැබැයි ඉතින් රූකාන්ත සුරේන්ද්‍ර නොමෙයි මමකිව්වත්..ඒ ජෝති නොවෙයි කියල දැනෙනකොට අහං ඉන්න බහුතරයට එන්නෙ හිරිකිත ගතියක්...
    අනුන්ගෙ සින්දුවක් දෙකක් නිකම් ජනප්‍රිය වෙන්න හරි නැත්තං කීයක් හරි හොයාගන්න හරි කිව්වට කමක් නෑ ඒත්..ඒව මහා පරිමානයෙන් කරනකොට කැතයි වගේ නේ..
    ජොකා ඇඳන් උනත් ඇලක් දොලක් බීච් එකක් ගාව ඉන්නවට වඩා කැතයිනේද මහපාරෙ බස් හෝල්ට් එකක ඉන්නකොට...

    ReplyDelete
  13. ලොකු ජෝන්ගෙ අදහසට ගරු කරමින් මගේ අදහස ඔයිට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ බව කියන්න ඕන...

    මම උදාහරණ තුනක් කියන්නම් ලෝක සංගීත ක්ෂේත්‍රයෙන්..

    ඔබ අහල ඇති බොබ් මාලේ ගායනා "I Shot The Sheriff " කරන ගීතය... මේ ගීතයම පස්සෙ කාලෙක එරික් ක්ලැප්ටන් කියන ශිල්පියත් ගායනා කලා...ඇත්තටම ඒක එරික් ක්ලැප්ටන්ගෙ ගීතයක් ඉස්සෙල්ල රෙකෝඩ් කලේ මාලේ... මාලේගෙ ගායනයෙන් ඒක ජනප්‍රිය වුණා... පස්සෙ ක්ලැප්ටන් මත් ගායනා කලා... අපි කියනවද ක්ලැප්ටන් හිඟාකෑව කියල...

    එතකොට මාලෙගෙම "No Woman No Cry" කියන ගීතය ... ඔබ අහල ඇති බොනිඑම් කන්ඩායමත් ගායනා කරනව... දෙකම එකවගේ ජනප්‍රියයි... දෙකම ඩොලර් මිලියන ගනන් උපැද්දෙව්ව... අපි කියනවද බොනිඑම් ල හිඟා කෑව කියල...

    එතකොට "Always on My Mind " කියන ගීතය.. වැඩියෙන්ම ජනප්‍රිය වුණේ එල්විස් ප්‍රෙස්ලි ගායනා කරපු වර්ශන් එක.. ඒත් ඒක මුලින්ම රෙකෝඩ් කලේ බ්‍රෙන්ඩා ලී කියන ගායිකාව... අපි කියනවද ප්‍රෙස්ලි හිඟා කෑව කියල...

    එතකොට ලංකාවෙ...

    වසන්තා සන්දනායක කියපු "දොල ලඟ ගුරු පාර දිගේ" ගීතය නන්දා මාලිනිය "ග්‍රෑම්ෆෝන් ගී" කියන කැසට් එකට ගායනා කලා නේද... අපි කියනවද නන්දා මාලිනිය හිඟා කෑව කියල...

    මෙය ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඉතාම සාමාන්‍ය දෙයකි... බීට්ල්ස් කණ්ඩායම ගායනා කල "Yesterday " ගීතය 1600 කටත් වඩා වෙනත් ගායකයන් විසින් රෙකෝඩ් කර ඇති බව පැවසේ... ... ... ඉතින් ...

    ඔය මගේ අදහසය.. නැවත කියමි ඔබේ අදහසට ගරු කරමි...

    ReplyDelete
  14. Great IDEA sapatheru. It's about the knowing an unknowing.

    ReplyDelete
  15. කොහොම උනත් අපි ගොඩාක් රසවින්ද ශිහාන් රූකගේ ගීතත් ,
    සුරේන්ද ජෝතිගේ ගීතත් , අජිත් බන්ඩාර .ප්‍රියාගේ ගීතත් ..
    මුල් ගායකයාට අසාධාරනයක් නොවන්න ගීත ගායනා කලාට ප්‍රශ්නයක් නෑ කියල මටනම් හිතෙන්නේ .

    සපතේරු උන්නැහේ සමග එකඟයි ....

    ReplyDelete
  16. අද තමයි බ්ලොග් එක දැක්කේ. ඉඩ තියෙන විදිහට පුළුවන් විදිහට ඉස්සරහටත් ඇවිල්ලා යන්නම්. දිගටම ලියන්න...

    ලිපියේ කතාවෙන දේ ගැනත් වචනයක් කිව්වොත් මට හිතෙන්නේ අද වෙන කොට සුපර් ස්ටාර්ලා කියන්නේ මේ රටේ තියෙන තවත් එක් වසංගතයක් විතරයි. උන්ට මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. උන්ගේ දියුණුවට යමක් කරගන්නව ඇරෙන්න.

    ReplyDelete
  17. ඔබ නොදු‍ටු ලොවක් .ඕනයා indi සපතේරු උන්නැහේ maha valasa Gimhani මෙ හැමොටම, ඔයගොල්ලන්ගෙ අදහස් මම අගය කරනවා ඔයගොල්ලො හැමොම වගෙ කියුවෙ පැරනි ගීත නව පරපුර ගායනා කිරීම සාදාරනීකරනය කරලා. ඇත්තෙන්ම මමත් එය අනුමත කරනවා විජෙරහ්න වරකාගොඩ මුල්ගායනයෙ යෙදුන "රගහල ඇත අඩ අදුරේ" ගීතය උදාහරනයකට ගමු . යටගොස් තිබූ එමගීතය මිනිසුන් අතර ජනප්‍රිය කර එම ගීතය මතක් කර දුන්නෙ සංගීත්ගෙ ගායනයෙන්. (ගීතයට ඇතිවූ නීතිමය තත්වය මම මෙතනදි සම්බන්ද කර නොගනිමි. ) දෙදෙනාගෙ style දෙකක් voice දෙකක්. ගීතය ඇසෙනවිට මෙ සංගීත් මේ වරකාගොඩගෙ කියලා අපට හැගෙනවා. Bee Gees ගෙ "Words" Boyzone හා සසඳා බලන්න එහි ගීත දෙකට අනන්‍යතාවයක් තියනවා. අන්න ඒ අනන්‍යතාවය විකිනීම සාදාරනයි කියලයි මම කියන්නෙ.
    … රූකාන්තගෙ Album එක මුල්වරට ශ්‍රවනය කරන කෙනෙක් (ජෝතිගෙ ගීත අසා නැති ) ඒගීත අසන්නෙ රූකාන්තගෙ හඬින් ඉන් පසු කෙදිනක හෝ ජොතිගෙ එම ගීත කන වැකුනොත් ගීත දෙකෙ වෙනසක් ඔහුට තේරෙනවා. එවිට තොරා ගැනීමක් ඔහුට කල හැකියි. හරියට Bee Gees ගෙ "Words" මම තොරාගන්නවා වගෙ. (මොකද මම ආස Bee Gees ගෙ ගීතයට )

    …සුරෙන්ද්‍ර ගයන්නෙ ඔහුගෙ හඬින් නෙමෙයි ජෝතිගෙ හඬින් පැරනි අය හිතන්නෙ මෙ ජෝති කියලා. එතකොට මිලදී ගන්නෙ ජෝතිකියලා සුරෙන්ද්‍රව.

    ReplyDelete
  18. අනේ කවුරුවත් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. දැන් ඔය එකම සිංදුව පට්ට ගහපු අය හැමෝම වගේ එහෙම එකම සිංදුව පට්ට ගහල කීය කීය හරි හොයා ගත්ත නේ. කලින් කියපු පුද්ගලයම හැර වෙනත් කෙනෙක් ඒ සිංදුවම කිවුව කියල ඒක අහන්නේ නැතුව ඉන්න අයත් නෑනේ. දැන් අපි පාර මැද්දට ගිහින් කෑ ගහල ඒක වැරදි කිව්වත් එහෙම එකම සිංදුව පට්ට ගහන එවුන්ට රිදෙන්නෙත් නෑ තමන්ට වෙන හොදකුත් නෑ. හොදම දේ තමයි දැක්කේ නෑ ඇහුනෙ නෑ වගේ ඉන්න එක.

    ReplyDelete
  19. මේ ලිපියෙ සඳහන් කල හැම අයෙකුටත් වඩා මගේ ප්‍රණාමය හිමි වෙන්නෙ දුම්රියේ ගීත ගායනා කරල ජීවිතේ ගැට ගහගන්න මනුස්සයට.

    ReplyDelete
  20. අනුනගෙ දෙයක් තමන්ගෙ කර ගන්නේ නැතුව ඒකට හානියක් නොවෙන විදියට දෙයක් කරනව නම් ඒකෙන් එයාට හෝ වෙන අයට යහපතක් වෙනව නම් ඒකේ වරදක් නෑ කියලයි මං හිතන්නේ.

    ReplyDelete
  21. බුවාරික්ස් ට කට වහගෙන ඉන්න පුලුවන් එවුනුත් ඇති ඒ උනාට එහෙම බැරි එවුනුත් ඉන්නවා

    Observer ට ඇත්තෙන්ම! ඒ හන්දානෙ ඒක මුලින්ම මාත් දැම්මෙ

    batti ට ඔබ හරි යැයි මට සිතෙ !

    ReplyDelete
  22. මොනවා උනත් අර පරණ ගී අහන්න කැමති අයටත් ඒකට නියමාකාරයෙන් අවස්ථාවක් තියෙනවනම් හොඳයි
    ඇහුවොත් ගොඩ දෙනෙක් කියන්නේ අපිනම් අලුත් සින්දු වලට වැඩිය කැමති නැහැ
    ඒත් ඒ වගේ පරණ සින්දු දැන් ගුවන් විදුලියේ යන්නෙම නැති තරම්
    එතකොට ඒ මිනිස්සු ගැන ඇයි අපේ ගුවන් විදුලිය හිතන්නේ නැත්තේ
    මම පොඩි කාලේ අහල තියෙන සමහර ලස්සන සින්දු දැන් කාලේ හදිස්සියකට UTube එකේවත් හොයා ගන්න බැහැනේ

    ඒ වගේම අර ඉස්සර රේඩියෝ එකේ කියනවා වගේ සින්දුව කියන්නේ කවුද, කින්ද මන්ද කියන විස්තර ටිකත් කියනවනම් හොඳයි
    මොකද මම වැඩිය කැමති නැහැ අනුකාරකයින්ට, ඒ වගේම අලුත් බහුබූත සින්දු වලට

    ReplyDelete
  23. අනුන්ගෙ ගීත ගායනා කරල හැකියාවන් පෙන්නල ගායකයෙක් උනාම..ගායන ලොවේ ස්තාවරයකට ආවට පස්සෙ එයා තමුන්ගෙ නියම හැකියාවන් පෙන්වන්න ඔනෙ...තමුන්ගෙ දක්ශකම,හැකියාව කියන්නෙ අනුන්ගෙ දෙයක් අනුකරනය කිරීම නෙවේ.....

    ReplyDelete
  24. surendra pererata mukuth kiyanna epa.ai shihanuth anunge sindu aran karanne.ai dan me hamomata surendra wama prashnayak wela tiyenne.e kale rukanthala jothipalage CD 2 or 3 karaddi kauruth rukanthata mehema bannada? ewata mukuth kivwe na.surendra aiya janapriya nisane. surendra perera jothipala ge sindu kiyala issarahata eddi thama hamogema ange katu anenne.puduma irisiyakarayo tikak me loke inne. surendra kawadakwath higanannek newe.eya wadagath pawlaka lankawe janapriya vadagath gayakayek.eyata eyage ananyathawayak tiyana ,katawath nati lassana voice 1k tiyana hitha honda kenek. achchara lassanata jothige sindu surendra kiyaddi api asa wenna one.nathuwa irisiya wenna newe.ahennawath nathi jothige sindu aith sarayak minissunge kanwalata ahenna e geetha nawatha warak janapriya karala gaththe surendra neda? echchara watina kenekta ai minissu kuhaka kam karanne..paw neda..surendra perera wage gayakayek hitha honda manussayakwa api raka ganna one..eyage voice ekata kochchara denek kamathida.

    ReplyDelete
  25. @ ලොකු පුතා ඕක මෙ බහුබූත රේඩියෝ චැනල් නිසා ඇතිවුනු ලෙඩක්

    @ වන් චැට් කිරිල්ලී ඕකම තමයි මම කියුවෙ

    @ su+ro ඔයා ඉස්සරවෙලාම වලිගෙ උඩින් නැගිටින්න . මම උදාහරනයකින්ම ඔයාට උත්තරයක් දෙන්නම් .මෙ ළගදි අපෙ මාමා වෙන කෙනෙක් , එයා ජෝතිපාලට හරිම ආදරෙයි එයා මට ගෙනත් දුන්න අහන්න කියලා ජොතිපාලගෙ අලුත් CD එකක් එයා සල්ලි දීලා අරගත්තු එකක්. ඇත්තටම ඒක ජෝතිගෙ නෙමෙයි සුරෙන්ද්‍රගෙ. රෙකොඩ් බාර් එකෙ මිනිහත් අන්දලා දීලා තියෙන්නෙ . ඉතින් බලන්න මාමා සල්ලි දීලා තියෙන්නෙ ජෝතිට ඒ උනාට සල්ලි ගත්තෙ සුරෙන්ද්‍ර ඒක ඇත්තටම හිගාකෑමකට වඩා බරපතල හොරකමක් . ඒ එහෙම සිදුවෙන්නෙ සුරෙන්ද්‍ර තමන්ගෙ හඬට වඩා ජෝතිගෙ හඬ උලුප්පලා ගායනා කරන හන්දා .
    … රූකාන්ත ජෝතිගෙ සින්දු කියුව බව ඇත්ත. ඒත් ඒ ජෝතිගෙ හඬ අනුකරනය කරලා නෙමෙයිනෙ ඒ සින්දු ඇහෙනකොට ජෝතිගෙ හඬ අපට ඇහෙන්නෙ නෑ අපිට ඇහෙන්නෙ රූකාන්තගෙ හඬ . ජෝතිට කැමති නැති කෙනෙකුට රූකාන්තගෙ හඩින් ඇහීමක්

    …අර ඔබ කියුව පරිදි සුරෙන්ද්‍ර වැදගත් මව්පියන්ට දාව ඉපදුනු වැදගත් කෙනෙක් තමයි . ඒ උනාට සමහරු තමන්ගෙ හැංගුන ජඩ ගති එලියට දාගන්න ක්‍රම හොයනවා ප්‍රදර්ශනයට . මම මෙ ළඟදි දැක්කා ජෝතිපාලව විකුනලා ඉවර වෙලා ක්ලැරන්ස්වත් විකුනන්න හදන වැදගත් මහත්තයෙක්ව

    ReplyDelete
  26. @ලොකු ඡෝන් Surendrata Jothige Katahanda thibiimath, ruukanthata eka nothibiimath, surendrage waraddada? Ruukantha kiwwama hondai, surendra kiwwama narakai, yako surendrata jothi ge katahandata langin yana katahandak thiyenne eka uuge upathin aa ekak...ithin surendra wena katahandakin hadala kiyanna kiyalada umba kiyanne? ethakota surendrata jothi ge katahanda thiyena nisa uu jothi ge sindu kiyanne nathuwa innath ruukantha ewwa kiwwata kamak naa kiyalath da umba kiyanne? moda tharka danna epa ban...surendra anukaranaya karanne naaa... eka uge katahande hati...

    ReplyDelete
  27. @ලොකු ඡෝන් tho nam wal harakek, yako surendra anukaranaya karanne naa jothi wa... eka uge katahande hati...umbata oka notherenne umba nam gal modayek...

    ReplyDelete
  28. @ලොකු ඡෝන් umbe maamaa maara modayek ne, kade cassette karaya boru kalata surendra moko karanne?? maamaa danaganna one CD cover eka balala araganna, eke sinhalen naththam ingriisiyen gahala thiyenawa surendra ge nama...maamaa ochchra modayek da? moda tharka denna epa ban...umbata surendra gana irissiyanam eka kelin kiyapa. paaribogikayage moda kamata anik minissu mokada karanne? surendra ge namin oya CD eka illapu godak aya innawa...ethakota unta aththta jothi ge CD ekak dunnoth, un jothita banala hari yanawada? umbanam maara modayek...hik hik

    ReplyDelete
  29. ඕක තම දෙන sms වලින් බිහිඋන ගායකයන්ට කිසිම සදාචාරයක් නැ. වැඩිය ඕනේ නැ, ඊයේ පෙරේදා සුරේන්ද්‍ර දඹුල්ලේ ගිහිල්ල හොඳටම බීලා, රසිකයෙකුටත් ගහල, කඩෙත් කුඩු කරලා, අහසට වෙඩිත් තියල, හොඳටම යකා නටල, දැන් උසාවියෙන් නියෝගයකුත් හම්බ වෙලා තියෙන්නේ. දැන් කාලේ sms රේස් නිසා බිහිවෙච්ච අය කලා කාරයෝ නෙමේ නිකන් බිස්නස් කාරයෝ විතරයි. කිසිම සදාචාරයක් නෑ.

    ReplyDelete
  30. @Sunny Ethakota dan SMS walin bihi nowechcha ewun niyama kalakarayo, un business karanne ma naa, kade yannema naa,un patta jathi hangeemen kala katayuthu karala eken vitharak hamba karan inna aya, business karalama naa :P ane yako tho danna tharama thama...yako sms walin awath, nikan aawath, hora horamai, thakkadiya thakkadiyamai, nikan sms walin aapu ekek denga natuwata anik ewunwa generalize karanna epa mee harako

    ReplyDelete
  31. @Anonymous නැත්නම් මනොජ් මහත්තයාට ඔයාට දෙන්න ඔන උත්තරය මම පොස්ට් එක ඇතුලෙම දීලා තියනවා දැන්වත් ඔය ගුනමකුවන්ට කඩෙ යන්න එපා සමහරවිට රසිකයන්ට ගහන ගමන් ඔයාටත් බැරිවෙලා ගැහුවොත් කාට කියන්නද ? නැද්ද මම අහන්නෙ මීට පස්සෙ Anno විදිහට බනින්න එපා ඒක කැතයිනෙ හැංගිලා බනින එක ....

    ReplyDelete
  32. @ලොකු ඡෝන් Tharkayakin panala yana lehesima vidiya, "Ekata uththare mama kalin dunna kiyana eka", eka modayange hati, "ගුනමකු" kiyana label eka oba visin obe athi iirissiyawata, kuhaka kamata, ho wenamokak hari hethuwakata umba hadagaththa label ekak vitharai, kisima miniyeku gana judgement ekak denna umbata aithiyak naaa, minissunta nikan kathahadana kujiithayek wenna epa, eka siddiyak allagena nikan buranna epa. Umbata surendra ekka vena prashnayak thiyenawanam eka kiyapan...nikan charitha gaathanaya karanna epa, surendrata oya sindu kiyanna awasara dunne sinduwa liyapu kenai music karapu kenai, e nisa umba denne nathuwa paththakata wela hitapan, umbata puluwannam naduwak dapan :P Gon aanda

    ReplyDelete
  33. @ Anon, මම කලින් උත්තරය දුන්න කියුවෙ ඇඟ බෙරගන්න නෙමෙයි ඔබතුමා මෙක කියවන්නෙ මෙක ලියපු මාත් එක්ක හිතෙ තරහින්. එතකොට ඔබතුමාගෙ හිතෙ තියන අදහස හරිය කියන මතයෙන්ම ඉඳගෙන තමයි මගෙ ලිපිය බලන්නෙ ඒ හන්දා මම පෙන්වන වැරැද්ද ඔබ තුමාට පෙන්නෙ නෑ. ආයෙත් සැරයක් මෙ ලිපිය කියවන්න මම මෙ ලිපියෙන් සුරෙන්ද්‍රව ඇමතුවෙත් "අනන්‍යතාවයක් ඇති " කියලා ඒ කියන්නෙ සුරෙන්ද්‍රගෙ "වැහි පබලු " ගීතයට මම හරි කැමතියි. අන්න ඔහුගෙ අනන්‍යතාවය එතනින් ඉදිරියට යන්නෙ නැතිව අනුන් කියපුවයින් මුදල් හම්ම්කරන එකයි මම වැරැද්දක් විදිහට දකින්නෙ

    අනික මම චරිත ඝාතනය කරන්නෙ නෑ ඒක කරගන්නෙ එයාමයි

    ගීතයක අයිතිය ගැන කියුවා ඒ ගැනනම් මම තව ලිපියක් ලියමින් සිටින නිසා ඒක පස්සෙ ඉදිරිපත් කරන්නම් .
    අයිතිය කියන්නෙ නීතිමය රාමුවටනෙ කලාව තියෙන්නෙ නීතිමය රාමුව තුල නෙමෙයි කලාව රඳා පවතින්නෙ සදාචාරය තුල.…


    ඔබතුමා සිංහලෙන් ලියනවනම් පහත ලින්කුව පාඅවිච්චි කරන්න http://www.google.com/transliterate/sinhalese

    ReplyDelete
  34. @ලොකු ඡෝන් tharahak nemei, oyata thama meka therenne naththe, Jothipala kiwwe, kenek music karapu, thawa kenek lyrics karapu sinduwak, jothipala eka mulinma kiwwa nisa, jothipalata geethaya aithiii eke thiyenne onei jothipalage අනන්‍යතාවය vitharai kiyana eka waradine, ehenam lyrics liwwa kenai, music karapu kenai sinduwa surendrata denne naane. Anith eka නීතිමය රාමුව thula surendra hariyata adaala right aragena sinduwa kiyanne, ehema kiyapu sindu one tharam thiyenawa. ithin ehema karana kenekta hingannek, hingakanawa kiyanna tharam oya kochchara සදාචාර da kiyala hithanna.

    Anik eka thama Rookantha jothige sindu kiyana eka hondai kiyala kiyana oya, surendra kiyana eka waradii kiyanawa. surendratath eyagema අනන්‍යතාවය giitha thiyenawa kiyala oya piligannawa. Namuth rookantha inncocent surendra waradii, anna ethana oyage tharkaya bindenawa. surendrage katahanda jothi wage kiyana de upathin aapu deyak, eka nisa jothige sindu kiyanna honda naa kiyana eka kochchara asaadaranada?

    Oyage post eke topic ekenma charitha gaathanaya wenawa, eka notherenna tharam modayek kiyala mama hithanne naa oya.

    ඔබතුමා surendra ekka හිතෙ තරහින් haa හිතෙ තියන අදහස හරිය කියන මතයෙන්ම ඉඳගෙන තමයි ඔබතුමා ලිපිය liyanne ඒ හන්දා මම පෙන්වන point eka ඔබ තුමාට පෙන්නෙ නෑ :D

    ReplyDelete
  35. මම රූකාන්ත කියපු එක හොඳයි කියන්න සූදානම් නෑ ඒක මම ලිපියෙම සඳහන් කලා.
    …අනුකරනයෙදී මුල් ගායකයාගෙ හඬ අනුකරනයෙ වැරැද්දයි මම දකින්නෙ
    … මම හිගාකෑම සැසඳුවෙ දුම් රියෙ ගායකයා සමගයි.

    … ඔබතුමා මට මෙන්න මේ කරුනට උත්තරයක් දෙන්න වැහි පබලු සැලී ගීතය ඇසෙක විට ඔබට ජොතිපාලව සිහියට නැගෙනවාද ? නෑ නෙද ?සුරෙන්ද්‍රගෙ අනන්‍යතාවය තියෙන්නෙ අන්න එතන. එතනින් දිගටම ඉදිරියට යන්න පුලුවන්නම් මමත් ඔහුට හදවතින්ම සුබ පතනවා.

    …මම සුරෙන්ද්‍ර සමග කිසිම හිතෙ අමනාපයක් තියාගෙන නෑ අමනාපයක් තියෙන්නේ ඔහුගෙ වටිනාකම ඔහුට නොතෙරෙන එකට. අනුන් ගයා ජනප්‍රියකල ගීතවලින් තම මඩිය තරකර ගන්න තත්වයට සුරෙන්ද්‍රව පත්කල "මහරාජාගෙ" මාෆියාවට. සහ ඒකට යටවුන එකට

    …ගීතවල නීතිමය රාමුව ගැන පසුව ලිපියකින් මම කරුනු ඉදිරිපත් කිරීමට සිටින නිසා මෙහිදී කිසිවක් සඳහන්… නොකරමි

    ReplyDelete
  36. @ලොකු ඡෝන් "මම හිගාකෑම සැසඳුවෙ දුම් රියෙ ගායකයා සමගයි". Post eke title eka "සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ", super star kathawai, හිගාකෑම athara sambandaya mokak da ehenam?

    machan title eke pahadiliwa superstar hinganno kiyaa kiyala thiyenawa, ethakota "හිගාකෑම සැසඳුවෙ දුම් රියෙ ගායකයා සමගයි" sadarana tharkayak nemei. Poiyya one naa, superstar la hinganno kiyala umba kiwwe. Piliganin.

    "වැහි පබලු සැලී ගීතය ඇසෙක විට ඔබට ජොතිපාලව සිහියට නැගෙනවාද ?". oyata mehema explain karannam, වැහි පබලු සැලී ගීතය asenavita kenek ta jothipalawa mathak wenne nathi ekata ekama hethuwa surendra වැහි පබලු සැලී ගීතය anukaranayen thorawa gaayana karana ekama nemei(negative proof).

    api samaharekata වැහි පබලු සැලී ගීතය asena vita mathak wenne surendrama vitharai.

    1st reason: Ekata hethuwa thama ape brain eke train wela thiyena widiya. api wadipura train wela thiyenne tune eka ahenakota e sinduwe original gaayakaya mathak wenna, e nisa wadi denek ta surendrawa mathak wei(almost all),original gaayakayage nama mathaka naththam brain eka second level ekata gihin voice match karala,galapena gaayekuwa apita thorala pennanawa, ethakota samahara vita me katahanda Jothipala wage kiyala therei, but eka secondary. eka nisai oyata වැහි පබලු සැලී ගීතය asena kota jothipalawa mathak nowenne (surendra anukarana kalath/nokarath), ehema wena aya inna puluwan moko, api hamogema brain structures ekawage naa but bahutharayak mama oya kiwwa karamayata thama function wenne.

    2nd reason:Anika thama වැහි පබලු සැලී ගීතය jothipala kawadaawathma gaayana karala, naaa , e nisa jothipalage voice ekata minissu train wela nehe, e nisa 95% tama readily available data eka(surendra) eka thama sihiyata enne.

    3rd reason:Thawa hethuwak thama sinduwak nisa oka rasavindina kriyawatath attention yanawa, e nisa original gaayaka innanisa, sinduwa tune ekath original nisa, ithin jothipalawa mathak wenne bohoma aduwen.

    summary: "වැහි පබලු සැලී ගීතය ඇසෙක විට ඔබට ජොතිපාලව සිහියට නැගෙනවාද ?" mekata ekama hethuwa surendra
    anukarana nokara gaayana karana hindama nemei. e nisa surendra anukaranaya karanawa kiyala judge karanna eka honda factor ekak nemei.

    surendrage voice eka jothipala ge voice ekata godak match wenawa kiyala umba hithuwath, mama describe karapu oya de ohomama wenawa. so not a good premise(argument) to decide on.

    Jothipala gayapu jeethak surendra gayana kota umba anukaranaya karanawa kiyanneth oya sansiddiyama thama, jothipalage katahandata surendra katahanda godak close nisa, umbata dannene anukaranaya karanawa wage. namuth ehema nowennna puluwan. hari judgement ekakata enna ba.

    aththatama anukaranaya karanawada kiyala test karanna one nam, surendra ge වැහි පබලු සැලී ගීතය and surendra gaayana karana jothipala mul gaanayana kala geethayakai audio wave patterns match kalanam hariyatama anukarana karanawada kiyala balanna puluwan, one nam test karala balanna. godak match wenawanam, katahande nature eka, less matching nam, anukaranaya karanawa.

    nikan katata ena paliyata minissunta chodana karanne nathiwa poddak scientifically karanna balanna, bari nam katawahan indapan nodanna de kiyawanne nathuwa.

    "අනුන් ගයා ජනප්‍රියකල ගීතවලින් තම මඩිය තරකර ගන්න තත්වයට සුරෙන්ද්‍රව පත්කල මාෆියාවට" dan umbama piligannawa Surendrata banina eka assaaadaranai kiyala hik hik. habai umba superstar lata higanna kiwwe, but okata baniinna one oke athule inna umba kiyana vidiye මාෆියාවට, surendrata nemei,

    "ඔහුගෙ වටිනාකම ඔහුට නොතෙරෙන එකට" machan uuta eka therena nisai uu salli gaththe sing karanna, hik hik, u nikan sindu kiwwee naha ne :P

    @ලොකු ඡෝන් oya hariyata danne nathi dewal gana katha nokara innawanam thama hondai, hamathissema pena de balala minissun wa vivechanaya karana eka waradi. hamamagulatama මහරාජාගෙ waradida?

    ReplyDelete
  37. මාතෘකාව "අනන්‍යතාවයක් ඇති " හිගන්නො මිසක් අනන්‍යතාවයක් නැති නෙමෙයි
    …වැහිපබලු ගීතය එයා කියුවෙ එයාගෙම හඩින් සුරෙන්ද්‍ර ජොතිගෙ සින්දු කියන්නෙ ජෝතිව අනුකරනය කරමින්. ඒක ඔයා ඔලුවෙන් හිටගෙන කියුවත් නෑ කියන්න බෑ ඒක මුලු රටම දන්නවා සමහරවිට ඔයා හැර.

    මේ සහො එකම දෙ හැමතිස්සෙම කියන්න බෑ ඔයාට මම කියපු දෙ තෙරෙන්නෙ නැත්නම් තෙරුන දවසක ඔයාම හිතලා බලන්න ! මම කියුවෙ මට පෙන දේ මම විස්වාසකරන දේ

    ReplyDelete
  38. @ලොකු ඡෝන් "ඒක මුලු රටම දන්නවා සමහරවිට ඔයා හැර", - Generalization without proof. mama kalinma danan hitiya oya othanata enawa kiyala. danwath therum ganna oyata tharka bindinna tharam karunu nathi nisa, generalize karala berenna hadanawa. ඔයාගෙ බ්ලොග් පොස්ට් එකෙ කිසිම පර්යේෂනාත්මක කරුනු දැක්වීමක් නෑ.

    "මාතෘකාව "අනන්‍යතාවයක් ඇති " හිගන්නො මිසක් අනන්‍යතාවයක් නැති". Yako kohoma kiwwath hingannek kiyalane kiyala thiyenne. umbe thaththata hingannek kiyala kawruhari kiwwama hethuwak nathiwa, moko hithenne? umba mehe eka ekaaata boruwata kathahadana nisai me widiyata kalin karunu pahadili kale, nikan kathahadannna epa miniho, anunge charitha gaathanaya karanna epa.

    අයේ කියනවා: ඔයාගෙ බ්ලොග් පොස්ට් එකෙ කිසිම පර්යේෂනාත්මක කරුනු දැක්වීමක් නෑ. ඔයා ඔයාගෙ මතය කියලා තියෙනවා. ඔයාගෙ මතය කියන එක කමක් නෑ. භාෂනයේ නිදහස. නමුත් මෙකෙ ප්‍රශනෙ තමා ඔයාගෙ මතය නිසා වෙන කෙනෙකුගේ චරිතය ඝාතනය වෙනවා. ඒ නිසා තමා මෙවිදියට ඒ වැරද්ද පෙන්නලා දුන්නෙ. ඔයා උදාහරන වලට අරන් තියෙන අලුත් ගායකයෝගේ ඇත්ත ස්වරූප ගැන ඔයාට අයිඩියා එකක් හරියට නෑ මොකද ඔයාගෙ පොස්ට් එක පර්යේෂනාත්මක නැති නිසා. ඒ නිසා වඳුරන්ට දැලි පිහිය අහුවුනා වගේ බ්ලොග්කරනය වැරදිවිදියට පාවිච්චි කරන්න එපා භාෂනයේ නිදහස පිටින් දාලා.

    ඔයා කාවහරි බ්ලොග් වල විවේචනය කරන කොට, හොඳ කරුනු එක්ක විවේචනය කරන්න, නැත්නම් දන්නේ නැති දෙවල් ගැන නොලියා ඉන්න. අර ලිඳලඟ සංගමය වගේ නෙමේ බ්ලොග්, පොඩ්ඩක් හිතන්න අනික් මිනිස්සුන්ගෙත් ආත්මගරුත්වය ගැන. නොදන්නාදේවල් ගැන කතාකරලා අනුන්ගෙ ආත්මගරුත්වය නැතිකරන්න එපා බොරුවට. සමහර විට ඔය බ්ලොග්කරනයට තාම අලුත් ඇති. පොඩ්ඩක් බ්ලොග්කරනයේ ethics ඉගෙන ගන්න.

    දැන් ඔයා මේ පොස්ට් එකෙන් චාටර් කරන්න ගිය සුරෙන්ද්‍ර හා අනික් අය වෙනුවට ඔයා අම්බානෙක චාටර් වෙලා තියෙන්නෙ. මීට පස්සේ වත් මෙකෙන් පාඩමක් ඉගෙන ගන්න, අනුන් චාටර් කරන්න ගිහින් වලේ වැටෙන්නේ නැතුව ඉන්න බලන්න.

    ReplyDelete
  39. අනන්‍යතවයක් නැති උන්ට පිලිතුරු දීම නවතා ඇත. හෙතුව උන්ට අනන්‍යතාවයක් නැතිවීමයි.

    ReplyDelete
  40. malli oya liyana blog kisima paryeshana gathiyak naa, evidence nathuwa minissunta banina eka waradi neda?

    oyage idea eka kiwwata kamak naa, bt eka nisa anik ayage characters walata haani karanna epa...

    ehema karanawanam evidence ekka danna...poddak hadenna balanna.

    onna name eka damma... uththara denna bari bawa hanganna uththara denna nehe kiyanawa...konda pana thiyenawada? thiyenawanam kalin comment eka danna...dan oya charter wela inne, dan surendragen samawa aran kata piyan inna.

    blog ethics poddak purudu wemu, samahara vita oya thaama amateur nisa wennathi...

    ReplyDelete
  41. @Jay Sean මම කියුවෙ මට පෙන දෙ මගෙ බ්ලොග් එකෙන් මම ඉදිරිපත්කලෙ මගෙ අදහස. මම අනිත් අයගෙ බ්ලොග් එකක මගෙ අදහස් ප්‍රකාශකලා නෙමෙයිනෙ. මට පර්යෙශනාත්මක කරුනු හොයලා මහප්‍රාන බ්ලොග් එකක් ලියනවට වඩා මගෙ හිතෙ තියන දෙ සරලව කියන්නයි උවමනා මම කලෙ ඒක.

    ReplyDelete
  42. @ලොකු ඡෝන් Umbe hithe thiyena dewal public kiyala anik minissunge card kudukarana eka waradii neda? ekko nam sandahan nokara kiyanna one, nam sandahan karanawanam evidence thiyenna one...naththam wade kathai neda?

    Hithe thiyena de anik ayata haani nokara kiyanawanam hondai.

    ReplyDelete
  43. anunge sindu kiyana eka hithata ekagava karanne kohomadha ?

    ReplyDelete
  44. @nirmalee තමන්ගේ අම්මව මහලුම් මඩමට ගෙනෙහින් දාන්නේ කොහොමද හිතට එකඟව? තමා එක්ක වඩකරලා තමන්ව ගොඩදාලා දුන්න එකාව හිරේ දන්නේ කොහොමද හිතට එකඟව?

    අතේ ඇඟිලි පහ වෙනස් බව ඔබට වැටහෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  45. මචං මුලින්ම අනුන්ගේ සින්දු කියල SMS අරගෙන ගොඩ ගියාට පස්සේ , අයිත් අහිංසක මුල්ගයකයන් ගේම සින්දු වලින් CD කරලා තවත් පට්ට ගහල හම්බුකරන එක හරිද බන්..
    හිගන්නෝ කියන එක හරි කියන්න පුළුවන් මොකද සල්ලි දෙන නිසා තමයි කට්ටිය පොරකන්නේ...

    සල්ලි දෙන්න දෙන්න හිගන්නෝ හිගන්නෝ වැඩිවෙනවා හේ හේ හේ ...

    Cool Boy...

    ReplyDelete
  46. @AnonymousDec 26, 2011 01:18 AM umbe thaththage padi wadiwenakota, umbe thaththa higannek wenawada? hok hok hok, tho ehenam iita wada hingannek, nikan anunta hinganna kiyanne nathuwa hitapan, umbe hari de karapanko echchrai

    ReplyDelete
  47. හරිනම් වියයුත්තේ මෙය නොවේද?
    http://www.youtube.com/watch?v=wKJmuViLqgI&feature=related

    -අම්බි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..