he

Monday, October 17, 2011

ටිකට් ගත් හැටි

හැමදාම කන්තොරු කතා කියලා ළගදිම මට ගෙදර ඉන්න වෙයි වගෙ ඒ උනාට රස කතා තියෙන්නත් ඕන නිසා මට හිතුනා පාසැල් සමයෙ රස කතා ටිකක් ඉදිරිපත් කරන්න . මගෙ පාසැල් සමයෙ රසකතා සමහර විට දැන් කාලෙට ගැලපෙනවද දන්නෙත් නෑ . මුලින්ම කියන්නම් මේ කතාවලට පාදක වුනෙ  1990-1994 කාලය. (අනෙ මන්ද මෙකෙන් මගෙ නියම වයස දැනගන්නවා).  
අපෙ සෙට් එකෙ වැඩිපුරම හිටියෙ ආනන්දෙ නාලන්දෙ කට්ටිය. උදෙට පානදුරයෙන් 6.10 කෝච්චියෙන් මරදාන බලා පිටත් වෙනවා එගොඩ උයන කොරලවැල්ල මොරටුව වෙනකොට මරදානට යන සෙට් එකම එකතුවෙලා ඉවරයි.

 මෙ අතරෙ උන්නා මොරටුවෙ ඉස්කොලෙකට යන   පොරක්. අපි එයාට සුරංග කියමු.  මිනිහා පානදුරෙන් නැගලා මරදානටම යනවා හුගක් ගෑනු ළමයි එහෙම හිතන්නෙ සුරංග ආනන්දෙ කියලා . (ආ.. ඒ දවස්වල කමිසෙ දැන් වගෙ ඉස්කොලෙ ලෝගො එක ගහන්නෙ නෑ.)  ඔක්කොම පිරිම් ළමයි එකම යුනිෆොම් එක . එහින්දා සුරංගගෙ පාසල ආනන්දෙ කියලා තමයි හුගක් අය හිතන් හිටියෙ .

  මිනිහට ඔය අධ්‍යාපනය ගැන උවමනාවක් තිබුනෙ නෑ.  8 විතර වෙනකොට මරදානෙ ධවලගිරියට ගොඩ වැදිලා තෝසෙ සප්පායමක් දාලා 9.45 විතර වෙනකොට "ඔලිම්පියා" එක පැත්තට කිට්ටු කරනවා.නැතිනම්  රූබි එකට රිංගනවා. 1 වෙනකොට ආපහු ස්ටෙෂන් එකට එනවා "මුතුකුමාරි" යට නගින්න  ඕකතමයි මිනිහගෙ දින චරියාව
ඔය ඔලිම්පියා එකට එන ෆිල්ම් සාමන්‍යයෙන් ඇඩල්ට්ස් ඔන්ලි එව්වනෙ.  
  ඔන්න මේ සිද්දියවුනු දවසෙ සුරංග ෆිල්ම් එක බලලා ,ටිකක් වෙන්න මෝල් කලන්තෙ වැඩිවෙලා. මිනිහා මනො පාරෙන්ම ස්ටෙෂන් එකට ඇවිදගෙන ඇවිත් තියෙන්නෙ
........
ස්ටෙෂන් එකට ඇවිල්ලා ටිකට් කවුන්ටරෙ අංකල්ට කියුවලු "අංකල් ODC එකක් දෙන්න " කියලා .
.   

13 comments:

  1. අර ටිකක් දෙන මනුස්සයට මොනවා හිතුනද දන්නෑ :D

    ReplyDelete
  2. හහ් හහ් හහ්...කොහොමද මිනිහ ගැන ඔච්චර විස්තර දන්නේ.......

    ReplyDelete
  3. මටනම් හිතෙන්නෙම මේ සිද්දිය වෙලා තියෙන්නේ ලියපු එක්කෙනාටම තමයි කියල... මොකද එයා මේ වගේ වැඩ වලට හරි ප්‍රසිද්ධයි....

    ReplyDelete
  4. මලියා ට, "ටිකට් දෙන අංකල් තමයි කතාව කියුවෙ . හැමදාම යන හින්දා අංකල් අපිව දන්නවා"

    ඔබ නොදු‍ටු ලොවක්..... ට "අපිත් එක්ක එකට උන්න අය ගැන අපි ඇර වෙන කවුද දන්නෙ "

    Gimhani ට "මෙක උනෙ මට නෙමෙයි මගෙ විස්තරයක් පස්සෙ දෙන්නම්කො "

    ReplyDelete
  5. ලොකු ඡෝන් අන්කල් සෑහෙන වයසයිනේ.gimhani කියනවා වගේ මේ සිද්දිය ලොකු ඡෝන්ටද දන්නේ නැ වෙලා තියෙන්නේ

    ReplyDelete
  6. ඔය මම කියුවෙ මුන් මගෙ වයස දැනගන්නවා කියලා

    ReplyDelete
  7. අංකල් මොනා කියන්න ඇතිද

    ReplyDelete
  8. අංකල් කාරයා කරකැවිලා යන්න ඇති...

    ReplyDelete
  9. හික් හික්.. ලොවෙත් නෑ... අපි ස්කෝලෙන් පැනල ගිහින් වර්ජින් හන්ටර්ස් බැලුව මතක් උනා...

    ReplyDelete
  10. අපි නොදන්න ලොකු ජෝන් .......:P

    ReplyDelete
  11. prasanna86k ට "අංකල් අපෙ යාලුවා මෑන් අපිට කියුවා යාලුවා ගහගත්තු කාඩ් එක හික්ස් .. "
    Dinesh ට "මෑන්ස් ට හොඳටම හිනාලු "
    මාතලන් ට ":D"
    පිස්සා පලාමල්ල ට "ඒ කියන්නෙ වර්ජින් හන්ටර්ස් ආපු කාලෙ තමයි ඉස්කොලෙ ගියෙ ? "
    The Lion ට "අනෙද කියන්නෙ "

    ReplyDelete
  12. තාමත් මෑන් එහෙමද ???

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..